කොළපාට සමනල කන්ද සුදුපාට පර්වතයක් කල මලුවේ කසල කන්ද

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    Copied

    රත්නපුර දිස්ත්‍රික් මහලේකම්තුමා ඇතුලු කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය සභාව සහ සිරිපා මලුවේ සියලුම ගිහි පැවිදි භාරකරුවන් වෙත සංවේගයෙනි,

    දැනටමත් සදාතනික කැලැල් දෙකක් සමනල කන්දට එක් කල මේ දැවැන්ත සෝචනීය නායයෑම් දෙක සිදු වී ඇත්තේ සිරිපා මලුවේ සිට බව ඇස් පෙනෙන කාටත් පහත පින්තූරය බැලූ විට පෙනි යයි.

    මලුවේ සිට නාය යෑමට තරම් එක් රැස් වන කසල මොනවාදැයි අපි බලමු.

    01. ඔබ වදින්න ගෙන එන මල්
    02. කුස්සියෙන් බැහැර කරන ආහාර ද්‍රව්‍ය
    03. ඔබ ගෙන එන ආහාර සහ
    04. ඒවායේ ඇසුරුම්
    05. මැටි පහන්
    06.හඳුන්කූරු කවර
    07. තෙල් බෝතල්
    08.. බෑග් වර්ග
    09. ඇදුම්
    10. සපත්තු / සෙරෙප්පු

    බැලූ බැල්මට මේවායින් කොටසක් දිරාපත් වන ද්‍රව්‍ය වන අතර බිස්කට් පැකට්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් පොලිතීන් නොදිරන ද්‍රව්‍ය වේ.

    පසුගිය දිනවල අප සමූහය විසින් පලකරන ලද නායයෑමේ කසල අපද්‍රව්‍ය වල මේ සියල්ල තිබිණි.

    දිරන අපද්‍රව්‍ය පවා අධික සීතල සහ තෙතමනය නිසා ස්වභාවිකව දිරාපත් වන ක්‍රියාවලිය සිදුවන්නෙ ඉතා සෙමෙන් වන අතර,පසේ ආම්ලිකතාවය ඉහල ගොස් පසේ ස්ථාවරත්වය බිදී නායයෑමට මග පාදයි.

    මලුවේ කසල ඉවත් කිරීම සඳහා අප විසින් 2024 වර්ෂයේ සිට ලිඛිත යෝජනා අදාල බලධාරීන් වෙත ගෙනවිත් ඇත.

    මලුවේ එක්වන අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති වැදගත්කම දැන් බොහෝ කාලයක සිට රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සහ රත්නපුර ප්‍රාදේශීය සභාව විසින් හදුනාගෙන ඒවාට සැලසුම් සකස්කර ඇති බව අපි හොදින් දනිමු. එසේ නමුදු අප නොදන්නා හේතුවක් මත එම සැලසුම් බාලගිරි දෝෂයට හසුවී දිට්වා වලට හසුවී කලුගග දිගේ ගසාගෙන ගොස් කලුතරින් මූදට වැටී දැන් දියවැලකට හසුවී ඇන්ටාක්ටිකාව දෙසට ඇදී නොපෙනී ගොස් ඇති බව අපට පෙනේ.

    ගරු දිස්ත්‍රික් ලේකම්තුමනි,
    නිසි බලධාරයනි,

    පී.බී. අල්විස් පෙරේරා මහතා ලිව්වේ සතර මහා ගංගා සමනල කන්දේ සිට පැන නැග්ගා කියා මිස, සතර මහා නායයෑම් සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා කියා නොවේ. දැනටමත් මාස 8ක් තුල සමනල කන්දේ දෙපසකින් කොලපාට සලුපිලි ලෙහී සුදුපාට පර්වතය මතුවන තෙක් නායයෑම් දෙකක් සිදුවී තිබේ.

    මේවා සුලුකොට තැකුවහොත් හෞ තවත් කාලයක් සැලසුම් සකස් කරමින්ම සිටියොත් , සමනල කන්දේ කසල කලමණාකාරණය සඳහා තවදුරටත් සැලසුම් සකස් කිරීමෙන් වැඩක් නැති වන්නටද පිළිවන. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. මේ මොහොතේම ඔබ ක්‍රියාත්මක වන්න. අවශ්‍ය ප්‍රසම්පාදන සදහා කඩිනමින් ක්‍රියාත්මක වන්න. ඊලග සිරිපා වාරයට තව මාස දෙකක් ඉතිරි වී තිබේ.

    මලුවට මේ කුණු කන්ද තවදුරටත් දරාගත නොහැකිය. සදාකාලික වේදනාවක් විඳිනවාට වඩා දැන්වත් ක්‍රියාත්මක වී මලුවේ කසල ප්‍රශ්නය විසඳන්න.

    ඒ වෙනුවෙන් අපිට කල හැකි සෑම දෙයම අපි කරමු.

    ලේකම්
    සමනල කන්ද රසික එකමුතුව

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,822
    51,048
    113
    සේදවත්ත
    ඇයි ඔය මගුල නගිනකොට ඇදුමයි වතුර බෝතලයක් ඇරෙන්න වෙන කිසි දෙයක් ගෙනියන්න නොදෙන්න බැරි.
    කඩ තියනවා එවගෙන් ගනිල්ලා උන්ටත් බිස්නස් අරන් යන්න බෑ කාල බීලා පලයන් . සමහරු නගින්නේ ඇනුවල් ට්‍රිප් එක වගේ මොල්ද මන්දා . සිරිපාදේ යනවා කතරගම යනවා ඔච්චර තමා . උන් ඇදේ කරන්නෙත් එකම විදියට වෙන්න ඕනේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    පරිසරයට මේ තරම් හානියක් වෙද්දිත් බලධාරීන් නිහඬව ඉන්න එක කණගාටුදායකයි. යෝජනා විතරක් නෙවෙයි, ඉක්මන් ක්‍රියාමාර්ගයක් අරගෙන මේ කසල කන්ද ඉවත් කරන්න ඕන.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    225
    286
    63
    ලංකාවේ මේ වෙනකං හොදම පරිසර හිතකාමී ගයිඩ් ලයින් එක දැක්කේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය විතරයි.. පොලිතින් ගෙනියන්න බෑ. හැම දෙයක්ම චෙක් කරනවා queue එකේ.. අපද්‍රව්‍ය තියෙනවානම් එතන daspin වලට දාලා උවමානම දේවල් විතරක් අරන් යන්න දෙන්නේ... මේ විධියට ශ්‍රී පාද පුදබිම ට නීති රීති හඳුන්වලා දෙන්න පුලුවන්නම් පොලිතින් ජල මුලාශ්‍ර වලට එකතුවෙන එක නතරකරගන්න පුළුවන්.. season එකේ වැඩිම ජනතාවක් යන ප්‍රධාන මාවත් තුනම පොලිතින් බැහැර කලාපයක් විධියට චෙක් වෙනවනම් හරි...
    මේවායේ භාරකාරත්වය එක්ක ආණ්ඩු ව මතවාදී අවුල් ඇති.. ලංකාවේ ප්‍රධාන පරිසර පද්ධතියක්, ජල මූලාශ්‍රයක් හරියට රැකගන්න බැරි එක. රටේ මහම මහා අවුලක්...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,731
    6,180
    113
    හෝම් ස්වීට් හෝම්
    සිරිපාදේ රීලා තියෙන්නේ

    කඩ ටිකෙන්ම කොච්චර ජරාවක් දානවද කැලේට

    අඩියක් තියන්න බෑ අර ඉඳිකටු, හඳුන්කූරු පැක් බිම හැමතැනම
    අනික යන්නෙත් ඩස්පයෝ උන්ට කිසිම සිවික් සෙන්ස් එකක් නෑ
    පාරේ කෙලගහනවා, පොඩි එවුන් පාරේ රෙනවා

    චැහ්

    මතක් වෙද්දිත් අප්පිරියා තැනක් තමා සිරීපාදේ, පුදුම ලස්සන තැනක් හැබැයි දෙන් නං කාලා තියෙන්නේ
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,707
    1,025
    113
    Copied

    රත්නපුර දිස්ත්‍රික් මහලේකම්තුමා ඇතුලු කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය සභාව සහ සිරිපා මලුවේ සියලුම ගිහි පැවිදි භාරකරුවන් වෙත සංවේගයෙනි,

    දැනටමත් සදාතනික කැලැල් දෙකක් සමනල කන්දට එක් කල මේ දැවැන්ත සෝචනීය නායයෑම් දෙක සිදු වී ඇත්තේ සිරිපා මලුවේ සිට බව ඇස් පෙනෙන කාටත් පහත පින්තූරය බැලූ විට පෙනි යයි.

    මලුවේ සිට නාය යෑමට තරම් එක් රැස් වන කසල මොනවාදැයි අපි බලමු.

    01. ඔබ වදින්න ගෙන එන මල්
    02. කුස්සියෙන් බැහැර කරන ආහාර ද්‍රව්‍ය
    03. ඔබ ගෙන එන ආහාර සහ
    04. ඒවායේ ඇසුරුම්
    05. මැටි පහන්
    06.හඳුන්කූරු කවර
    07. තෙල් බෝතල්
    08.. බෑග් වර්ග
    09. ඇදුම්
    10. සපත්තු / සෙරෙප්පු

    බැලූ බැල්මට මේවායින් කොටසක් දිරාපත් වන ද්‍රව්‍ය වන අතර බිස්කට් පැකට්, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් පොලිතීන් නොදිරන ද්‍රව්‍ය වේ.

    පසුගිය දිනවල අප සමූහය විසින් පලකරන ලද නායයෑමේ කසල අපද්‍රව්‍ය වල මේ සියල්ල තිබිණි.

    දිරන අපද්‍රව්‍ය පවා අධික සීතල සහ තෙතමනය නිසා ස්වභාවිකව දිරාපත් වන ක්‍රියාවලිය සිදුවන්නෙ ඉතා සෙමෙන් වන අතර,පසේ ආම්ලිකතාවය ඉහල ගොස් පසේ ස්ථාවරත්වය බිදී නායයෑමට මග පාදයි.

    මලුවේ කසල ඉවත් කිරීම සඳහා අප විසින් 2024 වර්ෂයේ සිට ලිඛිත යෝජනා අදාල බලධාරීන් වෙත ගෙනවිත් ඇත.

    මලුවේ එක්වන අපද්‍රව්‍ය කළමනාකරණයේ ඇති වැදගත්කම දැන් බොහෝ කාලයක සිට රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමා ප්‍රමුඛ ලේකම් කාර්යාලය, රත්නපුර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සහ රත්නපුර ප්‍රාදේශීය සභාව විසින් හදුනාගෙන ඒවාට සැලසුම් සකස්කර ඇති බව අපි හොදින් දනිමු. එසේ නමුදු අප නොදන්නා හේතුවක් මත එම සැලසුම් බාලගිරි දෝෂයට හසුවී දිට්වා වලට හසුවී කලුගග දිගේ ගසාගෙන ගොස් කලුතරින් මූදට වැටී දැන් දියවැලකට හසුවී ඇන්ටාක්ටිකාව දෙසට ඇදී නොපෙනී ගොස් ඇති බව අපට පෙනේ.

    ගරු දිස්ත්‍රික් ලේකම්තුමනි,
    නිසි බලධාරයනි,

    පී.බී. අල්විස් පෙරේරා මහතා ලිව්වේ සතර මහා ගංගා සමනල කන්දේ සිට පැන නැග්ගා කියා මිස, සතර මහා නායයෑම් සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා කියා නොවේ. දැනටමත් මාස 8ක් තුල සමනල කන්දේ දෙපසකින් කොලපාට සලුපිලි ලෙහී සුදුපාට පර්වතය මතුවන තෙක් නායයෑම් දෙකක් සිදුවී තිබේ.

    මේවා සුලුකොට තැකුවහොත් හෞ තවත් කාලයක් සැලසුම් සකස් කරමින්ම සිටියොත් , සමනල කන්දේ කසල කලමණාකාරණය සඳහා තවදුරටත් සැලසුම් සකස් කිරීමෙන් වැඩක් නැති වන්නටද පිළිවන. එබැවින් තවත් ප්‍රමාද නොවන්න. මේ මොහොතේම ඔබ ක්‍රියාත්මක වන්න. අවශ්‍ය ප්‍රසම්පාදන සදහා කඩිනමින් ක්‍රියාත්මක වන්න. ඊලග සිරිපා වාරයට තව මාස දෙකක් ඉතිරි වී තිබේ.

    මලුවට මේ කුණු කන්ද තවදුරටත් දරාගත නොහැකිය. සදාකාලික වේදනාවක් විඳිනවාට වඩා දැන්වත් ක්‍රියාත්මක වී මලුවේ කසල ප්‍රශ්නය විසඳන්න.

    ඒ වෙනුවෙන් අපිට කල හැකි සෑම දෙයම අපි කරමු.

    ලේකම්
    සමනල කන්ද රසික එකමුතුව

    yan un danagannth ona bn, inna un danagannath ona, police checkpoint wala un nidi. hortan thanna wage kala nam hari
    yankota okkoma balalaa yawnne,
    anika ochchara wathura thiyena eke oke wathura bothal beema bothal thahanam karanna ona,
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    ශ්‍රී පාදය වගේ පූජනීය තැනක් කසල වලින් පිරෙන එක ඇත්තටම කණගාටුදායකයි. එන හැමෝම තමන් ගෙනියන ප්ලාස්ටික් බෝතල්, ඇසුරුම් ආපහු අරන් එන පුරුද්ද හදාගත්තොත් මේ ප්‍රශ්නේ ලොකු දුරකට විසඳෙයි.
     
    • Sad
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,900
    6,027
    113
    ශද්ධාව වැඩිකමට ලන්කාවෙ ආයෝජකයො හෝටල් CCTV ලීක් කරල උපවාසත් නවත්තල දෙනව