මා දුටු අපේ ක්‍රිකට්

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    යකෝ මුල ඉඳන් අගට වෙනකන් කියවපු එකම ත්‍රෙඩ් එකද කොහෙද...

    පින් උඹට මෙහෙම ත්‍රෙඩ් දානවට... :yes: :yes: :yes: :yes:


    391902150_hearteye_emoji_400x300.gif
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    එතැන් සිට෴
    ඕං ඉතිං 96යේ මාර්තු මාසෙ මුල ඉන්දියාවත් එක්ක මැච් එකත් ආව ඈ..ඉන්දියාව West Indiesලට ගහල ඕස්ට්‍රේලියාවට යන්තං පැරදිල,උං කෙන්‍යාවට ගැහුව වගේ ලංකාවෙ පජා සෙට් එකටත් දෙඤ්ඤං කියලයි ආවෙ.
    ලංකාව toss එක දිනල ඉස්සෙල්ල bat කරන්ට ඉන්දියාවට දුන්නා.ඒකාලෙ toss එක දින්නොත් ඉතින් bat කරන එක තමා කරේ..Chase කරන්ට අමාරුයි අනිවාර්‍යයෙන්,230ට වඩා ගැහුවොත්.ඒක තමා ඒ දවස්වල ODI මානසිකත්වය හා තරග විලාශයේ හැටි.මොනව කිව්වත් ඒ දවස් වල World Cup එකක් ඇරෙන්ට වෙන කිසිම එක් දින තරගාවලියක් එච්චර ගනං ගත්තෙ නෑ.විශේෂයෙන්ම එංගලන්තෙ වගේ රටවල්..උන් එංගලන්තෙදි අවුරුද්දකට ODI match 3ක් වගේ තමයි ගැහුවෙ..County ODI championship එකක් නං 60 ගනං වල ඉඳල Benson & Hedges කියල..කෙසේ හෝ පලවෙනි over 35 විතර වෙනකං test මැච් එකක් වගේ තමා ඒ කාලෙ සාමාන්‍ය ODI මැච් එකක් කියන්නෙ.Day match එකක් නං උදේ බෝලෙ swing උනොත් පලවෙනි ඕවර් 10 අල්ලන එක තමා කරේ.දෙවනියට bat කරද්දිත් එහෙමම තමා..ඉතිං අන්තිම ඕවර් 15 වෙනකං wicket තියං ඉන්නව වනන්ට..බොහෝ වෙලාවට scoreboard pressure වැඩිවෙලා chase කරන්ට අමාරුවෙලා මැච් පරදිනවා..අනෙත් එක බෝලෙ පරණ උනහම reverse swing වෙන හින්ද හොඳ reverse swing කරන්ට දන්න bowlersල ඉන්නවනං ගහනව කෙසේවෙතත් අන්තිමේට විකට් පොලු තමා කැරකෙන්නෙ.ඒක හින්ද toss දින්නොත් ගහනවම තමා.Day/Night නං ඉතිං කෙලින්ම මොකවත් හිතන්නෑ..toss දින්න bat.ඉතිං ඉන්දියාව toss එකෙන්ම මැච් එක දිනල වගේ තමා හිටියේ..මොකද අපේ bowling lineup එක එච්චර strong නෑ.ඒ කියන්නෙ විකට් ගැනීමේ හැකියාව තිබ්බෙ මුරලියටයි,වාස්ටයි විතරයි.මුරලියට ඉතින් ඉන්දියාවෙ එවුං පණ යන්ට ගහලනෙ හිටියෙ..අනෙත් ධර්මසේන,ප්‍රමෝද්‍ය,සනත්,ගුරා,අරවින්ද වගේ කට්ටිය containment bowlers හෙවත් ලකුණු නවත්තන ඕවර 10,50ට 45ට වගේ දාන කට්ටිය විදිහට තමයි හඳුනාගෙන හිටියේ. ලංකාවෙ වකාර් යූනිස් අපේ අහිංසක රවීන්ඳ්‍ර පුෂ්පකුමාර තමයි ප්‍රමෝද්‍ය වෙනුවට මේ match එකට ගැහුවෙ..ඒ අතරම ඉන්දියාවෙ batting lineup එක කෙන්‍යාවට ලස්සන 100ක් ගහපු,ඕස්ට්‍රේලියාවට තමං කවුද කියල පෙන්නපු සචීන්(සචීන් ඕස්ට්‍රේලියාවට එරෙහිව මං දැකපු හොඳම ඉනිමක් ක්‍රීඩාකරලයි හිටියෙ..තනියෙන්ම වගේ පලවෙනි ඕවර් 3ම maiden දාපු මැග්‍රාට ඊලග ඕවර් 5ට 48ක් ගහන්ට සචීන් වගබලාගත්ත.අන්තිමේදි මාක් වෝගෙ wide බෝලෙකට stump වෙලා තමයි out උනේ 90ට..නැත්තං ඉන්දියාව ඕස්ට්‍රේලියාවටත් ගහනවා.),අසාර්,මංජේකාර්,මනෝජ් ප්‍රබාකර්,කම්බ්ලි,ජඩේජා පිරිවරාගත් batting skills උතුරන batting lineup එකක්.දැං ඉන්දියන් team එකට වඩා test match වල වැඩ පෙන්නපු සිරාම තරු ටිකක්..

    ඕස්ට්‍රේලියාවට එරෙහිව සචීන්ගේ ඉණිම
    by robelinda2

    අනෙක ඉන්දියාවෙ bowling lineup එක...fast leg spin දාන බොලේ dip,bounce කරන world class කුම්බ්ලේට කවුරුත් බයවෙලා හිටියෙ..ආය quality fast bowlerයෙක් වන ශ්‍රීනාතුයි,කබ්බෙක් උනත් ඉන්දියාවෙ හින්ද පොරක් වෙලා හිටිය වෙන්කටේෂ් ප්‍රසාදුයි,බෝලෙ swing කරන්ට පුළුවං ප්‍රබාකරනුයි,අන්කෝලයි decent bowling lineup එක..ඉන්දියාවෙ ඒ කාලෙ ඉඳල batsmanල වැහිවැහැලනෙ(රංජිත් සිංජි,විජය හසාරේ,මර්චාන්ට්,පතාඋදි,ගවස්කාර්,විශ්වනාත්,වෙන්සාකර් ඉඳල ගංගුලි,ඩ්‍රාවිඩ්,ශෙවාග්,රෝහිත් ශර්මා,දාවන්,කෝලී,හා උන්මුක්ඩ් චාන්ඩ් දක්වා...) fast bowlersල තමා උන්ට අඩු.. කපිල් දේව් තමා උන්ගෙ පළවෙනි fast කියල කටඇරල කියන්ට පුළුවං fast බෝලරය..ඊට පස්සෙ ජවගල් ශ්‍රීනාත්,මොහන්ති,කුරුවිලා,සහීර් කාන් ආව..හුගක් හිටියෙ,ඉන්නෙ ප්‍රසාද්,ඉෂාන් ශර්ම වගේ seam bowlersල..
    ඉතිං මේ මැච් එක ගහන්නෙත් ඉන්දියාවෙ,උං තමා first bat කරන්නෙත්...ඉතිං මේ සූටි,බච්ච ලංකාවට බඩුම තමයි ඈ..
    ඒත් මේ අපෙ 96යේ ශ්‍රී ලංකා team එක අමුතු එකක්.ඒක ඉන්දියාව තේරුං ගත්තෙ ලංකාවෙ එවුං bat කරන්ට ආපුවහම..
    ඉන්දියාව සාම්ප්‍රදායක ODI පලමු ඉනිමක් ක්‍රීඩා කරන්ට පටන්ගත්ත.ඉන්දියාවෙ සචීනුයි මං මෙතෙක් දැකල තියන අමුතුම ක්‍රීඩකයයි තමා opening එන්නේ.ඩයල් එක තමා මනෝජ් ප්‍රබාකර්.ඇයි පොර තමා මට මතක විදිහට මං දැකපු පලමු ඩයල් එක opening bat කරල opening fast bowl කරන.ඌ තමා opening bowl දාන්නෙත්.මාර වටිනා ක්‍රීඩකයෙක් නේද පොර..:baffled::baffled:
    හැබැයි ඩයල් එක bowl 30 කට විතර 6ක් වගේ ගහල out වුනා.සචීන් ඉතිං කිසිම අපහසුවකින් තොරව අපේ වාස්ට,ප්‍රමෝද්‍යට ලස්සනට ගැහුව.එහා පැත්තෙන් ආපු මංජේකාරුත් සචීන්ට සප් එක දුන්න...ඕවර් 20කට විතර අසූ ගානක් තමා ගහල තිබ්බේ..මට මතක විදිහට මුරලි එයාගෙ අර අම්බානක කැපෙන stock bowl එක වෙච්ච off break එක තමා සචීන්ට ඉස්සෙල්ලම දැම්මේ..ඩයල් එක crease එකෙන් ඉස්සරහට ඇවිල්ල drive කරන්ට ගියත් බෝලෙ miss වුනා..කලුවටත් stump chance එක miss උනා..පොර මුරලියට ආපු වෙලේ ඉඳල නෙළල වට්ටන්ට වගේ තමා හිතං හිටියෙ..මට මතකයි සචීනයගෙ runout එකක් third umpire දුන්නෑ..ඒකාලෙ ඉතිං සචීනයට runout එකක් හරි LBW එකක් හරි දුන්නොත් ඉතින් umpireගෙ ගේ ඉවරයිනෙ.. දැනුත් ඉතිං ඒ වගේම තමා ඉතිං..
    මංජේකාර් (දැන් cricket commentaries දෙන්නෙ...පොර තමා මේ..)30 ට විතර out උනාට පස්සෙ ආවෙ captain අසාරුඩීන්..පොර bat කරනව බලන්ට මම මාර ආසයි.මාර flexible මැණික් කටුවක් තිබ්බෙ පොරට,leg glance,cut,flick ගහන්නෙ මාර smoothව..මාක් වෝත් ඒ වගේ..ඉතිං සචීනුයි,අසාරුයි සෙට් වෙලා අපේ bowlersලට නෙළුව අම්බානකට..ධර්මසේනයට සචීනය ගැහුව අන්තිම හරියෙදි දුවන්ටම වගේ..අන්තිමේදි සචීන් වාස්ට runout වෙද්දි run a ball 137ක් ගහල හිටියෙ..
    අන්තිමේට අසාර් 72 යි..ඉන්දියාව 272/3...

    ශ්‍රී ලංකාවට එරෙහිව සචීන්ගේ ඉණිම
    by kapurprem

    අප්පේ ඉන්දියාව 272ක් ගැහුව..දැන් නං ඉන්දියාවෙ තියන flat trackකුයි,batsmanලගෙ තඩි බැටුයි,තණකොල කට්ටෙටම ගාපු forward අල්ලපු ගමන් 4 යන out field වලයි නං 272 ඕවර් 35 න් ගහයි..ඒත් ඒ කාලෙ ඔය ලකුණු ගාන World cup pressure එක්ක බලද්දියි,ලංකාවෙ බච්ච භාවයයි,ගහන්නෙ ඉන්දියාවෙ කියන එකයි,ඒ කාලෙ ODI මානසිකත්වය ඒ කියන්නෙ පලවෙනි ඕවර් 30,35 අල්ලන එකයි සලකද්දි අද ඇත්තටම ලකුණු 350ක් වගේ..අනෙක ඉන්දියාවෙ bowling lineup එකේ අනිල් කුම්බ්ලේ හිටිය..උට ඉතිං ඉස්සර වැඩිම උනොත් 30ක් ගහයි ඕවර් 10ට විකට් නොදුන්නත්....හැබැයි 1987 වගේ ලංකාව ඉන්දියාව ඕවර් 40ට ගහපු 299ක් ලගටම chase කරපු අවස්ථාවක් තියනවා.
    http://www.espncricinfo.com/ci/engine/match/64300.html
    ඒකත් අපේ එවුංගෙ හිතේ කොනක තියෙන්ට ඇති...
    ලංකාවෙ batting lineup එක අමුතුම එකක්.සනාටයි,කලූටයි හතර අතේ වනන්ට අර්ජුනයි අරවින්දයි,වට්මෝරුයි full license දීල තිබ්බෙ..ඇයි අපිට කලු ගල් වගේ හයිය middle order එකක් තමා තිබ්බෙ..ඇත්තටම ඒ solidභාවය හැදුනෙ ටෙස්ට් මැච් ගහලා..අද නැත්තෙත් solidභාවය තමා..එදා ගුරා,අරා,අර්ජුන,තිලකෙ,මහානාම ඊටපස්ස උනන්ඳුවා කියල කියපු ධර්මසේන,වාස්..දන්නව කලුවයි සනයි අඩුවට අවුට් උනත් මැච් එක ගොඩ දාන්ට ඩයල් මග බලන් ඉන්නෙ කියලා..අද ඉන්න තිරිමාන්න,මැතිව්ස්,පෙරේර,ජීවන් මෙන්ඩිස් ඒ middle order එක ලගින්වත් තියන්ට බෑ..උන්ට නැත්තෙ ටෙස්ට් ගහල හැදෙන patient එක..technique solidification එක..
    ලයිසොං දුන්නට මදිනෙ ගහන්ට පුළුවං වෙන්ටත් එපැයි..ඉතිං අර ඕස්ට්‍රේලියාවේ තඩි ground වල bouncy pitch වල ODI වල උන්ගෙ බෝලර්ස්ලට හොඳියන්ට ගහපු පුංචි කලුවටයි,Adelaide වල ටෙස්ට් 100ක් ගහල තමං ගැන ආත්ම විශ්වාසය නැවත ඇති කරං හිටපු සනාටයි,මේ ඉන්දියාවෙ flat track වල පජා බෝලර්ස්ල මහ කජ්ජක් උනේ නෑ..