ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම මට්ටම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් දැඩි නියෝගයක් නිකුත් කර තිබෙනවා!
කිරි නිෂ්පාදකයන්ගේ සිට සිල්ලර වෙළෙන්දා දක්වාත්, කිරි පරිභෝජනය කරන ඔබත් දැනගත යුතුම විශේෂ තොරතුරු මෙන්න:
නව නියෝගයට අනුව, සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් උපරිම මට්ටම 0.5 ug/kg (ppb) විය යුතුය. මෙම සීමාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 1815 ප්‍රමිතියට අනුකූලව සකස් කර ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව, නියමිත ප්‍රමිතියට අනුකූල නොවන සැකසූ දියර කිරි:
නිෂ්පාදනය කිරීම හෝ සෑදීම
ආනයනය කිරීම හෝ සැපයීම
ගබඩා කිරීම, බෙදාහැරීම හෝ ප්‍රවාහනය කිරීම
ඇසුරුම් කිරීම, විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම මුළුමනින්ම තහනම් වේ.
මෙම නියෝගය සියලුම නිෂ්පාදිතයන්, සාදන්නන්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, සැපයුම්කරුවන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රවාහනය කරන්නන් සහ වෙළෙන්ඳන් සඳහා ඍජුවම අදාළ වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩිව ප්‍රකාශ කර සිටිනවා.
අදාළ සෞඛ්‍යාරක්ෂිත විධිවිධාන ලබන වසරේ (2027) ජනවාරි මස 08 වැනිදා සිට රට පුරාම නිල වශයෙන් බලපැවැත්වෙනු ඇත.
"අපේ දරුවන් සහ පවුලේ අය බොන දියර කිරිවල ප්‍රමිතිය සහ වස විස (ඇෆ්ලටොක්සින්) මට්ටම පාලනය කරන්න පාරිභෝගික අධිකාරිය ගත්ත මේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? වෙළඳපොළේ තියෙන කිරි නිෂ්පාදන මීට වඩා දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතුයි නේද? ඔබේ අදහස පහළින් Comment කරන්න!
පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් දැනුවත් කරන්න වහාම මේ වැදගත් පුවත Share කරන්න!