දිවි නසා ගත් අම්ෂිකාගේ අවසාන ලිපිය හෙළි කරමින් මව කථා කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළ අප්‍රේල් 29 වන දින කොටහේන, ගල්පොත්ත වීදියේ මහල් නිවාස සංකීර්ණයක 7 වන මහලෙන් පැන අවුරුදු 16 හැවිරිදි සිසුවියක සියදිවි නසා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නව තොරතුරු එළි දැක්වී ඇත. දිල්ෂි අම්ෂිකා නම් මෙම දැරිය උඩු මහලේ සිට පැන මහල් නිවාසය අසළින් ගමන් කරන මාර්ගයට පතිත වී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබුණි.


    දැරියගේ මව, අවසන් ලිපිය සමඟ තොරතුරු හෙළි කරමින්, තම දියණියගේ මරණයට හේතු වූයේ ඇයට සිදු වූ ලිංගික අපයෝජනය හා එය හේතුවෙන් ඊට පසුව කල් ඇතුළත ඇතිවූ සමාජ කොන් කිරීම්, අවමානය හා පහර දීම් බව පැවසුවාය.
    ඇය මාධ්‍ය ඉදිරියට පැමිණ කළ හෙළිදරව්ව මෙසේය.

    "මගේ දුව දක්ෂ ළමයෙක්. දුව කලින් ඉගෙන ගත්ත පාසලේ ගුරුවරයා දුවට කරදරයක් කළ නිසා ඇය සියදිවි හානි කර ගත්තේ. ඇය මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගය ලියන්න හිටිය දරුවෙක්. මගේ දුව කලින් ඉගෙන ගත්තේ බම්බලපිටිය රාමනාදන් හින්දු බාලිකා විද්‍යාලයේ. ඒ විද්‍යාලයේ ගුරුවරයෙක් මගේ දුව ලිංගික අතවරයකට ලක් කළා. දුව ඒ ගැන අපිට කිව්වා. අපි ඒ ගැන කියද්දි ඒ ගුරුවරයා අපිට චෝදනා කළා මගේ දුව බොරු කියනවා කියලා,

    මගේ දුවව වෛද්‍යවරයකු වෙත ගෙන ගියා. ඇය ලිංගික අතවරයකට ලක් වෙලා තිබෙන බව වෛද්‍යවරයා තහවුරු කළා. ඉන්පස්සේ වෛද්‍යවරයා පොලිසියට දන්වා දුවට අපරාධය කළ ගුරුවරයාව අත්අඩංගුවට ගත්තත් ඔහුට ඇප ලබා දුන්නා. පොලිසිය අපෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. නමුත් අපි දන්නේ එපමණයි. මට ඕනෑ වුණේ මගේ දරුවාව ආරක්ෂා කරගන්න. ඒ නිසා ගුරුවරයාට නීතිය ක්‍රියාත්මක වුණාද කියා මම ආපහු සොයා බැලුවේ නැහැ."



    පළමු සිද්ධියෙන් පසු, දැරිය වෙනත් පාසලකට මාරු කර ඇති නමුත් කොටහේන ප්‍රදේශයේ ඇති උපකාරක පන්තියකදී නැවතත් ගැටලුවට මුහුණ දී ඇත.




    "මගේ දුව ඉගෙන ගන්න ගිය කොටහේනේ රාජේෂ්වරී කියන උපකාරක පංති පැවැත්වෙන ආයතනයේ ශිවනන්දන් කියන ගුරුවරයා පෙබරවාරි 15 වෙනිදා අනෙක් ළමයි ඉස්සරහා දුවව නැගිට්ටවලා, දුව අතවරයට ලක්වුණ සිද්ධිය කියලා ඇයට නින්දා කර තිබුණා. 'ඔයා පොලිස් කේස් එකක් තියෙන දරුවෙක්. ඒ නිසා ආපහු පංතියට එන්න එපා' කියලා ඒ ගුරුවරයා ප්‍රසිද්ධියේ මගේ දුවව උපහාසයට ලක්කරලා තිබුණා. ඒ සිද්ධියෙන් පස්සේ දුව ගෙදර ඇවිත් හොඳටම ඇඬුවා,"


    දැරියගේ මව පැවසුවාය.

