නවාංග වූ බුද්ධ ශාසනය...
ගෞතම බුදු සසුන දිගු කල් පැවැතීමට නම්....
බුද්ධ ශාසනය යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට දායාද කරදෙන අතිශයින් ම පාරිශුද්ධ වූ දෙයක්. බුද්ධ ශාසනයට විවිධ නම් පාවිච්චි කරනවා. බ්‍රහ්මචරිය, සද්ධර්මය, ශාස්තෘ ශාසනය ආදී වශයෙන් හඳුන්වනවා. මෙවැනි නොයෙකුත් නම් වලින් බුදුරජාණන් වහන්සේ විසින් ශාසනය විස්තර කරනවා. බුද්ධ ශාසනය ‘නවාංග ශාස්තෘ ශාසනය’ යන නමිනුත් හඳුන්වනවා. එය අංග නවයකින් යුක්ත නිසා. අද අපෙන් කෙනෙක් ඇසුවොත් නවාංග ශාස්තෘ ශාසනය කුමක්ද කියලා, එයට පිළිතුරක් දිය හැකි වන්නේ ඉතා ටික දෙනෙකුට යි. ඒ නවාංග ශාස්තෘ ශාසනය අපි ඉගෙනගත යුතුයි.

සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවය යි ඒ. මේ නවය පිළිබඳ සෑම බෞද්ධයකුටම දැනුමක් තිබිය යුතු යි. ඒ දැනුම ඇති අයට බුද්ධ ශාසනයේ යහපත උදෙසා බොහෝ දේ කළ හැකියි.
සුත්ත
'සුත්ත' යනු බුදුරජාණන් වහන්සේ නමක් විසින් කරනු ලබන දේශනා වලට කියන නමක්. එය අපි සූත්‍ර යනුවෙන් සිංහලෙන් හඳුන්වනවා. කරණීය මෙත්ත සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, රතන සූත්‍රය, ආදී දේශනා වලට ‘දේශනාව‘ යන අර්ථය ඇතිව තමයි, සූත්‍රය යන නම භාවිතා වන්නේ. සූත්‍ර යනු බුද්ධ දේශනා යි.
ගෙය්ය
ගෙය්ය යනුවෙන් හඳුන්වන්නේ සමහර සූත්‍ර දේශනා වලදී, ඒ දේශනාව දේශනා කරන අතරතුර දී හෝ දේශනාව අවසානයේදී ගාථා වලින් යම් යම් දහම් කරුණු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කළ ඒවාටයි. මේ ගාථාවලින් කරන ලද දේශනා තමයි භාග්‍යවතුන්වහන්සේ ‘ගෙය්ය’ නමින් වදාරා තිබෙන්නේ.
වෙය්‍යාකරණ
වෙය්‍යාකරණ කියා කියන්නේ යම් කිසි දහම් කරුණක් මාතෘකා කරගෙන, ඒ දහම් කරුණ සවිස්තරව ඉදිරිපත් කිරීම යි. අපි දන්නවා ධම්මචක්ක පවත්තන සූත්‍රයේ වෙය්‍යාකරණ ඒ සූත්‍රය අවසානයේ තිබෙන බව. මේ වෙය්‍යාකරණ වදාරන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් දහම් ඇස පහළ කර ගත්තා යනුවෙන් දැක්වෙනවා.
අනන්ත ලක්ඛණ සූත්‍රයේ සඳහන් වනවා. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වෙය්‍යාකරණ වදාරන කල්හි පස්වග භික්ෂූන්ගේ සිත් උපාදාන රහිතව සියලු ආශ්රවයන්ගෙන් නිදහස් වුණා බව. දම්සක් පැවැතුම් සූත්‍රයේ විස්තර වන්නේ, චතුරාර්ය සත්‍ය යි. අනන්ත ලක්ඛණ සූත්රයේදීත් චතුරාර්ය සත්‍ය විස්තර වූවත්, එහිදී දුක්ඛාර්ය සත්‍යයට අදාළ පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම ලක්ෂණය ගැඹුරින් විස්තර වනවා. මේවා තමයි වෙය්‍යාකරණ කියලා කියන්නේ. එනම් දහම් පදයක් විස්තර ලෙස දේශනා කිරීමයි.