SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනේ යලුවනේ...

    ඔයාලා මට සමාවෙන්න ඕනේ. මගේ dialog internet සම්බන්ධතාවයේ qouta එක පැනලා. දැන් ඒක හරිම මන්දගාමීයි. සින්දුවක් ගන්නවත් එකතු කරන්නවත් විදිහක් නැහැ. හරි ගිය ගමන් මම එන්නම්කෝ...

    දැන් සම්බන්ධතාවය අරගෙන අවුරුද්දකටත් වැඩියි. පලවෙනි වතාවට qouta එක පැන්නේ. ඒකත් දවස් 20 ක් වත් යන්න කලින්. වෙන මොකක්ද ඉතින්.. එලකිරි එක හින්දම තමයි.

    ඔය ගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !
     

    nwnbs

    Member
    දිග වැඩි නම් සමා වෙන්න ඕනෙ. දිවයින පත්‍රයේ ගිය ලිපියක්...මෙතනට ගැලපෙන නිසා මම කලින් දුන්න ගීත කීපයේ ලින්ක් එකත් දෙන්නම්... :)

    ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්


    මේ ලිපිය ගත්තෙ මෙතනින්

    නටන මිනිහා ජාතික ගීයටත් නටනවා
    ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්‌


    anton.jpg
    anton2.jpg
    බොහෝ සිදුවීම් අතීතයට එක්‌ව වැළලී ගොසිනි. එදවස මෙරට බොහොමයක්‌ "සුවිශේෂ" සිදුවීම් වැඩි දෙනෙකු මතකයට නඟා ගන්නේ අහම්බෙන් හෝ ඒ පිළිබඳව සඳහන් ඇතොත් පමණි.
    එහෙත් මේ අතීතයට එක්‌වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක්‌ අපේ සංගීත ක්‍ෂේත්‍රයට දායාද කළ ශිල්පියෙකු ද වේ.

    ඒ "ඇන්ටන් ජෝන්ස්‌"ය. ඇන්ටන් ජෝන්ස්‌ මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රකටව සිටින්නේ බයිලා ගායකයෙකු ලෙසය. එලෙසම මේ "බයිලා" වල සුවිශේෂ බවක්‌ද ඇත. ඒ ඔහුගේ ගීත සියල්ල "සත්‍ය සිදුවීම්" ඇසුරින් නිර්මාණය වූ ඒවා වීමය. "පොඩි විඡේ, මරුසිරා, ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන් කුමාර" ආදිය ප්‍රධානව ගීත ගණනාවක්‌ නිදසුන් ලෙස දැක්‌විය හැකිය. ප්‍රවීන ගායක "ඇන්ටන් ජෝන්ස්‌" හදිසියේ රෝගාතුරව සුවය ලබා මේ මොහොත වන විට විවේකී සුවයෙන් නිවසට වී කාලය ගෙවන මොහොතක, ඔහු හමුවීමට ගියේ පෙර කී අතීත මතකය අවදි කරනු පිණිසය.

    ප්‍රශ්නය:- ඔබ බයිලා ගායනයට පිවිසෙන්නේ ප්‍රකට බයිලා ගායකයෙකු වන "වොලී බැස්‌ටියන්" ගේ ඇසුර සමගිනි.

    පිළිතුර:- ඔව්... ඒ යුගයේ වොලී බැස්‌ටියන්ගේ ගෲප් එකක්‌ තිබුණා. මට මගේ ඥතීන් හරහා ඒකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ කියන්නේ මගේ මාමලා, වොලි බැස්‌ටියන්ගේ ගෲප් එකේ සිංදු කියන්න යනවා. ඉතිං මමත් ඒ අය එක්‌ක යනවා. එහෙම ගිහින් අවසානයේ මම එහි අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. අවසානයේ මටත් ගෲප් එකේ ඉහළ තැනක්‌ ලැබුණා.

    ප්‍රශ්නය:- 50 දශකය වන විට මෙරට ගීත ක්‍ෂේත්‍රයේ "බයිලාව"ට හිමිව තිබුණු තැනත් එක්‌ක ඔබ බයිලා ගායනයට පිවිසෙනවා.

    පිළිතුර:- ඔව් ඒකත් සිද්ධ වෙන්නේ ඒ යුගයේ වොලී බැස්‌ටියන්ට සෑහෙන වැඩ තිබුණා. එයාට හැම සංගීත සංදර්ශනයකටම යන්න බැරිවුණා ඔහු පොලිසියේ සේවය කරමින් සිටි නිසා. ඒ අඩුව පුරවන්න ඔහුගේ ගීත ගායනා කරන්න ගියේ මම. ඇත්තටම ඒ ගීත ගායනා කරමින් තමයි මම ක්‍ෂේත්‍රයට ආවේ.

    ප්‍රශ්නය:- නමුත් ඔබ ඔබේම අනන්‍යතාවයක්‌ ගොඩනඟාගන්න සමත් වෙනවා.

    පිළිතුර:- ඔව් මට මතක හැටියට "කන්තෝරුව... කන්තෝරුව" ගීතය තමයි මගේ මුල්ම ගීතය. එතැන ඉඳලා මම මගේ ගීත ගායනා කරන්නට පටන් ගත්තා. මේ 60" දශකයේ වගේ තමයි මට මතක.

    ප්‍රශ්නය:- කාලානුරූපව ඔබේ ගීතවලට වස්‌තු බීජ ලැබුණා. 70" දශකයේ "යාර ගණන් රෙදි ඉල්ලපු කාලේ නැතිවුණා. ගීතය මෙටි්‍රක්‌ ක්‍රමයට රට හැරුණු විට නිර්මාණය වුණ ගීතයක්‌.

    පිළිතුර:- ඒ දවස්‌වල අද වගේ නෙවෙයි ගීතවලට ඕනෑ තරම් වස්‌තු බීජ තිබුණා. එකිනෙකට වෙනස්‌ ඒවා. අද හැම තැනම මිනීමැරුම්... දවස ගානේ සිංදු දුසිමක්‌ විතර හදන්න පුළුවන්. ඒත් එදා එහෙම නොවෙයි, අනුවේදනීයම සිද්ධිය ඇසුරින් හොඳ වැඩක්‌ කරන්න හැකියාව තිබුණා.

    ප්‍රශ්නය:- ඔබේ ජනප්‍රිය ගීතයක්‌ වන ඝණ්‌ටා නාදේ අවට ඇසෙන්නේ ගීතයේ මුල් ගායකයා වොලී බැස්‌ටියන්... ඒත් ගීතය ජනප්‍රිය වුණේ ඔබ නිසා.

    පිළිතුර:- ඒ කාලයේ අද වගේ කැසට්‌පට තිබුණේ නැහැ. ඉතිං වොලී බැස්‌ටියන්ගේ ඔය ගීතයට එතරම්ම ප්‍රචාරයක්‌ ලැබුණේ නැහැ. පසු කලෙක මම එය දිගින් දිගටම ගායනා කළ නිසාත් කැසට්‌ පටවලට ඇතුළත් වූ නිසාත් ජනප්‍රිය වුණා. සංයුක්‌ත තැටි අටක්‌ පමණක්‌, කැසට්‌ පටි තිස්‌ පහක්‌ පමණත් මේ වන විට මා නිකුත් කර තිබෙනවා.

    ප්‍රශ්නය:- වර්තමානයේ ඔබේ යුගයේ ජීවත් වූ බොහෝ ගායක ගායිකාවන් ජීවතුන් අතර නැහැ. අතීතය ගැන මොන වගේ හැඟීමක්‌ද තිබෙන්නේ.

    පිළිතුර:- ඒ කාලය හරිම සුන්දරයි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන්, එම්. එස්‌., ෆේ‍රඩී සිල්වා මේ වගේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ගායක ගායිකාවන් රාශියක්‌ රට පුරා සංගීත සංදර්ශනවලට යන්නේ "සියෑක්‌" බස්‌ එකේ. ඒක අයිතිව තිබුණේ සියෑක්‌ එන්ටර්ටේට්‌මන්ට්‌ ආයතනයටයි. ඒ දවස්‌වල අපි සංදර්ශනවලට යාපනයේ යන්නේ ඒ බස්‌ එකේ. අපි හැමෝම එකේම ගිහින් මහ රෑම ආපහු එනවා.

    ප්‍රශ්නය:- ඔබ වෘත්තීය ගායකයෙක්‌ නොවෙයි. ඔබ

    රැකියාවක්‌ කළා.

    පිළිතුර:- ඔව් මම ලංකා බැංකුවේ සේවය කළේ. වසර 35 ක්‌ මම එහි සේවය කළා. කොච්චර රෑ තිස්‌සේ සංගීත සංදර්ශනවලට ගියත් මම උදේ 8.00 වෙනකොට රැකියාවට යනවා. මම නිවාඩු අරගෙන නැති තරම්. විදේශ සංචාරවලට පමණක්‌ නිවාඩු අරන් තියෙනවා.

    ප්‍රශ්නය:- ඒ යුගයේ එවැනි ගායක ගායිකාවන් රැසක්‌ හිටියා. එම්. එස්‌., සිසිර සේනාරත්න, වෝල්ටර් ප්‍රනාන්දු වැනි අය උදාහරණ හැටියට දක්‌වන්න පුළුවන්.

    පිළිතුර:- ඔව්... අපි සමකාලීනයන් හැටියට රැකියාවත්. සංගීත ක්‍ෂේත්‍රයේ වැඩ කටයුතුත් සමබරව කළා. ඇත්තටම වෘත්තීමය ගායකයන් නොවුණත් අපි එහි ගරුත්වය රකිමින් වැඩ කටයුතු කළා කිව්වොත් හරි.

    ප්‍රශ්නය:- බයිලා ගීතය "ලුම්පන්" පන්තියේ කලාවක්‌ හැටියට ප්‍රතික්‌ෂේප කරන පසුබිමකුත් තියෙනවා.

    පිළිතුර:- ඒ වුණාට අද හැමෝම කියන්නේ "බයිල"නේ. ඒ ගීත මොනවද කියන්න තේරෙන්නේ නැහැ. බයිලා කියන්නේ රාග තාල සහිත ගීත විශේෂයක්‌. බොහෝ ප්‍රබුද්ධ කියන අයගෙත් මේ ඝනයේ ගීත තිබෙනවා. අපි බයිලාවලට කියන්නේ "වේග රිද්මයේ" ගීත කියලයි.

    ප්‍රශ්නය:- "වේග රිද්මය" ගීතවලට අනුවේදනීය සත්‍ය සිද්ධීන් මුසුකර ඒවාට රසිකයන් "නැටවීම" පිළිබඳව චෝදනාවකුත් ඒ දිනවල ඔබට එල්ල වුණා.

    පිළිතුර:- ඉතිං රසිකයන් කැසට්‌ නිෂ්පාදකයන් ඉල්ලන්නේ ඒවානම් මොකද කරන්නේ. අද ජාතික ගීයටත් නටනවා, පිරිත් ඇහුවත් නටනවා. ජන ගායනාවක්‌ ඇහුනත් නටනවා. නැත්නම් හරි නැහැ වගේ.

    ප්‍රශ්නය:- ඔබට ගීත රචනා කළ පිරිසක්‌ සිටියා සේම බොහෝ පද රචනා ඔබ විසින්ම සකස්‌ කළ ඒවා.

    පිළිතුර:- කේ. ඩී. සුමනපාල වැනි අය මෙහිදී සිහිපත් කළ යුතුයි. මගේ මුල්ම ගීතවල පද රචකයා ඔහුයි. මරු සිරා, කන්දේ හැපුණු මහ වනාන්තරේ වැනි ගීත මවිසින්ම රචනා කළ ඒවා. බොහෝ ගීත සඳහා තනු නිර්මාණය කළෙත් මමමයි.

    ප්‍රශ්නය:- වර්තමානයේ දවස ගත කරන්නේ කොහොමද?

    පිළිතුර:- ඇත්තටම 2007 සංයුක්‌ත තැටියක්‌ නිකුත් කළාට පස්‌සේ අද වන තුරු යමක්‌ කරන්න ලැබුණේ නැහැ. රෝගාතුරව සිටීම නිසා. සුව වූ විගස යමක්‌ කරන්න හිතාගෙන ඉන්නවා.


    සංවාදය - උදේශ ගමගේ
    ඡායාරූපය - කමල් වන්නිආරච්චි
     
    • Like
    Reactions: thilzz

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කොහොමද මචං...
    කාලෙකින් ලස්සන සිංදු ටිකකුත් එක්ක ඇවිල්ලා තියෙන්නේ...
    බොහෝම ස්තුතියි...

