බඩේ අජීර්ණය ඇති කළ දන්සල් 117 ක් වටළලා 😂😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,496
    11,115
    113
    CT100 කෙලගෙන යන්නෙ ටොයිලට් වෙන්න ඇති


    මෙවර වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කර තිබූ දන්සල් අතුරින් දන්සල් 117 ක සුළු අඩුපාඩු පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මෙවර වෙසක් උත්සව සමය වෙනුවෙන් සමස්තයක් ලෙස දන්සල් 12,423ක් ලියාපදිංචි වී තිබූ බවයි.

    ලියාපදිංචි කරන ලද මෙම සියලුම දන්සල් නිරීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න නිලධාරීන් පිරිසක් දිවයින පුරා සේවයේ යොදවා තිබුණි. එහිදී යම් යම් අඩුපාඩුකම් හඳුනාගත් දන්සල්වල සංවිධායක මණ්ඩල වෙත අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට පියවර ගත් බවත්, එම අඩුපාඩු සකසා ගැනීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ඒවා නැවත පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දුන් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය. මෙම අපිරිසිඳු ආහාර නිසා බඩේ අජීර්ණ වාර්තාවී ඇති බවද සඳහන් කර තිබේ.

    දන්සල්වලට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල පූජනීය ස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන ගිය ජංගම රසකැවිලි අලෙවිසැල්, ආපනශාලා, හෝටල් මෙන්ම පානීය වර්ග අලෙවි කරන ස්ථානද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වරින් වර දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.

    වෙසක් සති කාලසීමාව නිමාවන තෙක්ම සියලුම ආකාරයේ ආහාර පාන සහ රසකැවිලි අලෙවිසැල් මෙන්ම දන්සල්ද අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට කටයුතු යොදා ඇත. විවිධ බෝවන රෝග පැතිර යාමේ අවදානම පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයට හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,901
    9,316
    113
    එක තැනක නෑ
    ඒ කියන්නෙ දන්සල් 0.98% ක තමයි සුලු අඩුපාඩු තිබිලා තියන්නෙ :cool:

    තොපි වගෙ ඩස්ප හම්බයෝ කරා නම් 99.9% ගන්න දෙයක් නෑ. පේනවනේ තොපේ හම්බයෝ කරන අලුත්කඩේ street food. කෑවොත් මාසයක් බඩ යනව :lol: ඩස්ප ඉන්දියාව වගේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,652
    2
    54,239
    113
    දන්සල් අතුරින් දන්සල් 117 ක සුළු අඩුපාඩු පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ මෙවර වෙසක් උත්සව සමය වෙනුවෙන් සමස්තයක් ලෙස දන්සල් 12,423ක් ලියාපදිංචි වී තිබූ බවයි.

    Percentage : <1%

    ලියම් යම් අඩුපාඩුකම් හඳුනාගත් දන්සල්වල සංවිධායක මණ්ඩල වෙත අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ලබා දීමට පියවර ගත් බවත්, එම අඩුපාඩු සකසා ගැනීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ඒවා නැවත පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දුන් බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය. මෙම අපිරිසිඳු ආහාර නිසා බඩේ අජීර්ණ වාර්තාවී ඇති බවද සඳහන් කර තිබේ.

    Not all 117 of them caused food poisoning either.