වාල්මිකීගේ රාමායණයේ එන මිහිපිට සුරපුරයක් බඳු රාවණගේ ලංකාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    එතකොට, මෙතන -> පෙන්වන දේවල් එකක් වත් අදාළ නැද්ද?

    රාවනා සෙල්ලිපි ගලේ කොටලා තියෙනවනේ?

    "හන මකර මහඣක පුත ගොනස ලෙනෙ."
    (සේනාපති මකරගේ පුත් ගෝනසගේ පුත් මකරගේ ලෙණයි.)
    -අරණ‍ායක අම්බලන්කන්ද-

    "තණ වඩන ද හක ලෙණෙ."
    (තණ වඩක / තෘණ බින්දුගේ ලෙණයි.)
    -වෙස්සගිරිය-

    "රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
    (රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)
    -අරණායක ර‍ාක්ෂගල-
    ඕක ඔහොම නන් මේ වෙනම සිංහල කියලා රටක් ඇයි මහාභාරතයේ, රාමායණය edition වල mention වෙන්නේ.

    රාවණා කියන්නේ සක්විති රාජ පරම්පරාවක කෙනෙක්. බුදුන් ඉපදුණු දවසේ බමුණන් කිව්වේ, "මේ කුමාරයා එක්කෝ බුදු වෙනවා, නැතිනම් සක්විති රජ වෙනවා" කියලා. ඒ කියන්නේ, "සක්විති රජ කෙනෙක් / රාජ පරම්පරාවක්" බුදුන් ඉපදුණු දේශයේ ඉඳලා තියෙනවා.

    ඕනෑම ගමක නමක් හැදෙන්නේ ඊට අදාළ යම් ඉතිහාස සිදුවීමක් මුල් කරගෙන. ලංකාවේ තියෙන පරණ ගම් / නගරවල නම් බැලුවොත්, ඒ හැම එකකටම යම් ඉතිහාස කතාවක් තියෙනවා. ඒවායේ නම් හැදෙන්නත් හේතු තිබෙනවා. මේ තියෙන්නේ රාමායණ කතාවට සම්බන්ධ ලංකාවේ දැනටත් තියෙන ගම් / ස්ථාන විශාල ප්‍රමාණයක් අතරින් කිහිපයක්.

    හක්ගල උද්භිද උද්‍යානය (අශෝක වනය)
    දිවුරුම්පොළ
    ස්ත්‍රීපුර ගුහා
    සීතා කොටුව
    රාවණා ඇල්ල
    රාවණා ගුහාව
    උස්සන්ගොඩ
    කන්නියා උණුදිය ළිං
    දුනුවිල
    නාග පුෂ්ප ගුහාව
    රූමස්සල කන්ද
    රාම සේතුව (ආදම්ගේ පාලම)

    මේ තැන් (සහ දැනටමත් ඉතුරුවෙලා තියෙන දේවල්) රාමායණ කතාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවාම, ලේසියෙන්ම තේරෙනවා මෙතැන අතීතයේ ඇත්තටම සිදුවුණු ඉතිහාස කතාවක් තමයි තියෙන්නේ කියන එක. වාල්මීකි කියන්නේ ඉන්දියානුවෙක්. ඔහු රාමායණය ඔවුන්ට වාසි සහගත විදිහට ලිව්වා කියන එක, ඒ කතාව හොඳින් කියවලා බැලුවොත් තේරෙනවා.
    ලංකාව අතීතයේ තිබුණේ රක්ෂ, නාග ආදී විදිහට රාජ්‍ය හතරක් විදිහට. (සිවු හෙළය කියන එක තමයි සිංහලේ කියලා හැදිලා තියෙන්නේ.) රාවණාට මුළු ලංකාවම විතරක් නෙවෙයි, ඉන්දියාවේ කොටසකුත් පාලනය කළා කියලා කියන්නේ. මේ නිසයි ඔහු සක්විති රජෙක් වෙන්නෙත්. මේ විදිහට හැම සාක්ෂියක්ම එකතු කළාම ඔක්කොම එකකට එකක් ගැළපෙනවා.