මේව ඉතිං ඉන්දියන් teamඑකවත් spectatorsලවත් දැනං හිටියෙ නෑ..උන් හිතං හිටියෙ ලංකාව තාම අර 1993දි උන්ගෙ අතින් පජා වෙන්ටම කෑව බබා team එක කියලා..ඒත් අපේ එවුන් එතකොට team එකක් හැටියට හුගක් දුර ඇවිල්ලයි හිටියේ..ඉන්දියාව ඒක දැනං හිටියෙ නෑ..
    සනයි කලුවයි වැනුව වැනිල්ලක් ඉන්දියාවට හිතාගන්ට බෑ පලවෙනි ඕවර් 3 ට 42යි...අද T20 match එකකවත් එහෙම start එකක් හොයාගන්ට අමාරුයි.Ground එකේ හිටිය ලංකාවෙ ටික දෙනා ඇරෙන්ට අනෙක් එවුං ඔක්කොම බය වෙලා බලං හිටිය..වෙන එකක් තියා commentaries දෙන සුනිල් ගවස්කාරුත් බය වෙලා සද්ද නැතිව හිටියෙ මේ මොන සත්තු දෙන්නෙක්ද කියලා.පොරට වචන ආවෙ නෑ.අපේ Tony Grieg නං පට්ට ආතල් එකක් ගත්තෙ.පොර බයවෙලා හිටිය ගවස්කාර්ට කිව්ව"Don't depress Sunny" කියල.."දුක්වෙන්ට එපා සුනිලෝ.."
    ඇත්තටම මීට පෙර 1992 World cupඑකේ නවසිලන්තෙ Mark Greatbatch,ඉන්දියාවෙ K.Srikanth මේ වගේ වේගවත් ආරම්භයන් පලවෙනි ඕවර් 15 වේ,යාර 30 සීමා නීතිය ප්‍රයෝජනයට අරගෙන ලබාගෙන තිබුනත් මේ තරම් වේගවත් ඒ වගේම opening batsmanල දෙන්නම එක විදිහට නෙලන අවස්ථාවක් ලෝක ක්‍රිකට් ප්‍රජාව ඒ වන තුරු දැකල තිබුනෙ නෑ..
    ජයසූරිය ප්‍රසාද්ට ඉස්සරහට පැන පැන ගැහුවෙ.ඒ දවස් වල fast bowlersලට forward එන්නෑ attack කරන්ට.බයයි බවුන්සරයක් දාල මූන ගලවයි කියලා.forward එන්නෙත් බෝලෙ swing එක අඩුකරගන්ට defensive විදිහට.එදා ඉදල ඉතිං ප්‍රසාද් යනකං සනා ඌට හැමදාම දුවන්ට ගැහුව..
    කලුව ලස්සන,හරිම සැර ඉණිමක් තමා ක්‍රීඩාකරේ.ඩයල් එක සුපුරුදු සැර cut,pull අතරෙ මාර සුමට Glide එකක් කරා fine legවලට 4ක් යන්ට..ගවස්කාර් ඒක දැකල කිව්ව "මූට සැර විතරක් නෙවේ මොලෙත් තියනවනෙ කියල'.අපේ Tony Grieg කිව්ව මෙහෙම ගැහුවොත් නං ඕවර් 15න් මැච් එක ඉවරයි කියල..
