~~නූර්ති නාඩගම් ගී ~~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මි‍තු‍රි‍න්ද මා‍ගේ

    නාට්‍ය‍ය‍ -
    මි‍තු‍රි‍න්ද මා‍ගේ‍
    ගා‍ය‍න‍ය‍ - කෝලිත භානු දිසානායක

    [මිතුරින්ද රාජ මාලිගා
    කොයිබ වෙන්නේ දෝ]//
    කොයිබ වෙන්නේ දෝ
    දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
    මිතුරින්ද රාජ මාලිගා
    කොයිබ වෙන්නේ දෝ

    [පේන පේන දැඩි ද්වාර පෙනේයා
    මුරකාවර රැඳි සෙබලු පෙනේයා]//
    නොම පෙනේ රජුගෙ ශාලා
    [අපි හරඹ යන්ට යමු මහල් වටායා
    පෙනේ රජුන්ගේ ශාලා]//

    [මිතුරින්ද රාජ මාලිගා
    කොයිබ වෙන්නේ දෝ]//

    [මාලිග මාලිග .. පෙනේයා
    මුරගේ වාසල වහලා]//
    [අපි හරඹ යන්ට යමු මහල් වටායා
    පෙනේ රජුන්ගේ ශාලා]//

    [මිතුරින්ද රාජ මාලිගා
    කොයිබ වෙන්නේ දෝ]//
    කොයිබ වෙන්නේ දෝ
    දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
    මිතුරින්ද රාජ මාලිගා
    කොයිබ වෙන්නේ දෝ///

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දන්න වංහුං

    නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම
    දන්න වංහුං
    ගායනය - එඩ්වඩ් ජයකොඩි(new version I think)


    ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
    රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
    ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

    රකී බුද්ධ ධර්ම සීලේ පූර්වේ රජුන් ලෙසේ//
    අධර්මිෂ්ඨ නීච ක්‍රියා යයි මැකී ලකේ//
    යයි මැකී යයි මැකී යයි මැකී ලකේ
    ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

    දනී සිංහලුන්ගෙ ශාස්ත්‍ර ආගම් මනා ලෙසේ//
    ඉතින් ප්‍රීති වෙන්න යමවු ඒ තුමා වෙතේ//
    ඒ තුමා ඒ තුමා ඒ තුමා වෙතේ//

    ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//
    රාජ ධූර රාජ ධූර රාජ ධූරයේ//
    ද‍න්න වංහුං අප කන්නසාමි රාජ ධූරයේ//

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙ‍න්‍ න‍ මගෙන්
    ගම්භීර තේදැති කොන්සන්තීනු පුරේ( පුරවර්ධන)

    Original Song
    Pradeep rangana version


    නා‍ට්‍ය‍ය‍ -
    ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍න්‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය


    ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍න්‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    කො‍න්‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    පුරවර්ධනකරන අග නරනාමෙ මම්//

    නාමය මම් ....//
    මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
    ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
    ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
    එහෙම උනාත් මෙමට ඇත
    ලොකුම දුකාක්
    මෙමට ඇත ලොකුම දුකාක්
    [කරකාරියක් නැතුව සිත
    නොමැත සැපාක්]//
    එය විසඳාගන්නා ලෙසා...//
    මගෙ මන්ත්‍රී කැඳව මම
    පහදා කියමි එය
    මන්ත්‍රී කැඳව මම
    පහදා කියමි එය
    නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

    ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍න්‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    කො‍න්‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
    පුරවර්ධනකරන අග නරනාමෙ මම්//


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Thattu Karanna Himin
    තට්ටු කරන්න හිමින්

