ජනාධිපතිවරණය 2010
ජනාධිපතිවරණය 2010 මේ දවස් වල ජනප්‍රියම මාතෘකාව. ඒ අතරිනුත් මූලිකව ම කථා කරන්නේ හිටපු මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා ගැන. මම දැක්කා පහුගිය ටිකේ එළකිරි එකෙත් ලොකු කථාබහක් යනවා මේ ගැන. ඉතින් මටත් හිතුනා ත්‍රෙඩ් එකක් දාන්න. මේක මගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. ඒ වගේම එළකිරි එකේ නීති රීති වලට පටහැනි නැති නිසා මාව බෑන් වෙන එකකුත් නැතිවෙයි කියලා හිතෙනවා. මේ ත්‍රෙඩ් එක නිසා මට ගොඩක් අයගෙන් බැණුම් අහන්න, -Rep ලැබෙන්න වෙයි. කමක් නෑ අද මමත් අතුල වගේ වෙනවා.
මම මුලින්ම අදහස් පළ කරන්නේ දැන් පවතින ආණ්ඩුව ගැන..
මිනිස්සුන්ව ගොඩාක් ලොකු පීඩාවකට පත් කරපු තවත් එක් ආණ්ඩුවක්. ගොඩාක් ආයතන දූෂිතයි. (මේක මම පෞද්ගලිකව ම දන්න දෙයක්). ජීවන වියදම වැඩි වෙලා, අපි පටි තද කරගෙන ඉන්නේ කොඳු ඇට පේළියට එනකම්. ඒක තමයි මේ ආණ්ඩුව ගැන තියෙන වර්තමාන තත්වය.
විපක්ෂය ගැන කථා කලොත්, මෝඩ ආතල් දෙන නායකයෙක් ඉන්න, විදේශීයකරණයට ගොඩාක් ලක් වෙච්ච, බලයේ ඉන්න කාලෙ සක්කිළි වැඩ ගොඩාක් කරපු පක්ෂයක්. නායකයා බුල කෙලියට හොඳ දැක්මක් තියෙන සාමාජිකයො පිරිසකුත් මේ විපක්ෂය ඇතුලෙ ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණ, අතීතයේ හරි මග ගියපු, මෑත අතීතයේ මොන ආණ්ඩුවකට හරි හේත්තු වෙලා බලයේ ඉන්න පොරකෑමේ නිහීන බලාපොරොත්තුවෙන් පිරුණු, ප්‍රතිපත්ති පාවලා දීපු පක්ෂයක්.
මෙන්න මේකයි දැනට මට පේන ප්‍රධාන පක්ෂ තුනේ පැටිකිරිය...
ජනරාල් සරත් ෆොන්සේකා...
අපේ කාලෙ වීරයෙක්.. කථා දෙකක් නෑ. ඒකට හේතුව අවුරුදු 30ක් රට වෙලා ගත්තු සාප ලත් යුද්ධය යුධමය අතින් පරාද කරපු නිසා.. ඒත් දැන්...
මොන ආකාරයෙන් හෝ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසාගැනීමේ අරමුණෙන් අන්ධ වෙලා අනුන්ගෙ රූකඩයක් වෙලා ඉන්නේ.. (ඔන්න දැන් කට්ටියකට මළ පැනල ඇති මාත් එක්ක.. කමක් නෑ ඉතුරු ටිකත් කියවලා ඉන්නකෝ..)
ජනාධිපති මහින්ද රාජපක්ෂ...
තවත් අපේ කාලෙ වීරයෙක්. ඒකට හෙතුව අවුරුදු 30ක යුද්ධය පරාද කිරීමට දේශපාලනමය අතින් නායකත්වය දීපු නිසා. ඒත් වැරදි අය ලං කරගෙන අනාගෙන ඉන්නේ.. යථාර්ථයෙන් ටිකක් ඈත් වෙලයි තීරණ ගන්නෙ ළඟකදි ඉඳලා.. (ඔන්න දැන් ඉතුරු අයට මළ පනිනවා මගෙත් එක්ක..)
ලංකාවට මොකද වෙලා තියෙන්නේ..
ඇමරිකාව වගේ ධනවාදී රටවල් වල කුමන්ත්රණයකින් අනූනවයෙන් ගැලවුණු මොහොතක ඉන්නේ.. ඒත් වෙනදටත් වඩා දරුණුවට ඒ ධනවාදී රටවල් විසින් තලා පෙළා දැමීමේ සූදානමකට ලක් වෙලා ඉන්නේ...
අපි කාටද ඡන්දෙ දෙන්න ඕනි...
මගේ අදහස..
මහින්ද රාජපක්ෂට...
එකම හේතුව..
යුද්ධෙ කොටසක් තියෙනවා ඉවර කරපු නැති.. ඒ ටික ඉවර කරන්න.. හැබැයි වටේ පිටේ ඉන්න කට්ටියගේ දූෂණ අක්‍රමිකතා ඉවසන්න වෙනවා අපිට දඬුවමක් විදියට..
තවත් පැහැදිලි කරොත්...
දැනට ලක්ෂ ගණනක පිරිසක් කඳවුරු වල ඉන්නවා.. බහුතරයක් අහිංසක ජනතාව.. ඉතුරු කොටස කොටි. තාමත් මේ දෙගොල්ල වෙන් කරගෙන නෑ 100%ක් ම. මේ අය තෝරා බේරා ගැනීමකින් තොරව මුදා හැරියොත් මොකද වෙන්නේ.. අතීතයේ වැරදි හදාගෙන, ධනවාදී රටවල් වල උදවුවෙන් වඩාත් හොඳ ඊළාම් යුද්ධයක් පටන් ගනී.. හැබැයි ඒක උතුරු නැගෙනහිරින් වෙන්නත් පුළුවන්, මධ්‍යම කඳුකරය පැත්තෙන් වෙන්නත් පුළුවන්.. එහෙම උණොත් වෙන දේ ආයිත් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ..
පත්තර වල අනන්තවත් යුද්ධයට සහභාගී වෙච්ච සොල්දාදුවන්ගෙ කථා අහද්දි පේනවා කොටි ඇඳුම ඇඳගත්තු අය වගේම ගම් වල හිටපු සාමාන්‍ය ජනතාවගෙන් කොටසකුත් කොටින්ට සහය දීල තියෙන බව. ඉතින් මේ අයගෙ අදහස් වෙනස් කරන්නෙ නැතුව සාමාන්‍ය ජනතාව අතරට මුදා හැරියොත් කියන්න වෙන්නෙ පරණ සින්දුවම තමයි ආයිත් මුල ඉඳලා..
ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කළොත් මොකද වෙන්නේ?? ඒ මහතාගෙම වචන වලින් කිවුවොත් අවුරුදු ගාණක හමුදා අත්දැකීම් තිබුණත් දේශපාලනය කියන පොතේ 'අ' 'ආ' කියවන මට්ටමේ කෙනෙක්. අනිවාර්යයෙන් රට පාලනය කරන්න නම් රනිල්ගෙ උපදෙස් ගන්න වෙනවා. පහුගිය ඡන්දෙදි ජනතාව රනිල් ව ප්‍රතික්ෂේප කලේ එයාගෙ අදහස් මේ රටට ඔබින්නෙ නැති නිසා. පැහැදිලිවම රනිල් ධනවාදී රටවල් වල රූකඩයක්.. ඔයාලට මතක නම් මෙහේ යුද්ධෙ කරද්දි රනිල් පිටරට ගිහින් ලංකාව ගැන කියල තිබුණු දේවල් ගැන මම හරියි කියල ඔයාලා පිළිගනියි. ඒත් ජනරාල් ව ජනාධිපති කලොත් වෙන්නේ වක්‍රාකාරව ජනතාව ප්‍රතික්ෂේප කරපු රනිල් ගෙ අදහස් ම ක්‍රියාවට නැංවෙන එක නේද?? පැහැදිලිවම රනිල්ට ඕනි දෙමළ ජනතාව පවු කියලා තමුන් කිරි පොවපු කොටිත් එක්ක කළවමේ සිවිල් ජනතාව මුදා හරින්න. ඇත්ත ඒ අහිංසක ජනතාව පවු. උපරිමයෙන්ම පවු ඒ මිනිස්සු. ඒත් ප්‍රශ්ණෙ තියෙන්නෙ දියෙන් කිරි වෙන් කර ගන්න කම් පොඩ්ඩක් ඉවසන්න වෙන එක. අවුරුදු 30ක් දුක් විඳපු ඒ මිනිස්සුන් ට තව පොඩි කාලයක් දුක් විඳින්න වෙනව කියන එක ලොකු දුකක් වෙන එකක් නෑ. චෛත්‍යයක් ගිළපු මට බිත්තරයත් මහ වැඩක් ද? කථාව වගේ තමයි.
ඉතින් මම කියන්නෙ මේ ඉතුරු වැඩ ටික කරන්න මහින්ද ට ඉඩ දිය යුතුයි. කට්ටිය අහයි කොහොමද ෂුවර් එකටම ඒ වැඩේ කරයි කියල කියන්නේ කියල. මේකයි.. මහින්දට ගොඩ එන්න තියෙන එකම තුරුම්පුව තමයි ඔය හේතුව. ඔකත් නැති උණොත් මහින්දට ලොවෙත් නෑ.. ඒක නිසා යුද්ධෙ ඉතුරු කොටසත් ඉවර කරන්නම වෙනවා ඊළඟ කාලය තුල..
මගේ අදහස මේ ජනාධිපතිවරණය මහින්ද දිනවිය යුතුයි. ඊළඟ ජනාධිපතිවරණය එජාපය දිනවිය යුතුයි. එජාපයට තියෙන විදේශ සම්බන්ධතා ථලදායී ලෙස ප්‍රයෝජනයට අරගෙන රට දියුණු කරන්න පුළුවන්. ඒත් මුලින් ම කරන්න ඕනි යුද්ධෙ ඉතුරු කොටසත් ඉවර කරන එක.
මගේ ඉල්ලීම...
ඔයාලා මට ඇති වෙන කම් බණින්න. කමක් නෑ.. ඒත් දෙපාරක් නෙවෙයි සියපාරක් නැවත හිතන්න ඔයාල ජනාධිපතිවරණයෙ දි ගන්න තීරණය 100%ක් නිවැරදිද කියල.
ගොඩාක් ස්තූතියි මේ හෑල්ල ඉවර වෙනකම් කියෙවුවට...