Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ලොවෙත් කොන්දො ස්ටෑන්ඩ් එකේ ගහලා තියෙද්දිම කෑගහයි කෑශ් පේමන්ට් කරන උන් විතරක් ශීට් වල වාඩි වෙන්න කියලා. කාඩ් උන්ට හිටන් පල කියයි 🤣
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,124
    113
    කකුලේන් අදිනව නෙවෙයි , දැන් No Name කාඩ් නේ ගොඩක් ඩෙබිට් කාඩ් , කොන්දට තියන ගායටයි බස් එකේ ඉන්න සෙනග ගොඩේ හැටියටයි , කරුමෙටවත් මාරු කරල දුන්නොත් මල මගුලක් වෙන්නෙ.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,033
    113
    Colombo
    උඹ කියන එකත් ඇත්ත
    සැහෙන හොර සීන් එන්නත් පුලුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    බස් කාඩ් ඕනේ නෑ,
    කොන්ද පොස් එකේ ගාන දාල ඇල්ලුවම අපි ටැප් කරා, එක්කෝ nfc ෆෝන් එක ටැප් කරා.
    ලෝෆ්ලෝ බස් ආවමත් ඩ්‍රයිවර් ගාව මැසින් එක පන්ච් කරන් යන්න ඕනේ . පස්සෙන් නගින්න බෑ බහින්න පමණයි .

    රීලෝඩ් කාඩ් ඕනේ නම් ඒක පෞද්ගලික කොම්පැනි එක්කට දීලා අතිරේක මුදලක් ගන්න ඕනේ රීලොඩ් එකේදී
     
    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    මොන මගුලක්ද බන් මේ? අපෙ debit credit card ගහල bus ticket එක කොන්දට කියල ගන්නද කියන්නෙ?
    එහෙම system එකක් තියන එක හොදයි හැබැයි super market එකකින් බඩු ගන්නව වගේ bank card punch කරල නෙමේ bus card එකක් ගහල. ඒක අපිට ඕන විදිහට reload කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි බස් එකේ යනකොට ඒ බස් card එකෙන් අඩු වෙන විදිහට. කාට හරි එකෙක්ට මාසෙකට බස් වියදම 2000ක් යනව නං ඌට පුළුවන් එතකොට මාසෙටම ඇති වෙන්න card එක reload කරගෙන යන වෙලාවට punch කරන්න.

    ඕක පළවෙනි step එක විදිහට කරන්න පුළුවන්. ඊළග step එක විදිහට කරන්න ඕන දැන් අර city bus mentro seen එකක් ළගදි එනව කිවුවනෙ අලුත් low profile bus දාල. ඒක ආවහම bus card එකක් introduce කරන්න ඕන city එක ඇතුලෙ සතියට එක්කො සති දෙක මාසෙටම card එකේ ගාණ මෙච්චරයි ඒ card එකෙන් ඕන තරමක් city එක ඇතුලෙ සම්මත boundary area එකක එහාට මෙහෙට punch කරල යන්න පුළුවන්.

    අඩු තරමෙ මොකුත්ම කරගන්න බැරි නං scan කරන්න පුළුවන් විදිහෙ QR System එකක්? මේ බඩු ගන්නව වගේ bank card වලින් bus එකට ගෙවන්නෙ නැතුව කරන්න බෑද.
    පක්ශ පැත්තකට දාල මම මේ කියන එක හරිද වැරදිද කියපන්.

    ලිං ගෙබ්බො කිසිම දෙයක් දැකල නැ. යුරෝපෙ හැම රටකම පාවිච්චි වෙනවා. උදා නෙදර්ලන්තය. දැන් බෑන් කාඩ් එක train bus ඔක්කටම පුලුවන්..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    කකුලේන් අදිනව නෙවෙයි , දැන් No Name කාඩ් නේ ගොඩක් ඩෙබිට් කාඩ් , කොන්දට තියන ගායටයි බස් එකේ ඉන්න සෙනග ගොඩේ හැටියටයි , කරුමෙටවත් මාරු කරල දුන්නොත් මල මගුලක් වෙන්නෙ.
    Tap nfc enable ne aluth card wala
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේකේ ඉන්නේ හෙන උසස් කුලේ ලෝකේ ඔක්කොම දන්න පට්ට ප්‍රෝග්‍රෙසිව් ලිබරල් පොරවල්... ඒ උනාට ඇත්තටම උන් ටච් ඇන්ඩ් ගෝ තියන ලෝකෙක වෙනම ට්‍රැවල් කාඩ් ඉල්ලන ගොබ්බ ගොඩයෝ ටිකක්...

