මේ පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ දෙවන දේශනාවේ ඇතුළත් වූ මූලික කරුණු ඇතුළත් සාරාංශ ගත ලිපියයි. @Fiona Dabare පුළුවන්නම් proofread කරන්න. ස්තුතියි !
පළමු ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න
Thread '☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #01 ☸' https://elakiri.com/threads/☸-සක්කාය-දිට්ඨියෙන්-සම්මා-දිට්ඨියට-01-☸.2221235/
බුද්ධ ශාසනයකින් අපට ලැබෙන්නා වූ වටිනාම දායාදය වන්නේ සසරින් එතෙර වීමේ මාර්ගයයි. අප බුදුරජාණන් වහන්සේ දැකිය යුත්තේ, උන්වහන්සේ පිළිබඳව පැහැදිය යුත්තේ ධර්මය දැකීමෙනි. නැතහොත් ය හුදු ශ්‍රද්ධාධික පුද්ගල වන්දනා කරන්නාවූ ආගමක් වන්නේය. ධර්මය දකින්නා බුදුන් දකින්නේය.
ඔබ කවදා හෝ සිතා තිබේද සිද්ධාර්ථ කුමාරයා ඉපදුණු පසු එම බෝධිසත්වයන් වහන්සේගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ දැක ලා පස්වග මහණුන් ඇතුළු අනෙකුත් ජ්‍යොතිෂවේදී න් මෙම කුමාරයා අනාගතයේ නියතව බුදුවන බව පැවසුවේ කෙසේදැයි කියා ?
බුද්ධ යන වචනය මෙලොවට පහළ විය යුත්තේ බුදු කෙනෙකුගේ ආගමනයත් සමඟයි, නමුත් මෙවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිත මහා පුරුෂයෙකු ට මතු අනාගතයේ පහළ වන්නේය, උන්වහන්සේට මෙම ලක්ෂණ ඇතය, ඔහු අමා මහා තිලෝගුරු බුද්ධත්වයට පත්වන්නේ යැයි දෙවියකු විසින් බුද්ධෝත්පාද කාලයට වසර දාහකට පෙර ලෝකයාට පවසන්නේය. එය බුද්ධ කෝලාහලය නමින් හඳුන්වයි. එම දැනුම බ්‍රාහ්මණ ආගමේ දැනුම් පද්ධතියේ සඳහන්ව ඉදිරියට පැමිණ ඇත. ඒ අනුවයි පස්වග මහණුන් එදා නිශ්චිතව පැවසුවේ මෙම සිද්ධාර්ථ කුමාරයා නියත වශයෙන් බුදුවන බව.
බුද්ධ ශාසනයක අවසානය ලෙස සැලකෙනුයේ අවසන් සෝතාපන්න මාර්ග ඵල ලාභියාගේ නික්මීමයි. සම්බුද්ධ ශාසනය වසර පන්දහසකින් අවසන් වනයා යැයි වර්තමානයේ පවතින මතය පදනම් විරහිතය. එය බුදුරජාණන් වහන්සේ ආනන්ද මහ තෙරුන්ට පවසන්නද උදාහරණයකින් පැවත එන්නකි.
භික්ෂුණී ශාසනය පිහිටුවාලීමේ ලා භ ආනන්ද මහ තෙරුන් වහන්සේ දැඩි වෙරයක් පරිශ්‍රමයක් යෙදුවේය. මෙම මහඟු උත්තරීතර අරමුණ සාක්ෂාත් කර ගත් පසුව බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියා සිටියේ බුද්ධ ශාසනයේ ආයුෂ වසර දස දහසක් නම්, භික්ෂුණී ශාසනය පිහිටුවීමත් සමඟ එය වසර 5000කට ලගු වන්නේය. වර්තමානයේ මෙම උපමාව වැරදියට තේරුම් ගත් පෘථග්ජනයා එය පටලවාගෙන සිටි. සැබෑ බුද්ධ ශාසනයක අවසානය වනුයේ කලින් පැවසුවාක් මෙන් ම අවසන් මාර්ග ඵල ලාභියාගේ යාමයි.
දැන් ප්‍රධාන දේශනාවට පැමිණෙමු.
මෙම දේශනා මාලාව පුරාවට පටිච්චසමුප්පාදය අරමුණු කරගෙන නිවන කරා යාමේ මාර්ගය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් සිදුකරනු ලබයි.
මුන්වහන්සේ නගන තර්කය නම් ශීලය සමාධිය වඩා ප්‍රඥාව මඟින් නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය ලෙහෙසි නොවන බවයි. ප්‍රායෝගික බවින් අඩු බවයි.
මහා බෝධිසත්වයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ම සිදු කරනු ලැබුවේ ශීලය ආරක්ෂා කිරීමයි. සිල් රැකීමේ අග්‍රඵලය බුදු බවයි. අනෙකුත් ආගම්වලද සිදු කරනුයේ එක්තරා ආකාරයක සිල් රැකීමය. බ්‍රහ්මණයන් යෝගීන් ආදිය උදෙසා වනගතව හුදකලාවී බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනු ලබයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නා ලද වූ පටිච්චසමුප්පාද ක්‍රමය ප්‍රායෝගිකයි. තාර්කිකයි.
මුළු ලෝකයම මුළු විශ්වයම මුළු මන්දාකිණියම අතැඹුලක් සේ තම ප්‍රඥාවට හසුකරගත් අප මහා තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට තේරුම් ගැනීමට සිතීමට තර්ක කිරීමට දෙයක් නොමැත. අප කළ යුත්තේ උන්වහන්සේ දේශනා කර ඇති මාර්ගයේ ගමන් කිරීමයි.
මාර්ගඵලයක් ලැබීමට සීලය අවශ්‍ය නොවේ.
මාර්ග ඵල ලාභියා නිතතින්ම ආර්ය ශීලය ආරක්ෂා කරයි.
තුන් ලෝකය නම්
- කාම ලෝකය හෙවත් පංචේන්ද්‍රයන් පිනවන්නා වූ සතර අපාය සහ දිව්‍ය ලෝක හයයි.
- රූප බ්‍රහ්ම ලෝකය හෙවත් රූපයක් ඇති බ්‍රහ්මයන් ජීවත්වන ලෝකයයි.
- අරූපාවචර බ්‍රහ්ම ලෝකය හෙවත් පංචේන්ද්‍රයන් ගෙන් තොර ව හුදු චිත්ත චෛතසික පැවැත්මක් සහිත බ්‍රහ්මයන් ජීවත් වන ලෝකයයි.
- අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ සෝවාන් පුද්ගලයා සිටිය නොහැකිය. නමුත් රහතන් වහන්සේ සිටිය හැකිය.
- දිව්‍යලෝකයේ සිටින දේවතාවන් දේවතාවියන්ට රහත් වීමට නොහැකිය.
- උතුම් මනුෂ්‍ය භවයට සියලු මාර්ග ඵලයන් අධිහිගමනය කළ හැක.
මුන්වහන්සේ පවසන පරිදි උන්වහන්සේ සීලයක් රකින්නේ නැත, කැඩීමට දෙයක් නොමැති නිසා රැකීමට දෙයක් නොමැත.
මේ ගැඹුරින් සිතා බලන්න.
කාම ලෝකය නම් රූප ශබ්ද ය ගන්ධ පොට්ඨබ්බ යනුවෙන් පංචේන්ද්‍රයන් ට ගෝචර වන අරමුණු ඇත්තා වූ ලෝකයයි. කාමයෙහි වරදවා හැසිරීම යනු මෙම ධම්ම කාම ලෝභ ද්වේශ මෝහ යෙන් උපාදානය කර ගැනීමයි. අල්ලා ගැනීමයි. ගැටීමයි.
දේශකයාණන් වහන්සේ විසින් පවසන පරිදි මෙම දේශනා මාලාවේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය අවබෝධ කරවීම මගින් චතුරාර්ය සත්‍යය සත්‍යය වැඩීමේ මාර්ගය සඳහන් වෙයි.
පෘථග්ජන සත්වයා ධර්මයට යොමු වීමේ ප්‍රධාන කරුණක් වන්නේ ජීවිතයේ දුක අවබෝධ කර වීමයි. දුක ප්‍රායෝගිකව විඳීමෙන් කළකිරීම යි.
බුදුරජාණන් වහන්සේ කෙනෙකු මෙලොව පහළ වී දේශනා කරනුයේ හටගන්නා දුකට හේතුව නැති කිරීමේ මාර්ගයයි. චතුරාර්ය සත්‍යයයි.
දුකෙහි හට ගැනීම මූලාරම්භය සොයා යාම පටිච්චසමුප්පාදයයි.
- දුකට හේතුව ඉපදීමයි.
- ඉපදුනේ කර්මය මත භවය සකස්වීම නිසයි.
- භවය සකස් වුණේ පංචස්කන්ධයෙහි උපාදානය/ඇලීම සකස් වීම නිසයි.
උපාදානය නැති වූවානම් භවය සකස් වීමක් නැත. භවය නොමැතිනම් ඉපදීමක් නැත. ඉපදීමක් නොමැති තැන නිවනයි, නිවීමයි.
"සංකිත්තෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා"
සරලව සංක්ෂිප්තව දුක නම්, උපාදානය කිරීමයි, අල්ලා ගැනීමයි.
මෙය බුද්ධ වචනයයි.
උපාදානය කරන්නේ අපය
ධර්මය අවබෝධය යනු අප, අපගේ ඇතුලාන්තය ගැන ගැඹුරු අධ්‍යනයක් කිරීම යැයි හැඳින්වූවාට වරදක් නැත.
සතර මහා ධාතු නම්
- පඨවි
- ආපෝ
- තේජෝ
- වායෝ
වේ. ලොව සෑම දෙයක්ම සෑදී ඇති මූලද්‍රව්‍ය නිසා මේව ධාතු ලෙස හඳුන්වයි.
වෙනස් වන නිසා හෙවත් රුප්පනය වන නිසා රූප ලෙස හඳුන්වයි.
ඇතිවී නැතිවී යන අමුතු ස්වභාවය නිසා භූත ලෙස හඳුන්වනු ලබයි.
එම ධාතු මගින් උපාදානය වන රූප නම්
- වර්ණ
- ගන්ධ
- රස
- ඕජා
වේ. මේවා එක්ව පවතින නිසාත්, වෙන් කිරීමට නොහැකි නිසාත්, වෙනත් ධර්මතාවන් එක් කළ නොහැකි නිසාත් ශුද්ධ ආෂ්ටක ලෙස හඳුන්වයි.
බුද්ධ වචනයේ පරිදි ශුද්ධ ආෂ්ටකවල ආයු කාලය චිත්තක්ෂණ 18 කි.
විශ්වයේ පවතින සෑම දෙයක්ම කොටස් දෙකකට සංෂිප්ත කළ හැකිය.
සරලව පෙනෙන දේ හෙවත් රූප, නොපෙනෙන දේ හෙවත් නාම.
අභිධර්මයේ මූලික අවබෝධයද නිවන් මාර්ගය වැඩීම සඳහා උපකාරී වන්නේය. සම්මා දිට්ඨියට පත්වීමට අත් වැළක් වන්නේය. සක්කාය දිට්ඨිය දුරු කිරීමට මහෝපකාරී වන්නේය.
දෙවන දේශනාව මෙතනින් නිමයි.