    මම හොදින් මචන්
    ස්තුතියි :)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ම්0 අන්තිමට තියෙන සි0දු 2 ගත්තා. ගොඩාක් ස්තුතියි. මුර පද නැතිව UL කරපු එක ම්0 ඉහලින්ම අගය කරනවා. සමහරු Comments නෑ කියලා ඒවා ගත්ත අයට දොස් කියලා තියෙනවා මම දැක්කා. Comments දැම්මෙ නෑ කියන්නේ කෘතඤ්ඤතාවයක් නෑ කියන එකම නෙවෙයි. එක දිගට සි0දු 2 -3 download කරනකොට 1-2 මඟ හැරෙන්න පුළුවන්. Comments වල තියෙන link එකකින් ගත්තොත් original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොටමත් වඩා ගන්න කෙනාගෙ තියෙන දුර්වල කමක් වෙන්න පුළුවන්. ම්ම් නම් හිතන්නේ අපි මෙතන වර්ධනය කරන්න අවශ්‍ය ගතිගුණය තමයි බෙදා හදා ගැනීම (Sharing). කාගෙ හරි හිත රිදුනා නම් සමා වෙන්න. මේ ම්ගේ පුද්ගලික අදහස. ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

    තෙරුවන් සරණයි


    පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා
    එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා
    නැතිනම් හදලා කියනවා........


    කිතුලක රා බෙන්න හිතී මිහිහෙක් කිතුලකට නැඟී
    අයිතිකරුට අසුවූවා.....

    තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න

    තණකොල නෑ ගහ මුදුනේ.... ඒකයි බිමට බහින්නේ....

    පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා
    සුනිල් පෙරේරා / ගැමුණු විජේසූරිය

    Pahasuwatath Wasiyatath
    Sunil Perera & Gemunu Wijesooriya


    kkumara55 ගෙන් ගත්ත සිංදුවක්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ යලුවනේ...

    ඔයාලා මට සමාවෙන්න ඕනේ. මගේ dialog internet සම්බන්ධතාවයේ qouta එක පැනලා. දැන් ඒක හරිම මන්දගාමීයි. සින්දුවක් ගන්නවත් එකතු කරන්නවත් විදිහක් නැහැ. හරි ගිය ගමන් මම එන්නම්කෝ...

    දැන් සම්බන්ධතාවය අරගෙන අවුරුද්දකටත් වැඩියි. පලවෙනි වතාවට qouta එක පැන්නේ. ඒකත් දවස් 20 ක් වත් යන්න කලින්. වෙන මොකක්ද ඉතින්.. එලකිරි එක හින්දම තමයි.

    ඔය ගොල්ලන් හැමෝටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !

    ප්‍රශ්නයක් නැහැ පුලුවන් ඉක්මනට එන්න..
    ඔයා කරන සේවයට ස්තුතියි
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ම0 මෙතනට දාපු සින්දු 8 කින් downloads 35 ක් විතර ගිහින් තියෙනවා. එක comment එකක් වත් ම්0 න0 දැක්කෙ නෑ. ඕක තමයි ස්ව්භාවය.

    තෙරුවන් සරණයි

    ගොඩක් අයට තියෙන්නේ ඔය වේදනාවම තමයි. නමුත් කව්රැහරි දිරිගැන්වුවාම
    ගොඩක් සතුටක් දැනේනවා...

    එහෙනං ඒකට කියන වචනය මොකද්ද?කොහෙවත් නැති (සමහර විට ගුවන් විදුලියෙත් නැති)සිංදු හොයලා-අහන්න පුලුවන් තත්වයට අඩුපාඩුත් හදලා-ලස්සනට කරලා-නෙට් බිල් ගෙවාගෙන-කාලය-මුදල් වැය කරමින් ඒ සිංදු දාන්න කොච්චර මහන්සි වෙනවද මේ මිනිස්සු.ඉතිං ගන්න කෙනාට අඩුම තරමේ ස්තුතියක්වත් කරන්න බැරි මොකද?(එක දිගට සිංදු දාගෙන -දාගෙන යන්න හිතෙනවද මොන මනුස්සයකුට වත්-කාගෙන් වත් වචනයකින් හෝ සහායක්-අනුබලයක් නැතුව)
    දැනටත් කරන්නෙ ෂෙයාරින් තමයි.
    ඒක සම්පූර්ණ වෙන්නෝන දෙපැත්තෙන්ම.බලන්න ඔයාටම කොච්චර දුක හිතිලද 35දෙනෙක් අරගෙන එක්කෙනෙක්වත් ස්තුතියක් හෝ කරලා නෑ.ඔයාට දැනෙන දුකම-පිළිකුලම තමයි අනිත් අයටත් දැනෙන්නෙ.මුර පද දාන්නෙ ඇයි කියන එක කියන්න ඕන් නෑනෙ?
    original post එක හොයා ගන්න බැරි වෙන්න පුළුවන්.(අනේ ඉතිං මොකටද කියන්නේ)

