මගේ මුල්ම EV ට්‍ර්ප් එක..

6h057

Well-known member
  • Nov 19, 2024
    2,265
    2,153
    113
    Tokyo, Japan
    (copied from Facebook)

    ඔස්ට්‍රේලියාවෙ ඉඳල ආපු මගේ ඥාති මලයටයි උගේ සුදු ජාතික වයිපරේටයි කතරගම දේවාලෙට යන්න උනා නෙව. ඒක උගේ හපන්කම. ඇයි බං කතරගම දෙය්යංවාන්සෙ සුද්දියො අඳුනන්නෙත් නැති එකේ මේ ගිණි රස්නෙ කාලෙක සුද්දිව කතරගම යන්න එකඟ කර කරගත්තු එකම ඇති අපේ පරම්පරා ජාන වල බලමහිමෙ මේක කියවන ඔහේලට පේන්න..

    උන් දෙන්නා එන මග හිටපු මගේ තව ඥාති මලයෙක් ගාව තිබ්බා අලුතෙන්ම ගත්තු EV කාරෙකක්. Ev කියන්නෙ ඉලෙක්ට්‍රික් වෙහිකල් එහෙම නැත්තං කරන්ට්ටෙකෙන් චාර්ජ් කරලා දුවන වාහනයක්. තෙල් ප්‍රස්නෙකුත් තියෙන වෙලේ ඌ මේ ගමනට එක්කාසු වෙච්චි එක සුද්දිගෙයි, රට ඉඳලා ආපු මලයගෙයි උගේ සුදුජාතික වාහෙ, ආ සොරි සොරි බිරිඳගෙයි මගෙයි වාසනාව.

    උගේ EV එක චාර්ජ් කලාම කිලෝමීටර් හාරසිය ගාණක් යන්න පුලුවන් කියල තමා වාහනේ විකුණපු කොම්පැනියෙ එව්වො මූට කියලා තියෙන්නෙ.
    ඉතිං දහසක් බුදුන් බුදු වෙන පාන්දර අපේ EV එක හිමි ඥාති මලයා (උගේ ගෙවල් තියෙන්නෙත් කටුනායකම තමා) රට ඉඳන් ආපු ජෝඩුව අරගෙන දැන් එනවා කතරගං වන්දනාවෙ යන්න. වන්දනාවක් කිව්වට ඒක මේ අපේ එකා වෙච්චි බාරයක් මයෙ හිතේ. බලාල්ලකෝ ඒකෙත් හැටි, කතරගං දේවතාවුන් වහන්සෙගෙ ටෙරටොරි එක කතරගමෙන් පිට ලංකාවට විතරක් නෙමේ ඔස්ට්‍රේලියා මහද්වීපෙ ඇතුලටත් ගිහින්. සමහර විට මෙහේ ඉඳන් එහේ දේවතාවුන් කෙනෙක් හරහා අපේ එකාගෙ වැඩේ කොරල දුන්නද නම් දන්නෙ නෑ. මොකෝ දෙයියන්ගෙන් අහල දැනගන්නය, නේද..
    🤔

    සොරි ඈ..කතාව ට්‍රැක් අවුට් ගියානේ. අමුවෙන් ලියද්දි එහෙම දේවල් වලට සමාව දෙන්න කියවන ඔහේල දැනගන්නෝන.

    කටුනායක ඉඳලා කතරගං දේවාලෙට තියෙන්නෙ කිලෝමීටර තුන්සීයකට අඩුවෙන් නිසයි අලුත්ම කාරෙකට හාරසිය ගාණක් යන්න පුලුවන් නිසයි ඉතිං හිතේ බයක් නැතුව ගියෑකි. එද්දි එන්න තියෙන්නෙ ගාල්ලෙ හෝටලේකට නිසා සේරම දුර එක්කාසු කොලත් හාරසිය පනහයි. හයිවේ එකේ ට්‍රැෆික් නෑ. ඒ නිසා ගමන සුබයි ජය නියතයි.. ඕනෙම නම් එමින් ගමන් හරි, දේවාලෙ වඳින ගමන් හරි, කොහෙන් හරි පොඩි චාජ් පාරකුත් දෑතැහැකි.
    එහෙම තමා හිතුවෙ..
    😢

    දැන් ගාල්ල පහුවෙලා අපි යනවා. මෙන්න යකෝ හාරසිය ගාණක් යන්න පුලුවන් වාහනේ රිමේනින් දුර බස බස ගාල අඩු වෙන්න පටන් ගත්තා.
    🥹
    කොහොමින් හරි වේගෙ අඩු කරලා මත්තලින් එලියට යද්දි යන්න පුලුවන් කියන්නෙ තව කිලෝමීටර් 24 යි.