    සිගිරියේ තියෙන තාක්ෂණය ගැන පොඩි හරි අධ්‍යයනයක් කළොත් තේරෙනවා ඒක කොච්චර දියුණු තාක්ෂණයක් භාවිත කරලා තියෙනවද කියලා. සිගිරිය සහ ඔය (Ramayanayee) කියන රාවණාගේ රාජධානිය පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න.
    ඔය ඇත්ත කතා, ජනකතා ගොඩක් මික්ස් කරගෙන සැකයේ වාසිය අරගෙන හදන story ටිකක් විතරයි.

    එහෙම evidence නෑ.
    ------ Post added on Nov 14, 2026 at 7:56 PM
     
    • Like
    Reactions: War Fighter

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,152
    909
    113
    ඕක ඔහොම නන් මේ වෙනම සිංහල කියලා රටක් ඇයි මහාභාරතයේ, රාමායණය edition වල mention වෙන්නේ.

    එකම ග්‍රන්ථයේ "සිංහල" සහ "ලංකාපුරය" එකවරටම සටහන් වෙනවද?

    එහෙම evidence නෑ.

    ගලේ කොටලා තෙයෙන ඒවා "evidence" නෙවෙයිද?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    එකම ග්‍රන්ථයේ "සිංහල" සහ "ලංකාපුරය" එකවරටම සටහන් වෙනවද?
    ඕව් රාමනයන සස්කරණයක ඕක කියන්නේ විභීෂණ යුද්ධ ඉවර වෙලා කට්ටියම උඩින් ආපහු යනකොට පහළ පෙන්නලා.
    ගලේ කොටලා තෙයෙන ඒවා "evidence" නෙවෙයිද?
    නම විතරක් මදි ඔය කතාව ඔප්පු කරන්න
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,152
    909
    113
    ඕව් රාමනයන සස්කරණයක ඕක කියන්නේ විභීෂණ යුද්ධ ඉවර වෙලා කට්ටියම උඩින් ආපහු යනකොට පහළ පෙන්නලා.

    අදාළ මුලාශ්‍ර කොටස පෙන්වන්න.

    විභීෂණ නේ රාවනාගේ මල්ලි. විභීෂණ ජිවත් වුන රට මොකක්ද සාක්ෂි සහිත ?

    නම විතරක් මදි ඔය කතාව ඔප්පු කරන්න

    එතකොට, ඔබතුමා රාවනා ඉන්දියාවේ කියන දේට භාවිත කල සාක්ෂි මොනවද?

    ලංකාවට වඩා ඉන්දියාවේ තියෙන සාක්ෂි මොනවද සෙල්ලිපි එහම.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    372
    63
    Gampaha
    එකම ග්‍රන්ථයේ "සිංහල" සහ "ලංකාපුරය" එකවරටම සටහන් වෙනවද?
    රාමායණයේ තියෙන්නේ "ලංකාපුරය" කියලා මිසක් "සිංහලේ" කියලා නෙවෙයි. නාග හෙළය, දේව හෙළය පස්සේ එකතු වෙලා සිව් හෙළය හැදෙන්න ඇති.
    ඔය ඇත්ත කතා, ජනකතා ගොඩක් මික්ස් කරගෙන සැකයේ වාසිය අරගෙන හදන story ටිකක් විතරයි.
    රාමායණය අවුරුදු 5000කට විතර කලින් සිදු වූ දෙයක් කියලා කියන්නේ. එච්චර කාලයක් යද්දී යම් යම් වෙනස්වීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් "කිසි දිනක සිදු නොවූ ෆැන්ටසි කතාවක් මිනිස්සු මෙච්චර කාලයක් තිස්සේ විශ්වාස කරගෙන, ජනකතා විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ගෙනිච්චා කියන එක" පිළිගන්න බැහැ කොහෙත්ම.
    මේක ඇත්ත සිදුවීමක් නිසා සහ ඒක තමන්ගේ අතීත පරම්පරාවේ වීරකමක් විදිහට මිනිස්සු දැකපු නිසායි, අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ පරම්පරාවල මිනිස්සු මේවා ඉස්සරහට ගෙනිච්චේ කටින් කට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    අදාළ මුලාශ්‍ර කොටස පෙන්වන්න.
    රාවණගෙ පරාජයෙන් පස්සෙ පුෂ්පක යානයේ නැඟිලා ලංකා දූපතේ ඉඳලා නැවතත් අයෝධ්‍යාවට යන ශ්‍රී රාම ඇතුළු පිරිසට අපේ රට හෙවත් සිංහලය දකින්න ලැබෙනවා. රාමත් එක්ක හිටපු විභීෂණ අපේ රට මෙන්න මේ විදියට විස්තර කරනවා.

