ශිවන්ත මල්ලි...
ඔබ වචනයේ පරිසමාප්තියෙන්ම තරුන ජනතා හිතවාදියෙකු බව නොකියම බැරිය..
මෙම හුය ආරම්භ කිරීමට ඔබත් පුරොගාමී වු කෙනෙක් බව අපි හොඳාකාරව දනිමු..
අද නුතන සමාජයේ බහුතරයක් තරුන රැල්ල හඹා යන්නේ කොයි දිසාවටද හා එම රැල්ලේ ක්රියාකාරකම් කෙබඳුද කියා පිරික්ශා බැලීමේදී.... මට මල්ලි උඹ ගැන තියෙන්නේ උතුරා ගලා යන සහෝදර සෙනෙහසක්....
ඒ අන් කිසිවක් නිසා නොව උඹේ හදවත මට ස්පර්ශ කරන්නට හා එහි ඇතුලාන්තය අත් විඳින්නට මට මෑතකදී ලැබුනා වු ඒ විරල අවස්තා කීපය නිසයි...
මල්ලියො....මේ පසුකලාවු 11000 කඩඉම ගැන මගේ හද පත්ලෙන්ම නැගෙන සහෝදර ආචාරය මා ඔබට මෙසේ පුද කර සිටිමි...
මේ මහ පොලොව බදාගෙන උපන් අපිට වඩා වැදගත් වන්නේ රෝස මල් ඇතුරූ මාවතට වඩා ගල් බොරලු පිරි මාවත දිගේ ගමන් කරමින් ජනතවාගේ හද ගැස්ම හඳුනා ගැනීමයි...
හෙට දවසේ අප සැවොම අත්වැල් බැඳගත යුත්තේ අප සතු ඒ යුතුකම ඉටු කිරීම සඳහායි...
ඔබට ජය!!