දඹකොළ පටුන

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart


අප්පාට හොඳටම අසනීපයි.එයා කියනවා මැරෙන්න ඉස්සර එක පාරක් හරි ගේ දොර
වත්තපිටිය බලා ගන්න තිබුනොත් හොඳයි කියල. ඒත් කොහොමද ඒක කරන්නෙ.
-මිත‍්‍රයෙක් එවන ලද ලිපියකින්



දඹකොළ පටුන

දඹකොළ පටුන
රතු වැලි අතුළ වෙරළත
ලියමි මම
ජීවිතයෙ කෙටි පටුන

පටුන පදනමට ගෙන හෝ නොගෙන
ඔබ කැමති විදිහකට
ලියා ගන්නට හැකිය
මුළු පොතම

දැන් ඉතින්
ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න

මුල ඉඳන් අගට වුව
අග ඉඳන් මුලට වුව
මැද ඉඳන් පෙරට හෝ පිටුපසට

කැමති ලෙස
කියවන්න
පිටක් මඟ හැර පිටක්
කියවුවද
හුඟක් මඟහැර ටිකක්
කියවුවද
කම් නො මැත

ඔබ කැමති විදිහකට
පොතේ පිටු පෙරලන්න

ගමින් අප යන්ට ගිය කතාවද
එවිට දුම් ගොබ නැගූ රටාවද
පිටු අතර තිබුණාද
ගමට යළි යන්ට බැරි කතාවට
ලකුණක් තියා හෙමින් පොත වසා
හැකි විටෙක යළිදු ගෙන කියවන්න

බලූ කපුටුවෙකුටවත්
ඇතුළු වන්නට නොදී
අපේ ගෙය රකින්නට
ඔබ දරන මහන්සිය
පොතේ පිටු පෙරලන්න
මඟ හැරේ කාන්සිය

තාත්තා පොඩි දොහේ ඉන්දවූ
යාපනේ අඹ ගහේ අඹ රහ ද
ගමේ යනකොට ටිකක් ගෙනියන්න
පැහුණු ගෙඩි කඩාගෙන ඉදවන්න
ඉදෙනතුරු
පැත්තකින් ඉඳගන්න

කැමති තැනකින් ටිකක්
කියවන්න
ගෙයි පිලේ ලණු ඇඳේ
රැල් බුරුල් වෙලානම්
ටිකක් තදකර ගන්න
ලණු ඇඳේ ඇලවෙලා
රන් පතක් උර උරා
තව පිටක් පෙරලන්න

සඟමිත්ත තෙරණිය
ශ‍්‍රී මහ බෝධි අංකුරය
හිසින් ගෙන පය තැබුව
පුලින තල
ඇඟිල්ලෙන් ලියමි මම
මගෙ පටුන
පටුන තුල නොමැත්තේ
ඒ කතාව ම පමණි
මඟ හැරුණ

මංජුල වෙඩිවර්ධන