    “පශ්‍යස්ප්‍රෙ ජලධිපරිඛං
    මණ්ඩලං සිහලානං
    චිත්‍රොත්තත සණිමයභුවා
    රොහණෙනා චලේනා
    යෙධ චතුර සණ්ධන යදදූතාං
    ගා භාවති ගමිතං රත්නතාං දුක්තිගර්භඃ
    ජනශ්ච වාක්සුධාසුතිමණිසෘතිශ්වා රොහණඃ
    නාන්‍යත්‍ර න්‍යත්‍ර සිහලද්වොපාන්‍යුක්තාසුතිදච සාගරඃ”

    “සිංහලය නම් වූ
    මහා සයුරින් වටවූ
    කුමරි හිස පැළැන්ඳූ
    රුහුණෙ (සිරිපා) කඳු උස් ගැබට නැඟුනූ
    පොළොව සරු සාරයි
    මැණික් මුතුයෙන් භාරයි
    සුමුදු වදනින් යුත් සභාවයි
    සිංහලය මේ අලංකාරයි”

    මේ සිද්ධිය අඩංගු වෙන්නෙ මහාකවි රාජශේඛරගෙ බාලරාමායණයේ. ලියවෙන්නෙ ව්‍යා. ව. 4වන සියවසේදී (ශෂික ප්‍රසාද්). අපේ රටේ මහසෙන් රජතුමාගේ පාලන කාලය (ව්‍යා. ව. 273–301) අවසන් වෙලා ශ්‍රී දළදා වැඩමවන කීර්ති ශ්‍රී මේඝවර්ණ (ව්‍යා. ව. 301–328), දෙවන ජෙට්ඨතිස්ස (ව්‍යා. ව. 328–337), මහා වෛද්‍ය බුද්ධදාස (ව්‍යා. ව. 341–370), පළමු උපතිස්ස (ව්‍යා. ව. 370–412) වගේ රජවරු රජකම් කරන්නේ සිව්වන සියවසේදී. මේ අපේ රටේ සෞභාග්‍යමත්ම කාලසීමාවක්.
    මේ කාලයේදී අපේ රට සිංහලය වෙලා ලංකාපුරය වෙනම රටක් කියලා තමයි භාරතය තුළ පවා විශ්වාස කෙරුනේ. මේ රටේ භික්ෂූන්වහන්සේලා අතර දසරථ ජාතකය මිස වෙනත් රාමායණ කතාවක් මේ කාලයේදී පරිහරණය වුනා කියලත් හිතන්න අමාරුයි.

