පෙම ගැන ලියුණු කවි නම් අප්‍රමාණයි
තවමත් නොලියැවුණු පදවැල් බොහෝමයි
ප්‍රේමය අර්ථ ගන්වන්නට අමාරුයි
සැබැවින් ප්‍රේම කල හදවත් එ බව දනියි
ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා
බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා
ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා
කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?






