දියර කිරිවල තියෙන්න පුළුවන් ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම සීමාව පාරිභෝගික අධිකාරියෙන් නියම කරයි!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    808
    1,942
    93
    🚨
    කිරි බොන අයට සහ නිෂ්පාදකයින්ට දැඩි නියෝගයක්...!" - දියර කිරිවල තියෙන්න පුළුවන් ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම සීමාව පාරිභෝගික අධිකාරියෙන් නියම කරයි! උල්ලංඝනය කළොත් තහනම්!
    😱
    🥛
    බරපතළ නීතිමය පියවර!
    ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම මට්ටම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් දැඩි නියෝගයක් නිකුත් කර තිබෙනවා!
    කිරි නිෂ්පාදකයන්ගේ සිට සිල්ලර වෙළෙන්දා දක්වාත්, කිරි පරිභෝජනය කරන ඔබත් දැනගත යුතුම විශේෂ තොරතුරු මෙන්න:
    🔬
    ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම සීමාව මෙන්න!
    නව නියෝගයට අනුව, සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් උපරිම මට්ටම 0.5 ug/kg (ppb) විය යුතුය. මෙම සීමාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියට අනුකූලව සකස් කර ඇත.
    🚫
    නීතිය උල්ලංඝනය කළහොත් මුළුමනින්ම තහනම්!
    2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන සැකසූ දියර කිරි:
    නිෂ්පාදනය කිරීම හෝ සෑදීම
    ආනයනය කිරීම හෝ සැපයීම
    ගබඩා කිරීම, බෙදාහැරීම හෝ ප්‍රවාහනය කිරීම
    ඇසුරුම් කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වේ.
    👥
    කාටද මේ නීතිය අදාළ වෙන්නේ?
    මෙම නියෝගය සියලුම නිෂ්පාදිතයන්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්ඳන් සඳහා ඍජුවම අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩිව ප්‍රකාශ කර සිටිනවා.
    📅
    බලපැවැත්වෙන දිනය!
    අදාළ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ලබන වසරේ (2027) ජනවාරි මස 08 වැනිදා සිට රට පුරාම නිල වශයෙන් බලපැවැත්වෙනු ඇත.
    💬
    ඔබේ අදහස කුමක්ද?
    "අපේ දරුවන් සහ පවුලේ අය බොන දියර කිරිවල ප්‍රමිතිය සහ වස විස (ඇෆ්ලටොක්සින්) මට්ටම පාලනය කරන්න පාරිභෝගික අධිකාරිය ගත්ත මේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? වෙළඳපොළේ තියෙන කිරි නිෂ්පාදන මීට වඩා දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතුයි නේද? ඔබේ අදහස පහළින් Comment කරන්න!
    පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් දැනුවත් කරන්න වහාම මේ වැදගත් පුවත Share කරන්න!
    👇
    🥛
    සෞඛ්‍යාරක්ෂිත පණිවිඩයකි!"


     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,314
    14,403
    113
    2027 January 8 idan da enne ?
    Better late than sorry.

    Ethakota label eke oka exhibit karanawada ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,300
    113
    ඕවා හරියටම උන් බලයි බලන් හිටපං..😅

    ලන්කාවෙ ඕව කෙරෙන්නෙ නෑ බන්. මාසයක් කරයි.

    ඔය වගේ ඒව කොච්චර ආව ගියාද. විහිලු තමයි.

    Do we have a standard of Afolotoxin in Coconut Oil and other food items including rice, ground nut , etc.....
    Head of SLS Dr. Siddika said eating a small quantity is ok on TV show many years ago. we are a nation that forget things very fast.
    Law eka thiyenawanan onama kenekta kade ganna thiyena product eka test karala balala nadu pawaranna puluwan. Individual kenekta NGO ekakata unat e wade karanna puluwan.
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,957
    10,500
    113
    මීට අමතරව වෙන්න ඕන තවත් දෙයක් තමයි ලංකාවේ කිරි වලින් නිෂ්පාදනය කරලා විකුනන්න තියෙන අහාර (යෝගට් ආදී ) නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වභාවික දියර කිරි භාවිතයෙන්ද ? නැත්නම් පිටිකිරි නැවත දියකරලා භාවිතයෙන්ද ? කියලා සඳහන් කරන්න ඕන ,

    සමහර සමාගම් පිටිකිරි නැවත දියකරලා භාවිත කරලා නිෂ්පාදන කරනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,300
    113
    මීට අමතරව වෙන්න ඕන තවත් දෙයක් තමයි ලංකාවේ කිරි වලින් නිෂ්පාදනය කරලා විකුනන්න තියෙන අහාර (යෝගට් ආදී ) නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වභාවික දියර කිරි භාවිතයෙන්ද ? නැත්නම් පිටිකිරි නැවත දියකරලා භාවිතයෙන්ද ? කියලා සඳහන් කරන්න ඕන ,

    සමහර සමාගම් පිටිකිරි නැවත දියකරලා භාවිත කරලා නිෂ්පාදන කරනවා
    Elephant House Ice Cream hadanne ehema
     
    • Wow
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,529
    113
    East Blue (Goa Kingdom)
    ලංකාවේ කිරි වලට වඩා ගෙන්වන කිරි හොඳයි

    ලංකාවේ 0.5
    නවසීලන්ත 0.05
    ඔය දෙකම ළමයිට හොඳ නැහැ ,
    ළදරුවොන්ට් මොනම හේතුවකටවත් දෙන්න එපා ඔය ලිමිට් එක ළදරුවොන්ට හොඳ නැහැ 100% ,
    වැඩිහිටියෝන්ට හරි ලිමිට් එක .

    අනිත් එක වස XXXපෝෂ පැකට් වල ඇතුලේ නොපෙනනෙන්න ගහල තියෙන්නේ අවුරදු 3ට අඩු ළමයිට සුදුසු නැති කතාව ,
    පොන්නයෝන්ට ඕක එළියේ ලොකුවට ප්‍රින්ට් කරන්න නීති දාන්න බැහැ
    මොකද සිගරට් බොන උන් දැන දැන බොන්නේ , සිගරට් පෙට්ටියේ 80% cover වෙන්න ගහන්න ඕන නීතියෙන් .

    ළමයි කන වස XXXපෝෂ පැකට් වල ඇතුලේ නොපෙනනෙන්න ගහල තියෙන්නේ අවුරදු 3ට අඩු ළමයිට සුදුසු නැති කතාව


    අනිත් එක powdered infant formula වලට ලිමිට් එකක් කෝ

    අදාල බලධාරියෝ & චන්දෙන් ගියපු පොන්සියෝ ටික සද්ද නැහැ වස පෝෂ සෙට් එක ගැන
     

    Starboy101

    Active member
  • Aug 12, 2023
    175
    141
    43
    මීට අමතරව වෙන්න ඕන තවත් දෙයක් තමයි ලංකාවේ කිරි වලින් නිෂ්පාදනය කරලා විකුනන්න තියෙන අහාර (යෝගට් ආදී ) නිෂ්පාදනය කරලා තියෙන්නේ ස්වභාවික දියර කිරි භාවිතයෙන්ද ? නැත්නම් පිටිකිරි නැවත දියකරලා භාවිතයෙන්ද ? කියලා සඳහන් කරන්න ඕන ,

    සමහර සමාගම් පිටිකිරි නැවත දියකරලා භාවිත කරලා නිෂ්පාදන කරනවා

    ස්වබවික කිරි + පිටි කිරි තමයි හැමතැනම වගේ යන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,360
    25,570
    113
    හෙණ ගහන විෂක් කෑම එක්ක ඇඟට එන්නේ. පුළුවන් තරම් ගෙදරින් කන්න. නැත්නම් නොකා ඉන්න.

    මම පිට පළාත් වලට ගිහිල්ල කන්නේ ඉතාම අඩුවෙන්.

    අපි කල දන්සල ටත් එක එක එව්වා දැම්මා.. අජිත් දානවා කියලා.

    මම විරුද්දව වුනත් වැඩක් නෑ. මට චීනෙක් කිව්වා.... උන් MSG කන්නේ කන් හැන්දෙන් දාල කියලා. මෙහෙ එවුන් මේස හැන්දක් වගේ දානවා.
    දැනට කියන්නේ විෂ නෑ කියලා. හේතුව Nestle, ප්‍රීමා, manchee, මැලිබන් ලොකු සමාගම් ඔව්වා විශල විදිහට දාන හින්දා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,404
    12,285
    113
    35
    Spain
    ඕක අකුලා ගනීවි, මොකද අර ලොකුම කිරි කොම්පැණි එකක් නේ මේ ආණ්ඩුවේ අනුග්‍රාහකයෝ
     
    • Sad
    Reactions: Amith0424

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,550
    5,670
    113
    Law eka thiyenawanan onama kenekta kade ganna thiyena product eka test karala balala nadu pawaranna puluwan. Individual kenekta NGO ekakata unat e wade karanna puluwan.

    පුලුවන්, ඒත් මොන ක්‍රමෙන් හරි වැඩේ වෙන්නෙ නෑ ඉතින්.

    නිකමට හිතපන්කො නඩු තීන්දුවක්. "ජනාදිපතිවරයා නියම කරන දිනක එල්ලා මැරිය යුතුය" කියල නඩු තීන්දුව දෙනව.

    ඊට පස්සෙ ජනාඩිපති "අම්නේ පම්ව්, අපි මරම්න හොම්ද නෑ, ඉහි ඉහි 😪" කියල දිනේ දෙන්නෙ නෑ. ඉතින් කොහොමද කියහන්කො ඔය හැම එකක් ම ක්‍රියාත්මක කරන්නෙ?

