සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම
මට වුන අත්දැකිම ලියන්න හිතුවා ඔයාලටත් මෙහෙම වෙල තියෙනවද?
මේක ගොඩාක්ම වෙන්නේ කොළ පාට ලොගො එක තියෙන සුපර් මාර්කට් එක ලඟ. මොකද එතනට එන මිනිස්සුන්ව ටාගට් කරගෙන තමා මේ කල්ලි ගැහිලා මේ වැඩේ කරන්නේ.
මට දෙපාරක් වුනා ලැජ්ජාවක් නෑනේ අෆ්ෆා ඉතින් හැදෙන්නෙ නෑ. මං වගේ ඉන්න අය ඉන්නවා නම් කල්පනාවෙන්.
1 දවසම් මම කීල්ස් එකට යද්දි වයසක අම්මා කෙනෙක් ඇවිත් හොඳට ඇඳලා හිටියා බලන්න හරි ප්‍රිය මනාපයි ඒ අම්මව. අනේ පුතේ මහත්තයාට සනීප නෑ මට පාන් ගෙඩියක් අරන් දෙන්න පුළුවන් ද කියලා.
අනේ ඉතින් මට හිතුනා පව් පිලිවෙලට ඇඳලා එහෙම මෙහෙම ඉල්ලන්නෙ නැතිකමට නේ කියලා. හා ඉන්න මම අරන් එන්නම් කියලා මම ඇතුලට යන්න යද්දි අනේ පුතේ වදේනේ මේ දරුවා එක්ක ආයේ එලියට එන්න මම එන්නම් කමක් නෑ පුතේ කිව්වා. මම ඉතින් හා කිව්වා.
මම පාන් ගෙඩිය අරගෙන දෙනකොට ඔන්න එයාගේ ඊලඟ රැඟපෑම අනේ පුතේ පුංචි බටර් පැකට් එකක් ගන්නද ඇහුවා මම ඉතින් කමක් නෑ කියලා. හා කිව්වා බටර් එක හයිලන්ඩ් එකක් ගත්තා එතකොට මට පොඩ්ඩක් අව්ල් ගියා මම කිව්වා නැන්දා ලොකු මුදලක් අතේ නෑ ඇස්ට්‍රා එකක් ගන්න කියලා ඊට පස්සෙ 250g එකක් ගත්තා මම කිව්වා නැන්දා පොඩි එක ගන්න කියලා ඔන්න ඒක ගත්තා ඊට පස්සෙ බිස්කට් එකක් කෙසෙල් ගෙඩි ඔය වගේ අරගෙන අරගෙන යනවා. මම කතාකරන්න කරන්න ඇහෙන්නෙ නෑ වගේ යනවා. එයා බඩු ටික අරගෙන කෙලින්ම මාව බලන්නෙත් නැතිව බිල් කරන තැනට ගියා. මොනවා කරන්න්ද කෑ ගහගන්නද බෑ කියන්නද.. මම ගිහින් බිල් එක දුන්නා 1800/- ගානක් වුනා.
බොරු කියන්න ඕන නෑනේ පිනක් කරගන්න ගියාට මට පව් පිරෙන්න ඇති මොකද මට ඒ කපටි වැඩේට කලකිරුනා. මගේ මුහුනවත් බලන්නෙ නැතිව බඩු ටික අරගෙන එලියට ගියා
හොඳම වැඩේ කියන්නේ ඔය ඔක්කොම බලාන හිටිය ගෙදර උන්දෑ. මම කිව්වා නේ 100/- දීලා පාඩුවේ ඉන්න කියලා ඇහුවේ නෑ නේ කියලා මට 

වුනා 🫣
ඒ මිනිස්සු මේක කල්ලි ගැහිලා කරන්නෙ කියලා දැන් තෙරෙන්නෙ. ඔයාලා හිතනවද මම හැදුනා කියලා.
නෑ මිතුර
2 කොටස 🫣
ආයේ දවසක් පොඩි ළමයෙක් ඇවිත් අනේ මිස් මටයි නංගිටයි කන්න බනිස් ගෙඩියකුයි කිරි පැකට් එකකුයි අරන් දෙන්න පුළුවන් ද ඇහුවා.
ඔන්න ආයේ හිත උනුවෙලා මෙව්වා වෙලා ගියා ඉන්න පුතේ අරන් එන්න කියලා ඇතුලට ගිහින් ගනිද්දි මේ ළමයා ඇවිත් පිටිපස්සෙන් 🫣 නැන්දේ ඕවා කන්නෙ නෑ කියලා හොට් ඩෝග්ස් එක පෙන්නලා මේවා අරන් දෙන්න කිව්වා. කමක් නෑ පව් නේ කියලා අරන් දුන්නා ඔන්න දැන් මයිලෝ දෙකකුත් ගත්තා.. ආයේ අනේ මිස් අම්මටයි තාත්තටයිත් මොනවහරි අරම් දෙනවද ඇහුවා මම පාන් එකක් ගත්තා. පස්සෙ චොකලට් එකක් පෙන්නලා මේවා රසයි ද මිස් අපි කාලා නෑ ඔය වගේ එව්වා කිව්වා.. හොඳ වෙලාවට කීල්ස් එකේ මැනේජර් එවලේ එතන ඉඳන් ඇවිත් කිව්වා. මිස් මොනවත් අරන් දෙන්න එපා මෙයාලා මේක හැමදාම කරනවා අපි දැම් මෙතන මෙයාලට ඉන්න දෙන්නෙ නෑ කියලා. මිනිස්සුන්ව රවට්ටනවා කියලා. අර පොඩි පුතා අතේ තිබ්බ කෑම ටික අරන් දිව්වා. එව්වා බිල් කරලා තිබ්බේ.. මයිලෝ දෙකත් අරන් දිව්වා.
මට හිතාගන්න බැරිවුනා පොඩි ළමයි මෙච්චර කපටියිද කියලා. ඇත්තෙන්ම ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ. අපි හැමෝම ගොඩාක් සල්ලි තිබිලා නෙවෙයි මෙහෙම කරන්නේ. කෙනෙක් කන්න ඉල්ලුවම කටක් ඇරලා කන්න දෙන්න බෑ කියන්න බෑ. එහෙම කිව්වා නම් එහෙම එදා දවස නෙවෙයි කන කන හැම පාරකම මතක් වෙනවා අනේ මම නෑ කිව්වා නේ කියලා. අන්න ඒක නිසා හිත උනුවෙන නිසයි කාටම හරි උදව් කරන්නේ.
ඔය වගේ මිනිස්සු කරන්නේ අපිව රවට්ටන එක. මම මේක ලිව්වේ. ඔයාලාට කවුරුම හරි ඇවිත් ඔහොම ඉල්ලුවොත් අරන් දෙන්න එපා 50/100 ක් දීලා අත අරින්න හිත හොඳ වෙලා එක්කන් ගිහින් අරන් දෙන්න යන්න එපා. අපිමයි අමාරුවේ වැටෙන්නෙ. අපි අසරණ වෙනවා ඒ රඟපෑම් වලට.
ඔයලටත් මේ අත්දැකිම් තියේද?
ඔයාලා හිතෙනවද මම හැදිලා කියලා 🫣🫣
Copied