    ඉතින්, සමහරක් කතන්දර පිළිබඳ විශ්වාසය අහිමි වෙන සාධක ලැබුණු විට තවදුරටත් ඒ කරුණු ගැන විශ්වාසක් ඇති වෙන්නෑ. රාවණගේ ලංකාපුරය වනාහි සිංහලය බවට පසුකාලීනව ඇති වන මතවාදයත් එවැන්නක්. මේ මුල් විශ්වාසය පිළිබඳ සාධක තිබෙන නිසාම ශ්‍රී ලංකාව හෙවත් මේ ලේඛනයේ දැක්වෙන සිංහල මණ්ඩලය යනු ලංකාපුරය ලෙස පිළිගැනීමට හැකියාවක් ඇති වෙන්නෑ. ඉතිහාසය කියන්නේ ඉතිහාසයට. යමක් විශ්වාස කළ යුතු හෝ නොකළ යුතු ඒ වෙනුවෙන් සාක්ෂි හෝ තාර්කික පදනමක් පවතිනවා නම් පමණයි. එහෙම නැතුවත් යමක් විශ්වාස කරන්න මානව අයිතිවාසිකමක් තිබෙනවා. නමුත් ඒ අයිතිවාසිකම මත තවත් කෙනෙක්ට ඒ දෙය පිළිගන්න කියල බලකරන්න බෑ. වෙනත් කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් සාධක පමණයි. මේ ගිණුමෙන් ඔබට දෙන්නෙත් එපමණයි.

    ස්වර්ණ ඡත්‍ර නැංවූ රත් හිරියල් සටහනින් ගර්භය අලංකාර කර වූ අතිදැවැන්ත මහා ස්තූප ත්‍රිත්වය අනුරාධපුර අහස සිපගන්නේ මේ කාලයේදී. ඒ ස්වර්ණමාලි මහා සෑය, භයාගිරි තූපය සහ ජේතවන තූපය යන තූප අතුරින්, මහසෙන් ඉදිකරන දෙනානකය හෙවත් ජේතවනයට වඩා උස් ගොඩනැඟිලි වූයේ මිසරයේ මහා පිරමීඩ ද්විත්වයක් වන ගීසා සහ කෆ්‍රේ විතරයි. ශ්‍රී දළදා ස්වාමින්වහන්සේ ඇතුළු නුවර ධර්මචක්‍ර ගෘහයේ වැඩ සිටින්නේ මේ සමයේ සිටයි. වාර්ෂිකව අභයගිරියට උන්වහන්සේ වැඩමවා මුල්ම දළදා පෙරහර කිත්සිරි මෙවන් රජතුමා විසින් ආරම්භ කරනේත් මේ කාලයේදීමයි. බුද්ධදාස මහ රජතුමා මිනිසුන්ටත් සතුන්ටත් වෙදකම් කරමින් සිටින අතරතුර කුසෙහි ගෙඩියක් හටගත් මහා නාගයෙකුගේ එම ගෙඩි රෝගය සංසිඳවා නාග මාණික්‍යයක් ත්‍යාග ලබන්නේත් මේ කාලයේදීමයි.

    ඉන් පසුව, භයාගිරි විහාරයයෙහි රාජෝපචාර පූජාවෙන් සුසජ්ජිතව වැඩ සිටින මේ දිවයිනේ පෞරාණිකම සම්බුද්ධ ප්‍රතිමාවහන්සේ වශයෙන් ගෞරවයට පාත්‍ර වූ දෙවනපෑතිස් රජු විසින් කර වූ බවට විශ්වාස කෙරෙන මහා සිලා සම්බුද්ධ ප්‍රතිමාවහන්සේට නේත්‍රා යුගලක් ප්‍රතිෂ්ඨාපනය කරන්නට, ඒ මහාර්ඝ නාග මාණික්‍යය බුද්ධදාස රජු විසින් පූජා කෙරෙනවා. සත්‍ය වශයෙන්ම මෙරට ස්වදේශිකයන් හට සාඩම්බර විය හැකි රජවරුන් මේ දිවයිනේ පහළ වී තිබේ. ඒ චරිත පිළිබඳ සාකච්ඡා ඇති විය යුතුමය.



    එතකොට, ඔබතුමා රාවනා ඉන්දියාවේ කියන දේට භාවිත කල සාක්ෂි මොනවද?