    ඔය අතරෙ මනෝජ් ප්‍රබාකර්ට පොරගෙ පලවෙනි ඕවර් 2ට 30ක් වැදුන.අසාර් ඩයල් එක attack එකෙන් අයින් කරල ඊළග spell එකට ආවහම spin දාන්ට පටන් ගත්ත... ඩයල් එක හොඳටම මානසිකව වැටිල හිටියෙ කාපු කෑමට..ඕවර් 10ටම 30ක් 35ක් ගහන ඒ කාලෙ ඕවර් 2 ට 30ක්,අන්තිමේට ඕවර් 4 ට 48ක් කියන්නෙ හෙනම ලොකු ගානක්.ප්‍රබාකර් කියන්නෙ skillful බෝලරයෙක්.Test වල ODI වල...ටෙස්ට් වල middle order එකේ bat කරල මැච් ගොඩදාපු පොරක්.ඩයල් එක 92 World cup එකෙත්,එංගලංතෙ වගේ seaming conditions තියන pitch වලත් හොඳට bowl කරපු කෙනෙක්.හොඳ all rounderයෙක්.ඒත් ඉතිං ඉන්දියාවම වගේම ලෝකෙම බලං ඉද්දි සූටි ලංකාවෙන් මේ කාපු කෑමයි,අන්තිමේදි බයවෙල තමංගෙ bowling style එක ගැන පවා විශ්වාසය නැති වෙලා spin දැමීමයි එක්ක කාලයක් තිස්සෙ තිබ්බ poor form එකයි හින්ද පොරට නරකම වෙලාවක් ලැබුවා..ආයෙ කවදාත් මනෝජ් ප්‍රබාකර් International Cricket Stage එකට ආවෙ නෑ...කතාව ගියේ සනයි,කලුයි විශේෂයෙන්ම සනා ප්‍රබාකරන්ව එලෙව්ව කියල තමයි...අර ලංකාවෙ වන්නියෙ හිටපු කාලකන්නියත් බයවෙන්ට ඇති ඒක අ
    me wisthara kirilla nam sira ban. match eka baluwa wage.
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,377
    1,350
    113
    Amsterdam
    Best thread ever love this ❤ a true cricket guy like me. Can u post all of them in a single word document or something like that. I want to share this pure cricket story. My fav is channel 9 commentary team specially in Ashes. Those bill lawry, tony, Micheal slater, ian healy, mark nicholas etc.... those guys have a unique style and wont get fed for a second❤❤❤❤❤❤. That era wont come again when Aussie ruled the cricket and everything was pure good and majestic❤❤❤