    වටිනා අදහස් ටිකක් ෂම්මි ප්‍රකාශ කරලා තියෙන්නේ. අපිත් එක්ක ඉන්න අපේ සහෝදර සහෝදරියෝ ටික අපිට දෙන දිරිගැන්වීම් රටක් වටිනවා අනිත් අය පුරැදු විදියටම හොරකම් කරපුවාවේ..:rofl:

    Chathura.. bohoma sthuthiy oyage adahas kiwwata.... me theard eka athule me gana dawas gananaawak waada wiwaada giya.. samahara sahodara sahodariyo tharaha una.. samaharu hith rideem sidda unu nisa methanata aweth ne... mama hithanne ehema yannama giya ayath innawa.‍

    denakota thaman kamathi widihata deela, gannakota dena kena kamathi widihata ganna eka neda?...

    :yes::yes: ඹයා හරි යාලුවා
     

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා - එච්.ආර්.ජෝතිපාල මහත්මයගේ මේ සින්දුව දෙන්න පුලුවන්ද?
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..
    ඇත්තටම කණගාටුයි ආදරය කරන කෙනෙක් අපි අතරින්
    වෙන්වුනාම ජීවත්ව ඉන්න අයටයි දුක දැනේන්නේ
    ඔයාගේ සියටත් සදුන් මලිලීගේ ආචිචිටත්
    සදාකල් විශ්‍රාමය පතනවා
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..

    නැවතත් කනගාටුදායක පුවතත්...

    මොනවා කරන්නද සංසාරේ හැටි ඔහොම තමයි.
    හොඳම දේ තමයි හිත හදාගෙන යථාර්තයට මුහුණ දෙන එක.
    මේ වෙලාවේ හිතට දිරිය අරන් ඉදිරි වැඩ කටයුතු කර ගෙන යමු


    ඔබගේ සීයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා...
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දිග වැඩි නම් සමා වෙන්න ඕනෙ. දිවයින පත්‍රයේ ගිය ලිපියක්...මෙතනට ගැලපෙන නිසා මම කලින් දුන්න ගීත කීපයේ ලින්ක් එකත් දෙන්නම්... :)

    ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්


    මේ ලිපිය ගත්තෙ මෙතනින්

    නටන මිනිහා ජාතික ගීයටත් නටනවා
    ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්‌


    anton.jpg
    anton2.jpg


    සංවාදය - උදේශ ගමගේ
    ඡායාරූපය - කමල් වන්නිආරච්චි

    අපට සිටින දක්ෂ කාලා ශිල්පියෙක් කියන්න පුලූවන්
    මෙතුමා ගැන මතකය නැවත අවර්ජනය කර දිම ගැන ඔබ‍ට බෝහෝම ස්තුතියි.
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..

    එතුමාට නිවන් සුව පතමි.
    සසරක හැටි ඔහොම තමයි. අද ඔබේ සීයා හෙට මම වෙන්න පුළුවන්..!!
    ජිවිතය අනියත්‍යයි මරණය නියතයි..!
     

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    සොයා ගැනීමට ඉතාම අපහසු පැරණි ලස්සනම ලස්සන ගීතයක්......

    සීත වන විල් පෙතේ පිපුණ පියුමක් මතේ
    කලා රැජිණි රඟයි ස්වර්ණ වීණා
    ගීතවත් වී රඟයි හංස සේනා.....



    බඹ උරතලයේ වෙසෙන කුමරියේ
    කලා රැජිණියේ ශ්‍රී සරසවියේ
    සරා සඳ රෑ උදා වෙන වෙලාවේ
    අසා හිඳිමි ඔබේ ගීත රාවේ

    හද සන්තානේ කියන උදානේ
    කලා විමානේ ඔබය නිධානේ
    මටත් ඉඩදෙන්න සැතපී නිදැල්ලේ
    සුවෙන් සැනසෙන්න ඔබේ ගී කැදැල්ලේ...


    සීත වන විල් පෙතේ (සරසවි දේවී)
    අයිරින් ද අල්විස්

    Seetha Wan Pethe
    Ayrin De Alwis




    සීත වන විල් පෙතේ (සරසවි දේවී)
    අයිරින් ද අල්විස්
    ( NEW VERSION )



     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..

    ඔබේ සීයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.... :(
     
    Status
    Not open for further replies.