"වෙසක් කැකුළු අතු අග හිද නටන විලාසේ..."
ඉන්ද්රානි සේනාරත්න.
1956 දි තිරගත වූ "රේඛාව" චිත්රපටයේ තමයි මෙම ගීතය ඇතුලත් උනේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙ පලවෙනි චිත්රපටය වුනු මෙය චිත්රාගාරයකින් පිටතදි රූගත කල මුල්ම සිංහල චිත්රපටය වුනා. ළමා නළු නිලි යුවලක් සමගින් D.R.නානායක්කාර සහ අයිරාංගනි සේරසිංහයන් ප්රධාන චරිත නිරූපනය කලා.එවකට ගුවන් විදුලියේ ළමා පිටියේ ජනප්රිය ගායිකාවක වී සිටි ඉන්ද්රානි සේනාරත්න (ඒ කාලේ විජේබණ්ඩාර) ගීත ගායනා කල මුල්ම චිත්රපටයත් රේඛාවයි.
Last edited:

