අනුරාධපුර පැත්තට වඩා කරවා කුලේ අය ඉන්නේ මුහුදුබඩ පැති වල. කරවා/ කරා / ක්ශත්‍රිය / කුරු කුලය කියලා කියන්නේ මුහුදුබඩ පැතිවල ඉන්න, ගොඩක් දුරට මත්ස්‍ය කර්මාන්තයේ යෙදුන අයගේ කුලයක්. වර්තමානේ ගොඩක් දුරට පෙරේරා/ සිල්වා/ ප්‍රනාන්දු වගේ යුරෝපියන් වාසගම් තියන අය ඇවිල්ලා කරාවේ. ඊලඟට ලංකාවෙ ගොඩක්ම ක්‍රිස්තියානි අයත් කරාවේ. මේකට හේතුව තමයි, බටහිර ආක්‍රමණිකයෝ ගොඩක් අල්ලගෙන හිටියේ ලංකාවෙ මුහුදුබඩ පැති. කරාව කියන්නේ පහත්ම කියලා සලකන කුලයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලංකාවේ කුල වලදී රදළයන්ට පස්සේ ගොවිගමයෝ තමයි උඩ තියන කුලේ. ඊට පස්සේ වැටෙන්නේ කරා කුලේ අය. කරාවෙත් උඩ ලෙවල් එකේ කුලවල අයගෙ වාසගම් තමයි කුරුකුලසූරිය, වර්ණකුලසූරිය වගේ අය. සූරිය නම් කරාවෙ උඩ. ඊලඟට පටබැඳිගේ කියලා කරා වාසගම් තියන අයත් කරා කුල ක්‍රමය ඇතුලේ කරා ගම් වල නායකයා හැටියට ඉඳපු අය. රෝහණ විජේවීර කියන්නෙත් එහෙම කරා කැරියෙක්.