    එම උපකාරක පන්තියේ ගුරුවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ අයෙකු බවත්, ඔහු මේ වරේ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සැරසෙන බවත් මව පැවසුවාය.
    දැරියගේ මව සඳහන් කළේ උපකාරක පන්තියේ සිද්ධියෙන් පසුව ඇයගේ දියණිය නව පාසලේද කොන් කිරීම්වලට ලක් වූ බවයි.




    "ඒ සිද්ධියෙන් පස්සේ මගේ දුව ආපහු හොඳටම මානසිකව වැටුණා. ඉන්පස්සේ දුවගේ විශාදය ආපහු වැඩි වුණා. උපකාරක පංතියේ සිද්ධියෙන් පස්සේ, දුවගේ අලුත් ඉස්කෝලේ ළමයි හැමෝම මගේ දුව අපයෝජනයට ලක්වුණු සිදුවීම දැනගෙන තිබුණා. ඒ නිසා පංතියේ ඇතුළේදී ළමයි දුව එකක් කතා කරන එක නවත්වලා තිබුණා.
    ළමයි මගේ දුවව තනිකලා. මගේ දුව හැම තැනකදිම තනිවුණා. ඒ සිද්ධියෙන් පස්සේ දුවගේ හොඳම යාළුවන්ගෙන් පවා ඇය වෙන්වුණා. දුවට පාසල ඇතුළේ ළමයින්ගෙන් වුණ කොන්කිරීම් දරා ගන්න බැරි වුණා. මගේ දරුවාට කොහේවත් යන්න බැරි තත්ත්වයක් පෞද්ගලික පංතියේ ගුරුවරයා ඇති කළා."


    සිදුවීමට සම්බන්ධ දැරිය ඉතා දක්ෂ හා කුසලතා පූර්ණ සිසුවියක් වූ බවට මව තරයේ අවධාරණය කළාය. අනෙක් ශිෂ්‍යයන් අතර ඇය විශිෂ්ට බව පෙන්වමින්, සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම නිපුණත්වයක් ලැබූ බව ඇයගේ සුදුසුකම් සහතිකවලින් පෙනී යයි.

    "මගේ දුව වන්දු මානසික රෝගියෙක් නොවෙයි. ඇය ඉතා දක්ෂ සිසුවියක්. 6-8 ශ්‍රේණිවල ඉගෙනුම ලබද්දී ඇය ඉහළ ලකුණු ලබාගත්තා. ඇයට නැටුම, ගායනය, සහ නාට්‍ය වැනි අනෙකුත් ක්‍රියාකාරකම්වලටත් කැමැත්තක් තිබුණා. ඇයට ඉගෙනීමට තිබුණේ සාමාන්‍ය උනන්දුවක් වුවත්, විභාගවලට ඉතා හොඳින් සූදානම් වුණා,"


    මව පවසයි.
    දැරියගේ මව අවධාරණය කළේ වැරදි කරන ලද කිසිවකුට සාධාරණත්වය ඉටු විය යුතු බවයි.

    "මගේ දුව කිසිම වැරැද්දක් කළේ නැති දරුවෙක්. වැරැද්දක් වුණේ ඇයට. ඒත් අනෙක් අය හැමෝම වැරදිකාරයෙක් කළේ මගේ දුවව. දුවගේ චරිතය හොඳ නැහැ කියා තොරතුරු ප්‍රචාරය කළා. මගේ දුව වින්ද වේදනාව දන්නේ මම විතරයි. මගේ දරුවා සියදිවි හානි කර ගන්න තීරණය කළේ මේ සමාජයේ එයාට ජීවත් වෙන්න බැහැ කියලා. මගේ දරුවාට වුණ මේ දේ වෙන කිසි දරුවෙකුට වෙන්න හොඳ නැහැ."





    ඇය තවදුරටත් ප්‍රකාශ කළේ

    "යමෙක් යම් කරුණක් කියන විට, ඔවුන් ඒ ගැන කියන්නේ ඇයි කියා සොයා බැලීම වැදගත්. මානසික රෝගියෙක් ලෙස හඳුන්වා දීම වැරදියි. කරුණාකර දැරියකගේ ජීවිතය සමඟ සෙල්ලම් නොකරන්න. මගේ දරුවාගේ මරණය අසාධාරණ මරණයක් ලෙස යටපත් නොවිය යුතුයි. ඇයට යුක්තිය ඉටු විය යුතුයි. කිසිම දරුවෙකුට මෙවැන්නක් යළි සිදු නොවිය යුතුයි."
     
    • Like
    Reactions: wqe123 and plw

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හිතපන්කො ඉපදිලා ඉගෙනගෙන වැඩකරලා ලෙඩවෙලා මැරිලා යන සයිකල් එකක අවු බිලියන ගානක් හිරවෙනවා කියන්නෙ......
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,433
    113
    Narcissistic Sociopath Manipulator
    ඕකනේ ඉතින් මං පොඩි දෙයක් කියල නැහැ ඇතුලට යන්න හරි දතක් කඩන්නෙ. ලංකාවේ පොන්නයොන්ට හොදින් කියල බැහැ. ගුරුවරයව හෙළුවෙන් වේවැල් නැති පුටුවේ ඉන්දලා එල්ලෙන ඇට දෙකට සබන් කෑල්ලක් දාපු සොක්ස් එකකිං ඇට දෙකට ගහල නැත්ද පොලිසියෙන්? Shame on you SL Pol ICE
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ඕකනේ ඉතින් මං පොඩි දෙයක් කියල නැහැ ඇතුලට යන්න හරි දතක් කඩන්නෙ. ලංකාවේ පොන්නයොන්ට හොදින් කියල බැහැ. ගුරුවරයව හෙළුවෙන් වේවැල් නැති පුටුවේ ඉන්දලා එල්ලෙන ඇට දෙකට සබන් කෑල්ලක් දාපු සොක්ස් එකකිං ඇට දෙකට ගහල නැත්ද පොලිසියෙන්? Shame on you SL Pol ICE
    ලංකාවෙ පොලිසිය කරන්නෙ අපරාධකාරයින්ව ආරක්ෂා කරන එක
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,837
    5,272
    113
    ලංකාවෙ පොලිසිය කරන්නෙ අපරාධකාරයින්ව ආරක්ෂා කරන එක
    උබ මැරෙන සිංදුව කියන්නෙ නැද්ද මෙතන :lol:
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,693
    6,433
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවෙ පොලිසිය කරන්නෙ අපරාධකාරයින්ව ආරක්ෂා කරන එක
    ලොකුවට මුකුත් කරන්නෙ නැහැ. එක සැරයක් ට්‍රැෆික් එකෙක් අල්ලලා ෆෝන් එක බැලුවා. පිටිපස්සෙ ආපු එකාගෙ ෆෝන් එකේ ලොකේෂන් ෆොටෝ එක තිබ්බා Recycle Bin එකෙ. මූ ගත්තු බාගෙත් අරං පගාව 10 000කුත් ගත්තා කියපන්කො.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    ලොකුවට මුකුත් කරන්නෙ නැහැ. එක සැරයක් ට්‍රැෆික් එකෙක් අල්ලලා ෆෝන් එක බැලුවා. පිටිපස්සෙ ආපු එකාගෙ ෆෝන් එකේ ලොකේෂන් ෆොටෝ එක තිබ්බා Recycle Bin එකෙ. මූ ගත්තු බාගෙත් අරං පගාව 10 000කුත් ගත්තා කියපන්කො.

    පොලිසියෙ ඉන්නෙ අමු සක්කිලි