මචන්ලා, මට ගිය සතියේ වෙච්ච අමතක නොවන වැඩක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්නේ.
මම මගේ Corporate Account එක තියෙන බැංකු ශාඛාවට ගියේ මගේ Debit Card එක cancel කරලා අලුත් එකක් ගන්න. මුලින්ම හම්බුණ නිලධාරිනියට මම Passbook එක දීලා විස්තරේ කිව්වා. එයා මගෙන් Debit Card එක ඉල්ලුවා, මමත් ඉතින් දුන්නා. හැබැයි මට කිසිම දෙයක් නොකියා, බ්ලොක් කරනවා කියලා කලින් දැනුම් දෙන්නෙත් නැතුව එයා ඒ වෙලාවෙම කාඩ් එක බ්ලොක් කරලා දැම්මා!
බ්ලොක් කරලා ඇවිත් තමයි මට කියන්නේ "සර් දැන් කාඩ් එක බ්ලොක් කළා, අලුත් එක දෙන්න ඕනේ. හැබැයි ඒක authorize කරන කෙනා කෑමට ගිහින්. එයා ආවම විනාඩි 10න් කාඩ් එක දෙන්න පුළුවන්" කියලා. මම බැංකුව ඇතුළේ පැය භාගයක් විතර බලන් හිටියා. කවුරුත් එන පාටක් නැති නිසා මම ආයෙත් අර නිලධාරිනියගෙන් ඇහුවා තව පරක්කු වෙනවද කියලා. එතකොට තමයි එයා ගිහින් අර authorize කරන කෙනාව එක්කන් ආවේ. මම ඇහුවේ නැත්නම් තව කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නේ නැහැ.
සෑහෙන වෙලාවකට පස්සේ අදාළ කෙනා ආවම, අර නිලධාරිනිය මගෙන් අහනවා "සර්ගේ නම්බර් එක 077 XXXX858 ද?" කියලා. මම කිව්වා "නැහැ, ඕක මගේ Personal Account එකේ නම්බර් එක, මේ Corporate එකට තියෙන්නේ Mobitel නම්බර් එකක්" කියලා. එතකොට එයා කියනවා "ඒකත් සර්ගේ නේ, එහෙනම් ඒකට කමක් නැහැ" කියලා! මට සැක හිතිලා ඇහුවා "දැන් ඔයාලා බ්ලොක් කළේ මගේ Personal Card එකද?" කියලා. ඊට පස්සේ මගෙන් අහනවා මට ඕනේ Personal එකේ කාඩ් එකද Corporate එකේද කියලා! මම Passbook එක දීලා, ව්‍යාපාරයේ නම පවා මුලින්ම කියලා තියෙද්දිත් මුන් මේක පටලවාගෙන.
හොඳම හරිය තමා ඊළඟට වුණේ. මගේ ඉස්සරහම කාටද Call කරලා අහනවා "අයියේ.. Corporate Account වලට Debit Card දෙන්නේ කොහොමද?" කියලා! ඊට පස්සේ මට කියනවා "සර්, මේකට Documents වගයක් පුරවලා Head Office යවන්න ඕනේ, කාඩ් එක දෙන්න දවස් දෙකක් යනවා" කියලා.
කාඩ් එක බ්ලොක් කරන්න කලින් මට ඒක කිව්වා නම්, එහෙම නැත්නම් දවස් දෙකක් යනවා කියලා කලින් කිව්වා නම් මම කීයටවත් එදා ඒක කරන්නේ නැහැ. මොකද මට ඒ කාඩ් එකෙන් payment එකක් කරන්න තිබුණා. දැන් පරණ කාඩ් එක බ්ලොක් කරලා ඉවරයි, අලුත් එක ලැබෙන්නෙත් නැහැ. මට තිබුණ හදිසි වැඩ ඔක්කොම අවුල් වුණා. බ්ලොක් කරපු එක unblock කරන්න කිව්වම ඒකත් බෑලු. පැයකට වඩා රස්තියාදු වෙලා අන්තිමට මම කියලා ආවා "ඊලග දවසේ මම Account එක Close කරන්න ලියුම් අරන් එන්නම්" කියලා.
උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනවද?