grooming හරියට නැ කියන්නේ ඒකෙන් කියන්නේ හැදිලා තියෙන පරිසරය ගැන. විශේෂයෙන් ගෑනු ලමයෙක්ගේ මොනා නැති වුනත් grooming හරියට තියෙන්න ඕනේ මට සාපේක්ෂවනම්.
අනිත් එක ඒ කෙල්ලට මේ වෙනකම් වෙන කොල්ලෙක් ඉදලැ නැහැ + සමාජයක් ආශ්රේ කරලත් නැහැ කියන්නේ strict පරිසයක හැදිලා තියෙන්නේ. (ගෙදර)
ඔය පරිසරෙන් ඇතිවුන influence එක නිසා ඇති වෙච්ච personality traits, insecurities, biases.. නිසා තමයි අර උබ කියනවා වගේ සුවච, කීකරුව හැසිරෙන්නේ..
මුලින්ම කරන්න ඕනේ උබ relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අදුරගන්න එක. ඔය ආදරේ කියලා පකක් නැහැ. සාර්ථක බැදීමක් රදා පවතින්නේ emotional roller coaster එකෙන්. මෙතෙන්දි වැදගත් වෙන්නේ උබගේ අවශ්යතා සපුරගන්න ගමන්, ඒකිගේ අවශ්යතා සපුරගන්න පුලුවන්ද කියන එක.
උදා:
npd personal traits වැඩිපුර තියෙන කෙනෙකුයි (A) empathic personality traits වැඩිපුර තියෙන කෙනෙකුයි (B) ගත්තොත්. සුවච, කීකරු කියන දේ ප්‍රශ්න නොකර අහන.. සරලව කැමැත්තෙන්ම A ට යටත් වෙනවනම් ඒකෙන් A ගේ මානසික අවශ්‍යතා ටික සපිරෙනවා මොකද A ට නිතරනම A ගේ fragile ego එක boost වෙන්න ඕනේ. ඉතින් උට ඌ කියන කියන දේ කරන රූකඩයක් වගේ නටවන්න කෙනෙක් ඉන්නවා කියන්නේ උගේ අවශ්‍යතා ටික ඒකෙන් සපුරගන්න පුලුවන්. B ගත්තොත්, B ගේ ඔය හැසිරීම සහ overly emotional personality traits back වෙන්නේ පොඩි කාලේ ලබපු අත්දැකීම් එක්ක, A ත් එහෙම තමයි. උදා. විදිහකට අම්මයි තාත්තයි strict නම් B ගේ, එයා ආදරය ගැන හදන් තියෙන ප්‍රතිරූපය, "තමන් තව කෙනෙකුගේ පාලනයේ සුවච කීකරුව සිටීමෙන් තමයි ආදරේ ලැබෙන්නේ.." වගේ එකක් වෙන්න පුලුවන්. එයාගේ අත්දැකීම් එක්ක, ආදරේ කියන එක ලැබෙන්නනම් එයා යම් ආකරයකට අනුකූලව හැසිරිය යුතුයි සහ එහෙම නොවීමෙන් අදරේ නොලැබී යයි හෝ සබදතාව බිදවැටෙයි කියන insecurity එක එයාට තියෙන්න පුලුවන්. ඉතින් A ට කරන්න තියෙන්නේ B ට කාලෙන් කාලට reassurance දෙන එකයි (මේකෙන් B ගේ අවශ්‍යතා සපිරෙනවා), B ට ආදරේ ලැබෙන්නනම් තමන් කියන කියන විදිහට සුරතල් සතෙක් වගේ ඉන්න ඕනේ කියන අදහස කාලෙන් කාලෙට ඒත්තු ගැන්වීමයි. දැන් මෙතන හැදෙන්නේ traumatic bond එකක්. A ගේ අවශ්‍යතාත් සපුරගන්න ගමන් B ගේ අවශ්‍යතාත් සැපිරෙනවා. දැන් ඔතන B ත් A වගේ වුනානම් හරි A ත් B වගේ වුනානම් හරි ඕක වැඩි කල් තියෙන්නැහැ. අසාර්ථක බැදීමක්. ඔය උදාහරනයක් විතරයි දුන්නේ..
ඒ නිසා බදින්න කලින් බලපන් උබට ඇයි බදින්න ඕනේ, උබ මොකක්ද relationship එකකින් බලාපොරොත්තු වෙන්නේ, උබට මොනාද ඕනේ කියන එක. ඊට පස්සේ date කරන කෙල්ලගෙන් ඒ අවශ්‍යතා ටික සපුරගන්න ගමන් ඒකිගෙත් ඒ තියෙන අවශ්‍යතා ටිකම උබට සපුරන්න පුලුවන්ද කියලා බලපන්. ඕක තමයි ප්‍රධාන දේ..
අර grooming අඩුපාඩු මූනට කියපන්. කියලා බලපන් හැදෙනවද කියලා. ඒක පාරයි හැබැයි.. ආයේ ආයේ කියන්න යන්න එපා. ඔතනින් හැදෙනවනම් අවුලක් නැ.