SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සන්දේශය චිත්‍රපටයට අරිසෙන් අහුබුදු ශුරීන් රචනා කළ ගීයක් ......

පෘතුග්‍රීසිකාරයා
ආදරණීය ජෝති
(තබ්ලා සංගීතය)

Pruthigresikaraya
H.R. Jothipala

 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
katada puluwan mata parana sinduwak hoyala denna.. :)

"Srimathi Thilakarathne" gayana karana " Sande ennam obe lenata " kiyala sinduwak. plz..

malliya me geethaya gayana karanne Srimathi Thilakarathne newei Rupa Indumathi kiyana guwan viduliye visista sreyniye gayana silpiniyai...

thiyena kenek me lassana geethaya vigahatama obata laba dei..good luck!!
 
Last edited:

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....

ඔබ මට තරුවකි
ලක්‍ෂ්මන් විජේසේකර

Oba Mata Tharuwaki
Laksman Wijesekara
(Original Music)

 

shenat

Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක

    ane machan lokuuuuuuuuuu udawwak...:yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :):):):):):) heta hoyala denna puluwanda kiyala nanda kiyanawa.. mama kiwwa ha kiyala..
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    වන මලක් අතැරදාලා කඩදාසි මලක වහලා
    අඬු කඩා ගත්ත බඹරෝ දැන්වත් පල ඉගිලීලා.....................


    වන මලක් අතැරදාලා
    මොහිදීන් බෙග්

    Wana Mala Athera Dala
    Mohideen Beig


     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Corin Almeda ගෙද අනේ මන්ද:lol::lol::lol:
    මට මේ ගීතය ලබා දුන් ඔබට ජය වේවා
    :):):):):)


    මේ ගීතයේ මුල් ගායනය මිනෝන් රත්නම්, විවාහයෙන් පසු මිනෝන් ප්‍රනාන්දු ( of Jetliners fame )
    සෑම විවාහ උත්සවයකදීම අනිවාර්යෙන් ගැයෙන ගීතයක්.
     

    nwnbs

    Member
    මේ ලිපිය 27 ඉරිදා දිවයින පත්තරේ තිබුනෙ. හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න... කියවපු නැති අය හිටියොත් කියවල බලන්න...

    රෝහණ බැද්දගේ නිර්මාණ සහ අපගේ අනන්‍යතාවය

    rohana.jpg
    සිංහල සංගීතයක්‌ නිර්මාණය කිරීම මුල්කර ගෙන ඇති වූ මතවාදී ගැටුම පසුගිය දශක කීපය තුළම මෙහි පැවැති සැටි අපි දුටිමු. ඒ මත ගැටුම තවම අවසන් වී නොමැත. අපට අනන්‍ය වූ සංගීතයක්‌ බිහිකර ගත හැක්‌කේ කෙසේද යන්න මේ ගැටුමට මුල් වූ ප්‍රස්‌තුතය වෙයි.

    මෙහිලා ප්‍රධාන මත තුනක්‌ ඉස්‌මතු වූ බව අපි දුටිමු. ඒ මත ඉදිරිපත් කළ තුන් පිරිස විසින් ම එකඟ වූ එක්‌ කරුණක්‌ අපිට දැක ගත හැකි විය. එනම් අපට අතීතය විසින් උරුම කර දෙන ලද උසස්‌ සංගීතයක්‌ නොමැතිය යන්නයි. මෙහිදී මේ කරුණ පහදා දෙනු වස්‌ ඔවුන් විසින් උදාහරණ වශයෙන් පෙන්වා දෙන ලද්දේ අපගේ අසල්වැසි ඉන්දියාවයි. අතීතය විසින් උරුම කර දෙන ලද උසස්‌ සංගීතයක්‌ ඉන්දියානුවන් සතුව තිබේ. ඉන්දියාව සතුව පවත්නා ඒ උත්තර භාරතීය රාගධාරී සංගීතය වැනි අතීත උරුමයක්‌ අපට නොමැතියි. එබැවින් එවැන්නක්‌ සඳහා අපට මුල සිටම කටයුතු කිරීමට සිදුව ඇත. කොටින් කියතොත් සිංහල සංගීතයක්‌ නිර්මාණය කර ගැනීම අප මත පැවරී ඇති අලුත්ම ව්‍යායාමයක්‌ ... නිර්මාණ කාරියක්‌ වෙයි.

    මේ රටේ මුල් යුගයේ විසූ රූපසිංහ මාස්‌ටර් වැනි සංගීතඥයන් මෙන්ම මේ රටෙන් සංගීතය හැදැරීම සඳහා ඉන්දියාවට ගිය සංගීතඥයන් ද රාගධාරී සංගීතය ප්‍රගුණ කළ අය වූහ. ඔවුන්ගේ ඒකායන පිළිගැනීම වූයේ අප ද අපගේ සංගීතය වශයෙන් ඒ රාගධාරී සංගීතය පිළිගත යුතු බවයි. සංගීතයට කලාපීය පැවැත්මක්‌ විනා පටු දේශීය පැවැත්මක්‌ නොමැතිය යන්න ඔවුන්ගේ තර්කය විය.

    මේ පිරිසගේ තර්කය කෙතරම් නිරවද්‍ය වුවද, මේ රටේ ඉන්නා ප්‍රබුද්ධ රසික පිරිස ඔවුන් මත බලහත්කාරයෙන් ස්‌ථාපිත කිරීමට තැත් කළ රාගධාරී සංගීතය පිළිගැනීමට සූදානම් නොවූහ. ඒ රාගධාරී සංගීතයට ප්‍රතිචාර දැක්‌වීමට අපගේ රසිකයන් අසමත් වූ බව පෙනිණි. කෙතරම් විදග්ධ සංගීතයක්‌ වුව ඒ රාගධාරී සංගීතය මේ රට තුළ මුල් ඇල්ලීමට අසමත් විය.

    මේ තත්ත්වය මත මීට ප්‍රතිකර්මය වශයෙන් තවත් පිරිසක්‌ විසින් තැත් කරන ලද්දේ බටහිර සංගීතය ඔස්‌සේ යමින් සිංහල සංගීතයක්‌ නිර්මාණය කිරීමයි. එහි ප්‍රමුඛයා වූයේ ප්‍රේමසිරි කේමදාසයි. ඔහු බටහිර "ඔපෙරා" "කැන්ටාටා" මගින් අපට සරිලන සංගීතයක්‌ බිහි කිරීමට තැත් කළේය. එහෙත් එම සංගීත නිර්මාණ මෙරට බහුජන ප්‍රසාදයට ලක්‌වූයේ හෝ මුල්බැස ගත්තේ හෝ නැත. ඒ මෝස්‌තරය අපගේ සංස්‌කෘතිය සමග අනන්‍ය නොවීම එයට හේතුවිය.

    රෝහණ බැද්දගේ මහතා විසින් නිර්මාණය කරන ලද සංගීතය බිහිව ඇත්තේ ඉහතින් දැක්‌වූ පසු බිම තුළයි. මෙහිදී රෝහණ බැද්දගේ මහතා විසින් තැත් කර ඇත්තේ අපගේ ජන ගායනා මගින්. ඒ නාද රටාව ඔස්‌සේ යමින් අපට අනන්‍ය වූ සංගීතයක්‌ බිහි කිරිමට තැත් කිරීමයි. රෝහණ බැද්දගේ මහතා ගත් මඟ අනුව ගිය තවත් සංගීතඥයන් කීපදෙනකු අප අතර වූ බව අප විසින් පිළිගත යුතුයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ පාර්යේෂකයකු වශයෙන් සේවය කළ කුලරත්න මහතා මේ අතින් විශාල කාර්යභාරයක්‌ ඉටු කළ පුද්ගලයෙක්‌ වෙයි. මකුලොලුව මහතා ද ඒ අතින් විශාල සේවයක්‌ ඉටු කළ පුද්ගලයෙකි. රෝහණ බැද්දගේ මහතා විසින් ගෙන ඇත්තේ ඒ මZඟයි. මොවුන්ගේ තර්කය වී ඇත්තේ අපට අනන්‍ය වූ සංගීතයක්‌ බිහිකර ගැනීමට නම් අප අපට අපගේ ජන ගායනා මගින් උරුම කර දී ඇති නාද රටාව මත පිහිටා එය කළ යුතු බවයි. රාගධාරී සංගීතය පසු පස්‌සේ යැමෙන් හෝ බටහිර සංගීතය පසු පස්‌සේ යැමෙන් හෝ එය ඉටුකර ගත හැකි නොවේ. මොවුන්ගේ මේ තර්කය ඉතා නිවැරැදි බව මාගේ වැටහීමයි.

    එහෙත් මෙහිදී අපගේ අවධානය යොමු විය යුතු එක්‌ කරුණක්‌ ඇතැයි මම සිතමි. එනම් අද්‍යතන රසිකයාට සරිලන විදග්ධ සංගීතයක්‌ මේ පදනම මත බිහිකර ගත හැක්‌කේ කෙසේද යන්නයි. රෝහණ බැද්දගේ මහතා අතින් සිදු වූ විශිෂ්ට සේවය අගයන මේ මොහොතේ අපගේ අවධානය මේ කටයුතු ගැන යොමුවිය යුතු යෑයි මම සිතමි.