    නාට්‍ය‍ය‍-
    තට්ටු කරන්න හෙමින්
    ගා‍ය‍න‍ය‍ -


    තට්ටු කරන්න හෙමින්//
    මගේ විමානේ..දොරටුව ඔබගෙයි
    තට්ටු කරන්න හෙමින්//

    දෙපා තබන්න හෙමින්//
    මගෙ බුමුතුරුණේ සුපහස ඔබටයි
    දෙපා තබන්න හෙමින්//

    මා වෙත එන්න පෙමින්//
    මගෙ මී බඳුනේ....රස ඔබටයි
    මා වෙත එන්න පෙමින්///


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එ‍ළි‍ය‍ ද‍කි‍න‍වි‍ට‍ නො‍එ‍නා‍

    නාට්‍ය‍ය‍ - මී‍ පු‍ර‍ වැ‍සි‍යෝ‍
    එ‍ළි‍ය‍ ද‍කි‍න‍වි‍ට‍ නො‍එ‍නා‍
    ගා‍ය‍න‍ය‍ -

    ( uld by sandun_thilaka)

    තනෙන තනෙන තනෙන තනා
    තෙයි තනෙ තෙයි තනෙ තෙයි තනෙ තනා
    තනෙන තනා තෙයි තනෙ තනා
    තනෙන තනා තෙයි තනෙ තනා
    තානත් තෙයි තනනත්තෙයි තම්ද නාතම් දෙනා නා
    නාතම් දෙනා නා

    එළිය දකින විට නොයෙනා
    අඳුරෙහි එළියට පනිනා
    හිරු නොඑනා ලොව වසනා
    හිරු නොඑනා ලොව වසනා
    කාටත් බැරි කුණු කන්දල් කන
    මී පුර වැසියෝ

    වහළ දිගේ දිව යනවා
    කහළ ගොඩේ සැතපෙනවා
    කුණු දිරනා රස බොජුනා
    කුණු දිරනා රස බොජුනා
    කාටත් බැරි කුණු කන්දල් කන
    මී පුර වැසියෝ
    මී පුර වැසියෝ

    පූසැරයා පනින දිනා ජීවිතයක් නැතුව යනා
    ඔහු නොඑනා තැන කොතැනා
    ඔහු නොඑනා තැන කොතැනා
    කුණු දිරනා රස බොජුනා
    කාටත් බැරි කුණු කන්දල් කන
    මී පුර වැසියෝ
    මී පුර වැසියෝ

    තනෙන තනෙන තනෙන තනා
    තෙයි තනෙ තෙයි තනෙ තෙයි තනෙ තනා
    තනෙන තනා තෙයි තනෙ තනා
    තනෙන තනා තෙයි තනෙ තනා
    තානත් තෙයි තනනත්තෙයි තම්ද නාතම් දෙනා නා
    නාතම් දෙනා නා


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මල්මද බිසෝ

    නාට්‍ය‍ය‍ -
    මල්මද බිසෝ
    ගායනය - රොඩ්නි වර්ණකුල


    මල්මද බිසෝ ඉතින් ඩිංගක් හිනා වෙයන්//
    අරගෙන රිදී කලේ රිදී වතුර ගෙදර යමන්//
    දෝතක් බොන්න දියන්

    නෑ මට රජවාසල සීනි කන්න කෑදරකම්//
    අතිරහ කැවුම් කොකිස් හැම ගෙදරම ඕන තරන්//
    මේ මල් පිපෙන රටට තව මොකටද සුවඳ සඳුන් //
    අපි දෙන්නට දෙන්න සුවඳ වෙලා ඉන්නව නම්//

    මල්මද බිසෝ ඉතින්..

    රෑ හඳ එළිය ඇවිත් හීන් සැරේ ඉහට උඩින්//
    සීපදයක් වාගේ කොඳුරනකොට කනට හෙමින්//
    මේ පලු වීර ගහක හෙවණේ ඉන්නට ඇත්නම්//
    අපි දෙන්නට දෙන්න අයිතියි ඇහැපිය වෙනකන්//

    මල්මද බිසෝ ඉතින්..

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම අගය කලයුතු වැඩක්...

    නව පරපුර බෙලෙක්ක සංගීතයෙන් හා අරුත් සුන් පන අදින ගැහැණු හඬින් මුදා, ගැඹුරක් හා පෞරුෂයකින් හෙබි වේදිකා නාට්‍යය හා එහි සුභාවිත ගීත කලාවට නැඹුරු කිරීමට දරනා මෙම අවංක මෙහෙවර ගැන thilzz නංගි ඇතුලු මීට උර දුන් හැමෝටම මගේ ප්‍රණාමය.........
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    Niyama wedak sis...than than wala thibuna songs eka thanaka dapu ekata thnx..mamath mewa hoya hoya hitiye..tikak mama laga thitenawa..Superb..:)
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ah tawa 1k thiyenawa rodni warnakula kiyanne ... drama 1ka num mathaka na.. rathu hatte kiyala patan ganne... girl kenek gana kiyana song 1k... Idea 1k thiyenawa num danna :)

    ඔයා ඉල්ලපු සින්දුව මේක වෙන්න ඕනෙ,සින්දුව අප් කලේ gayandilanga
    සින්දුව හොයල දුන්නෙ sandun thilaka :)


    ර‍තු‍ හැට්ටෙ පළල් මදි

    නාට්‍ය‍ය‍ -
    ර‍තු‍ හැට්ටෙ පළල් මදි
    ගායනය - රොඩ්නි වර්ණකුල


     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න තවත් ලස්සන නාට්‍ය‍ ගීතයක්, නලදමයන්තී මුද්‍රා නාට්‍ය‍යෙ‍න්‍.

    ඈත කඳුකර හිමව් අරණේ

    නාට්‍ය‍ය‍ - න‍ල‍ද‍ම‍ය‍න්‍තී‍(මු‍ද්‍රා‍ නා‍ට්‍ය‍ය‍)(චි‍ත්‍ර‍සේ‍න‍-ව‍ජි‍රා‍)
    ඈත කඳුකර හිමව් අරණේ
    ගා‍ය‍න‍ය‍ - ප‍ණ්‍ඩි‍ත්‍ අ‍ම‍ර‍දේ‍ව‍ය‍න්‍


    [ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවණේ
    සුලං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ]//

    [ස‍ඳැල්ලේ මිනි තලාවේ
    තාරකා පිපි වෙලාවේ]//
    ලදලියන්නේ සීන අතරේ
    මැවෙයි ඒ රූපේ

    ඈත කඳුකර හිමව් අරණේ..

    රනින් කල වන් පුලුල් උරයෙන්//
    හසුන් ලමැදේ මුසකරන්නේ
    [හදේ මෝරන ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ]//
    සරාගී නිල් නුවන් බඳුනෙන්
    නුරා ඉතිරෙන්නේ

    ඈත කඳුකර හිමව් අරණේ..


     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න තවත් ලස්සන නාට්‍ය‍ ගීතයක්, නලදමයන්තී මුද්‍රා නාට්‍ය‍යෙ‍න්‍.

    ඈත කඳුකර හිමව් අරණේ

    නාට්‍ය‍ය‍ - න‍ල‍ද‍ම‍ය‍න්‍තී‍(මු‍ද්‍රා‍ නා‍ට්‍ය‍ය‍)(චි‍ත්‍ර‍සේ‍න‍-ව‍ජි‍රා‍)
    ඈත කඳුකර හිමව් අරණේ
    ගා‍ය‍න‍ය‍ - ප‍ණ්‍ඩි‍ත්‍ අ‍ම‍ර‍දේ‍ව‍ය‍න්‍


    [ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවණේ
    සුලං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ]//

    මේ ගීතයෙ විඩීයො එකක් හම්බුනා, බලල රසවිඳින්න:yes:

     

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    දැනට දාල තියෙන සින්දුවල ලින්ක්ස් :

    1. තල මල පිපිලා
    2.මුහුදු පතුල යට ඉඳලා
    3.ගිංගැං ගුලි ගුලි
    4. හා‍ හා‍ ල‍ඳේ‍
    5. කඩේට පලයන් චූන් චෑන්
    6. ම‍ඩේ‍ ල‍ඟි‍න‍ තා‍රා‍ව‍න්‍
    7. බ‍ලා‍ගෙ‍න‍යි‍ පෙ‍ම්‍බ‍ර‍ දේ‍වී‍
    8.
    සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ
    9. සුවඳ සබන් ඇඟ ගාලා
    10. උත්තමවන් ලොව

    11. සීතා මා සිරියා
    12. ඒයි හිටපල්ල
    13. ඇන්නෑවේ මේ මල කෝලං
    14. දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍
    15. සත් සියක් කපු මල්
    16. විභාගෙ විභාගේ
    17. වා‍ස‍නා‍ දි‍නේ‍කි‍ මේ‍ක‍
    18. දී‍කි‍රි‍ දී‍කි‍රි‍
    19. අම්මේ නුඹේ මාලිගාවෙ
    20. පොත් හතක් අටක්

    21. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍
    22. ප‍ලං‍චි‍යේ‍ නැ‍ත‍ දෙ‍වි‍යෝ‍
    23. යු‍ද්‍දෙ‍ට‍ මං ගි‍යා‍
    24. සසඳර මන නන්ද
    25. ක‍ළු‍හා‍මි‍ගෙ‍ දූ
    26. ගෝවේ ගෑනු පරාදයි
    27. රග හල දැන් ඇත අඩ අදුරේ
    28. පරසක්වල අපෙ(කිරිපුස්සා)
    29. හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
    30. මගෙ මන්ද්‍රි නම් බිසෝ

    31. කුමටද සොබනියෙ

    32. සි‍ඹි‍නෙ‍මි‍ ප්‍රේ‍මි‍ ම‍ගේ‍
    33. බෝ දොස් කියා
    34. සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍
    35. නැ‍ත‍ හ‍රි‍ය‍න්නේ
    36. අද වෙස්සන්තර
    37. සු‍න්‍ක‍ර‍ලා‍මි‍ ම‍ම්‍
    38. දැක්කොත් පද්මාවතී
    39. යස ඉසුරූ
    40. මො‍රො‍ට්‍ටු‍ ග‍ම්‍ම‍න‍


    41. රතදර සිරියා
    42. අන්න බලන් සඳ
    43. අපි ගමට යමු
    44.පුර සඳ පායා
    45. අන්න බලන් සඳ - 1st version
    46. සෝ‍බා‍ව‍ දේ‍
    47. ප්‍රේමයෙන් මන
    48. ගල් ලෙන බිඳලා
    49. ඇහැළ මලින් ගස් පිරිලා
    50. හෙල ගැඹුරුයි

    51. ගම්භීර තේදැති කොන්සන්තීනු පුරේ( පුරවර්ධන)
    52. තට්ටු කරන්න හිමින්
    53. බ‍ම‍ර‍ කෝ‍කි‍ල‍
    54. ප‍ත්‍මේ‍කි‍ පේ‍න‍ මූ‍නා‍
    55. මි‍තු‍රි‍න්ද මා‍ගේ‍
    56.
    දන්න වංහුං



    ELA ELA OHOMA YAN THANKZZZZZZZZZZZ


    11.gif
    11.gif
    11.gif
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සත් සියක් කපු මල්

    නා‍ට්‍ය‍ය‍ - කුවේණි
    සත් සියක් කපු මල්
    ගායනය - මානෙල් ජයසේන



    ක‍ලි‍න්‍ දා‍ල‍ ති‍යෙ‍න්නෙ වෙ‍න‍ සි‍න්දුවක ලි‍න්‍ක්‍ එ‍ක‍ක්‍, මෙ‍න්න හරි ලින්ක් එක
    :sorry::)