    ඕකෙ අපරාද නීතිය සන්ශෝදනයක් ගේන්න ඕනෙ "දින 14 ක් ඇතුලත ජනාදිපති වරයා දිනයක් දිය යුතුයි, දිනය අවුරුදු 2 කට නොවැඩි දිනයක් විය යුතුයි, එදිනට එල්ලා මැරිය යුතුයි කියල"

    එතකොට ජනාදිපති ට උනත් ඌට හිතෙන හිතෙන විදිහට වන්ගු ගහන්න බෑ. ඔහොම වන්ගු ගහන්න පුලුවන් නම් නීති වැඩක් නෑනෙ.

    ඇෆ්ලටොක්සීන් කතාවත් ඔය වගේම තමයි. වෙනව නම් හොදයි. ඒත් වෙන්නෙ නෑ.

    තනි මිනිහෙක් ගිහිල්ල පුප ඉරාගෙන නඩු දාන්න යන්නෙත් නෑනෙ. ප්‍රායෝගික නෑ. ඔයා යන්න කැමතිද ලොකු කම්පනි එකකට විරුද්දව නඩු දාන්න?

    ලන්කාවෙ නඩු අහනව කියන්නෙත් ලේසි නෑ, මුලු සේසතම විකුනන්න වෙනව නඩු කියන්න ගියාම. අන්තිමට නඩුව දින්නත් වන්දි විදිහට හම්බෙන මුදලින්, ගිය වියදමින් 1/10 ක් වත් රිකවර් කරගන්න බැරි වෙයි.

    ඔය හැම නීතියක් ම උඩ ඉදන් පහලට වගවීම වෙන්න ඕනෙ. එයාල නීති දාන්නයි, සාමාන්‍ය මිනිස්සු නඩු කියන්නයි.
    එහෙම හරියන්නෙ නෑ. එයාලම ඇක්ටිව්ලි වගවීමත් වෙන්න ඕනෙ. හොයන්න ඕනෙ එයාල, නඩු දාන්න ඕනෙ එයාල.

    ප්‍රශ්නෙ ආපහු කැරකිලා එන්නෙ එකම තැනට, එයාල හොයල බලන්නෙ මාසයයි. ඊට වඩා වෙන්නෙ නෑ.

    කාලෙකට සැරයක් කොලබ කඩ වලට පැනල ශෝ දානව කෑම වහල නෑ පිරිසිදු නෑ කියල. ඒව ඉතින් ඒ මාසෙ නිව්ස් වල දානව. ඉතුරු මාස 11 බල්ලෙක් වත් යන්නෙ නෑ බලන්න. කොලබ අවට ඕනෙ තරම් සවුත්තු කඩ තියෙනවනෙ.

    ඊට පස්සෙ කුඩු අච්චර ඇල්ලුව මෙච්චර ඇල්ලුව කියල දානව මාසයක්. ඊට පස්සෙ මොකෙක් වත් අල්ලන්නෙ නෑ.

    අනිත් එක ඔය ලන්කාවෙ තියෙන පිටි කිරි ෆ්‍රෙශ් මිල්ක් එක පවුඩර් කරපුව නෑ. ඒකෙන් බටර් හදන්න ෆැට් කොටස අරගෙන ඉතුරු වෙන whey එකට පාම් ඔයිල් සහ වෙනත් විටමින් කලවම් කරල හදන පවුඩර් එකක් පැක් කරල මිනිස්සුන්ට දෙන්නෙ. ඒව කලවම් කරන්නෙත් රජයෙන් දාන කොලිටි ඉන්ඩිකේටර්ස් ටික පාස් වෙන්නයි. ඒත් එහෙම පාස් වෙලා වැඩක් තියෙනවද නියම ප්‍රොඩක්ට් එක නෙමෙයි නම් විකුනන්නෙ.
    තනි බොරුව. නවසීලන්තයෙන් ගේන ඒවත් එහෙම තමයි.

    චොකලට් විදිහට හදල විකුනන ප්‍රොඩක්ට්ස් කොච්චර තියෙනවද. බැලූ බැල්මට චොකලට්. ඒත් චොකලට් ප්‍රතිශතය නෑ. ලේබල් එකේ "චොකෝ ස්ලැබ්" හරි මොකක් හරි නමක් ගහනව.
    චොකලට් කියල ගහන්නෙ නැතුව. එතකොට ලන්කාවෙ නීතියෙන් ලේසියෙන් ම රින්ගන්න පුලුවන්.

    රජය ඉතින් ඇස් පියාගෙන ඉන්නව. චොකලට් වගේ ඕනෙම කෙනෙක්ට පේන ප්‍රොඩක්ට්ස් වල පොල් අකුරෙන් ගහන්න නීති ගේන්න ඕනෙ "චොකලට් නියමිත ප්‍රමානයට අඩන්ගු නැත" කියල.

    තමන්ගෙ රටේ රට වැසියව රවට්ටන්න උදව් කරන ආන්ඩු මොකටද?
     
    Last edited:
    • Like
    Reactions: Winter is Coming