    මේකේ යුරෝප් වල එහෙම ඉන්න උන් ඉන්නවා නේද???

    තොපි කියපන්කෝ මොකක්ද අලුත්ම විදිහ කියලා... බස් වලට වෙනම ට්‍රැවල් කාඩ් දෙන එකද, බැංක් එකේ NFC කාඩ් එක ටච් කරලා යන එකද???
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    බස් කාඩ් ඕනේ නෑ,
    කොන්ද පොස් එකේ ගාන දාල ඇල්ලුවම අපි ටැප් කරා, එක්කෝ nfc ෆෝන් එක ටැප් කරා.
    ලෝෆ්ලෝ බස් ආවමත් ඩ්‍රයිවර් ගාව මැසින් එක පන්ච් කරන් යන්න ඕනේ . පස්සෙන් නගින්න බෑ බහින්න පමණයි .

    රීලෝඩ් කාඩ් ඕනේ නම් ඒක පෞද්ගලික කොම්පැනි එක්කට දීලා අතිරේක මුදලක් ගන්න ඕනේ රීලොඩ් එකේදී
    Google wallet, apple pay enable කරන්න central bank laws වෙනස් kara nm super වැඩක් ආයේ අලුත් system ඕනේ නෑ
     
    • Like
    Reactions: ttj

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේකේ ඉන්නේ හෙන උසස් කුලේ ලෝකේ ඔක්කොම දන්න පට්ට ප්‍රෝග්‍රෙසිව් ලිබරල් පොරවල්... ඒ උනාට ඇත්තටම උන් ටච් ඇන්ඩ් ගෝ තියන ලෝකෙක වෙනම ට්‍රැවල් කාඩ් ඉල්ලන ගොබ්බ ගොඩයෝ ටිකක්...

    මේකේ යුරෝප් වල එහෙම ඉන්න උන් ඉන්නවා නේද???

    තොපි කියපන්කෝ මොකක්ද අලුත්ම විදිහ කියලා... බස් වලට වෙනම ට්‍රැවල් කාඩ් දෙන එකද, බැංක් එකේ NFC කාඩ් එක ටච් කරලා යන එකද???

    අලුත්ම ක්‍රමය තමයි Debit card එක. ඒකෙ NFC පාවිච්චි කරන එක. වෙනම BUS Card කරන්න ගියොත් වියදමක්.. වෙනම services, servers, 200-300 කට jobs දෙන්න වෙනවා..

    ගොඩක් ලංකාවෙ අය දන්නෙ නෑ අලුත් දේවල්.. පාරවල් වල හතරමං හංදි දැක්කහම හිතාගන්න පුළුවන් අපේ රටේ ඉංජිනේරුවෝ කොහමද කියල උන් update නෑ. ලංකාවෙ mobile app දැක්කම හිතා ගන්න පුලුවන්..

    1759936092519.png
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    Lanka QR තමා හරියටම හරියන්නේ. ගෙවන ගාන එන්ටර් කරන්නෙත් මගියා විසින්මයි. අනික ක්ෂණිකව මුදල් ට්‍රාන්සර් වෙනවා. මට තාම හිතාගන්න බෑ Lanka QR එදිනෙදා ගණුදෙනු වලට තාමත් ප්‍රචලිත කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි කියලා
    ඕක ඉතින් මහ බැංකුවෙන් හරි ලංකාවේ ඔක්කෝම බැංකු වලට කියන්න ඔනේ. (මං දන් නෑ ලංකා QR රජයට සම්බන්ද ද නැද්ද කියලා ඒත් මේක තමා ලේසිම විදිය)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,122
    34,699
    113
    ඕක ඉතින් මහ බැංකුවෙන් හරි ලංකාවේ ඔක්කෝම බැංකු වලට කියන්න ඔනේ. (මං දන් නෑ ලංකා QR රජයට සම්බන්ද ද නැද්ද කියලා ඒත් මේක තමා ලේසිම විදිය)
    Lanka QR හඳුන්වලා දුන්නෙ මහබැංකුවෙන්ම තමයි
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    ඕක ඉතින් මහ බැංකුවෙන් හරි ලංකාවේ ඔක්කෝම බැංකු වලට කියන්න ඔනේ. (මං දන් නෑ ලංකා QR රජයට සම්බන්ද ද නැද්ද කියලා ඒත් මේක තමා ලේසිම විදිය)
    oka ayithi LankaPay ekata

    LankaPay eken thamayi serama lankawe interbank transactions handle wena national network eka

    ownership eka

    CBSL+ Lankawe Serama Banks athare bedila thiyenne.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    918
    495
    63
    බස් කාඩ් ඕනේ නෑ,
    කොන්ද පොස් එකේ ගාන දාල ඇල්ලුවම අපි ටැප් කරා, එක්කෝ nfc ෆෝන් එක ටැප් කරා.​
    ලෝෆ්ලෝ බස් ආවමත් ඩ්‍රයිවර් ගාව මැසින් එක පන්ච් කරන් යන්න ඕනේ . පස්සෙන් නගින්න බෑ බහින්න පමණයි .

