එකා එකාගෙ බොරු vlog බලලා ෆොර්ම් වෙලා ගිහින් අනාගන්න කලින් මේක කියවලා යන්න
ජීවිතේ ගොඩ දාගන්න රට එන්න කලින්... මේ ගැන අනිවාර්යයෙන් ම හිතන්න.....
ගොඩක් අයට පිටරට ජීවිතය කියන්නේ සුන්දර හීනයක්. පිටරට ගිය අය සෝෂල් මීඩියා වල දාන ලස්සන වීඩියෝ, ෆොටෝ, යන ලස්සන තැන් විතරයි ගොඩක් අය දකින්නේ. හැබැයි ඒ යන මිනිස්සුන්ගේ හීන ඇතුළේ තියෙන ඇත්තම සටන දන්නේ ඒකට මුහුණ දෙන අය විතරයි.
පිටරටකට ඇවිල්ලා දියුණු වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මෙහේ ජීවන වියදම, ගෙවල් කුලී, ළමයින්ගේ අධ්‍යාපනය එක්ක එක්කෙනෙක් විතරක් රස්සාව කරලා මුළු පවුලම ඉස්සරහට අරන් යන එක කරන්න ටිකක් අමාරු දෙයක්.
විශේෂයෙන්ම ළමයි ඉන්න, පවුලේ සාමජික සංඛ්‍යාව ටිකක් වැඩි පවුල්වලට මේක තදින්ම බලපානවා.
* ගෙවල් කුලී: පවුල ලොකු නිසා කාමර එකක දෙකක ගෙයකින් සීමා වෙන්න බැහැ. කාමර 3ක් හෝ 4ක් දක්වා යන්න වෙනකොට ගෙවල් කුලිය සෑහෙන්න වැඩි වෙනවා.
* එදිනෙදා වියදම්: පවුලේ ප්‍රමාණය වැඩි වෙනකොට කන්න බොන්න යන වියදම්, ලයිට් බිල්, වතුර බිල් වගේම ඉගෙන ගන්න වයසේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටත් ලොකු වියදමක් යනවා.
ඉතින් ඔය ඔක්කොම එකතු කරලා බලද්දී එක්කෙනෙක් විතරක් රස්සාව කරලා කොහෙත්ම මදි! ඕනෑම රස්සාවක් කරන්න සූදානම් වෙලා, කට්ට කාලා ගොඩයන්න ඕන ගමනක් තමයි පිටරටකට අලුතින්ම එන පවුලකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ.
හැබැයි... මේ ගමන යන්න කලින්ම අසාර්ථක වෙන එක තැනක් තියෙනවා!
අකමැත්තෙන් ආපු පවුලක ඇත්ත කතාවක්
මම මේ අවුරුදු කීපය තුළ දැනගත්ත පවුල් ගණනාවක විස්තර සංක්ෂිප්ත කරලා, මනඃකල්පිත එක පවුලක උදාහරණයක් ඔයාලට කියන්නම්.
ඔන්න ඒ පවුලේ හිටියේ නෝනයි මහත්තයයි දරුවෝ දෙන්නයි කියල අරගමු. ඒ මහත්තයාට ඕන වුණා දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, පවුලේ දියුණුව වෙනුවෙන් පිටරටකට එන්න. මොකද පිරිමි මොනවා හරි ප්‍රශ්නයක් දිහා ගොඩාක් ඉස්සරහ බලනවා, අනාගතය ගැන බලනවා. දරුවන්ට හොඳ අනාගතයක් හදලා දෙන්න ඕනේ කියන දුර දැක්මෙන් තමයි එයා දියුණු රටකට එන්න පියවර තැබුවේ.
නමුත් එයාගේ නෝනා ඒකට එච්චර කැමති වුණේ නැහැ.
කොහොම හරි මහත්තයා Student Visa ඇවිල්ලා අධ්‍යාපන කටයුතු කරන අතරේ පවුලේ අයවත් මෙහෙට ගත්තා. Student කෙනෙක් විදිහට එන කෙනෙකුට වැඩ කරන්න හම්බෙන්නේ සීමිත පැය ගණනක්. ඒ නිසා කැෂුවල් ජොබ්ස් කරන්න සිද්ධ වෙද්දී, Full-Time වැඩ කරන්න පුළුවන්කම තිබුණේ Partner ට.
හැබැයි ප්‍රශ්නය පටන් ගත්තේ මෙතැනින්...
නෝනා මුල සිටම අකමැත්තෙන් ආපු නිසා එයාගෙන් වචනයකින්වත් මහත්තයාට සහයෝගයක් ලැබුණේ නැහැ. එයා බලන් හිටියේ මොකක් හරි දෙයක් වැරදෙනකන් මහත්තයාට වැරැද්ද පටවන්න. "මම එදත් කිව්වා මට එන්න ඕන වුණේ නැහැ" කියමින් complain කර කර හැමතිස්සෙම ඍණාත්මකව හිටියා මිසක්, අලුත් රටේ භාෂාව ඉගෙන ගන්න, පරිසරයට හැඩගැහෙන්න , රස්සාවක් කරලා පවුලට ශක්තියක් වෙන්න එයාට කිසිම උනන්දුවක් තිබුණේ නැහැ.
රටකට ආවම මුල් කාලේ ප්‍රශ්න, අභියෝග එන එක සාමාන්‍ය දෙයක්. අන්තිමේදී මහත්තයාට හොඳ ජොබ් එකක් හම්බුණත්, ඒ රස්සාව කරද්දී එන සාමාන්‍ය ප්‍රශ්න, නොදන්න දේවල් නිරාකරණය කරගෙන ඉස්සරහට යන්න එයාට Mental Support එකක් ගෙදරින් ලැබුණේ නැහැ.