    දැන් සේරමලා මැප් එකේ හොයනවා EV chargers තියෙන තැන්. පෙන්නන විදියට කිලෝ මීටර් 16 දුර පොට්ටෙකක් තියෙනවා. 24 යන්න පුලුවන් කිව්වට කෝකටත් කියලා අපි ඉබි ගමනින් එතනට යන අවු අස්සෙ මෙන්න බොලේ මැප් එකේ නැති චාජින් පොට්ටෙකක් මත්තල පාරෙම තියෙනවා.

    අම්මපා ඒක දැක්ක එකාට තෑග්ගක් දෙන්න වටිනව. ඒක් තිබ්බෙ අලි වැටකටත් ඇතුලට වෙන්න ඒ තරං අස්සක.

    කොහොමින් හරි ලයිට් කණුයි අලි වැටයි බේරලා කාරෙක එතනට ගහගෙන චාජ් කරන්න ගියාම හෙන කේස්..

    මේක මගෙත් මුල්ම අත්දැකීම වෙච්චි නිසා ඒ ටිකත් ඔහේලත් එක්ක බෙදාගන්නම්.

    EV charge කරන තැන් වලට සල්ලි ගෙවන්න ඕනෙ App එකකින්. ලංකාවෙ ඒ වගේ සේවා සපයන ආයතන දුසිම් ගාණක් තියෙනවා. ඒවායේ ඇප් "එකකට එකක්" වෙනස්. ඊලඟට credit/ Debit card එකක් පාවිච්චි කරලා app එකට සල්ලි දාලා top up කරන්න ඕනෙ. සමහර App වලට රෙජිස්ටර් වෙද්දි කිරිකිත්තගෙ උප්පැන්න අංකෙ අහන්නෙ නම් නෑ.අනිත් සේරම දේවල් උන්ට ඕනෙ. OTP දෙක තුන ඕනෙ. කලින් දාගෙන නැති ඇප් එකක් නම් ඔය ටිකටම පැය බාගයක් යනව. ෆෝන් සිග්නල් නැත්නම් හරි ෆෝන් එකෙත් බැටරිය බැහැල නම් හරි කාඩ් එකේ සල්ලි තැත්නම් හරි ඉතිං දෙවි පිහිටයි.

    ආං ඉතිං මේ චාජරෙත් අලුත් එකක් නිසා ඇප් එක දාලා ඔය ජරමර ටික කරගන්න පැය බාගෙකට වඩා ගියා. මොකද අලුතෙන් ඇප් එක බාගන්න එතනට සිග්නල් මදි.

    අවසානෙදි ඇප් එක බාලා 10000 ක් ටොපප් කරලා චාජ් වෙන්න දැම්මා. චාජින් පොයින්ට් එක අයිති කෙනාට පොඩි තේ කඩයක් තිබ්බ නිසා වාහනේ චාජ් වෙනකල් අපි කෑවා රෝල්ස්. ඒවා කාලා තේ බීලා ඉවර වෙද්දි චාජ් වෙලා තිබ්බේ
    🔋
    7%. අෆ්ෆට මේකෙ චාජින් ස්ලෝ.

    "අයියෙ රොටි තියේද.." අපි ඇහුවා.
    "හදලා දෙන්නම්" අයියා කිව්වා
    එයා රොටි හැදුවා..
    අපි කෑවා.
    ආයෙ ප්ලේන්ටි බිව්වා.

    🔋
    චාජින් 16%
    තව කන්න බෑ බඩ පිරිලා
    වැඩිය තේ බොන්න බෑ සීනි ලෙඩේ හැදෙයි..
    ෆෝන් එක ගත්තා
    බුකිය පෙරලුවා. බුකිය නෑ.
    සකල් බර්ග් බුකිය වහලද
    🤔

    නෑ..
    සිග්නල් නැති නිසා බුකිය ලෝඩ් වෙන්නෙ නෑ.
    බුකිය කිව්වෙ Face book එකට..
    ඒ පාර ෆෝන් එක අහසට අල්ලගෙන සිග්නල් හොයාගෙන පාරෙන් ඇතුලට ගියා.
    යන්න කලින්
    "අයියෙ අලි ඉන්නවද" කියලත් කඩේ අයියගෙන් ඇහුවා.
    තරුණ ජීවිතනේ
    අවදානමක් ගන්න බෑනේ.
    ඒ අස්සෙ සුදු නෝනට ටොයිලට් යන්න ඕන උනා.
    කඩේ අයියා ටොයිලට් එක පෙන්නුවා.
    එයා ගිහින් හක්ක දණහිස ගාවට එල්ලගෙන ආපිට ආවා
    අංශක 35 ට උඩින් රස්නෙයි.
    සිග්නල් හෙව්වා.
    හුලං වදින තැන් හෙව්වා.

    ආපිට ඇවිත් බලද්දි 28%
    🔋

    "මේක හරි යන්නෙ නෑ.
    මේ.ටිකෙන් කතරගමට අදිමු.
    එතනින් මම චාජ් කරගන්නං
    ඔහේල දේවාලෙට ගිහින් එන්න"
    මම කිව්වා.
    දේවාලෙ ගාවින් කට්ටිය බස්සලා මැප් එකේ අහල පහල තියෙන චාජින් පොට් හෙව්වා.
    ලගම තියෙන එකට ගියා.
    මැප් එකේ පෙන්නපු තැනින් එහෙට්ට ගියා චාජරයක් නෑ...
    මෙහෙට්ට ගියා... ඒත් නෑ.
    වට පිට බලද්දි
    ත්‍රීවීල් මල්ලි කෙනක් රෝද දෙකෙන් හිටියා.
    ඒ කිව්ව එක පැත්තක් උස්සලා රෝදයක් මාරු කරන මල්ලි කෙනෙක්.
    එයාගෙන් ඇහුවාම පාර අයිනෙ ගෙදරක් පෙන්නුවා.
    එතනට ගියාම මිදුලෙ හිටිය පොඩි එකෙක් "තාත්තේ ඒ ..ඒ.." කියාගෙන ඇතුලට දිව්වා.
    තාත්තා ආවා. ඇගිල්ලෙන් උඩ පෙන්නුවා.
    අපි උඩ බැලුවා.
    මොකවත් නෑ.
    සෝස පාට බිත්තියක් තමා තිබ්බෙ..
    අපි ආයෙම තාත්තා දිහා බැලුවා.
    එයා ආයෙම බිත්තිය පෙන්නුවා...
    බලාගෙන ගියාම එයා පෙන්නන්නෙ බිත්තියේ හයි කරපු ප්ලග් ටොප් වගයක්..
    එතනින් ඇවිත් ටවුමෙ මැදින් යද්දි අලුත්ම චාජරයක් හම්බු උනා.
    ඇප් එක වෙනස්.
    අපේ තාත්ත අම්මව බැඳපු කසාද සහතිකේ අංකෙට යනකල් දීලා රෙජිස්ටර් උනා. ඒකට විනාඩි 40 වගේ ගියා. තැන හොයලා මේ සේරම කරන්න පැයකට වැඩී.
    චාජරේ ගහන්නත් කලින් වැඳපු උන් දෙන්නා ආවා.
    උන් දෙන්නට අපි ඉන්න ලොකේෂ්න් එක යවලා ගෙන්න ගත්තා. උනුත් වාහනේ දාගෙනම පැයක් වගේ චාජ් කලා. ගාල්ලට එන්න කිලෝ මීටර් 150 ක් වගේ. ඒ උනාට 260 වෙනකල් චාජ් කලා.. අවදානමනේ..
    මේක දුර ගියා වැඩී..
    මට මහන්සියි..
    මෙගා ටෙලියෙ වීවුස් අඩු උනාම,
    චැනල් හෙඩ්
    " ඔන්න ඕක ඉවර කරලා දානවා" කිව්වම වගේ මෙතනින් එහාට සාරාංශෙ විතරයි, හොදේ..
    කොහොමින් හරි ගාල්ලට ඇවිත් රෑත් ටිකක් චාජ් කරලා දවලුත් චාජ් කලා.
    රෑ කීල්ස් එකකට ගියාම වාහන දෙකක් පෝලිමේ. පහුවදා උදේ ගියාම BYD මහත්තයෙක් එයාගෙ එක ගහලා කොටයක් උඩට වෙලා සිගරට් එකක් බොනවා. දිගටම බිව්වොත් ෆුල් චාජ් වෙන්න. පැකට් තුනහමාරක් වගේ යයි. මම හිතුවා...
    ඒ පාර ස්පාර් එකට ගියා. ස්පා (Spa) නෙමේ ස්පාර් (SPAR)
    එතන චාජ් වෙන්න දාලා කන්න ගියා, ආපිට ආවා. තව ඉතුරුයි..
    කොහොමින් හරි පහුවදා හවස් වෙද්දි කටුනායකට යන්න පුලුවන් ගාණට චාජ් කරගත්තු EV එක හිමි මගේ ඥාති මලයා ගෙදර ගියා.....

