NPP ආණ්ඩුව වැඩ පෙන්වයි - ඖෂධ හා ශල්‍ය උපකරණ සියයකට අධික හිඟයක්..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,054
    72,186
    113
    මාලඹේ
    ඖෂධ හා ශල්‍ය උපකරණ සියයකට අධික හිඟයක්.. අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධත් ඒ අතර..

    image-2.jpeg

    2026 වසර ආරම්භ වන විට මෙරට පවතින ඖෂධ හිඟය සම්පූර්ණයෙන් දුරන් කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව ප්‍රකාශ කළත් නව වසර උදාවීමට මාස දෙකකට ආසන්න කාලයක් පවතින අවස්ථාවකදී දිවයින පුරා ප්‍රධාන පෙළේ රෝහල් තුළ අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ඖෂධ අයිතම සියයකට ආසන්න ප්‍රමාණයක අධික ඉඟියක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන අයිතම වර්ග ද රැසක් පවතින බව ඔහු පෙන්වා දෙයි.

    වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ මෙම ඖෂධ හිඟය වැඩිවර්ධනය වෙමින් පැවතීම ඉතා පැහැදිලිව දේශපාලන සහ පරිපාලනමය දුර්වලතාවයක් බව ඔහු පෙන්වා දෙන අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක් කැල්ල පාලන කාලේ සිටම සෞඛ්‍ය අමාත්‍යංශ ඉහළ නිලතලධාරණ නිලධාරීන් මෙම අර්බුදයට සෘජුව වගකිව යුතු වන අතර එම තත්ත්වය පාලනය කිරීමට ආසමත් වන වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවද මෙහි අනෙකුත් වගකිව යුතු පාර්ෂව බව පෙන්වා දෙයි.

    ආණ්ඩු බලයට පත්වීමෙන් අනතුරුව විවිධ කැබිනට් පත්‍රිකා හරහා ඖෂධ හිගය මැඩ පැවැත්වීමට පිළියම් යොදන බව ප්‍රකාශ කළද මේ වන විට ඒ සියල්ල අසාර්ථක වී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    IV Noradrenaline, IV cefotaxime, iv amicacine, clarithomycine, levofloxacillin, inj adenosine, sodium nitroprusside, inj verapamil, isoprenaline, protamine sulphate, inj promethazine මෙන්ම GTN, salbutamol oral solution, තුවාල යක් මැහීම සඳහා භාවිතා කරන prolene, polypropylene, nylon, knee implants ආදී ඖෂධ සහ ශල්‍ය අයිතම රසක හිඟය නිසා මේ වන විට රෝගී සත්කාර සේවා වලට බාධා එල්ල වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

    වෛද්‍ය සැපයුම් ඒකකයේ සහ ප්‍රධාන පෙළේ රෝහල්වල ඖෂධ ගබඩා තුළ මෙම ඖෂධවල තොග පහළ මට්ටමට පත්වීම නිසා මෙම ඖෂධ ප්‍රාදේශීය වශයෙන් මිලදී ගැනීමට අවසර ලබා දීමෙන් රජයට බරපතළ ආර්ථික හානියක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි
    දැනට වසරකට අධික කාලයක් මුළුල්ලේ මේ අන්දමට ප්‍රාදේශීය මිලදී ගැනීම් සඳහා සෞඛ්‍යා අමාත්‍යාංශයේ ලේකම්වරයා අවසර ලබාදී තිබීම වක්කඩ හකුරු හංගනවා වැනි නිෂ්ඵල ක්‍රියාවක් වන බවත් අඩු මිලට සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා සැලැස්මක් නොමැතිවීම සම්බන්ධයෙන් රජය කණගාටුවට පත්විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

    රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ ඖෂධ නියාමන අධිකාරියේ පවතින ඒකාධිකාරය සහ හරි පාලන දුර්වලතා වර්තමාන ඖෂධ හිඟයට සෘජු හේතුවක් බවට පත්ව ඇති බවත් ඔවුන් සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කොට මෙම සැපයුම් ජාලයේ පවතින ප්‍රශ්න විසඳීමට උනන්දුවනවා වෙනුවට අත්තනෝමතික ලෙස කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
    කෙසේ වත් කැබිනට් පත්‍රිකා වලට මුවා වී රටේ පිළිගත් ප්‍රසම්පාදන මූලධර්ම මුල්ලංඝනය කරමින් ඉහත ආයතන කටයුතු කරන්නේදැයි දැඩි ලෙස විමසිලිමත්ව සිටින බවද වෛද්‍යා හා සවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. එවැනි සිදුම් කීපයක් සම්බන්ධව ඉදිරි කාලයේදී නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.
     
    • Like
    Reactions: deanXX

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,167
    113
    ඖෂධ නියාමන අධිකාරියේ පවතින ඒකාධිකාරය නෙවේ, සමාගම් වලට ඒකාධිකාරය පවත්වා ගැනීමට උදව් කිරීම.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    පොහොට්ටු ආණ්ඩුව කාලේ තෙල් බෙහෙත් කෑම ඔක්කොම හිඟ වුනා මතකද?
    ඒ කාලෙ එහෙම වුනේ "හොරු" රට පාලනය කරපු හින්දානෙ. තව වසංගතයක් තිබුණා, රට වහලා තිබුණා, ඩොලර් සංචිත හිඳුණා, අත්‍යවශ්‍ය දේවල් ගෙන්න බැරුව හැමදේම හිඟ වුණා.
    2024 අන්තිම වෙද්දි එහෙම ප්‍රශ්නයක් රටේ තිබ්බෙ නෑනෙ. දැන් අවුරුද්දක් වෙනවා පාලකයෝ හොරා කන්නෙත් නෑ, සංචිතවල ලොකු අඩුවකුත් නෑ වාහන පවා ගෙන්නන්න පුලුවන්, සෞඛ්‍ය ඇමති MBBS එකක් තියෙන දොස්තර කෙනෙක්. එහෙම නම් ඇයි ඉස්පිරිතාලවල බෙහෙත් හිඟ වෙන්නෙ?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,793
    15,026
    113
    ප්‍රාදේශීය වශයෙන් මිලදී ගත්තම දොස්තරට මොකක්ද වෙන රුදාව.

    උගේ ගෙදර සල්ලි වලින් නෙමෙයි නේ.
    අපිනෙ ටැක්ස් ගෙවන්නේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,491
    8,659
    113
    ulan bator
    ඒ කාලෙ එහෙම වුනේ "හොරු" රට පාලනය කරපු හින්දානෙ. තව වසංගතයක් තිබුණා, රට වහලා තිබුණා, ඩොලර් සංචිත හිඳුණා, අත්‍යවශ්‍ය දේවල් ගෙන්න බැරුව හැමදේම හිඟ වුණා.
    2024 අන්තිම වෙද්දි එහෙම ප්‍රශ්නයක් රටේ තිබ්බෙ නෑනෙ. දැන් අවුරුද්දක් වෙනවා පාලකයෝ හොරා කන්නෙත් නෑ, සංචිතවල ලොකු අඩුවකුත් නෑ වාහන පවා ගෙන්නන්න පුලුවන්, සෞඛ්‍ය ඇමති MBBS එකක් තියෙන දොස්තර කෙනෙක්. එහෙම නම් ඇයි ඉස්පිරිතාලවල බෙහෙත් හිඟ වෙන්නෙ?
    company kareyo pagawa denne nathi nisa wenna puluwanda? illuwath denne na!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,240
    15,808
    113
    පොහොට්ටු ආණ්ඩුව කාලේ තෙල් බෙහෙත් කෑම ඔක්කොම හිඟ වුනා මතකද?

    ඒ කොරෝනත් අැවිත් රට වහල පිනටත් කන්න දීල රට බංකොලොත් වෙලා තියෙනකොට උඹලගේ ජෙප්පෝ රටට ඩොලර් ඵවන්නත් ඵපා කිව්ව කාලේ...උඹ කොමා වෙලාද හිටියේ ඒ කාලේ??🤣

     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,804
    113
    සේදවත්ත
    ඔය කිව්වට බෙහෙත් තිබ්බා ලංකාවේ , ආර්ථික අර්බුදය කාලෙත් තිබ්බා . බොරු හිග බඩු ෆාමසි වල තියනවා