තනිවම රස්සාවත් කරලා, ගෙදර වැඩත් කරලා, මේ මානසික පීඩනයත් දරාගෙන සටන් කරන්න ගිහින් මහත්තයා සම්පූර්ණයෙන්ම මානසිකව වැටුණා. එයා ඒ Struggle එක අතහැරියා. ජොබ් එකත් නැති වුණා. එයා සම්පූර්ණයෙන්ම Fail වුණා.
අන්තිමේදී සිදු වුණේ කුමක්ද?
සියලු දේ දමලා ගහලා පවුලම ආපහු ලංකාවට ගියා!
වීසා වලට, මෙහේ ඉගෙන ගන්න කටයුතුවලට, ජීවත් වෙන්න වියදම් කරපු ලොකු සල්ලි මුදලක් ගඟට කපපු ඉනි වගේ නාස්ති වුණා. සල්ලිත් නැහැ, ලබාගත්ත දෙයකුත් නැහැ. අවුරුදු ගානක් නාස්ති කරගෙන ආපහු මුල සිට පටන් ගන්න ලංකාවට ගියා විතරයි.
තව මම දැකල තියෙනවා නෝනගේ කැමැත්තට විතරක් මෙහෙට ආපු families. එතකොට. Partner මහත්තයා..පුදුම ඇඩියාවකින් රස්සාවල් කරන්නේ. කරන කිසි එකක් දිගටම කරන්නෙ නෑ ..අත හරිනවා.. නෝනගේ වැඩේ මහත්තයාගේ කියවිල්ල අහගෙන මහත්තයට රස්සාවල් හොයන එකයි. මොකද පොඩ්ඩ බැරි වුන ගමන් ලංකාවට දුවන්න තමයි මහත්තයා බලාඉන්නේ..
මේ වගේ තත්ත්වයකදී ගොඩාක්ම ප්‍රශ්නෙකට මුහුණ දෙන්නේ පවුලේ දරුවෝ.
ඒ ළමයි මෙහේ අලුත් Weather එකට, අලුත් ඉස්කෝලවලට, අලුත් භාෂාවට, මිනිස්සුන්ට පුරුදු වේගෙන එද්දීම... දෙමව්පියන්ගේ ප්‍රශ්න නිසා ආපහු ලංකාවට යන්න වුණාම ඒක එයාලගේ මානසිකත්වයට නොසිතන විදිහට ගැඹුරින්ම බලපානවා. ඒක ලොකු අපරාධයක්!
Student Visa එකකින් හෝ Work Visa එකකින් රටකට ආපු ගමන්ම තමන්ගේ Qualification එකට, Experience එකට හරියන රස්සාවක් හම්බවෙන්නේ ඉතාම අතලොස්සකට—හරිම Lucky අයට විතරයි.
ගොඩක් අය කරන්නේ මුල් කාලයේ ලැබෙන Odd Jobs කරලා, Skills develop කරගෙන, Contacts හදාගෙන, Experience අරගෙන තමයි අවුරුදු කීපයකින් තමන්ට ගැළපෙනම Path එක හදාගන්නේ.
ඒ කාලය ඇතුළත දෙන්නත් එක්ක Responsibilities බෙදාගෙන, ලැබෙන ඕනෑම රස්සාවක් කරන්න Mentality එකක් තියාගෙන ඉස්සරහට යන්න ඕන.
එහෙම එකතු වෙලා අල්ලගෙන ඉන්න අයට පස්සේ:
* තමන්ට ගැළපෙන හොඳ Professional Jobs වලට යන්න පාර කැපෙනවා.
* සමහරු එකතු කරගත්ත Experience සහ Contacts එක්ක තමන්ගේම ලස්සන Businesses පටන් අරන් සාර්ථක වෙනවා.
දියුණු රටවලින් ලැබෙන Facilities එක්ක පවුලම ලස්සනට ඉස්සරහට යනවා!
අපි මෙතැනින් ගන්න ඕන ප්‍රධාන පාඩම් :
* නෝනයි මහත්තයයි දෙන්නම එක හිතින් එන්න ඕන: දෙන්නටම එකම අරමුණක්, එකම කැමැත්තක් තියෙන්න ඕන.
* "කට්ට කන්න ඕන ගොඩයනකම් විතරයි":
මුල් කාලයේදී ලොකු කැපකිරීම් කරන්න වෙනවා. තමන්ගේ Path එක හදාගන්නකම් ඕනෑම රස්සාවක් කරලා පවුල ගොඩගන්න දෙන්නම සූදානම් වෙන්න ඕන.
* එක්කෙනෙක් හරි අකමැති නම් මේ ගමන එන්නම එපා: එහෙම ආවොත් ඔයාගේ දරුවෝ පව්! මෙච්චර කාලයක් මහන්සි වෙලා හම්බකරපු සල්ලි ටික අපරාදේ.
මම ඔයාලට අවසානෙට මෙහෙම කියන්නම්::-
ගඟකට පනින්න ඕනේ පීනගෙන කොහොම හරි ගොඩ යන්න මිසක් අතරමඟදී ගිලෙන්න නෙවෙයි. ඒ නිසා තමුන්ට ඒක පීනගෙන යන්න හැකියාව තියෙනවද කියන එක තීරණය කරලා විතරක් ගඟට පනින්න!
ඔයාලත් රට එන්න හිතන් ඉන්නවා නම්, සෝෂල් මීඩියා වල රට ගිය අය කියන කරුණු එකතු කරගෙන, මෙහේ වියදම් සහ ඇත්ත තත්වය ගැන දෙන්නා එකතු වෙලා ගැඹුරු සාකච්ඡාවක යෙදෙන්න. පවුලක් විදිහට එකතු වුණොත් විතරයි පිටරටකදී දිනන්න පුළුවන්!