    ලංකාවට වඩා ඉන්දියාවේ තියෙන සාක්ෂි මොනවද සෙල්ලිපි එහම.
    මම කියන්නේ නන් දැනට නන් ඔය ෆික්ෂන් චරිතයක් කියලා. එහෙම කොහේවත් හිටියා කියන්න දැනට evidence නෑ.

    රාමායණයේ තියෙන්නේ "ලංකාපුරය" කියලා මිසක් "සිංහලේ" කියලා නෙවෙයි. නාග හෙළය, දේව හෙළය පස්සේ එකතු වෙලා සිව් හෙළය හැදෙන්න ඇති.
    මම උඩ දැම්ම වෙනම සදහන් වෙන තැනක්
    රාමායණය අවුරුදු 5000කට විතර කලින් සිදු වූ දෙයක් කියලා කියන්නේ. එච්චර කාලයක් යද්දී යම් යම් වෙනස්වීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් "කිසි දිනක සිදු නොවූ ෆැන්ටසි කතාවක් මිනිස්සු මෙච්චර කාලයක් තිස්සේ විශ්වාස කරගෙන, ජනකතා විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ගෙනිච්චා කියන එක" පිළිගන්න බැහැ කොහෙත්ම.
    මේක ඇත්ත සිදුවීමක් නිසා සහ ඒක තමන්ගේ අතීත පරම්පරාවේ වීරකමක් විදිහට මිනිස්සු දැකපු නිසායි, අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒ පරම්පරාවල මිනිස්සු මේවා ඉස්සරහට ගෙනිච්චේ කටින් කට.
    ඕක නිකං මිසරේ රා කියන හිරු දෙවියන්ට අදාලව වෙච්ච සිද්ධියක් එක්ක තිබ්බ කතාවක් නාට්ටියක් ආගම එක්ක ගැට ගහපු කතාවක් උනත් වෙන්න පුළුවන්.
    ------ Post added on Nov 14, 2026 at 8:38 PM
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    372
    63
    Gampaha
    ඕක නිකං මිසරේ රා කියන හිරු දෙවියන්ට අදාලව වෙච්ච සිද්ධියක් එක්ක තිබ්බ කතාවක් නාට්ටියක් ආගම එක්ක ගැට ගහපු කතාවක් උනත් වෙන්න පුළුවන්.
    ඔව්, එහෙනම් ඔබතුමා දන්නවා ඇතිනේ "ඇඩම්ස් පීක්" (Adam's Peak) කියන නම හැදුණෙත් "ෆැන්ටසි" ;-) කතාවකින් කියලා.
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,152
    909
    113
    රාමායණයේ තියෙන්නේ "ලංකාපුරය" කියලා මිසක් "සිංහලේ" කියලා නෙවෙයි. නාග හෙළය, දේව හෙළය පස්සේ එකතු වෙලා සිව් හෙළය හැදෙන්න ඇති.

    මේක තියෙනවා කියන්නේ ඔක්කොම දන්නා වාල්මිකී ගේ රාමායනයේ නොවේ.

    මේක තියෙනවා කියන්නේ මහාකවි රාජශේඛරගෙ බාලරාමායණයේ.

    රාජශේඛරගෙ එක පස්සේ ලියපු එකක්. ඒ කාලේ වෙනකොට "ලංකාපුරය" -> "සිංහලේ" වෙලා අවසන්.

    ලංකාපුරය "සිංහලේ" වුනේ සිංහබාහුගේ පවුලේ අය ලංකාපුරය අල්ල ගත්තට පස්සේ.

    ලංකාපුරය == සිංහලේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    මේක තියෙනවා කියන්නේ ඔක්කොම දන්නා වාල්මිකී ගේ රාමායනයේ නොවේ.

    මේක තියෙනවා කියන්නේ මහාකවි රාජශේඛරගෙ බාලරාමායණයේ.