    රීලෝඩ් කාඩ් ඕනේ නම් ඒක පෞද්ගලික කොම්පැනි එක්කට දීලා අතිරේක මුදලක් ගන්න ඕනේ රීලොඩ් එකේදී
    • "කොන්ද පොස් එකේ ගාන දාල ඇල්ලුවම අපි ටැප් කරා" => ඒක හරි
      • tab එකක් වගේ screen එක ලොකු එකක් තමයි දෙන්න ඕනේ.. මගියට හොඳට පැහැදිලිව පේන්න සින්හල දෙමල ඉංග්‍රීසි භාෂා 3ම.. වර්තමාන ටිකට් එකේ භාෂා3ම පොඩියට ගහල තියෙනව.

    • "ඩ්‍රයිවර් ගාව මැසින් එක පන්ච් කරන් යන්න ඕනේ . පස්සෙන් නගින්න බෑ බහින්න පමණයි"
      • පිටිපස්සෙන් නගින්න ඉස්සරහින් බහින්න කියන්නේ කොන්ද පිටිපස්සේ ඉඳල මිනිස්සු නැගල ඉවරවෙනකන් ඉඳල බෙල් එක ගහන්න... නැතන් ඩ්‍රයිවර්ට පේන්නෙ නෑනේ.. ඉස්සරහින් බහින්න කියන්නේ ඩ්‍රයිවර්ට් පේන නිසා.. අනතුරු අවම කරන්න.

    නගින බහින පිළිවෙල මොකක් වුනත් මැෂින් හයි කරල පන්ච් කරන්න බෑ.. සෙනග වැඩි, තෙරපෙනව...

    කොන්දා බහින තැන වැරදියට ගහල අපිට වැඩිපුර කැපුනොත් මොකද කරන්නේ? refund කරන්නේ කොහොමද?
    මෝඩ කමට දෙපාර තුන්පාර tap/swipe කරොත් මොකද කරන්නේ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    LankaQR තමා කරන්න තියෙන හොදම විදිය. ලංකාවේ ISP බිජ්ජෝ සත පහකට විස්වාස නෑ. පේමට් රෙජෙක්ට් වෙලා අරුගේ කාඩ් එකෙන් කැපිලා බස් අස්සේ මරාගනී. Govpay හරහා හරි කමක් නෑ හෙවන්න හැදුවා නම් තමා වටින්නේ

    ඕක ඉතින් මහ බැංකුවෙන් හරි ලංකාවේ ඔක්කෝම බැංකු වලට කියන්න ඔනේ. (මං දන් නෑ ලංකා QR රජයට සම්බන්ද ද නැද්ද කියලා ඒත් මේක තමා ලේසිම විදිය)

    ඉතින් බන් NFC Debit කාඩ් එකෙන් ගෙවන එක ඕකට වඩා කොයි තරම් ෆාස්ට්ද
    සෙනග පිරුනු බස් එකේ ෆෝන් එක ඇදලා අරගෙන ඇප් එක ඕපන් කරලා, ඇප් එකට පාස්වර්ඩ් හරි Biometric එක හරි දාල, ලොග් වෙලා QR ස්කෑන් ඔප්ශන් එකට ගිහින් ඒක ස්කෑන් කරලා OK කරන්න යන වෙලාවයි.
    NFC ඩෙබිට් කාඩ් එක ටුක් ගාල මැශින් එකේ ටච් කරන එකයි ගත්තම ලේසි මොකද්ද කියලා කියපන්කෝ

    ඒ ඇරුනම බෝට්ටු වගේ ගැස්සි ගැස්සි යන බස් එකේ QR එක ස්කෑන් කරන්නයි ටිකට් එකෙන් ටිකට් එකට ජෙනරේට් වෙන QR එක පේ කරන එකාට පෙන්නන්නයි ඒව වෙරිෆයි කරන එකයි මල ඇනයක්නේ බන්