බෝනස් ද අරකද මේකද අදාල නෑ බන් ටැක්ස් වලට.
ටැක්ස් ගෙවන්නෙ ආදායමට.
බොස්ගෙ කටට අරන් රු.1000 ක් ඉල්ල ගත්තත් ටැක්ස් ගෙවන්න ඕනෙ.
අනිත් එක පඩියෙන් කපාගන්න Payee Tax එක කියන්නෙ ඇත්තම ටැක්ස් එකක් නෙමෙයි.
එතන වෙන්නෙ උඹට ගෙවන්න තියෙන සාමාන්‍ය ආදායම් බදු වලින් කොටසක් කලින්ම අය කරගන්න එක (බදු එකතු කිරීමේ පහසුවට).
නීතිය අනුව ටැක්ස් පඩියෙන් කැපුනත් උඹ tax file submit කරල, මම මේ අවුරුද්දෙ මෙච්චර හම්බ කරා, ඒ වෙනුවෙන් මට මෙච්චර බදු ගෙවන්න තියෙනව, ඒකෙන් මෙච්චරක් කලින්ම කම්පැනියෙන් කපල ගෙවල තියෙනව, එතකොට තව මෙච්චර ගෙවන්න ඉතුරුයි, මෙන්න ඒ ටිකත් මම ගෙවනව කියල පෙන්නන්න ඕනෙ.