ඖෂධ හා ශල්‍ය උපකරණ සියයකට අධික හිඟයක්.. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධත් ඒ අතර..
2026 වසර ආරම්භ වන විට මෙරට පවතින ඖෂධ හිඟය සම්පූර්ණයෙන් දුරන් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව ප්‍රකාශ කළත් නව වසර උදාවීමට මාස දෙකකට ආසන්න කාලයක් පවතින අවස්ථාවකදී දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් තුළ අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම සියයකට ආසන්න ප්‍රමාණයක අධික ඉඟියක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන අයිතම වර්ග ද රැසක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙම ඖෂධ හිඟය වැඩිවර්ධනය වෙමින් පැවතීම ඉතා පැහැදිලිව දේශපාලන සහ පරිපාලනමය දුර්වලතාවයක් බව ඔහු පෙන්වා දෙන අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක් කැල්ල පාලන කාලේ සිටම සෞඛ්‍ය අමාත්‍යංශ ඉහළ නිලතලධාරණ නිලධාරීන් මෙම අර්බුදයට සෘජුව වගකිව යුතු වන අතර එම තත්ත්වය පාලනය කිරීමට ආසමත් වන වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවද මෙහි අනෙකුත් වගකිව යුතු පාර්ෂව බව පෙන්වා දෙයි.
ආණ්ඩු බලයට පත්වීමෙන් අනතුරුව විවිධ කැබිනට් පත්‍රිකා හරහා ඖෂධ හිගය මැඩ පැවැත්වීමට පිළියම් යොදන බව ප්‍රකාශ කළද මේ වන විට ඒ සියල්ල අසාර්ථක වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
IV Noradrenaline, IV cefotaxime, iv amicacine, clarithomycine, levofloxacillin, inj adenosine, sodium nitroprusside, inj verapamil, isoprenaline, protamine sulphate, inj promethazine මෙන්ම GTN, salbutamol oral solution, තුවාල යක් මැහීම සඳහා භාවිතා කරන prolene, polypropylene, nylon, knee implants ආදී ඖෂධ සහ ශල්‍ය අයිතම රසක හිඟය නිසා මේ වන විට රෝගී සත්කාර සේවා වලට බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ප්‍රධාන පෙළේ රෝහල්වල ඖෂධ ගබඩා තුළ මෙම ඖෂධවල තොග පහළ මට්ටමට පත්වීම නිසා මෙම ඖෂධ ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට අවසර ලබා දීමෙන් රජයට බරපතළ ආර්ථික හානියක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි
දැනට වසරකට අධික කාලයක් මුළුල්ලේ මේ අන්දමට ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා සෞඛ්‍යා අමාත්‍යාංශයේ ලේකම්වරයා අවසර ලබාදී තිබීම වක්කඩ හකුරු හංගනවා වැනි නිෂ්ඵල ක්‍රියාවක් වන බවත් අඩු මිලට සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා සැලැස්මක් නොමැතිවීම සම්බන්ධයෙන් රජය කණගාටුවට පත්විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.
රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පවතින ඒකාධිකාරය සහ හරි පාලන දුර්වලතා වර්තමාන ඖෂධ හිඟයට සෘජු හේතුවක් බවට පත්ව ඇති බවත් ඔවුන් සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කොට මෙම සැපයුම් ජාලයේ පවතින ප්‍රශ්න විසඳීමට උනන්දුවනවා වෙනුවට අත්තනෝමතික ලෙස කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
කෙසේ වත් කැබිනට් පත්‍රිකා වලට මුවා වී රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම මුල්ලංඝනය කරමින් ඉහත ආයතන කටයුතු කරන්නේදැයි දැඩි ලෙස විමසිලිමත්ව සිටින බවද වෛද්‍යා හා සවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එවැනි සිදුම් කීපයක් සම්බන්ධව ඉදිරි කාලයේදී නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.