Black Death - killed tens of millions of people

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,371
    14,267
    113
    පෘථිවිය
    මොකක්ද මේ Black Death කියල කියන්නේ?

    ක්‍රිව 1347–1353 ගණන්වල ලෝකයම හොල්ලපු වසංගතයක්

    මේක වයිරස් එකක් නෙමේ බැක්ටීරියා අසධනයක් bacterium Yersinia pestis කියන බැක්ටීරියාවෙන් තමයි හැදුනේ


    කොහෙන්ද මේක පටන්ගත්තේ?

    ඉතිහාසගත DNA වලින් හඳුනාගෙන තියෙන්නේ මධ්‍යම ආසියාවෙන් තමයි මේක පටන්ගත්ත කියල.
    Central Eurasia, around the Tian Shan region of present-day Kyrgyzstan/Kazakhstan

    කොහොමද මේක යුරෝපයට යන්නේ?

    සඳහන් වෙන්නේ, වෙලන්දන්ගෙන්, සතුන්ගෙන් තමයි සංක්‍රමණය වෙලා තිබ්බේ

    කෙතරම් විනාශක් කරලා තිබ්බද?

    Black Death මගින් මිලියන ගණනක් ජිවිත අහිමි කරලා තිබ්බා.
    යුරෝපයේ පමණක් මිලියන 50කට වැඩියි
    ඒ හරියට 1/3ක් ජනගහණය
    හිතාගන්න පුළුවන්නේ නුතන වකවානුවේ 40%ක ජනගහනයක් මැරෙනවා කියන්නේ කොච්චර ප්‍රශ්නයක් ද කියලා

    සාමාන්‍ය වැඩකරන මිනිස්සු නැතිවෙනවා
    වගාබිම් වල වැඩකරන්න මිනිස්සු නැතිවෙනවා
    ආහාර සැපයීම අඩාල වෙනවා
    අරටික කඩා වැටීම්

    මිනිස් ශරීරයට ඇතුලුවෙන මේ බැක්ටීරියාව, පෙනහළු වලට ගියාම හුස්ම ප්‍රවාහයෙන් වෙනත් අයට බෝවීම සිද්ද වෙනවා
    ඒක තමයි භයානකම තත්වය
    අන්ටිබයෝටික් නැතිවීම නිසා තමයි එදා යුරෝපයේ ගොඩක් අය මැරෙන්නේ

    මේක කොහොමද නැතිවුනේ ?

    1347 - 1353 -
    Black Death
    නැවත පැමිණීම

    1400 - 1500
    1600
    1700

    මිනිස් පරිනාමය සමග මෙම බැක්ටීරියාව සමග සටන් කිරීමට මිනිස් ජාන 40%ක් පමණ සමත් වෙලා තිබෙනවා
    ඒ කියන්නේ තවම පරිණාමය නොවුණු කොටසකට බලපෑමක් තිබෙනවා කියන එක

    2026 ඔක්තෝබර් 5 රුසියාවේ නැවත මම බැක්ටීරියාව මතුවීම් සහ කාන්තාවකගේ මරණය නැවත ප්‍රශ්නයක් මතු කරනවා
    අපි බලමු මිනිස්සුන්ට වෙන බලපෑම කොහොමද කියල නුතන තාක්ෂණයත් එක්ක.

    මේ ගැන වැඩියෙන් දැනගන්න පහල තියෙන වැඩසටහන්/ චිත්‍රපටි නරබන්න

    Secrets of the Dead: Chasing the Plague (2025)
    Lucy Worsley Investigates: The Black Death (2022)
    History of the Black Death – Full Documentary — YouTube

    චිත්‍රපටි
    Black Death (2010) — starring Sean Bean and Eddie Redmayne
    Return of the Black Death

    images
    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,597
    113
    35
    Spain
    මම මිස්ට බාලින් හොල්මන් කතාවක් ඇහුව. එකක තිබුන මළසිරුරු කොයිතරම් එකතු වුනාද කිව්වොත් ඒවා අස්කරලා දාන්න විදියක් තිබුනේ නෑ කියල. අන්තිමේ කරලා තියෙන්නේ රෝගීන් ඉන්න නිවාස ඇන ලෑලි ගහල සීල් කරලා. දවස් 40කට පස්සේ තමයි මල සිරුරු අයින් කරලා තියෙන්නේ. එකක රෝගියෙක් ඉඳල. තරුණ කෙල්ලක්. මේ රෝගියා ජීවතුන් අතර ඉඳල නිවාස වසා දමනකොට. උගුරේ තුවාල නිසා තමන් තාමත් පණපිටින් කියල කියන්න ශක්තියක් තිබිලා නැහැ. අන්තිමේ ආහාර නැතිතැන මේ කෙල්ල කරලා තියෙන්නේ ඒ වෙනකොට මියගිහින් ඉඳපු පවුලේ ඥාතීන් අනුභව කරපු එක. අවසානයේ දවස් 40කට පස්සේ දොරවල් කඩා විවෘත කලාම මළසිරුරු සොයාගෙන තිබුන. අර කෙල්ලත් මියගිහින්. මැරිලා තිබුනේ මස් උගුරේ සිරවීම නිසා.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,673
    6,111
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒ කාලෙ අපිත් ඉන්න ඇති
    වික්ටර් රත්නායක කියනවා වගේ

