doc කෙලින්ම කිව්ව හොද කරන්න බෑ කියලා, Dr. Manoj Sampath Withanage, ටිකක් හොද Doctor කෙනෙක්. තව දවස් දෙකකින් ආයෙත් එන්න කිව්වා.
View attachment 267826
මේකෙ negative reviews ඔක්කොම overprice කියලා විතරයි
මට මේකට පොඩි එකාව කෙලින්ම අහු කරන්න අවශ්‍යතාවයක් නෑ, ඒත් මං දැකලා තියෙනවා අයියයි මල්ලියි දෙන්නම අපේ ගෙදර ඇවිල්ලා පූසිගෙ පැටවුන්ටයි පූසටයි ගහනවා. පූස් පැටවු මල්ලි අපේ ගෙදර ආවහම පිටිපස්සෙ තියෙන ලී ගොඩක් අස්සෙ හැංගෙනවා. මේ බල්ලෙක් කාලා නෙවේ. බල්ලෙක් කෑවනම් හෝ වාහනයක හැපුනනම් පොඩි හරි සීරීමක්වත් තියෙන්න ඕනේ මොකද Xray එකට අනුව ඔය පූසිගෙ ඇගේ හරි මැද. ලොකු සැකයක් එන්නෙ පහළ ගෙදර නැන්දගෙ ඇස් මාව දැක්කහම බිම වැටෙනවා. ඒ නැන්දනම් හොදයි, සමහරවිට පොඩි එකා එහෙම දෙයක් කරල කියලා දැනගෙන මොකක් උනත් තමගෙ ළමය හින්ද සද්ද නැතිව ඉන්නවා කියලා මට හිතෙනවා. වෙනදට පොඩ්ඩක් ප්‍රිය මනාපව ඉන්නවා. අපේ ගෙදර තව සත්තු ඉන්නවා, එයාලට කරදරයක් උනහම ඇවිල්ලා අහලා බලලා යනවා මේ පාර සද්දයක් නෑ.
Xray එකට අනුවනම් Thoracic සහ Lumbar අතරින් තමා කැඩිලා තියෙන්නෙ.
කක්කා චූ යන්නෙ නෑ, ඒකට doc බෙහෙත් වගයක් දුන්න. චූ කරන්න බෑ, බඩ ටිකක් gently තද කරහම චූ යනවා, නැත්නම් එයාට යවන්න බෑ. doc එහෙම චූ යැව්වා, හුගක් චූ හිරවෙලා තිබිලා බඩේ.
හීනි පෙති වගේ චීස් කෑලි කනවා, වැඩිය කන්නෙ නෑ ටිකයි.
බෙහෙත් දෙන්න ඕනේ හින්දා ටිකක් ඇග හොලවන්න වෙනවා.