☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #03 ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113

    මේ පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ තෙවන දේශනාවේ ඇතුළත් වූ මූලික කරුණු ඇතුළත් සාරාංශ ගත ලිපියයි මේ. @Fiona Dabare පුළුවන්නම් proofread කරන්න. ස්තුතියි !

    දෙවන ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න 👇

    Thread '☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #02 ☸' https://elakiri.com/threads/☸-සක්කාය-දිට්ඨියෙන්-සම්මා-දිට්ඨියට-02-☸.2221764/

    සත්වයා ලෙස හඳුන්වනු ලබන්නේ පංචස්කන්ධයට ගෝචර වන ආරම්මණයන් උපාදානය කරගන්නා හෙවත් පංච උපාදානස්කන්ධයක් තිබෙන සියලු ජීවින්ය. කාම ලෝකයන්ගේ මෙන්ම රූපාවචර අරූපාවචර තල වලද සිටින්නේ සත්වයන්ය. රහතන් වහන්සේ සහ සම්මා සම්බුදු වහන්සේලා පමණක් සත්ව භාවයෙන් මිදුණු උතුම් ආර්යයන් වහන්සේලාය. අනෙක් සියල්ලෝ හු සත්වයින් ලෙස හඳුන්වයි.

    සියලු ක්ලේශයන් මුලිනුපුටා දැමූ බුදුරජාණන් වහන්සේ සියලු ම උපාදානයන් නැසුවා යැයි කීම දේශකයාණන් වහන්සේට අනුව වැරදිය.

    අප මහා තිලෝගුරු සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කොට අසූවියට පත් වූ පසුව මල්ලව රජුගේ උපවත්තන සල් උයනේ තුන් ලෝකයම කම්පා කරමින් සිය ආයු සංස්කාරයන් අත්හලේය. උන්වහන්සේ තම ආයු සංස්කාරයන් කෙරෙහි උපාදානය කොට සිටියාය. එය බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් පසු අත්හැරියා නම් උන්වහන්සේ ඒ ක්ෂණයෙහිම පිරිනිවනට පත් වනු ඇත. ලෝක සත්ත්වයාට මහත් කරුණාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත් මෙම ධර්මය අවබෝධ කරවීමෙහිලාම උන්වහන්සේ ආයු සංස්කාරයෝ අත්නොහලේය. සහම්පතී මහා බ්‍රහ්මයා ගේ ආරාධනාව අනුව ලෝක සත්ත්වයාට දහම් දේශනා කළේය. දහස් සංඛ්‍යාත සත්වයා දුකින් මුදාගත්තේය.

    උන්වහන්සේට අනුව භාවනා වැඩසටහන් යනු කෙටි කාලීන තාවකාලික සුවයක් ලබාදෙන සිත එක්තරා මට්ටමකට සමාධියකට යොමු කරන නිවන් මාර්ගයට උපකාරී නොවන ( අත්‍යවශ්‍ය නොවන ) දෙයකි. සමථයෙන් සිදුකරනුයේ කෙලෙස් යටපත් කිරීම. කෙලෙස් මුලින් උපුටා දැමීමට නම් භාවනා මාර්ගය මගින් යොමුවන්නා වූ විදර්ශනාව වැඩිය යුතුය. එමගින් කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කළ හැකිය.

    දේශකයන් වහන්සේ සඳහන් කරනුයේ

    භාවනා නොකර එදිනෙදා ජීවිතයේ ආරම්මණයන් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බැලීම මගින් අවබෝධයට පත්වීම හෙවත් සෝතාපන්න වීමට මාර්ගයක් මම දේශනා කරන බවයි. පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදයෙන් විමසා බැලීම මුන්වහන්සේට අනුව ලේසිම ප්‍රායෝගික මාර්ගයයි.

    🍃බෝධි වන්දනාව පිළිබඳ විග්‍රහයක් 🍃

    වර්තමානයේ බොහෝ පෘථග්ජනයා ලෙඩ දුක ,තම ප්‍රාර්ථනාවන් ලෞකික ජීවිතයේ ලැබීමට බලාපොරොත්තුවන දේවල් අරඹයා බෝධි පූජා පැවැත්වීම බව දැකිය හැකිය. අනෙක් ශාක වලට නොමැති විශේෂිත ය ගරු බුහුමන් බෝධියට දක්වනු අපට දැක බලා ගත හැකිය.