    බ්ලැක්ඩෙත් අපිටත් හැදෙන්නැති
    අපිත් මැරෙන්නැති ඒකාලේ
     

    AnuradhaRa

    Well-known member
  • වික්ටර් රත්නායක කියනවා වගේ

    බ්ලැක්ඩෙත් අපිටත් හැදෙන්නැති
    අපිත් මැරෙන්නැති ඒකාලේ
    ඔව්
    මොන තරං දුක් විදල ඇත්ද...
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    341
    433
    63
    Medieval cities were overcrowded, filled with garbage, and lacked proper sewage systems. Animal and human waste were frequently dumped into streets. This environment attracted massive populations of black rats. europe was so unsanitary back then
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    සමස්තයක් වශයෙන් බැලුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චරනම් මේ වගේ කඩඉම් පහු කරන්න ඇත්ද. යුද්ද, ලෙඩරෝග, සාගත, ස්වභාවික උපද්‍රව :(
     

    AnuradhaRa

    Well-known member
  • සමස්තයක් වශයෙන් බැලුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චරනම් මේ වගේ කඩඉම් පහු කරන්න ඇත්ද. යුද්ද, ලෙඩරෝග, සාගත, ස්වභාවික උපද්‍රව :(
    බුද්ධාගමේ කියන විදියට මනුස්සය තනි පුද්ගලයෙක් විදියට ගත්තත් මේ වගේ දේවල් අනන්ත ප්‍රමානයක් පසු කරල ඇති
    බිග් බැන් එකක් නෙමේනෙ
    බිග් බැන් වෙලා ඇති අනන්ත වතාවක්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    බුද්ධාගමේ කියන විදියට මනුස්සය තනි පුද්ගලයෙක් විදියට ගත්තත් මේ වගේ දේවල් අනන්ත ප්‍රමානයක් පසු කරල ඇති
    අනිවා බ්‍රෝ... මෙව්වට කියන්නේ ඉර්තු නියාම.... :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,997
    17,597
    113
    35
    Spain
    සමස්තයක් වශයෙන් බැලුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චරනම් මේ වගේ කඩඉම් පහු කරන්න ඇත්ද. යුද්ද, ලෙඩරෝග, සාගත, ස්වභාවික උපද්‍රව :(
    ඔවු බන්, ඔය විදිහේ වසංගත වලින් බේරිලා ඉතුරුවෙන උන් ශක්තිමත්, රෝගවලට ඔරොත්තු දෙනවා. පෘතුගීසි ස්පාඥ්ඥ ආක්‍රමණ නිසා මිලියන ගානක් රතු ඉන්දියන් සහ දකුණු ඇමරිකා මායා ඇස්ටෙක් ඉන්දියන් මිනිස්සු මැරුණා. එහෙම මැරුණේ යුද්ධ සාගත නිසා නෙවෙයි. සුදු මිනිස්සුන්ගෙන් බෝ වුනු සරම්ප, පැපොල වගේ රෝග නිසා. කලින් ඒ මිනිස්සු ඒ විදියේ රෝගවලට මූණ දීල තිබ්බේ නෑ. ඉන්දියන් ආණ්ඩුවෙනුත් අන්දමන් දූපත් වලට පිටස්තර මිනිස්සුන්ට යාම තහනම් කරලා තියෙන්නේ වසංගත රෝග පැතිරිලා ඒ මිනිස්සු වඳ වෙලා යාවි කියන භය නිසා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,499
    113
    Colombo, Sri Lanka
    ඔවු බන්, ඔය විදිහේ වසංගත වලින් බේරිලා ඉතුරුවෙන උන් ශක්තිමත්, රෝගවලට ඔරොත්තු දෙනවා. පෘතුගීසි ස්පාඥ්ඥ ආක්‍රමණ නිසා මිලියන ගානක් රතු ඉන්දියන් සහ දකුණු ඇමරිකා මායා ඇස්ටෙක් ඉන්දියන් මිනිස්සු මැරුණා. එහෙම මැරුණේ යුද්ධ සාගත නිසා නෙවෙයි. සුදු මිනිස්සුන්ගෙන් බෝ වුනු සරම්ප, පැපොල වගේ රෝග නිසා. කලින් ඒ මිනිස්සු ඒ විදියේ රෝගවලට මූණ දීල තිබ්බේ නෑ. ඉන්දියන් ආණ්ඩුවෙනුත් අන්දමන් දූපත් වලට පිටස්තර මිනිස්සුන්ට යාම තහනම් කරලා තියෙන්නේ වසංගත රෝග පැතිරිලා ඒ මිනිස්සු වඳ වෙලා යාවි කියන භය නිසා.
    අනිවා බ්‍රෝ. ලෝක ඉතිහාස කියනකොට රසවත් පාඩම් තියනවා. මම හරි කැමති එව්වා කියවන්න....
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,842
    9,263
    113
    I believe there was another (possibly minor) extinction event when the Corded Wear Culture (i.e. Yamnaya) from Central Asia migrated into Europe and met ancient European farmers there. This is bound to happen when two set of peoples, who have hitherto had an isolated existence, finally come into contact with each other. Benign pathogens from one group may be lethal to the other.

    Humans all over the globe have adequately mixed now so such extinction events are no longer possible (except via man-animal contact). Also this is why we cannot go and mingle with the North Sentinelese folks. That would possibly result in an involuntary mass murder of the natives there.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,777
    9,152
    113
    kandy
    BALCK DEATH කියන්නේ මහාමාරියට නේද
    ඕක පැතිරෙන්න කලින් පූසෝ හොයා හොයා මරුවා ලු පල්ලියේ කීමට
    ඊටපස්සේ මීයෝ බෝ උනාලු අසාමාන්‍ය විදිහට

    මමත් කියවපු දෙයක් .. වැරදි වෙන්න පුළුවන්