සදුදා උදේ 6 ට විතර අපේ ගේ ඉස්සරහ කිලුටු ඇදුම් ඇන්දගත්තු පොඩි මල්ලි කෙනෙක් හිටන් ඉන්නවා.. මාත් ඉතින් පොඩ්ඩක් වෙලා බලන් හිටියා මෙයා මොකද කරන්නේ කියලා.. ඔහේ වටපිට බල බල හිටගෙන ඉන්නවා.. ඊට පස්සේ අපි ගිහින් කතා කලා..
මේ මල්ලිගේ අම්මා හැමදාම ගහනවලු.. පුච්චනවලු.. (මූණේ, අත් කකුල් වල තුවාල, කැළැල් තිබුනා) තව නංගිලා මල්ලිලා ඉන්නවලු පවුලේ.. කන්න දෙන්නෙ නැහැලු.. අවුරුදු 7යි වයස (එත් මන්දපොශනේ හින්දද මන්ද පෙනුම අවුරුදු 4ක් 5ක් විතර) ස්කොලේ ගිහින් නැහැ.. තාත්තා උදේම ළමයාව ගෙදරින් එක්කන් ඇවිත්.. රු.50ක් දීලා දාල ගිහින්.. අඩුම තරමේ සල්ලි කොළේවත් අදුරන්නේ නැහැ පහේ කොළේ තමා කියලා කියන්නේ.. ඉන්න තැනක් කියන්න තරම් තෙරුමක් නැහැ..
අපිත් ටිකක් වෙලා බලන් ඉදලා මේ ළමයට කරන්න දෙයක් නැති හින්දා පොලිසියට කථා කරා.. පොලිසිය ඇවිත් කට උත්තරයක් අරං ළමයව ගෙනිච්චා.. දන්නෙ ඊට පස්සේ ඒ මල්ලිට මොකක් වුණද කියලා..