    රාජශේඛරගෙ එක පස්සේ ලියපු එකක්. ඒ කාලේ වෙනකොට "ලංකාපුරය" -> "සිංහලේ" වෙලා අවසන්.

    ලංකාපුරය "සිංහලේ" වුනේ සිංහබාහුගේ පවුලේ අය ලංකාපුරය අල්ල ගත්තට පස්සේ.

    ලංකාපුරය == සිංහලේ.
    මහාභාරතයේත් ඔහොම තියෙනවා එක ක්‍රිපූ 4 වෙනි සියවසේ.

    මම නන් කියන්නේ solid evidence එක්ක ඔප්පු කරන්න පුළුවන් නන් කරන්න. දැනට එහෙම solid evidence නෑ.

    ඔව්, එහෙනම් ඔබතුමා දන්නවා ඇතිනේ "ඇඩම්ස් පීක්" (Adam's Peak) කියන නම හැදුණෙත් "ෆැන්ටසි" ;-) කතාවකින් කියලා.
    දැනට evidence තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ පා සටහනක් විදියට ඔය අනික් කතා හැම එකටම කලින් ඉදලා විශ්වාස කරා කියලා. 😐
    ------ Post added on Nov 14, 2026 at 8:59 PM
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    324
    372
    63
    Gampaha
    whole ramayanaya thing is fiction ban
    How much studies did you do to come to this conclusion?

    දැනට evidence තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ පා සටහනක් විදියට ඔය අනික් කතා හැම එකටම කලින් ඉදලා විශ්වාස කරා කියලා. 😐
    පා සටහන ගැන නෙවෙයි මම කිව්වේ. ආදම් සහ ඒවගේ කතාව (Adam-Eve story) සහ "ඇඩම්ස් පීක්" (Adam's Peak) ගැන.
    ------ Post added on Nov 14, 2026 at 9:09 PM
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,414
    10,279
    113
    How much studies did you do to come to this conclusion?
    kohewat evidence nane ban, oka indiawe popular wechcha story ekak, eke lankawa ape lankawama wennat ati, but still fiction, ape un oa story eka nisa tama ravana kiyala ekek gena danneth, nettam kawruth ahalat ne, mahawanse kohewat liyalat ne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    ඒ තරම් දියුණු තාක්ෂණයක් තිබ්බද හෝමෝ සේපියන් යන්තම් පරිනාමය වුනා විතරනේ. 🤔
    රෙද්දක් කියනවා මෙයා ඉතිං. පිරමිඩත් ඔය කාලේ වගේ හදන්න පටන් ගන්නේ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,231
    17,430
    113
    රාවණා ගේ කාලේ හුත්තවල් අපිට දැන් වැඩක් නෑ
    දැන් ලංකාවේ මිනිස්සු අමාරැවෙන් කාලා ඇඳලා ඉන්නේ
    මේකෙන් ගොඩ එන විදියක් ගැන හෑලි ලියපන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,134
    113
    How much studies did you do to come to this conclusion?


    පා සටහන ගැන නෙවෙයි මම කිව්වේ. ආදම් සහ ඒවගේ කතාව (Adam-Eve story) සහ "ඇඩම්ස් පීක්" (Adam's Peak) ගැන.
    ------ Post added on Nov 14, 2026 at 9:09 PM
    පැහැදිලි නෑ බන් කියන්න හදන එක.

    රාවණා ගේ කාලේ හුත්තවල් අපිට දැන් වැඩක් නෑ
    දැන් ලංකාවේ මිනිස්සු අමාරැවෙන් කාලා ඇඳලා ඉන්නේ
    මේකෙන් ගොඩ එන විදියක් ගැන හෑලි ලියපන්
    Dc marvel ගැන හැලි බලනවා වගේ කියවලා බලපං. මේ අපේ ලංකාව ගැන නෙවෙයි
    ------ Post added on Nov 14, 2026 at 9:15 PM