හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර, අවුරුදු 7ක් ඇතුලට......

Max_r

Well-known member
  • May 10, 2007
    13,385
    1
    16,279
    113
    images


    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ දුෂණ චෝදනාව යටතේ වරදකරු වූ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට වසර 7ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබේ.
    2014 වර්ෂයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙළපාළියට සහභාගි වූ දේශපාලන ආධාරකරුවන්ට ආහාර ලබාදීම සඳහා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණි.
    ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ සිදුකෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසු එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද (01) දිනට දින නියමකර තිබුණි.
    රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ ගිණුමෙන් අදාළ සංග්‍රහ කටයුතු සඳහා මාරවිල පිහිටි පෞද්ගලික කේටර්ස් ආයතනයට රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් ගෙවා ඇති බවට චෝදනාවල ඇතුළත් වේ.
    එහිදී අදාළ මුදල් ගෙවීම සඳහා එවකට සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාව සිටි පියංකර ජයරත්න මහතා ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ විධායක නිලධාරියා පොළබවා ඇති බවට අධිචෝදනාවල සඳහන් වී තිබේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,249
    55,105
    113
    Colombo
    මයිනව එහෙම කල්ප ලක්ෂයක් විතර දාන්න වෙන්නෙ

    නාකි මයිනයි, සීයයි මැරෙනකම් වටේ යනව.හිරේ දාන්නෙ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,869
    87,400
    113
    ආශ්චර්යමත් රටක
    නාකි මයිනයි, සීයයි මැරෙනකම් වටේ යනව.හිරේ දාන්නෙ නෑ

    උන්ගෙයි, උන්ගෙ පරම්පරා වලයි වේසපාලනේ කරන එක නවත්තන තැනට වැඩ වෙනව නං ඇති. රටේ සාප.
     
    • Like
    Reactions: lilman

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,738
    101,083
    113
    කෝ මේ @හෙළයෙක් කලුහෙළ සේදීමේ යන්තරේ කැඩිලද? :confused:
    ඩෝබියෙක් ඇවිත් ගෙදර තිබ්බ වොෂින් මැසින් එකත් අරන් ගියා වැඩ වැඩියි කියලා. අහලා බලපං උබලගෙ එකෙක් ගාව ඇත්තේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    ඩෝබියෙක් ඇවිත් ගෙදර තිබ්බ වොෂින් මැසින් එකත් අරන් ගියා වැඩ වැඩියි කියලා. අහලා බලපං උබලගෙ එකෙක් ගාව ඇත්තේ.
    හා හා කයිවාරුව නවත්තල හෝදපන්. කුණු රෙදි කන්දක්ම තියෙනව නේද හෝදන්න? අර රවියගේ අමුඩෙත් හෝදපන් විගහට
    aokzI2t.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,738
    101,083
    113
    හා හා කයිවාරුව නවත්තල හෝදපන්. කුණු රෙදි කන්දක්ම තියෙනව නේද හෝදන්න? අර රවියගේ අමුඩෙත් හෝදපන් විගහට
    aokzI2t.gif
    🤗 මහන්සි නන් විවේක අරගෙන හෙමීට හෝදාපං මට උදව්වක් දෙන්න විදියක් නෑ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,995
    18,147
    113
    අපිට ඕව වැඩක් නෑ විජිත හේරත් ඇන්ටික් නාකොටික් කියපු එක ගැන කතා කරමු

    මේ මිනිස්සු හොරකන් කරලා හරි ඉංග්‍රීසි හරියට කතා කළා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,654
    26,023
    113
    අනුරයා x press pearl නැවෙන් bench fixing කෙලපු 1B USD වලට අවුරුදු 500ක්‌ විතර ඇතුලේ එහෙනම්
     
    • Like
    Reactions: KDH

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,099
    19,059
    113
    හයියො ලස්ස 330,000

    උට ඒ කාලෙ හම්බුන ආදායම් එක්ක පෙටි කැශ් වගේ වත් නෑ ඒක. ඉල්ලන් කාල.

    සාධාරනයි ඉතිං ඒ කාලෙ කවුද හිතුවෙ මෙහෙන කෙල විල්ලක් වෙයි කියල