මේ පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ හිමිගේ ජීවිතය වෙනස් කරන ධර්ම දේශනා මාලාවේ තෙවන දේශනාවේ ඇතුළත් වූ මූලික කරුණු ඇතුළත් සාරාංශ ගත ලිපියයි මේ. @Fiona Dabare පුළුවන්නම් proofread කරන්න. ස්තුතියි !
දෙවන ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න
Thread '☸ සක්කාය දිට්ඨියෙන් සම්මා දිට්ඨියට #02 ☸' https://elakiri.com/threads/☸-සක්කාය-දිට්ඨියෙන්-සම්මා-දිට්ඨියට-02-☸.2221764/
සත්වයා ලෙස හඳුන්වනු ලබන්නේ පංචස්කන්ධයට ගෝචර වන ආරම්මණයන් උපාදානය කරගන්නා හෙවත් පංච උපාදානස්කන්ධයක් තිබෙන සියලු ජීවින්ය. කාම ලෝකයන්ගේ මෙන්ම රූපාවචර අරූපාවචර තල වලද සිටින්නේ සත්වයන්ය. රහතන් වහන්සේ සහ සම්මා සම්බුදු වහන්සේලා පමණක් සත්ව භාවයෙන් මිදුණු උතුම් ආර්යයන් වහන්සේලාය. අනෙක් සියල්ලෝ හු සත්වයින් ලෙස හඳුන්වයි.
සියලු ක්ලේශයන් මුලිනුපුටා දැමූ බුදුරජාණන් වහන්සේ සියලු ම උපාදානයන් නැසුවා යැයි කීම දේශකයාණන් වහන්සේට අනුව වැරදිය.
අප මහා තිලෝගුරු සම්මා සම්බුද්ධ ගෞතම බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කොට අසූවියට පත් වූ පසුව මල්ලව රජුගේ උපවත්තන සල් උයනේ තුන් ලෝකයම කම්පා කරමින් සිය ආයු සංස්කාරයන් අත්හලේය. උන්වහන්සේ තම ආයු සංස්කාරයන් කෙරෙහි උපාදානය කොට සිටියාය. එය බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමෙන් පසු අත්හැරියා නම් උන්වහන්සේ ඒ ක්ෂණයෙහිම පිරිනිවනට පත් වනු ඇත. ලෝක සත්ත්වයාට මහත් කරුණාවෙන් උන්වහන්සේ අවබෝධ කරගත් මෙම ධර්මය අවබෝධ කරවීමෙහිලාම උන්වහන්සේ ආයු සංස්කාරයෝ අත්නොහලේය. සහම්පතී මහා බ්‍රහ්මයා ගේ ආරාධනාව අනුව ලෝක සත්ත්වයාට දහම් දේශනා කළේය. දහස් සංඛ්‍යාත සත්වයා දුකින් මුදාගත්තේය.
උන්වහන්සේට අනුව භාවනා වැඩසටහන් යනු කෙටි කාලීන තාවකාලික සුවයක් ලබාදෙන සිත එක්තරා මට්ටමකට සමාධියකට යොමු කරන නිවන් මාර්ගයට උපකාරී නොවන ( අත්‍යවශ්‍ය නොවන ) දෙයකි. සමථයෙන් සිදුකරනුයේ කෙලෙස් යටපත් කිරීම. කෙලෙස් මුලින් උපුටා දැමීමට නම් භාවනා මාර්ගය මගින් යොමුවන්නා වූ විදර්ශනාව වැඩිය යුතුය. එමගින් කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කළ හැකිය.
දේශකයන් වහන්සේ සඳහන් කරනුයේ
භාවනා නොකර එදිනෙදා ජීවිතයේ ආරම්මණයන් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බැලීම මගින් අවබෝධයට පත්වීම හෙවත් සෝතාපන්න වීමට මාර්ගයක් මම දේශනා කරන බවයි. පංච උපාදානස්කන්ධය පටිච්චසමුප්පාදයෙන් විමසා බැලීම මුන්වහන්සේට අනුව ලේසිම ප්‍රායෝගික මාර්ගයයි.
