රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ගමන් මඟේදී සෑමවිටම සිටියේ ඊළාම්වාදී, දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතයේය. 2001 දෙසැම්බර් මහ මැතිවරණයේදී කොටි සමඟ තමන් ගිවිසුමක් අත්සන් කර නැති බවට ධම්ම පදයේ අත තබා දිවුරූ රනිල්, තමන්ට බලය ලැබී තෙමසක් ගතවන විට ප්රභාකරන් සමඟ ගිවිසුමකට අත්සන් කළේය. ඒ මොහොත වන විට ප්රභාකරන්ගේ මිදුලේ බෝම්බ පිපිරෙමින් තිබුණි. ඒ දිගු දුර විහිදුම් බලකාය හා හමුදා බුද්ධි අංශ හරහා ය. කොටියන්ගේ බෙල්ලටම පිහිය තබමින් කිණිහිර මෙහෙයුමද මේ මොහොතේ දියත්වෙමින් තිබිණි. ඒ සියල්ල නවත්වන්නට එක පෑන් පහරින් අණ දුන්නේ රනිල් වික්‍රමසිංහය. ප්රභාකරන් මරණ බියෙන් තෝන්තු ගන්වා සිsටි දිගු දුර විහිදුම් බලකාය සිරභාරයට ගත්තේ රනිල් අගමැති යුගයේදීය. එතැන් පටන් හමුදා බුද්ධි අංශය කොටි සංවිධානයේ පිස්තෝල දඩයමට හසුවිය. නමුත් ඒ වෙනුqවෙන් එක ශෝක පණිවිඩයක්වත් රනිල් එළිදැක්වූයේ නැත. මේජර් තුවාන් මුතාලිෆ් වැනි රටම ණයගැති වීරවරයන් පොල්හේන්ගොඩදී කොටි පිස්තෝල කල්ලියේ උණ්ඩයට බිලිsවෙන විට රනිල් සිටියේ මුව වසාගෙනය. එදා ඒ වීරයන්ගේ ගෙදරට පවා ගියේ මහින්ද රාජපක්ෂය.
ඒ රනිල්ට බලය ලැබුණ මොහොතේ "කණ කොක් සුද" පෙනුණුq හැටිය. රනිල් බලය අහිමි මොහොතේද ඒ දේම කළේය. රනිල් කිසිදා ප්‍රතිපත්තියක් ලෙස වෙනස් නොකළේ සිය දේශෙද්‍රdaහි ක්‍රියා පිළිවෙතය. සරත් ෆොන්සේකා අද රනිල් සමඟ සිටියත්, සරත් ෆොන්සේකා මේ රටේ ජනතාවගේ වීරයකු බවට පත් වූ මොහොතේ රනිල් සිsටියේ කොතැනද?
මාවිල්ආරු සොරොව්ව වසා කොටි ත්රස්තවාදීන් ජනතාව පිපාසයෙන් මියයවන්නට තැත් කළේය. එදා මාවිල්ආරු සොරොව්ව බේරා ගන්නට මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුමක් දියත් විය. එවිට රනිල් කීවේ ජලයට රණ්ඩු වී පලක් නොමැති බවය. එසේ කියමින් රනිල් තැත් කළේ, එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද හමුදාව කරනා මෙහෙයුමට වළ කැපීමටය. නමුත් යුද හමුදාව ජයග්‍රාහීව එම මෙහෙයුම සිදු කර මාවිල්ආරු සොරොව්වෙන් දියවර නිකුත් කළේය. ඒ දියවරට අවසානයේදී කොටි ත්රස්තවාදීන් ගසාගෙන ගියේය.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පැරදවීම පටන් ගත් තැන සිට සටන නිම වෙන තෙක් රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපය කරන ලද අකුල් හෙළීම් එකිනෙක ලිවිය යුතු නැත. අද සරත් ෆොන්සේකාගේ ගුණ වයමින්, ඔහුගේ සමීප මිතුරන් වී ඇත්තේ ඒ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපයය.
සරත් ෆොන්සේකා අද සමීප වී සිටිනා තවත් චරිතයක් වන්නේ මංගලය. මංගල එදා සිටම දැරුවේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදයය. ඔහු සුදු නෙළුම්, තවලම්, හරහා රටට කියාගෙන ගියේ යුද්ධයෙන් තොරව බලය බෙදාගෙන ෆෙඩරල් රටක් බිහි කරමින් සොයනා විසඳුමක් පිළිබඳවය. සරත් ෆොන්සේකා මේ රටේ ජනතාවගේ වීරයකු බවට එදා පත් වූ යුද්ධයේදී මංගල සරත්ව යෝජනා කළේ ඒ වීරත්වය පිළිගත් උසස්වීමක් සඳහා නොවේ. ඔහුට ඒ මොහොතේ සරත් ෆොන්සේකා සුදුසු වුණේ ගැලවීමේ හමුදාවේ නායකත්වයටය. එපමණක් නොවේ, එල්. ටී. ටී. ඊ. ය. පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය මානුෂික මෙහෙයුම් දියත් කරන විට මංගලගේ ගෝලයෝ එකතු වී මුද්‍රණය කළ මව්බිම පුවත්පත ඒ මෙහෙයුමට හොඳ හැටි බැට දුන්නේය. සෙංචෝලයේ කොටි කඳවුරට බෝම්බ දැමූ විට එම පුවත්පත ලෝකයාට ප්‍රකාශ කළේ, එය කොටි කඳවුරක් නොව ළමා පාසලක් බවට වන ගජබින්නය. නාවික හමුදාව කළු කොටින්ට බැට දෙන විට එම පුවත්පත වීරයකු සේ සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළේ මුහුදු කොටි නායකය සුසෙයිය. යුද්ධය යුද්ධය කියමින් ටෙලිනාට්‍යයක් පෙන්වන්න කියන්නැයි හඬ නැඟූ සිය ඉතිහාසය පුරාම දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී මතවාදය දැරූ මංගල සමරවීර, අද සරත් ෆොන්සේකාගේ ගුණ වණනා, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්රමුඛයෙකි.
කොළඹ සිටි එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් හමුදා අත්අඩංගුවට පත් වන විට ඔවුන් බේරා ගැනීම උදෙසා හඬ නැඟූ මනෝ ගනේෂන් ද අද සරත් ෆොන්සේකාගේ ගුණ ගයනා හිතවතෙකි. සරත් ෆොන්සේකා මේ රටේ වීරවරයකු බවට එදා පත් වූ සටනේදී, ඔහු හමුදාපති ලෙස කටයුතු කරන විට මනෝ ගනේෂන් සිදු කළේ කුමක්ද? ඔහු එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙහෙයවූ පොංගු තමිල් රැළි අමතන ප්‍රධාන කථිකයකු විය. දෙමළ ජාතිවාදයේ වත්මන් යුගයේ භාරකරුවකු වන මනෝ ගනේෂන් ද අද සරත් ෆොන්සේකා ගුණ වනනා හිතවතෙකි.
එල්. ටී. ටී. ඊ. නායක ප්රභාකරන් සමග පක්ෂ නායකයකු ලෙස ගිවිසුමක් අත්සන් කළ එකම තැනැත්තා රාවුෆ් හකීම්ය. හකීම් ද සැමදාම සිටියේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී මතයේය. සරත් ෆොන්සේකා ප්රභාකරන්ගේ අම්මගෙන් තාත්තාගෙන් වුණත් සල්ලි අරගෙන ඡන්දය කිරීම හොඳ ප්‍රකාශයක් බව කියමින් සරත්ගේ ගුණ වයමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින නායකයකු වී සිටින්නේද මේ හකීම්ය.
මේ ලැයිස්තුව ගැන මේ රටේ ජනතාව අමුතුවෙන් දැනුවත් කළ යුතු නැති තරමට ඔවුන් ගැන රටට මතකය.
එසේ නම් ජවිපෙ...ෘ