    Normally I dont post haaali in social media. But after reading this put my emotions into a next level. One big thank you. Nice to see a pure cricket gentleman like me.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Best thread ever love this ❤ a true cricket guy like me. Can u post all of them in a single word document or something like that. I want to share this pure cricket story. My fav is channel 9 commentary team specially in Ashes. Those bill lawry, tony, Micheal slater, ian healy, mark nicholas etc.... those guys have a unique style and wont get fed for a second❤❤❤❤❤❤. That era wont come again when Aussie ruled the cricket and everything was pure good and majestic❤❤❤

    Normally I dont post haaali in social media. But after reading this put my emotions into a next level. One big thank you. Nice to see a pure cricket gentleman like me.
    Channel9 may get the cricket broadcasting rights in Aus again though..Legendary ch9 broadcast..
    Only Bill Lawrey and Ian Chappelle are with us..Bill Lawrey's voice like music..He was there for last CH9 broadcasting match which was SL vs Aus Geelong T20 where Asela Gunarathne went full flow..Bill did the final moments commentary with full throttle..



    Ian Chappelle is/was the real no beat back the bush commentator with real spine..My favorite cricket personal ever..

    There is no other series like Ashes which capture the real taste of test cricket. It will be the only surviving test series going forward. It may well be survived in to next century..
     

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,377
    1,350
    113
    Amsterdam
    Channel9 may get the cricket broadcasting rights in Aus again though..Legendary ch9 broadcast..
    Only Bill Lawrey and Ian Chappelle are with us..Bill Lawrey's voice like music..He was there for last CH9 broadcasting match which was SL vs Aus Geelong T20 where Asela Gunarathne went full flow..Bill did the final moments commentary with full throttle..



    Ian Chappelle is/was the real no beat back the bush commentator with real spine..My favorite cricket personal ever..

    There is no other series like Ashes which capture the real taste of test cricket. It will be the only surviving test series going forward. It may well be survived in to next century..

    Yep Fox Sports not up to the channel 9 standard
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,417
    164,669
    113
    එකමත් එක රටක
    :no::shocked::rofl::lol:

    නුවන් බුවෝ,
    දෝනි හින්ද තමා ඉන්දියාව ඔය අද ඉන්න තත්වෙ ඉන්නේ,මතකද දෝනිය 183 ක් ගැහුව ලංකාවට 2005දි.. එදා ඉදල තමා අපි ආයෙත් ඉන්දියාවට බය උනේ..හරියට අපෙ සනා අනූ ගනංවල උන්ට කරා වගේ.ඊට පස්සෙ අර ගං කෝලිය Hobart වලදි අපෙ කොඳු කැඩුවනෙ..මොනව උනත් දෝනිය පොරක් තමයි. විශේෂයෙන්ම ODI වල ..ලෝකයේ බිහිවෙච්ච හොඳම ODI player කියලයි මටනං හිතෙන්නෙ.අපෙ සනා ඊලගට..
    ඌට ඕන වෙලාවක ඕනම බෝලරයෙකුට ඕනම බෝලෙකට 6ක් ගහන්ට පුළුන්.පුදුම ආත්ම විශ්වාසයක් උට ඌ ගැන තියෙන්නේ..Test match වල බෝලේ swing,seam වෙද්දි උට ගහන්ට අමාරුයි.උට තියෙන්නෙ උගේම technique.මොනව උනත් පොඩි පවුලක ඉදන් ආපු එල ඩයල් එකක්..
    බොහොම ස්තුතියි මචෝ reply වලට...
    දෝනි නෙවෙයි බන්. මට හිතෙන්නේ ගංගුලි තමයි ඉන්දියාවේ ක්‍රිකට් වෙනස් කරේ.
    ටෙන්ඩුල්කාර් තනියම ගහනව උන් පරදිනවා. ගංගුලි ඇවිත් වෙනම ගේමක් ගැහුවා.. පස්සේ ඩ්‍රාවිඩ් සෙට් උනා. මතකනේ අපිට 99 ගහපු ගැහිල්ල.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    දෝනි නෙවෙයි බන්. මට හිතෙන්නේ ගංගුලි තමයි ඉන්දියාවේ ක්‍රිකට් වෙනස් කරේ.
    ටෙන්ඩුල්කාර් තනියම ගහනව උන් පරදිනවා. ගංගුලි ඇවිත් වෙනම ගේමක් ගැහුවා.. පස්සේ ඩ්‍රාවිඩ් සෙට් උනා. මතකනේ අපිට 99 ගහපු ගැහිල්ල.
    Ade meka liwwe 2013ne...Ganguliyage test captaicy eka aniwaryen Dohnita wada hodai...Eth Dohniyata hitiye naaki test team ekak..u atharaman una test wala e team ekath ekka...
    99ye WC eke gahuwata ayeth un hodi bahinna kewane..99WC ekata passe...
    Ganguliya maara capa kiyala uma hena ego ekak hadanawa kiyalay mata hithenne...Oneday final ekadigata paradune..2002 Natwest eka witharai ganguliya idala dinne..
    uta hitapu batting lineup eka lagadi Indian eka capekuta hitiye na....
    Dohniya Rajkot wala 2005he gahuwa 183ta passe lankawe eun uta baya una..Ita passe Kohliya e batton eka ginichhcha..Hariyata anthima wenakan Sanathta un bayay wage..

    Ganguliya 2004 Border Gavaskar test series eke u kiyapu pitch eka curator haduwe na kiyala paja widihata toss eka danna issella team eken ain wenawa....
    Okage ego eka hinda thama Greg Chappelle coach ekka wali daganne 2007...John Right ekkanan gemak gahuwa u...
    U high cast gathiya digatama oluwe thiyan inna porak kiyala thama mata hithenne...
     
    Last edited:
    • Like
    Reactions: Dr.Amdan

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,469
    10,175
    113
    35
    Spain
    මරු මතක ටිකක්, ඔය ඉන්දියන් සීරිස් එකේදී ලක්ෂ්මන් සිවරාමක්‍රිෂ්ණන් අම්පයර් කෙනෙක් විදියට හිටියේ. සිධු සෙන්චරියක් ගැහුවම මූට අම්පයර්කම අමතක වෙලා ක්ලැප් කළා වෙල් ප්ලේය්ඩ් සිධු කියල. අපේ උන් පල් එකට හිනාවෙලා තියෙනවා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මරු මතක ටිකක්, ඔය ඉන්දියන් සීරිස් එකේදී ලක්ෂ්මන් සිවරාමක්‍රිෂ්ණන් අම්පයර් කෙනෙක් විදියට හිටියේ. සිධු සෙන්චරියක් ගැහුවම මූට අම්පයර්කම අමතක වෙලා ක්ලැප් කළා වෙල් ප්ලේය්ඩ් සිධු කියල. අපේ උන් පල් එකට හිනාවෙලා තියෙනවා.
    Sirinivas Venkataragawan..

    Habai oya series eka hodi bahinda kewa bn...
    England India awillath test series eka 3-0 Kawa 1993 di..
     
    • Like
    Reactions: Inigo Montoya