වර්තමානයේ බොහෝ පෘථග්ජනයා ලෙඩ දුක ,තම ප්‍රාර්ථනාවන් ලෞකික ජීවිතයේ ලැබීමට බලාපොරොත්තුවන දේවල් අරඹයා බෝධි පූජා පැවැත්වීම බව දැකිය හැකිය. අනෙක් ශාක වලට නොමැති විශේෂිත ය ගරු බුහුමන් බෝධියට දක්වනු අපට දැක බලා ගත හැකිය.
එසේ කිරීම සාධාරණය කිරීමට නඟන කරුණක් නම් අප මහා බෝසතාණන් වහන්සේට බුදු වීමට අපිට දුන් බෝධිය නිසා යනුවෙනි.
නමුත්,
තිලෝගුරු ගෞතම සම්මා සම්බුද්ධයන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පයේ බිහිවූ විසි හතක් බුදුරජාණන් වහන්සේලා බුදුවීමට ආසනය වූ ශාකයන් වෙනස්ය. තවද මේ මහා භද්‍ර කල්පයට පෙර, මේ මහා සක්වළෙහි පහළ වූ බුදුරජාණන් වහන්සේලා කොතෙක් ඇතිද. අටුවාවේ සඳහන් වන පරිදි සිදුහත් බෝසතුන් පෙරුම් පුරන අවධියේ බුදුරජාණන් වහන්සේලා පන්ලක්ෂ දොළොස් දහසක් පමණ බෝධිසත්වයන් වහන්සේට සම්මුඛ වී ඇත. මෙසේ සිතා බලන විට වටපිටාවේ ඇති සෑම ගහසක්ම පාහේ යම් කලෙක බුදුරජාණන් වහන්සේ නමකට බුදු වීමට උපකාරී වී ඇතැයි සිතිය හැකිය. එනම් බෝධීන් වහන්සේ නමකට මෙන් ම සෑම ගසකටම අප ගරු කළ යුතුය.
බෝධි වන්දනාව මුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනුයේ නැත.
නමුත් එය නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය නැත.
අසූහාරදහසක් වූ ශ්‍රී සද්ධර්මය පවතින මේ බුද්ධෝත්පාද කාලයේ ශාක වන්දනාව, ප්‍රාථමික ලාමක අන්ධ භක්තිය ඇති පෘතග්ජනයා විසින් සිදු කරනු ලබන්නේය. පින් රැස් වන්නේය. නමුත් ඔවුනට නිවන මහත් දුරය.
⚛ දැන් ප්‍රධාන දේශනාවට එමූ ⚛
පඨවි ආපෝ තේජෝ වායෝ යනු සතර මහා ධාතූන් වේ.
වර්ණ ගන්ධ රස ඕජා උපාදාය රූප යන්ගෙන් සියලු රූප සෑදී තිබේ.
මේවා එක්ව ශුද්ධාෂ්ටක ලෙස හඳුන්වනු ලබයි.
චිත්තක්ෂණ 17කින් ඇතිවී නැතිවී යන ශුද්ධාෂ්ටකයන් ගෙන් සෑදුණු මෙම රූප ය ඇයි අපිට නිත්‍ය විද්‍යාමාන ලෙස පෙනෙනුයේ ?
මෙය උදාහරණයකින් විමසා බලමු.
දැල්වී තිබෙන බල්බයක් පිළිබඳව සිතා බලන්න.
අපට එය එක දිගටම දැල්වී ම් තිබෙන ලෙස පෙනුනද සැබෑවටම එසේ නොවේ. ඉතා වේගයෙන් එම බල්බය නිවී දැල්වී නිවී දැල්වන්නේය. HZ අගය ලෙස නූතන විද්‍යාවේ හඳුන්වන්නේ එයය.
රූප ද එසේය. මෙම ශුද්ධාෂ්ටක වලින් සෑදුණු රූප කලාපයන්ගෙන් අනූන රූප ද සෑම විටම ඇතිවී නැතිවී යන්නේය. නැතිවන සෑම අවස්ථාවකදීම ඕජාව මගින් නැවත ත් රූප පරම්පරාවට අනුව නැති වී ගිය රූප කලාප ය නැවත ත් උපද්දවනු ලබන්නේ ය. නමුත් ඇතිවී නැතිවී ම ඇතිවී නැතිවී යන විට රූපයන්ගේ ගුණාත්මකභාවය අඩුවන්නේය. යම් කාලයක් අවසානයේ රූපයන්ගේ නැසීම සිදුවන්නේ එසේය.
𖤓 ධාතු මනසිකාරය 𖤓
පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා ධාතූන් අපගේ උපාදානස්කන්ධයට ආරම්මණය වන ආකාරය මනසිකාරය කිරීම ධාතු මනසිකාරයයි.
සතර මහා ධාතූන් හා අපගේ පංචස්කන්ධයට ගෝචර වන ආකාරය.
- පඨවි - දෘඪ බව / තදබව / සිනිදු බව.
- ආපෝ - දියවීම / වැගිරීම වැනි ස්වභාවය.
- තේජෝ - උණුසුම් / සීතල බව.
- වායෝ - පිම්බෙන / හැකිලෙන බව.
සියලුම රූපයන් අපගේ පංචස්කන්ධයට ත් උපාදානය වන ආකාරය මෙමගින් පැහැදිලි කළ හැකිය. කාය ප්‍රසාද යනු අපගේ ශරීරයේ පවතින ශරීරය සහ මනස සම්බන්ධ කරන ලෙස හැඳින්විය හැකිය. ( Like nerve endings ) සත්ව ශරීරයේ කාය ප්‍රසාද වැඩිම ස්ථානය වනුයේ ලිංගේන්ද්‍රය යි. ඉන්පසු අපගේ අතයි. අකුසල් රැස්විය හැකි ප්‍රධානම ස්ථාන වන්නේද ඒවාය.
ලොව සියලු භෞතික හැඟීමක් දැනීමක්ම සතර මහා ධාතූන්ට ලඝු කරන්නට අපට පුළුවනි.
පඨවි තේජෝ වායෝ අපගේ සමට හෙවත් ශරීරයට දැනෙන නිසා පොදුවේ පොට්ටබ්බ ලෙස හඳුන්වනු ලබයි.
ආපෝ ස්වභාවය ශරීරයට ගෝචර නැත. එය මනසට පමණක් ගෝචර වේ.
ඇතිවී නැතිවී යන රූපකාය අනිත්‍ය වේ.
❝ සබ්බේ සංඛාරා අනිච්චාති
සබ්බේ සංඛාරා දුක්ඛාති
සබ්බේ ධම්මා අනත්තාති ❞
සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙති.
සියලු සංස්කාරයෝ ( රූප අදහසින් ) නිත්‍ය වශයෙන් ගත් කළ දුක වෙති.
මනසින් සෑදෙන සිතුවිලි හෙවත් ධම්මා අනත්ත වෙති. අනිච්ච නොවෙති. මන්දයත් නිවන මනසට ආරම්මණය වන නිසා වෙනි.
මේ අනුව රූප කලාපයන් නිසා අපට ඇතිවන ආරම්මණයන් හට පුද්ගලභාවයක් ලබා නොදී, උපාදානය නොවී, නොඇලී, පංච උපාදානස්කන්ධය අනුව අප ධාතු මනසිකාරය කළ යුතුය. විපරීතර සංඥාවේන් නොගත යුතුය.
තෙවන දේශනාව මෙතනින් නිමයි.
Last edited:
