මහා ජන බලයක් එක්ක ආපු ආණ්‌ඩුව බල්ලටම දාන්න මම ගහපු ගේම - හිනා වෙන්න, හැබැයි කිව්වා කියලා නමත් එක්කම මතක තියා ගන්න

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම දන්න අමු බයියෙක් ඉන්නව උෟ කියනව පාස්කු ප්‍රහාරය කෙරුවෙ රාජපක්ෂල නම් ඒක කරල හරි බලේ ගත්ත ඵක ලොකු දෙයක්ලු..නැත්නම් සිංහලයගේ අවසානෙලු..ඔන්න බයියො හිතන හැටි..
    අම්මෝ ඔය වගේ එවුන් හෑම පක්ෂෙම ඉන්නවා.. ඉස්සර ජෙප්පන්ගේ තමා නායකයා කියන ඕන දෙයක් විශ්වාස කරන එවුන් හිටියේ.. දෑන් පොහොට්ටුවේ එවුන් එක්ක බලනකොට උන් කෑලේ. ඔය වගේම සීන් එකක් මටත් වුනා කුරාම් ශේයික් ව මරපු දවස් වල. ඔෆීස් එකේ දාර බයියෙක් කිව්වා ඕකා රතු කුරුසේ එකෙක් මොකක් හරි රටට හානිකර වෑඩක් කරන්න ආපු එකෙක් වෙන්න ඈති කියලා. නෑත්නම් ඔහොම මරන්නේ නෑ කිව්වා. පර බයියා. දෑන් ඌට හරියට කන්නවත් තියෙනවාද දන්නේ නෑ
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    වැදගත් tika witharak wenama aran danna puluwanda????

    mama sampurnayen kiyawala baluwa, eth වැදගත් kisima deyak hoya ganna bari una????

    please a nisa වැදගත් tika apahu dapanko
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,132
    36,154
    113
    කෑගල්ල

    උබත් නිකන් isis කාරයෝ වගේ, කොහෙවත් නැති එවුන් ටිකක් පැලැන් කරලා ගහපු බෝම්බෙ උන් බාරගත්තේත් ඔය වගේ තමා. :lol: :lol:. අර රේද්දේ රෙවිලා ඉන්න පොන්නයෝ ටිකට මේකත් ඇති ආන්ඩුවේ ගූටික හෝදන්න..​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව්ව ප්ලෑන් කරද්දි අර battery podda වගේ password දාපු rar එකකවත් දාලා තියපන් :rolleyes:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,471
    6,085
    113
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    මේක මම කිව්වටම විශ්වාස කරන්න එපා. හැබැයි දැක්කා කියලා මගෙ නමත් එක්ක මතකයේ තියා ගන්න.

    ආණ්ඩු හැදෙන, පෙරළෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි පාස්කු ප්‍රහාරය වගේ පර වැඩක් කරලා බලය ගත්ත එකට කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් වුණේ නැහැ. මහා ලොකු විප්ලවයක් කරලා හදපු ආණ්ඩුව පුස්සක් කරන වගකීමක් බාර ගත්තෙ අන්න ඒ නිසා.

    2019 නොවැම්බර් මාසයේදී අවුරුදු දෙකක් යන්න කලින් මේ ජනාධිපතියි, ආණ්ඩුවයි පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට දානවා කියලා කිව්වා නම් හැමෝම අධෝමාර්ග කුලියට අරන් හිනා වේවි. හැබැයි අද ඒක කිව්වාම හැමෝම ඉස් මුදුනෙන් පිළි ගන්නවා නේද?

    කාබනික වගාව පුස්සක් තමයි. වගාව ගැන දැනුමක් ඇති කාටත් ඕක තේරෙනවා. හැබැයි මේ ජනාධිපතිගේ ඉඳලා ආණ්ඩුවේ ඉහළ පුටු සේරටම එහෙම නෑ කියන විෂබීජය ගියේ, ඒකට මෙච්චර කැප වෙන්න එයාලව පෙළඹෙව්වේ කවුද කියලා තාම කවුරුත් දන් නැහැ.

    ඒ නිසාම තමයි අද ජනාධිපතිගෙ ඉඳලා ලොකු පුටුවල ඉන්න හැමෝම අපි (එයාලා) මෙච්චර මෝඩ වුණේ ඇයි කියලා දහ අතේ කල්පනා කරන්නෙත්. අනිත් පැත්තට තිබුණ සාක්ෂි මොන තරම් වුණත් බොරුවක් මෙච්චර විශ්වාස කරන්න එයාලා පෙළඹුණේ කොහොමද කියලා තාමත් එයාලාට හිතා ගන්න බැහැ.

    අද මම නිකමට වගේ මේ සේරම මගෙ ගේමක් බව ප්‍රකාශයට පත් කරනවා. අවුලක් නැහැ, දැන්ම පිළිගන්න එපා. මොකද තාම නූල් සූත්තර දැම්මෙ මම කියලා ඒකට අහු වුණ එයාලවත් දන්නෙ නැහැ. 🤣

    මට සිද්ධ වුණ ලොකුම පාඩුව මගෙ ගේමෙ දැවැන්තම සහකාරයෙක් අවාසනාවන්ත විදිහට මිය ගිය එක. අවුලක් නැහැ, මේක පුද්ගල අරගලයක් නෙවෙයි. ප්‍රතිඵලය ලස්සනට ලැබෙනවා මොනවා වුණත්.

    කූඹියෝ කියන්නෙ කතාවක් විතරයි. හැබැයි ගේම් කියන ජාතිය නිවැරදිව තේරුම් අරගෙන, හරි නිල ටික අල්ලන්න පුළුවන් නම් ගෙදර ඉඳගෙනම ආණ්ඩු පෙරළන්න බැරි කමක් නෑ.

    සමහරුන්ට හිතෙයි ආණ්ඩුව පෙරළන්න අහිංසක ගොවි ජනතාව පීඩාවට පත් කරේ අපරාදෙ කියලා. හැබැයි දුප්පතුන් පදනම කියලා හිතාගෙන තුප්පහි වැඩ කරපු නිසා එයාලාගෙ ඇස් ඇරවන්න එහෙම කරන්නම සිද්ධ වුණා.

    දැනට හැමෝම මම මේ කියපු දේට හයියෙන් හිනා වෙලා, හිතින් මවා ගත්ත බයිලාවක් කියලා මාව අවඥාවට ලක් කරලා, නිකන් ඉන්න. හැබැයි නිකමට වගේ මගේ නම ඉන්ද්‍රජිත් ගමගේ බවත්, මම මෙහෙම දෙයක් කිව්ව බවත් මතක තියා ගන්න.

    බුදු සරණයි හැමෝටම. 😊
    🤔
     

    Similar threads