BYD වල මම දකින ලොකු ප්රශ්න 2යි තියෙන්නෙ.මහත්වරුනි, දිනෙන් දින ඉහල යන ඉන්ඩන මිලයි, අලුත් වාහනයක් ගන්න තියෙන ආසාවත් එක්ක BYD රතයක් ගැන ආසාවක් ආවා.
- BYD පාවිච්චි කරන ඔයාලගෙ එක්ස්පීරියන්ස් එක කොහොමද ?
- මොකද්ද පාවිච්චි කරන මොඩල් එක ? Kilometers ගාන on paper තියෙන ගානම යන්න පුලුවන් ද නැත්නම් ඒට වඩා ගොඩක් අඩු ද ?
- ඔයාල චාර්ජ් කරන්නෙ ගෙදරම නම් චාර්ජ් කරන්න දාන්නෙ කොයි වෙලාවටද ?
- 5kw සෝලා එකක් මේවැඩේට ඇති ද ?
- චාර්ජින් පොයින්ට්ස් වලින් චාර්ජ් කරනකොට කොච්චර මුදලක් වැය වෙනවද?
- මේන්ටෙනන්ස් කොහොම්ද ? සර්විස් කරනකොට තත්වය කොහොමද කීයක් යනවද ?
- byd සම්බන්ධව ජොන් කීල්ස් සර්විස් රෙපෙයාර් සම්බන්ධ ගැටළු උන් විස්දනවද ?. නැත්නම් අපි පොඩි දේටත් waiting ලිස්ට් එකේ ඉන්න ඕනද ? .
තව ඉතින් ඔය මහත්තුරු අරන් පාවිච්චි කරනකොට ඉගෙන ගත්ත දේවල්, ගුන දොස්, ඉස්සරහට එන අලුත් අප්ඩේට්ස් / මොඩල් ගැන දන්න දේවල් එහෙමත් දාගෙන යන්න. තව කෙනෙක්ටත් වැදගත් වෙයි.
Atto 2 / Atto 3 කියල දාල තියෙන්න දැන්ට ආසාව තියෙන්න මේ මොඩල්ස් 2 ට නිසා.
BYD Atto 2
![]()
BYD Atto 3 එක ගැන බලනකොට Yuan Plus Atto 3 කියන මොඩෙල් එක එනව කියල දැක්ක. ඒක මෙහෙට එනකොට කීයක් වගේ වෙයිද දන්නෙ නැහ.
![]()
එක, after sales service එක. බඩු කැඩුනොත් ආයි හදාගන්න පට්ට කාලයක් යනවා, මාස ගානක් වෙන්න පුලුවන්. ඉතින් ඒක උඹේ එකම වාහනේ විදියටනම් තියෙන්නෙ ඒක පට්ට risky.
දෙවනි එක තමා, depreciation එක, මේවත් නිකන් චයිනීස් ෆෝන් වගෙ. අවුරුදු 2 3 යද්දි මීට වඩා සුපිරි මොඩල් ඇවිල්ලා මේවා ගත්ත ගානට වඩා 50%ක් විතර අඩුවෙන් තමා දෙන්න වෙන්නෙ. එහෙම උනාම ඉතින් අලුත් වාහනේකට upgrade වෙන්න සාමන්ය මිනිහෙක්ට බෑ. ඉතින් හිතපන්කො අලුත් බඩුවක් පාරෙ යනකොට උඹට හිත හදාගෙන මේක අවුරුදු 5 10ක් පදින්න පුලුවන්ද?