සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    377
    632
    93
    සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම
    මට වුන අත්දැකිම ලියන්න හිතුවා ඔයාලටත් මෙහෙම වෙල තියෙනවද?

    මේක ගොඩාක්ම වෙන්නේ කොළ පාට ලොගො එක තියෙන සුපර් මාර්කට් එක ලඟ. මොකද එතනට එන මිනිස්සුන්ව ටාගට් කරගෙන තමා මේ කල්ලි ගැහිලා මේ වැඩේ කරන්නේ.

    මට දෙපාරක් වුනා ලැජ්ජාවක් නෑනේ අෆ්ෆා ඉතින් හැදෙන්නෙ නෑ. මං වගේ ඉන්න අය ඉන්නවා නම් කල්පනාවෙන්.

    1 දවසම් මම කීල්ස් එකට යද්දි වයසක අම්මා කෙනෙක් ඇවිත් හොඳට ඇඳලා හිටියා බලන්න හරි ප්‍රිය මනාපයි ඒ අම්මව. අනේ පුතේ මහත්තයාට සනීප නෑ මට පාන් ගෙඩියක් අරන් දෙන්න පුළුවන් ද කියලා.

    අනේ ඉතින් මට හිතුනා පව් පිලිවෙලට ඇඳලා එහෙම මෙහෙම ඉල්ලන්නෙ නැතිකමට නේ කියලා. හා ඉන්න මම අරන් එන්නම් කියලා මම ඇතුලට යන්න යද්දි අනේ පුතේ වදේනේ මේ දරුවා එක්ක ආයේ එලියට එන්න මම එන්නම් කමක් නෑ පුතේ කිව්වා. මම ඉතින් හා කිව්වා.

    මම පාන් ගෙඩිය අරගෙන දෙනකොට ඔන්න එයාගේ ඊලඟ රැඟපෑම අනේ පුතේ පුංචි බටර් පැකට් එකක් ගන්නද ඇහුවා මම ඉතින් කමක් නෑ කියලා. හා කිව්වා බටර් එක හයිලන්ඩ් එකක් ගත්තා එතකොට මට පොඩ්ඩක් අව්ල් ගියා මම කිව්වා නැන්දා ලොකු මුදලක් අතේ නෑ ඇස්ට්‍රා එකක් ගන්න කියලා ඊට පස්සෙ 250g එකක් ගත්තා මම කිව්වා නැන්දා පොඩි එක ගන්න කියලා ඔන්න ඒක ගත්තා ඊට පස්සෙ බිස්කට් එකක් කෙසෙල් ගෙඩි ඔය වගේ අරගෙන අරගෙන යනවා. මම කතාකරන්න කරන්න ඇහෙන්නෙ නෑ වගේ යනවා. එයා බඩු ටික අරගෙන කෙලින්ම මාව බලන්නෙත් නැතිව බිල් කරන තැනට ගියා. මොනවා කරන්න්ද කෑ ගහගන්නද බෑ කියන්නද.. මම ගිහින් බිල් එක දුන්නා 1800/- ගානක් වුනා.

    බොරු කියන්න ඕන නෑනේ පිනක් කරගන්න ගියාට මට පව් පිරෙන්න ඇති මොකද මට ඒ කපටි වැඩේට කලකිරුනා. මගේ මුහුනවත් බලන්නෙ නැතිව බඩු ටික අරගෙන එලියට ගියා😞 හොඳම වැඩේ කියන්නේ ඔය ඔක්කොම බලාන හිටිය ගෙදර උන්දෑ. මම කිව්වා නේ 100/- දීලා පාඩුවේ ඉන්න කියලා ඇහුවේ නෑ නේ කියලා මට 🤣😂🤣😂 වුනා 🫣

    ඒ මිනිස්සු මේක කල්ලි ගැහිලා කරන්නෙ කියලා දැන් තෙරෙන්නෙ. ඔයාලා හිතනවද මම හැදුනා කියලා.

    නෑ මිතුර

    2 කොටස 🫣

    ආයේ දවසක් පොඩි ළමයෙක් ඇවිත් අනේ මිස් මටයි නංගිටයි කන්න බනිස් ගෙඩියකුයි කිරි පැකට් එකකුයි අරන් දෙන්න පුළුවන් ද ඇහුවා.

