ඕක ඔහොම නන් මේ වෙනම සිංහල කියලා රටක් ඇයි මහාභාරතයේ, රාමායණය edition වල mention වෙන්නේ.එතකොට, මෙතන -> පෙන්වන දේවල් එකක් වත් අදාළ නැද්ද?
රාවනා සෙල්ලිපි ගලේ කොටලා තියෙනවනේ?
"හන මකර මහඣක පුත ගොනස ලෙනෙ."
(සේනාපති මකරගේ පුත් ගෝනසගේ පුත් මකරගේ ලෙණයි.)
-අරණායක අම්බලන්කන්ද-
"තණ වඩන ද හක ලෙණෙ."
(තණ වඩක / තෘණ බින්දුගේ ලෙණයි.)
-වෙස්සගිරිය-
"රාවණ රඣන පුත ඉඣු ලෙනෙ."
(රාවණා රජුගේ පුත් ඉන්ද්‍රගේ ලෙණයි.)
-අරණායක රාක්ෂගල-
ඔය ඇත්ත කතා, ජනකතා ගොඩක් මික්ස් කරගෙන සැකයේ වාසිය අරගෙන හදන story ටිකක් විතරයි.රාවණා කියන්නේ සක්විති රාජ පරම්පරාවක කෙනෙක්. බුදුන් ඉපදුණු දවසේ බමුණන් කිව්වේ, "මේ කුමාරයා එක්කෝ බුදු වෙනවා, නැතිනම් සක්විති රජ වෙනවා" කියලා. ඒ කියන්නේ, "සක්විති රජ කෙනෙක් / රාජ පරම්පරාවක්" බුදුන් ඉපදුණු දේශයේ ඉඳලා තියෙනවා.
ඕනෑම ගමක නමක් හැදෙන්නේ ඊට අදාළ යම් ඉතිහාස සිදුවීමක් මුල් කරගෙන. ලංකාවේ තියෙන පරණ ගම් / නගරවල නම් බැලුවොත්, ඒ හැම එකකටම යම් ඉතිහාස කතාවක් තියෙනවා. ඒවායේ නම් හැදෙන්නත් හේතු තිබෙනවා. මේ තියෙන්නේ රාමායණ කතාවට සම්බන්ධ ලංකාවේ දැනටත් තියෙන ගම් / ස්ථාන විශාල ප්‍රමාණයක් අතරින් කිහිපයක්.
හක්ගල උද්භිද උද්‍යානය (අශෝක වනය)
දිවුරුම්පොළ
ස්ත්රීපුර ගුහා
සීතා කොටුව
රාවණා ඇල්ල
රාවණා ගුහාව
උස්සන්ගොඩ
කන්නියා උණුදිය ළිං
දුනුවිල
නාග පුෂ්ප ගුහාව
රූමස්සල කන්ද
රාම සේතුව (ආදම්ගේ පාලම)
මේ තැන් (සහ දැනටමත් ඉතුරුවෙලා තියෙන දේවල්) රාමායණ කතාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවාම, ලේසියෙන්ම තේරෙනවා මෙතැන අතීතයේ ඇත්තටම සිදුවුණු ඉතිහාස කතාවක් තමයි තියෙන්නේ කියන එක. වාල්මීකි කියන්නේ ඉන්දියානුවෙක්. ඔහු රාමායණය ඔවුන්ට වාසි සහගත විදිහට ලිව්වා කියන එක, ඒ කතාව හොඳින් කියවලා බැලුවොත් තේරෙනවා.
ලංකාව අතීතයේ තිබුණේ රක්ෂ, නාග ආදී විදිහට රාජ්‍ය හතරක් විදිහට. (සිවු හෙළය කියන එක තමයි සිංහලේ කියලා හැදිලා තියෙන්නේ.) රාවණාට මුළු ලංකාවම විතරක් නෙවෙයි, ඉන්දියාවේ කොටසකුත් පාලනය කළා කියලා කියන්නේ. මේ නිසයි ඔහු සක්විති රජෙක් වෙන්නෙත්. මේ විදිහට හැම සාක්ෂියක්ම එකතු කළාම ඔක්කොම එකකට එකක් ගැළපෙනවා.
සිගිරියේ තියෙන තාක්ෂණය ගැන පොඩි හරි අධ්‍යයනයක් කළොත් තේරෙනවා ඒක කොච්චර දියුණු තාක්ෂණයක් භාවිත කරලා තියෙනවද කියලා. සිගිරිය සහ ඔය (Ramayanayee) කියන රාවණාගේ රාජධානිය පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න.
එහෙම evidence නෑ.
------ Post added on Nov 14, 2026 at 7:56 PM