    ..නිමි..

    අපහාසෙකට, උපහාසෙකට කිව්වා නෙමේ,
    අත්දැකීම ලිව්වෙ..
    ගෙදර චාජ් කරං දවසෙම දුවන එව්වන්ට වගේ EV ප්‍රයෝජනයි
    නෑ කිව්වෙ නෑ.
    මෙතන තිබ්බෙ ග්‍රහචාරෙ අවුලක්..
    EV ඇත්තෝ කමා කරත්වා..

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    රට ඉඳන් එන පෙරේත හිඟන්නව අතේ වියදමින් රවුන් ගස්සන ගෝතයන්ට හොඳ වැඩේ. අනිත් දවසෙ ටැක්සියක් අරන් යයි.
     
    • Like
    Reactions: War Fighter

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,953
    16,581
    113
    මට නම් හිතාගන්න බැරි අල්ලපු ගෙදර ඵකා බයික් කටුවක් ගත්තත් ඉරිසියාවේ පැලෙන,.. තමන්ගේ පවුලේ උන්ටත් ඉරිසියා කරන සිරි ලාංකිකයෝ EV ගන්න උන්ට විතරක් මේතරම් අාදරේ මොකෝ කියලා...අඩු කුලේ FB පැත්තකට දාපන්.. මේකෙම ත්‍රෙඩ් කීයක් ගියාද EV ගන්න ඵපා අවුරුදු 2යි use කරන්න පුළුවන්, බැටරිය පුපරනවා අරකයි මේකයි කිය කිය අත කැඩෙනකන් හෑලි ලිය ලිය මේ වෙනකොට...පුදුම අාදරයක් නේද උඹලා තියෙන්නේ අපිට..අනේ ටැන්කූ හොඳේ..:lol:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    කතරගම අලුත් fast charger එකක් තියෙනවා වැව පහුවෙච්ච ගමන්. ඔනේ තරම් EV දැක්කා කතරගම. Range එක 400 කියන්නේ average speed එකක් තියේනවා. 150 වගේ ගියෝත් නම් බෑ ඉතින්.
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,019
    1,348
    113
    අලුතෙන්ම ගත්තු EV කාරෙකක්. Ev කියන්නෙ ඉලෙක්ට්‍රික් වෙහිකල් එහෙම නැත්තං කරන්ට්ටෙකෙන් චාර්ජ් කරලා දුවන වාහනයක්.
    අපි දන්නවා httige පුතෝ. තෝ හිතුවද අපි ගල් යුගේ කියලා. මෝඩ hkanna 🤌😂😂
     
    • Haha
    Reactions: 6h057

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK