ඔතනින් එන්නෙ ඉතින් පන්දම් වලින් ආව උන්, Privilege එක තියන උන් අතරෙ හොද උන් මිසක් Genuinely හොද උන් නෙමෙයි. චාටර් සෙට් එකක් අතරෙ අඩුවෙන්ම චාටර් සෙට් එක. පුළුවන් උන් 16 17ට කලින් නවත්තන උන් ඕනතරම් ඉන්නව කැපිල්ල කියල. ගම් වල ඕන ථරම් ඔහොම උන් අපි දැකල තියනව. ඉස්කරලෙ ටීම් එකෙන් අසාධාරණ විදියට කැපෙන දක්ෂ උන් එතනින්ම කැපෙනව, ආයි 16 17 වෙනකන් ඉන්නෙ ණෑ.
ඔය ප්‍රශ්නෙ නිසා තමයි හැම පාරකම TV Channel වලින් හරි කෝච්ල පෞද්ගලිකව අහුලගෙන හරි ,ආමි හරහා ආපු එකෙක් හරි කැපිල පේන Match Winning Performance කරන්නෙ අනිත් උන්ට වඩා. මහේල සංගල විතරයි අනිතිමට එහෙම ආවෙ ඒත් උනුත් ආපු මුල Perform කලේ නෑ. ඒත් අර අහුලගත්ත උන් ආව දවසෙ ඉදණ් Perform කරනව. (පස්සෙ උන්ට සල්ලි අතට ආවම mismanage වෙන එක වෙනම දෙයක්. )
එහෙම privilege එකක් තිබ්බ උන් නෙවෙයි නේ බන් මෙන්ඩිස් , පැතුම් , දසුන් , වනිදු වගේ උන් .
උන් මහලොකු සල්ලි තියන උන් නෙවෙයි නේ . උන් තමයි ඔය දැන් තියන සිස්ටම් එක ඇතුලේ ඉන්න හොදම උන් .
ඔය privilege කතන්දරේ එන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු උන්ට් .. අරවින්ද , අර්ජුන , රොෂාන් , ගුරුසිංහ , හෂාන් , මහේල , සංගා ....
උන්ට නම් කොහොමත් කෝච් ගේ ඉදන් හැම තැනින් ම connections තියනව . උන් උන් උනත් අදුරනව පවුල් වලින් .
හැබැයි ඒ කාලේ ක්‍රිකට් එකට ඒක අවුලක් නෑ උනාට දැන් තියන ක්‍රිකට් එකත් එක්ක හරියන්නේ නෑ .
අවුල තියෙන්නේ ලංකවේම ජනප්‍රියම සෙල්ලමේ ක්‍රීඩකයෝ තෝරන එක , ඒ ක්‍රීඩකයෝ උඩට අරන් එන එක අධ්‍යාපන ආයතන වලට බාර දීල නිකන් ඉන්න එක .
ඉස්කෝල තියෙන්නේ අධ්‍යාපනය මුලික කරගෙන මිසක් ක්‍රීඩාවක් වෙනුවෙන් නෙවෙයි . එතකොට ඒ ඒ ක්‍රීඩාවට මුලිකත්වය දෙන ඉස්කෝලෙක ගිය උන්ට විතරයි ඔය සිස්ටම් එකෙන් ඉස්සරහට යන්න පුලුවන් .
අනිත් උබ කියන කෝච් හොයාගත්ත , චැනල් වලින් හොයාගත්තා කියල හම්බෙන්නේ fast bowlers ල නේ බන් .
එතනත් තියෙන්නේ අපි fastbowler කෙනෙක් මුලින්ම pick කරන age එක අවුල් . අපි ඉස්කෝල ටීම් වලට අවු 11 , 12 දි තමයි බෝල්ර්ස ල තෝරන්නේ . උන් උඩට අරන් එනව .
හැබැයි කොල්ලෝ කියන උන් කෙල්ලෝ වගේ නෙවෙයි වර්ධනය . අවුරුදු 14 - 17 වෙනකන් එකපාර අගැවල් හැදෙනවා . පොඩි කාලේ පැත්තකට වෙලා හිටපු , හරියට දුවාගන්න බැරි උන් අවුරුදු 17/18 වෙද්දී වෙනස් වෙන්ව . පොඩි කාලේ හොදට දුවල පැනල හිටපු උන්ට වඩා අගැවල් හැදිලා හොදට දුවන්න පනින්න පුලුවන් උන් ඉන්නව . හැබැයි තේරීම් කරන්නේ අවුරු 11,12 දී නම් ඒ වෙද්දී ටිකක් ඇග පත හැදිලා දුවන්න පුලුවන් උන්ගෙන් තමයි ස්කුල් ටීම් වලට තේරෙන්නේ . අර පහුවෙලා එළියෙන් හොයාගන්නේ අර වගේ උන් ගොඩක් වෙලාවට .
ඔය fast bowlers ල හොයන වැඩේ නම් ගේමක් නැතුව කරන්න පුලුවන් ලංකාවේ ම centers දාල අවු 17-22 වගේ වෙනකන් වයස් වල උන්ට තමන්ගේ පදිංචිය ට අදාළ center එකක් register වෙලා අවුදුද්දක්ට සැරයක් වගේ ගිහින් fast bowling ability එක පෙන්නල එන්න සිස්ටම් එකක් හැදුව නම් . එහෙම නැතුව අකලට කොහේ හරි ස්පොන්සර් කෙනෙක් චැනල් එකක් අල්ලාගෙන fast bowling camp කරට වැඩක් නෑ . ස්ථිර සිස්ටම් එකක් තියෙන්න ඕනේ .