    මෙහිදී කලකට පෙර මා කියවූ නිබන්ධනයක්‌ මට සිහිවේ. ඒ නිබන්ධනය ලියා තිබුණේ බටහිර සංගීතය පිළිබඳ විශාරදයකු විසිනි. එහිදී ඔහු විසින් සලකා බලන ලද්දේ රුසියන් සංගීතය බිහි කළ චැයිකවොස්‌කි වැනි සංගීතඥයන් ඉටු කළ කාර්යයි. මුල් කාලයේ විසූ රුසියන් සංගීතඥයන් බටහිර යුරෝපීය සංගීතය අනුකරණය කිරීමෙන් රුසියන් සංගීතයක්‌ බිහි කළ හැකි යෑයි කල්පනා කළහ. ඒ මතය බැහැර කළ චැයිකවොස්‌කි රුසියන් සංගීතයක්‌ බිහි කර ගැනීමට නම් එය රුසියන් ජන සංගීතය පදනම් කර ගත යුතු බව පෙන්වා දුන්නේය. චැයිකවොස්‌කිගේ ඒ ක්‍රියා මාර්ගය සාර්ථක විය. මේ මඟ අපටත් අදාළ නොවේද? බැද්දගේ මහතා විසින් හෙළි කර ඇති පදනම මත පිහිටා අපට අනන්‍ය වූ විදග්ධ සංගීතයක්‌ බිහිකර ගැනීම අනාගත පරපුර සතු කාර්යයක්‌ බව මාගේ වැටහීමයි.

    ගුණදාස අමරසේකර


     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මේ ගීතයේ මුල් ගායනය මිනෝන් රත්නම්, විවාහයෙන් පසු මිනෝන් ප්‍රනාන්දු ( of Jetliners fame )
    සෑම විවාහ උත්සවයකදීම අනිවාර්යෙන් ගැයෙන ගීතයක්.
    පසු කලෙක මේ ගීතය නිරෝෂා විරාජිනීත් ගායනා කර තිබුණා.
    කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී
    අනුවාදනය

    Kedelle Athi wu
    Instrumental


     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    සන්දේශය චිත්‍රපටයට අරිසෙන් අහුබුදු ශුරීන් රචනා කළ ගීයක් ......

    පෘතුග්‍රීසිකාරයා
    ආදරණීය ජෝති
    (තබ්ලා සංගීතය)

    Pruthigresikaraya
    H.R. Jothipala


    ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....

    ඔබ මට තරුවකි
    ලක්‍ෂ්මන් විජේසේකර

    Oba Mata Tharuwaki
    Laksman Wijesekara
    (Original Music)



    මම මේ ගීත කීපය ගන්නවා.
    බොහොම පිං සුරංගටයි දීලකටයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,815
    86,013
    113
    ආශ්චර්යමත් රටක
    ඔබ මට තරුවකි ගනඳුරු රැයකදී දිඳුලන සඳ ලෙස ගුවන අරා.....

    ඔබ මට තරුවකි
    ලක්‍ෂ්මන් විජේසේකර

    Oba Mata Tharuwaki
    Laksman Wijesekara
    (Original Music)



    matath me sinduwa ona.. :):):(:cool:
    meka password protected ne.. :dull: password eka mokakda?
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    QUOTE=nwnbs;6236567]මේ ලිපිය 27 ඉරිදා දිවයින පත්තරේ තිබුනෙ. හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න... කියවපු නැති අය හිටියොත් කියවල බලන්න...

    රෝහණ බැද්දගේ නිර්මාණ සහ අපගේ අනන්‍යතාවය

    rohana.jpg
    සිංහල සංගීතයක්‌ නිර්මාණය කිරීම මුල්කර ගෙන ඇති වූ මතවාදී ගැටුම පසුගිය දශක කීපය තුළම මෙහි පැවැති සැටි අපි දුටිමු. ඒ මත ගැටුම තවම අවසන් වී නොමැත. අපට අනන්‍ය වූ සංගීතයක්‌ බිහිකර ගත හැක්‌කේ කෙසේද යන්න මේ ගැටුමට මුල් වූ ප්‍රස්‌තුතය වෙයි..............................................

    [/QUOTE]

    පුල්ලිගොනා ගෙට පැනලා
    රෝහණ බැද්ගේ / බන්දුල විජේවීර
    (Original)

    Pulli gona Geta Penala
    Rohana Beddage & Bandula Wijeweera




     
    Status
    Not open for further replies.