    එසේ කිරීම සාධාරණය කිරීමට නඟන කරුණක් නම් අප මහා බෝසතාණන් වහන්සේට බුදු වීමට අපිට දුන් බෝධිය නිසා යනුවෙනි.

    නමුත්,

    තිලෝගුරු ගෞතම සම්මා සම්බුද්ධයන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පයේ බිහිවූ විසි හතක් බුදුරජාණන් වහන්සේලා බුදුවීමට ආසනය වූ ශාකයන් වෙනස්ය. තවද මේ මහා භද්‍ර කල්පයට පෙර, මේ මහා සක්වළෙහි පහළ වූ බුදුරජාණන් වහන්සේලා කොතෙක් ඇතිද. අටුවාවේ සඳහන් වන පරිදි සිදුහත් බෝසතුන් පෙරුම් පුරන අවධියේ බුදුරජාණන් වහන්සේලා පන්ලක්ෂ දොළොස් දහසක් පමණ බෝධිසත්වයන් වහන්සේට සම්මුඛ වී ඇත. මෙසේ සිතා බලන විට වටපිටාවේ ඇති සෑම ගහසක්ම පාහේ යම් කලෙක බුදුරජාණන් වහන්සේ නමකට බුදු වීමට උපකාරී වී ඇතැයි සිතිය හැකිය. එනම් බෝධීන් වහන්සේ නමකට මෙන් ම සෑම ගසකටම අප ගරු කළ යුතුය.

    astrology-1024x1024.jpg

    බෝධි වන්දනාව මුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනුයේ නැත.
    නමුත්
    එය නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය නැත.
    අසූහාරදහසක් වූ ශ්‍රී සද්ධර්මය පවතින මේ බුද්ධෝත්පාද කාලයේ
    ශාක වන්දනාව, ප්‍රාථමික ලාමක අන්ධ භක්තිය ඇති පෘතග්ජනයා විසින් සිදු කරනු ලබන්නේය. පින් රැස් වන්නේය.
    නමුත් ඔවුනට නිවන මහත් දුරය.

    ⚛ දැන් ප්‍රධාන දේශනාවට එමූ ⚛

    පඨවි ආපෝ තේජෝ වායෝ යනු සතර මහා ධාතූන් වේ.
    වර්ණ ගන්ධ රස ඕජා උපාදාය රූප යන්ගෙන් සියලු රූප සෑදී තිබේ.

    මේවා එක්ව ශුද්ධාෂ්ටක ලෙස හඳුන්වනු ලබයි.

    චිත්තක්ෂණ 17කින් ඇතිවී නැතිවී යන ශුද්ධාෂ්ටකයන් ගෙන් සෑදුණු මෙම රූප ය ඇයි අපිට නිත්‍ය විද්‍යාමාන ලෙස පෙනෙනුයේ ?

    මෙය උදාහරණයකින් විමසා බලමු.

    දැල්වී තිබෙන බල්බයක් පිළිබඳව සිතා බලන්න.
    අපට එය එක දිගටම දැල්වී ම් තිබෙන ලෙස පෙනුනද සැබෑවටම එසේ නොවේ. ඉතා වේගයෙන් එම බල්බය නිවී දැල්වී නිවී දැල්වන්නේය. HZ අගය ලෙස නූතන විද්‍යාවේ හඳුන්වන්නේ එයය. 💡

    රූප ද එසේය. මෙම ශුද්ධාෂ්ටක වලින් සෑදුණු රූප කලාපයන්ගෙන් අනූන රූප ද සෑම විටම ඇතිවී නැතිවී යන්නේය. නැතිවන සෑම අවස්ථාවකදීම
    ඕජාව මගින් නැවත ත් රූප පරම්පරාවට අනුව නැති වී ගිය රූප කලාප ය නැවත ත් උපද්දවනු ලබන්නේ ය. නමුත් ඇතිවී නැතිවී ම ඇතිවී නැතිවී යන විට රූපයන්ගේ ගුණාත්මකභාවය අඩුවන්නේය. යම් කාලයක් අවසානයේ රූපයන්ගේ නැසීම සිදුවන්නේ එසේය.

