මගෙ හොඳම යාලුවෙක් ඉන්නවා.පොර දැනට ශේප් එකේ කඩේක වැඩකරන් 40 ක් ,45 ක් වගෙ පඩියක් ගන්නෙ.හම්බුන දවසට කතාකරද්දි කරද්දි මූ කියවන්නෙම කඩේ වැඩකරද්දි ඌ කන කට්ටයි,ඌට පඩිය මදිකමයි ,අනික් එවුන් බුල ගහලා ඌ ගන්න පඩියම ගන්න එකයි,ඌ එතන වැඩ නිසා කන කට්ටයි,ගෙදර සල්ලි අවුල් ටිකයි අනම් මනම් විස්තර.මූගෙ අඩෝවැඩියාව හන්දා මන් මූට දාන්න පුලුවන් qualifications තියන රස්සා ගැසට් උන ගමන් මූට යවනවා.බලලා දාපන් කියලා බලෙන්ම මැසේජ් දදා කියනවා.මූ ගණනුත් S ,ඒ ලෙවල් නම් S3 ක් ඇති.ඒත් මූට ඒ කිසි එහෙකට දාන්න උවමනාවක් නෑ.සමහරදාට මම දාන මැසේජ් බලලා මූ නිකන් ඉන්නවා.මමත් පහුගිය ටිකේ graduate අයට එන gov job vacancy වලට දාද්දිම මූට හරියන A/L වලින් ගන්න ජොබ් වල ඇප්ලිකේෂන් ගෙදර ප්‍රින්ටරෙන්ම ප්‍රින්ට් කරලා අතටම දීලාත් ආවේ.Iq එහෙම අමාරුයි කිව්වම හොදම යාලුවා හන්දා මමත් මට වැඩ නැති දවසක් අල්ලලා මූට දවස් ගානක් ඉගැන්නුවා පුලුවන් විදිහට.වැඩක් නෑ ආයෙම පුරුදු රටාවට මූට මොකක් හරි මගුලක් වෙලා පඩි කැපුනාමයි-රස්සාවෙ බිසී වැඩි උනාමයි ආන්ඩුවෙ රස්සාවක් කරන්න ඕන ගාගෙන පුරුදු තනුවම ගහගෙන එනවා 
.මේ ලගදිත් මම ඔහොම එකක් යවලා මූ බලලත් ප්‍රතිචාරයක් නැති හන්දා ගණන් නොගෙන හිටියා.පස්සෙ මමයි තව එහෙකුයි දෙන්නම ඒ රස්සාවට ඇප්ලයි කලා.මූ ඒක අනික් එකාගෙන් දැනගෙන "උබ නිකමටවත් මට කිව්වෙවත් නෑනෙ බන්" ගගා වැලලුනා.මන් ඒකෙත් ලින්ක් එක ඌට යවලා බලලා දාපන් කියලා දාපු මැසේජ් එක පෙන්නුවාම සද්ද නැතුව හිටියා බිම බලන්.මූට යවන කිසි එහෙකට මූ දාන්නෙත් නෑ.මන් දැම්මහම ඇයි බන් කිව්වෙවත් නැත්තෙ අහනව 

ඇයි බන් මේ මිනිස්සු දුකේම ඇලිලා ගැලිලා ඉන්නෙ ,අඩියක් හරි ඉස්සරහට තියලා මහන්සි උනානම් උන්ට හොද income එකක් ගන්න (job or business) පුලුවන් වෙලත් කිසි උත්සහයක් ගන්නෙ නැත්තෙ?
ඇයි බන් මේ මිනිස්සු දුකේම ඇලිලා ගැලිලා ඉන්නෙ ,අඩියක් හරි ඉස්සරහට තියලා මහන්සි උනානම් උන්ට හොද income එකක් ගන්න (job or business) පුලුවන් වෙලත් කිසි උත්සහයක් ගන්නෙ නැත්තෙ?