මේ වෙද්දි ලෝකෙම එක නැවක් දිහා කුතුහලයෙන් බලන් ඉන්නවා.ඒ තම ස්ථානය හඳුනා ගැනීමේ පද්ධති සගවාලමින් වේගයෙන් මැදපෙරදිග වෙත ගමන් කරන USS Tripoli නාවික යාත්‍රාව දිහා.මෙහි ගොඩබිම් හා සාගර සටන් වල අති පුහුණුවලත් මැරීන් සෙබලුන් 2200කට අධික ප්‍රමාණයක් ඉන්නවා.මේත් සමගම ගොඩබිම් මෙහෙයුම් වලට බහුලව භාවිත කරන A-10 Warthogs attack jets, Ah-64 Apache helicopters, සහ මුහුදේ අටවා ඇති බෝම්බ වෙනුවෙන් 5,000-pound ground penetrator බෝම්බ පිටත් කර හැරලා තියෙනවා.ඔවුන් මේ වෙද්දි වේගයෙන් මැදපෙරදිගට ලන් වෙමින් ඉන්නවා.
ඒ වගේම මේ වෙද්ද්ත් ඇමරිකානු 5 වන නාවික බලගණය සහ 7 වන බලගණක කලාපයේ රැඳී ඉන්නවා.ඒ කියන්නේ 40,000කට අධික සෙබළ බලගණයක් මේ වෙද්දිත් කලාපයේ ස්ථාන ගත වෙලා ඉන්නවා.
හුගක් යුද විශ්ලේෂකයන් පවසන්නේ ඉරානයට අයත් දූපත් අත්පත් කර ගැනීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් මුදා ගැනීම මේ ස්ථාන ගත කිරීම් වල අරමුණ වෙන්න පුලුවන් කියලා.කෙසේ නමුත් සැබෑ අරමුණ නිශ්චිතව කිසිම අයෙකුට සිතා ගන්න බැරි වෙලා තියෙනවා.
ඉදිරි පැය 72 මේ ප්‍රශ්න වලට පිළිතුරු ලෝකයට ලබා දේවි.