    𖤓 ධාතු මනසිකාරය 𖤓

    පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතූන් අපගේ උපාදානස්කන්ධයට ආරම්මණය වන ආකාරය මනසිකාරය කිරීම ධාතු මනසිකාරයයි.

    සතර මහා ධාතූන් හා අපගේ පංචස්කන්ධයට ගෝචර වන ආකාරය.

    • පඨවි - දෘඪ බව / තදබව / සිනිදු බව.
    • ආපෝ - දියවීම / වැගිරීම වැනි ස්වභාවය.
    • තේජෝ - උණුසුම් / සීතල බව.
    • වායෝ - පිම්බෙන / හැකිලෙන බව.

    සියලුම රූපයන් අපගේ පංචස්කන්ධයට ත් උපාදානය වන ආකාරය මෙමගින් පැහැදිලි කළ හැකිය. කාය ප්‍රසාද යනු අපගේ ශරීරයේ පවතින ශරීරය සහ මනස සම්බන්ධ කරන ලෙස හැඳින්විය හැකිය. ( Like nerve endings ) සත්ව ශරීරයේ කාය ප්‍රසාද වැඩිම ස්ථානය වනුයේ ලිංගේන්ද්‍රය යි. ඉන්පසු අපගේ අතයි. අකුසල් රැස්විය හැකි ප්‍රධානම ස්ථාන වන්නේද ඒවාය.

    ලොව සියලු භෞතික හැඟීමක් දැනීමක්ම සතර මහා ධාතූන්ට ලඝු කරන්නට අපට පුළුවනි.

    පඨවි තේජෝ වායෝ අපගේ සමට හෙවත් ශරීරයට දැනෙන නිසා පොදුවේ පොට්ටබ්බ ලෙස හඳුන්වනු ලබයි.

    ආපෝ ස්වභාවය ශරීරයට ගෝචර නැත. එය මනසට පමණක් ගෝචර වේ.

    ඇතිවී නැතිවී යන රූපකාය අනිත්‍ය වේ.

    ❝ සබ්බේ සංඛාරා අනිච්චාති
    සබ්බේ සංඛාරා දුක්ඛාති
    සබ්බේ ධම්මා අනත්තාති ❞

    සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති.
    සියලු සංස්කාරයෝ ( රූප අදහසින් ) නිත්‍ය වශයෙන් ගත් කළ දුක වෙති.
    මනසින් සෑදෙන සිතුවිලි හෙවත් ධම්මා අනත්ත වෙති. අනිච්ච නොවෙති. මන්දයත් නිවන මනසට ආරම්මණය වන නිසා වෙනි.

    මේ අනුව රූප කලාපයන් නිසා අපට ඇතිවන ආරම්මණයන් හට පුද්ගලභාවයක් ලබා නොදී, උපාදානය නොවී, නොඇලී, පංච උපාදානස්කන්ධය අනුව අප ධාතු මනසිකාරය කළ යුතුය. විපරීතර සංඥාවේන් නොගත යුතුය.

    තෙවන දේශනාව මෙතනින් නිමයි.

    ✍️ @Yeezus
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    සබ්බේ සංඛාරා අනිච්චාති - සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති

    මේක වැරදි මචන්. අනිච් කියන්නේ අනිත්‍ය කියන එක නෙමේ අසාරයි නැත්නම් නිච්ච නැහැ කියන එක. සියලු අනිත්‍ය දේ දුකයි කිව්වොත් එක හරියන්නේ නැහැ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    සබ්බේ සංඛාරා අනිච්චාති - සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති

    මේක වැරදි මචන්. අනිච් කියන්නේ අනිත්‍ය කියන එක නෙමේ අසාරයි නැත්නම් නිච්ච නැහැ කියන එක. සියලු අනිත්‍ය දේ දුකයි කිව්වොත් එක හරියන්නේ නැහැ.
    Mm waharaka bana
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    සබ්බේ සංඛාරා අනිච්චාති - සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති

    මේක වැරදි මචන්. අනිච් කියන්නේ අනිත්‍ය කියන එක නෙමේ අසාරයි නැත්නම් නිච්ච නැහැ කියන එක. සියලු අනිත්‍ය දේ දුකයි කිව්වොත් එක හරියන්නේ නැහැ.

