~ Kaviyen Kaviya ~.........Kamathida???

kusha

Junior member
  • Jul 22, 2006
    205
    1
    18


    එන්න එන්න අපි සතුටින් පිළිගත්තා:)
    රස නැත කීවමුත් රස බව දැනගත්තා
    පද ගලපන්න වැරදුනාට කම් නැතුවා
    ඔබෙ කවිපදයටත් මම පිළිතුරු ලිව්වා
    :)

    ආරාදනය මම සතුටින් පිලිගත්තා
    හෑකි බව කීවාට ඔබ හට තුති පිදුවා
    පුලුවන් ලෙසට මම කවි පද ගලපනවා
    වරදක් උනොත් සමාව මම අයදිනවා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ආරාදනය මම සතුටින් පිලිගත්තා
    හෑකි බව කීවාට ඔබ හට තුති පිදුවා
    පුලුවන් ලෙසට මම කවි පද ගලපනවා
    වරදක් උනොත් සමාව මම අයදිනවා


    එෙහනමි ඔන්න ඔබ දැන් "කවිෙයන් කවිෙය්"
    කවි මුතුවැල් අමුණන්නට ෙගන සැරෙස්..
    ලස්සන ෙකල්ෙලක් ගැන ෙපාඩි කවියක් සිත්ෙස්
    ෙකාටලා ෙමතන අපි වැඩ අරඹමු මිතුෙර:)්්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    නෙමි මුලට තරිදු කියා ඇති හින්දා
    කුමට කවි ලියනවද අලුතින් එය කැන්දා
    ඇතිවිට පුරා පුන් සද පායා බැද්දා
    නරි පැටවුන් හූ කියනවා එය හින්දා....:lol::lol::lol:
    සද ගැන කවි කතා අපමණ ලියා ඇත
    කොතෙකුත් ලියවුණත් අගයෙන් අඩු නොවෙත
    අපෙ කවි සංවාදෙ හරවන්නට වෙනත
    කෝ කවි වලට තාමත් නෑ නිමිත්ත
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඝණ අදුරේ ඇගෙ වත දැක බැදුන ආදරේ :dull:

    ඝණ අඳුරේ ඇගෙ වත දැක බැඳි ආලේ
    සඳ, හිරු දැකවත් වියැකෙන්නැති තාලේ
    මෙනයින් අන්ධ යැයි පෙර කිව්වලු රාළේ
    අඳුරේ බැඳුම වෙද පෙනුමට කළ බාලේ
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    සද ගැන කවි කතා අපමණ ලියා ඇත
    කොතෙකුත් ලියවුණත් අගයෙන් අඩු නොවෙත
    අපෙ කවි සංවාදෙ හරවන්නට වෙනත
    කෝ කවි වලට තාමත් නෑ නිමිත්ත


    ඇයි ෙකල්ෙල් ඔය දකිනා අමුත්ත
    ෙකල්ෙලා තමා අද අපෙග් නිමිත්ත:):)
    ලියනු ෙනාෙහ් නමි ඒ ගැන කවි ෙපාඩිත්ත
    ෙකාල්ෙලක් ගැන වත් ලියමුෙකා සිගිත්ත


     

    kusha

    Junior member
  • Jul 22, 2006
    205
    1
    18
    එෙහනමි ඔන්න ඔබ දැන් "කවිෙයන් කවිෙය්"
    කවි මුතුවැල් අමුණන්නට ෙගන සැරෙස්..
    ලස්සන ෙකල්ෙලක් ගැන ෙපාඩි කවියක් සිත්ෙස්
    ෙකාටලා ෙමතන අපි වැඩ අරඹමු මිතුෙර:)්්

    කෙල්ලන් ගෑන කීමට ඔබ පෙලබෙව්වා
    නොකියම බෑරි දෙයක් මෙලෙසින් මම කිව්වා
    කෙල්ලෙක් එක්ක එක කොල්ලෙක් පෙම් මෑව්වා
    වෙනතක ගිය නිසා ඈ ඔහු වහ බිව්වා
    :no::no:
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ජීවිතේ දුටු
    භයානක ම හීනය
    ඔබේ මුහුණට ඇසිඩ් වදිද්දී
    මගේ දෙනෙත් අන්ධ වී යාම යි... :dull:

    ඇය වෙත විපත ඔබ හට වුව එය විපත
    ඇය නෙත බැල්ම ඔබගේ හසරැලි මුවත
    ඇය මත නැස්ම මිස නෑ වෙනවුන් පැත්ත
    ඇය හා බැඳුනි ඔබ, ඒ බව දත යුත්ත
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    පැරණි සිසු හමුව අද දින පැවැත්වුනේ
    කලකිනි අපද සිප් සල වෙත පිය මැන්නේ
    සොඳුරු මිතුරු කැල දැක සිත සතුටු වුනේ
    මතකය පෙර දවස යළි සිහියට පැමිණේ

    මවගේ අතේ එල්ලී ගිය මුල් කාලේ
    මිතුරන් කරේ එල්ලී ගිය පසු කාලේ
    සොයුරන් ලෙසින් අප ගත කළ ඒ කාලේ
    කිසිදා යළි නොඒ ඒ පාසල් කාලේ

    ඉගෙනුම ලැබුම මිස යළි පාසල වෙතට
    කිසියම් හෝ දෙයක් කළ යුතු බව සිතට
    දැනුනේ නෑ තරම් අද දින මෙන් මෙමට
    සිත පැන තබා පිය මැන්නෙමි පිටවුමට
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඇයි ෙකල්ෙල් ඔය දකිනා අමුත්ත
    ෙකල්ෙලා තමා අද අපෙග් නිමිත්ත:):)
    ලියනු ෙනාෙහ් නමි ඒ ගැන කවි ෙපාඩිත්ත
    ෙකාල්ෙලක් ගැන වත් ලියමුෙකා සිගිත්ත
    කෙල්ලෙක් වෙලා කවි ලිව්වොත් කෙල්ලො ගැන
    හැදෙයි තව තවත් මෙතනදි නිමිති වෙන
    කොල්ලෙක් ගැන උනත් කවියෙන් ලියන්න
    තරමට දෙයක් වේදැයි මට කියන්න
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සුසුම් පොදක්...
    යන්නේ ඔක්සිජන් ඇතිවයි...එන්නේ ඔක්සිජන් නැතිවයි....
    සුසුම් පොද කවියක්....
    එහි තැන්පත් මගේ ආදරය උරාගෙන
    ආදරයක් රහිත තවත් කවියක් පෙරළා දුන්
    මට ඉතිරි එපමණයි...සදාකල්...

    :dull:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    ඇය වෙත විපත ඔබ හට වුව එය විපත
    ඇය නෙත බැල්ම ඔබගේ හසරැලි මුවත
    ඇය මත නැස්ම මිස නෑ වෙනවුන් පැත්ත
    ඇය හා බැඳුනි ඔබ, ඒ බව දත යුත්ත

    ඇය දුටු ලොවට ඇස දන් දුන්නේ කවුද
    ඇය පෑ මදහසට සම දුන්නේ කවුද
    ඇය ගැයු ගී අසන්නට තව පින නැතිද
    ඇය ලද සවනතත් අහිමි වුනේ ඇයි ද


    :dull:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    මවගේ අතේ එල්ලී ගිය මුල් කාලේ
    මිතුරන් කරේ එල්ලී ගිය පසු කාලේ
    සොයුරන් ලෙසින් අප ගත කළ ඒ කාලේ
    කිසිදා යළි නොඒ ඒ පාසල් කාලේ
    පාසල් සමය සොදුරුයි කවදත් වාගේ
    සිත් මල් වගෙයි දුක් විද නෑ ඒ කාලේ
    නිදහස් සිතින් පියඹුවෙ සියොතුන් වාගේ
    අගය දැනුනෙ ගෙවුන පසුයි ඒ කාලේ
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ඇය දුටු ලොවට ඇස දන් දුන්නේ කවුද
    ඇය පෑ මදහසට සම දුන්නේ කවුද
    ඇය ගැයු ගී අසන්නට තව පින නැතිද
    ඇය ලද සවනතත් අහිමි වුනේ ඇයි ද


    :dull:

    ඇය දුටු ලොවට මුල, නුඹ සිත ඇස නොවෙද
    පෑ මදහස් සිත මිස මුත් මුවම වෙද
    සවනත් නැතිව පෙම් ගී සිත නොඇසුනිද
    නුඹ ඇති කලට ඇගෙ තනියට වෙන කවුද :)