    ඔන්න ආයේ හිත උනුවෙලා මෙව්වා වෙලා ගියා ඉන්න පුතේ අරන් එන්න කියලා ඇතුලට ගිහින් ගනිද්දි මේ ළමයා ඇවිත් පිටිපස්සෙන් 🫣 නැන්දේ ඕවා කන්නෙ නෑ කියලා හොට් ඩෝග්ස් එක පෙන්නලා මේවා අරන් දෙන්න කිව්වා. කමක් නෑ පව් නේ කියලා අරන් දුන්නා ඔන්න දැන් මයිලෝ දෙකකුත් ගත්තා.. ආයේ අනේ මිස් අම්මටයි තාත්තටයිත් මොනවහරි අරම් දෙනවද ඇහුවා මම පාන් එකක් ගත්තා. පස්සෙ චොකලට් එකක් පෙන්නලා මේවා රසයි ද මිස් අපි කාලා නෑ ඔය වගේ එව්වා කිව්වා.. හොඳ වෙලාවට කීල්ස් එකේ මැනේජර් එවලේ එතන ඉඳන් ඇවිත් කිව්වා. මිස් මොනවත් අරන් දෙන්න එපා මෙයාලා මේක හැමදාම කරනවා අපි දැම් මෙතන මෙයාලට ඉන්න දෙන්නෙ නෑ කියලා. මිනිස්සුන්ව රවට්ටනවා කියලා. අර පොඩි පුතා අතේ තිබ්බ කෑම ටික අරන් දිව්වා. එව්වා බිල් කරලා තිබ්බේ.. මයිලෝ දෙකත් අරන් දිව්වා.

    මට හිතාගන්න බැරිවුනා පොඩි ළමයි මෙච්චර කපටියිද කියලා. ඇත්තෙන්ම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ. අපි හැමෝම ගොඩාක් සල්ලි තිබිලා නෙවෙයි මෙහෙම කරන්නේ. කෙනෙක් කන්න ඉල්ලුවම කටක් ඇරලා කන්න දෙන්න බෑ කියන්න බෑ. එහෙම කිව්වා නම් එහෙම එදා දවස නෙවෙයි කන කන හැම පාරකම මතක් වෙනවා අනේ මම නෑ කිව්වා නේ කියලා. අන්න ඒක නිසා හිත උනුවෙන නිසයි කාටම හරි උදව් කරන්නේ.

    ඔය වගේ මිනිස්සු කරන්නේ අපිව රවට්ටන එක. මම මේක ලිව්වේ. ඔයාලාට කවුරුම හරි ඇවිත් ඔහොම ඉල්ලුවොත් අරන් දෙන්න එපා 50/100 ක් දීලා අත අරින්න හිත හොඳ වෙලා එක්කන් ගිහින් අරන් දෙන්න යන්න එපා. අපිමයි අමාරුවේ වැටෙන්නෙ. අපි අසරණ වෙනවා ඒ රඟපෑම් වලට.

    ඔයලටත් මේ අත්දැකිම් තියේද?

    ඔයාලා හිතෙනවද මම හැදිලා කියලා 🫣🫣

    Copied
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,007
    113
    35
    Spain
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    377
    632
    93
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    ඇහුවමයි ඔහොම එකක්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,163
    4,632
    113
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    ඒකත් හොඳයි බං. කරදරයක් නැතුව ගියහැකි. ඒත් මට ඕකෙ අනිත් පැත්ත. මොකෙක් හරි එකෙක් එනවා බස් එකට නැග්ගොත්. වෙලාවට දැන් බස් එකේ යන්නෙම නෑ වගේ. කඩේකට ගියත් මොකෙක් හරි කතා කරනවා.
    පොඩි පොඩි චාන්සස් එහෙමත් තියෙනවා ඉතිං. රෙදි ගන්න එහෙම ගියාම ඒවෑ ඉන්න කෙල්ලොන්ව ෆිට් කරගත්තම, ඔෆර්ස් තියෙන ඒව එහෙම සට ගාල ලැබෙනව. එක හිනාවයි දාන්න ඕනෙ. :P :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,692
    113
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    images
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,194
    18,007
    113
    35
    Spain
    ඔහොම නෑ බන්, බස් එකේ ට්‍රේන් එකේ යනකොට හිඟන මනුස්සයෝ කොළ දික් කරනවා නේ, උන් එන්නෙත් නෑ බන්. උන් ඇහුවොත් රුපියල් 100ක් හරි දෙනවා. මන් කොල්ල කාලේ ඉඳල ඕක සිරාම අත්දැකීමක්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,174
    1
    11,692
    113
    ඔහොම නෑ බන්, බස් එකේ ට්‍රේන් එකේ යනකොට හිඟන මනුස්සයෝ කොළ දික් කරනවා නේ, උන් එන්නෙත් නෑ බන්. උන් ඇහුවොත් රුපියල් 100ක් හරි දෙනවා. මන් කොල්ල කාලේ ඉඳල ඕක සිරාම අත්දැකීමක්.
    mu apita wada hingannek kiyala hithenawa athi dakkama :rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,260
    113
    Kisima public thanaka higa kana unta denne na athapaya 4ma nathi unath..
    Mokada ona tharam pin balan dena buruwo innawa unta pudanna..

    Hospital athule, dura gaman bus stand wala katha karala salli illanna lajja, ainaka indan balan inna unta witharai tikak dial inspect karala salli denne..
    Lankawe real hingannek hoyanna patta amarui..
     
    Anyhacker

    Active member
  • Oct 5, 2026
    483
    203
    43
    මටත් ඔහොමම සෙට් වෙලා තියෙනවා බං එකපාරක් — හිත උනුවෙන තැන තමයි උන් වැඩේ කරන්නේ. අරන් දෙන්න එක්කන් යන එක නවත්තලා 50/100 ක් අතට දීලා නිකන් ඉන්න එක තමයි හොඳම විසඳුම. වැදගත් thread එකක්. 👍
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,423
    21,090
    113
    හස්තිශෛලපුර
    මටත් ඔහොමම සෙට් වෙලා තියෙනවා බං එකපාරක් — හිත උනුවෙන තැන තමයි උන් වැඩේ කරන්නේ. අරන් දෙන්න එක්කන් යන එක නවත්තලා 50/100 ක් අතට දීලා නිකන් ඉන්න එක තමයි හොඳම විසඳුම. වැදගත් thread එකක්. 👍
    mamanam 50/100 wat denne na..

    gedarata salli illan ena ewunta kiyak hari denawa un boru karayo unat/natat..
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,665
    1
    16,727
    113
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    :lol: :lol:
    අඩො මරුමුස් අංකල් කෙනෙක් කියනො ඇති....
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,868
    1,553
    113
    මේ වගේම Facebook පෝස්ට් එකක් තිබුණා. ඒකට සිය ගාණක් කමෙන්ට් දාලා තිබුණා. ඒකෙන්ම තේරෙනවා මේ දේ රටේ හැම තැනම වගේ වෙනවා කියලා. වැඩිහිටියන් විතරක් නෙවෙයි, ළමයින් සම්බන්ධ වෙලා තියෙනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,463
    55,527
    113
    Colombo
    මන් දැක්කම මිනිස්සු ලඟට එන්නේ නෑ බන්. බස් එකේ යනකොටත් සීට් එකේ මම වාඩිවෙලා යනකොට එකෙක් එන්නේ නෑ අනිත් සීට් එකට. ගඳ වෙන්නත් බෑ මන් ඩියෝ දාලා සෙන්ට් දාගෙන යන්නේ, මම මරුමුස් පෙනුමක් ඇත්තෙත් නෑ. තේරුම් ගන්න අමාරුයි සිද්දිය.
    589333.jpg
     
    Podda97

    Junior member
  • Mar 20, 2026
    52
    44
    18
    මේක ගොඩාක්ම වෙන්නේ කොළ පාට ලොගො එක තියෙන සුපර් මාර්කට් එක ලඟ.
    මේක හදලා කියපු බොරුවක් එකයි උබ නම කියන්න බය
     
    • Wow
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,260
    113
    තියපිය හුත්ති ඔක්කොම , කියල මුකුත් අරන් දෙන්නෙ නැතිව එනව මම
    Mukuth kiyanna deyak na, sadda nathuwa eliyata awama unta karanna deyak nane..
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,171
    113
    34
    Kalutara
    මම නම් ආහ අරන් පලයන් ගිහිල්ලා උඹම ගෙවපන් කියල පැත්තකට වෙලා ඉන්නවා. එතකොට අර ගෑනි ආයේ කතා කලොත් කියනවා මම උඹව අඳුරන්නේ නෑ කියල.