    අසාරයි කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Hes talking about this

    තාම හරියට ඩිෆිනීශන් එක තේරුන්නැ. වටිනාකමක් නැ? කියන එකද?
    වටිනාකම නැති කම රදා පවතින්නේ වටිනානමක් තියෙන බව කට සාපේක්ෂව නේ. නැතුව වටිනාකමක් ගැන කතා කරන්න බැහැනේ.

    "වටිනාකමක් නැ" කියන්නත් ලෝකයක් හම්බෙලානම්, හම්බේච්ච ලෝකෙකට වටිනාකමන් තිබ්බත් එකයි නැතත් එකයි.

    පිලිකාව දුකක් වෙන්නේ,
    පිලිකාවක් කියලා දැනගන්න හින්දයි, ඒ නිසා ඇති වෙන දැනීම, ලෞකිකව *රිදෙනවා* නිසයි.
    පිලිකාව කියලා දෙයක් ගැන දන්නැත්තම්, දැනීම් දැනෙන්නැත්තම් දුකක් වෙන්න උපාදානස්කන්කනධය සකස් වෙයිද? දැන් දුකක් ගැන කතා කරන්න පුලුවන්ද? හැබැයි ඇගේ පිලිකාව යනවා. උත්සන්න වෙලා මැරෙයි. මැරිලත් ඌ දන්නැ පිලිකාවක් තිබ්බා කියලා.

    සංස්කාර නිත්‍ය විදිහට අපි දකින්නේ. දැනීමේ සැපක් වත් දුකක් වත් නිත්ය විදිහට ගන්න පුලුවන් කමක් නැ. දැනීම දැනෙනවා. දැනෙන ස්වභාවයක් එතන තියෙන්නේ. ඔලුව අත ගාද්දි සැප විදිහට දැනෙන්නයි, අතක් කැඩුනහම දුක විදිහට දැනෙන්නෙයි, දැනීමේ අවුලක් හින්දා නෙමෙයි දැනීමට නිත්ය වටිනාමක් (දැනගැනීමක්) සංස්කරනය කරන නිසා.
     
    Owow but oya tika denagattata loke epa wenne nane.ekai kiyanne man hitanne.asarai kiyanne ganna deyak ne wage meaning ekak.watinakamak ne wage.oya tika denagattath loke asarayata focus karanna kiyala kiyanne
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Owow but oya tika denagattata loke epa wenne nane.ekai kiyanne man hitanne.asarai kiyanne ganna deyak ne wage meaning ekak.watinakamak ne wage.oya tika denagattath loke asarayata focus karanna kiyala kiyanne

    ලොකේ එපා වෙන්නෙවත්, ඕනේ වෙන්නෙවත් නැ. ඒපා වෙන්න හරි ඕනේ වෙන්න හරි ලෝකය කියලා ගන්න පුලුවන් දෙයක් කෝ?

    Depression හැදිලා හැමදේම එපා වෙලා ඉන්න එකෙක්ට ඒනම් මාර ඉක්මන්ට සතිපට්ටානය වැඩෙන්න එපැයි. ආයු සංස්කාර අතෑරලා සුවිසයිඩ් කර ගන්නවා කියලා කියන්න වෙන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ලොකේ එපා වෙන්නෙවත්, ඕනේ වෙන්නෙවත් නැ. ඒපා වෙන්න හරි ඕනේ වෙන්න හරි ලෝකය කියලා ගන්න පුලුවන් දෙයක් කෝ?
    Hari ban ganna deyak nattah api mekene thama.loke tibbath nathath asaraya wadanne natuwa meka ath arenne ne wage deyak kiyanne.dan ath arinawath deyak ko kiyala kiyanna Epa.mata terena widiyata kivve
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Hari ban ganna deyak nattah api mekene thama.loke tibbath nathath asaraya wadanne natuwa meka ath arenne ne wage deyak kiyanne.dan ath arinawath deyak ko kiyala kiyanna Epa.mata terena widiyata kivve

    ඕක නිකන්,
    1 යි 2 යි එක ළග තිබ්බහම 12 (දොලහ) වෙනවා වගේ තමයි,
    ලොකේ කියලා මොකක් හරි දෙයක් හැදෙන්නෙත් ඒමයි.

