ගැණිගේ ගෙදර යන්නද

senkadagala raja

Active member
  • Nov 1, 2025
    278
    156
    43
    මචන්ලා ගැණියි මායි වෙනම රෙන්ට් එකට එපාර්ට්මන්ට් එකක් අරගෙන හිටියේ එකපාරටම ඒක ඔනි වුන් කියනවා කීමනි මට ඩබල් කරලා දෙන්නම්ලු..ගැණි පවුලේ එකම ළමයා.ගැණිගේ ගෙදරින් කියනවා එහේ ඉන්න එන්න කියලා.මොකද බන් උබලගේ අදහස් කියන්න බලන්න..එහෙ ඉදන් ජොබටත් යන්න එන්න ළගයි ඒවා අවුලක් නෑ.මගේ ගෙදර යන්න බෑ.එහේ ඉදන් සැහෙන්න දුරයි ජොබ් වලට..උබලගේ අදහස් කියන්න.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,019
    4,586
    113
    වෙන ලමයි නැත්නම් ප්‍රශ්න අඩුයි. වෙන තැනක් බලනකන් ගිහින් ඉදපන්. කී මනි එකෙනුත් ලාබයි නෙ
     
    • Like
    Reactions: CohenLenstra

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    278
    156
    43
    palayan bn, seperate floor ekaka inna thiyenawanam hodai, umbedewal walata atha danna dennepa
    Single store house ekak bn.kamara dekai thiyenne ekaka unge ammai thaththai anike mai geni

    වෙන ලමයි නැත්නම් ප්‍රශ්න අඩුයි. වෙන තැනක් බලනකන් ගිහින් ඉදපන්. කී මනි එකෙනුත් ලාබයි නෙ
    Longterm ඉන්න එපාද
    ------ Post added on Jun 11, 2026 at 10:15 PM
     

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    84
    93
    18
    Matale
    කෙල්ල පවුලේ එකම ළමයා නම් red flag එකක් පුතෝ. පවුලේ කොල්ලෙක්ගේ අඩුව උඹගෙන් තමයි පිරිමැහෙන්නේ. පවුලේ කොල්ලෙක්ට හම්බෙන ආදරේටත් එහෙමයි, කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගකීම් වලටත් එහෙමයි. සරලව කිව්වොත් හැමදේටම උඹට තමයි දුවන්න වෙන්නේ. උඹට ඒක ලොකු අවුලක් නැත්නම් පලයන්. උඹ නිදහසට value එකක් දෙන එකෙක්නම් තවපාරක් හිතපන්.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,500
    3,858
    113
    උඹේ පවුලගෙ ගති ගුණ හොඳයි නං, ලොකු සීන් එහෙම නැත්තං, ඒ අම්ම තාත්තා හොඳයි නං විතරක් පලයන්. ගෑනිගෙ හැටිත් හොඳටම බලාගන්න පුලුවන් උඹ එහේ ගියාම.
    වඩාත්ම හොඳයි උඹලා වෙන තැනකට ගියා නං. පාඩුවෙ හිටියහැකි.
     
    • Like
    Reactions: CohenLenstra

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    එපා
    ගෙදර හිටියොත් ගෙදරින් inflence කරනවා. උඹලා දෙන්නට කිසිම වෙලාවක තනි තීරනයක් ගන්න වෙන්නෙ නැහැ. අඩු ගානෙ රෑට කන එක හරි උඹලා දෙන්නට කඩෙන් කන්න ඕන කියලා හිතුනට ඒක කරන්න අමාරුයි

    ඒක නිසා දැන් හිටියා වගෙ අලුත් තැනක් හොයාගෙන යන්න. කෙලින්ම කියපන් තනියම ඉන්න ඕන කියලා
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    278
    156
    43
    කෙල්ල පවුලේ එකම ළමයා නම් red flag එකක් පුතෝ. පවුලේ කොල්ලෙක්ගේ අඩුව උඹගෙන් තමයි පිරිමැහෙන්නේ. පවුලේ කොල්ලෙක්ට හම්බෙන ආදරේටත් එහෙමයි, කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගකීම් වලටත් එහෙමයි. සරලව කිව්වොත් හැමදේටම උඹට තමයි දුවන්න වෙන්නේ. උඹට ඒක ලොකු අවුලක් නැත්නම් පලයන්. උඹ නිදහසට value එකක් දෙන එකෙක්නම් තවපාරක් හිතපන්.
    ඕකේ දෙපැත්තක් තියෙනවා බන්..නැන්දම්මා හෙන ලවු මට..සරලවම සමහර දවසට එහේ ඉන්නකොට මගේ රෙදි ටික පවා හොදලා දෙනවා.හැබැයි හැමදේටම මට දුවන්න වෙනවා කියන එක ඇත්ත