    දොලහ කියන්නේ අපි හදාගත්ත, එකක් නිසා එකක් පවතින, මොහොත තුල දැනගැනීම වෙන එකක් මිසක් නිත්යව තියෙනවා/ නැහැ කියලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. 12 තියෙනවා දැක්ක ගමන් තමන් දොලහ කියලා දැනගන්නේ ඒ වෙලාවේ.
     
    • Love
    • Like
    Reactions: jennt and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    ඕක නිකන්,
    1 යි 2 යි එක ළග තිබ්බහම 12 (දොලහ) වෙනවා වගේ තමයි,
    ලොකේ කියලා මොකක් හරි දෙයක් හැදෙන්නෙත් ඒමයි.

    දොලහ කියන්නේ අපි හදාගත්ත, එකක් නිසා එකක් පවතින, මොහොත තුල දැනගැනීම වෙන එකක් මිසක් නිත්යව තියෙනවා/ නැහැ කියලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. 12 තියෙනවා දැක්ක ගමන් තමන් දොලහ කියලා දැනගන්නේ ඒ වෙලාවේ.
    Otchara gamuru teren ne ban.mata nikan hitune eketh ganna deyak tiyenawa wage.scientific knowledge ekata wada practical essence ekak wage deyak
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    🛑 NOTICE

    I won't be continuing this series for a while.
    It's too much to comprehend when grasping the concept of පටිච්චසමුප්පාද and I realized how අභිධර්ම knowledge plays a significant role when understanding නාම රූප.

    I just can't draft a thread without fully understanding a concept. It's just gonna be nothing but a word play.

    I'm taking a break ...

    වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේත
    සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය
    නොපමාව කුසල් රැස් කරන්න !
     
    I told you these hours of bana not going to work.This is not how kasala sodakayo,prostitues etc etc got the dhamma back in buddas days
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    I told you these hours of bana not going to work.This is not how kasala sodakayo,prostitues etc etc got the dhamma back in buddas days
    I need some time to grasp අභිධර්ම knowledge.
    I will continue the series. I am not abandoning continuing this series. Maybe tomorrow, next week, next month idk. Let's see ...

    බණ works. Only thing is I need to sharp my tools to tackle it.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,401
    67,744
    113
    I need some time to grasp අභිධර්ම knowledge.
    I will continue the series. I am not abandoning continuing this series. Maybe tomorrow, next week, next month idk. Let's see ...

    බණ works. Only thing is I need to sharp my tools to tackle it. dont
    You don’t need this abidharma knowledge it comes with realisation not by artificially memorizing in head.too much unwanted stuff in this bana
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,851
    1
    6,701
    113
    You don’t need this abidharma knowledge it comes with realisation not by artificially memorizing in head.too much unwanted stuff in this bana
    You can't get a outright comprehension of පටිච්චසමුප්පාද concept without අභිධර්ම knowledge.

    But there is other ways to attain nibbana.
    Like චතුරාර්ය සත්‍යය. I just like this path - පටිච්චසමුප්පාදපටිච්චසමුප්පාද
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    I need some time to grasp අභිධර්ම knowledge.
    I will continue the series. I am not abandoning continuing this series. Maybe tomorrow, next week, next month idk. Let's see ...

    බණ works. Only thing is I need to sharp my tools to tackle it.
    කරන වැඩේ හොඳයි හැබැයි නිවන අවබෝද කරගන්න ඉතින් වචන තුනයි අකුරු අටයි තමා ඕනා කරන්නේ. අන්න ඒක හරියට තේරුම් ගත්ත නම් එතනින් එහාට දෙයක නැහැ.
     
    • Like
    Reactions: Yeezus