නිවන් සුවය හා පුද්ගලයා

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
නිවන් සුවය හා පුද්ගලයා



පිරිනිවන් පානා මහරහතන් වහන්සේලා මතු නූපදිනා බැවින් නිවනට පැමිණීමෙන් සත්වයා නැති වන්නේය. නිවන කෙතරම් වටින දෙයක්ය කියතත් එය ලබා ගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැති, බිය විය යුතු දෙයකැයි සමහරු සිතනුයේ සත්ත්ව තත්වය නොදැනීමෙනි. නිවනෙහි නිවන් සුවය විඳිමින් සිටින සත්ත්වයකු නැති බව නම් සත්‍යයකි. සත්ත්වයෙකු නැත්තේ නිවනෙහි පමණක් නොවේ. නිවනෙන් පිටතද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේය. එහි රූපය ද සත්ත්වයා නොවේ. වේදනාවද සත්ත්වයා නොවේ. සංඥාවද සත්ත්වයා නොවේ. සංස්කාරයෝද සත්ත්වයා නොවේ. විඤ්ඤාණයද සත්ත්නයා නොවේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක්ද නැත. එබැවින න්‍යනහාර මාත්රයෙන් හැර සත්ත්වයාය නියා නිසිවක් නැති බව දත යුතුය.

සූර්යාගේ ගමන නිමිත්ත කොට දවසය යන ව්‍යවහාරය පවතිනු මිස ඇත්ත වශයෙන්ම දවසය කියා කිසිවක් නැත. හිරුද දවස නොවේ. හිරු එළියද දවස නොවේ. අඳුරද දවස නොවේ. ඒවා හැර දවසය කියා ගත හැකි අන් දෙයක්ද නැත. හුදෙක් දවසය යනු ව්‍යනහාර මාත්රයෙකි. දවසය කියා කිසිවක් නැතත් ව්‍යවහාරය පුරුදු වීමෙන් සෑම දෙනාටම දවසය කියා දෙයක් ඇති සේ වැටහී තිබේ. සත්ත්වයා යනුද එසේම ඇති සේ වැටහී තිබෙන නැති දෙයකි. ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයාම නිර්වාණ සුඛයාගේ හිමියා බවද ඒ සුවය ලබා ගෙන සිටින තැනැත්තා බවද කිව යුතුය. ස්කන්ධ දුක්ඛය යමෙකුගේ නම්, දුක්ඛ නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුඛයත් ඔහුගේමය. ඒ බැවින් නිවනෙහි සත්ත්වයෙකු නැත කියා නොබිය විය යුතුය.​
 

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේය.

යාළුවා මේ කොටස ගත්තේ කොතනින්ද කියලා කරුණාකරල කියන්න පුළුවන්ද?

මගේ අදහසේ හැටියටනම් මේක බුදු දහමට අනුව වැරදියි. මොකද ස්කන්ධ පහ තියෙනව කියල ගත්තොත් ඒක ආත්මවාදයක් වෙන නිසා.
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
යාළුවා මේ කොටස ගත්තේ කොතනින්ද කියලා කරුණාකරල කියන්න පුළුවන්ද?

මගේ අදහසේ හැටියටනම් මේක බුදු දහමට අනුව වැරදියි. මොකද ස්කන්ධ පහ තියෙනව කියල ගත්තොත් ඒක ආත්මවාදයක් වෙන නිසා.

පුළුවන් යාළුවා. මන් මේක ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය පොතින්. ඔයා ඔය පෙන්නන වරද මෙතන නැති බව ඉතාමත්ම පැහැදිලියි. පටිසම්භිදාමග්ගයෙත් මේක තියෙනවා. ටිකක් බලන්න.
 

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
පුළුවන් යාළුවා. මන් මේක ගත්තේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍යය පොතින්. ඔයා ඔය පෙන්නන වරද මෙතන නැති බව ඉතාමත්ම පැහැදිලියි. පටිසම්භිදාමග්ගයෙත් මේක තියෙනවා. ටිකක් බලන්න.

ඔබේ පිළිතුරට ස්තුතියි යාළුවා. ඔය වචන වලින්මද ("ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේය.") ඒක තිබුනේ කියලා කියන්න පුළුවන්ද?
 

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
පුද්ගලයෙක් ඉන්නවා කියල ගත්තොත් පමණක් නොවෙයි ස්කන්ධ පහ පවතිනව කියලා ගත්තත් ඒක ආත්මවාදයක් වෙනවා නේද යාළුවා? ඒකයි මම කිව්වේ මේකෙ වැරැද්දක් තියෙනවා කියලා.
අනෙක් අතට අභිධර්මයට අනුව පරමාර්ථ ධර්ම වෙන්නේ චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන හතර විතරයි නේද?
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඔයාට කැමති මතයක් දරන්න පුළුවන්. නිර්වානය කියන්නේ තම තමන්ගේ බුද්ධි මට්ටම් අනුව තමන්ටම පමණක් වැටහෙන දෙයක්. ඔයා වගේ අය මේ සමාජේ තාමත් ඉතිරි වෙලා ඉන්න එක ගැන සතුටක් දැනෙනවා. දිගින් දිගටම උත්සාහ කරන්න. ඔයාට සැනසීම ලබාගන්න පුළුවන් වෙයි එතකොට.
 

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
මම මෙතනදි අදහස් කලේ පුද්ගලයෙක් ඇත්තටම නෑ වගේම පංචස්කන්ධයත් ඇත්තටම නෑ කියලයි. ඒ සියල්ලම අවිද්‍යව නිසා මනසින් නිර්මාණය කරන දේවල් පමණයි. පරමාර්ථ වලින් චිත්ත, චෛතසික, රූප කියන තුන තමයි මනසට ගතහැකි සියුම්ම සංකල්ප. ඒ නිසා අපිට පෙනෙන්නේ සෑම දෙයක්ම මේ පරමාර්ථ වලින් හැදිලා තියෙනව වගේ. ඒ නිසා මනසට සාපේක්ශව මේ පරමාර්ථ "තියෙනවා" කියලා කියන්න පුළුවන්. ඒත් ඒවාත් අවිද්‍යාව නිසා මනසින් කෙරෙන නිර්මාණ පමණයි. හතර වෙනි පරමාර්ථ ධර්මය වන නිවන නම් සංකල්පයක් නෙවෙයි.
 
Last edited:
නිවන නිර්වචනය කර ඇති ආකාර කිහිපයක්ම දක්නට ලැබෙයි. “වාන” යනු තෘෂ්ණාවට පර්යාය වචනයක් බව ද, භවයෙන් භවය ගැට ගසන තෘෂ්ණාවෙන් නික්මුණු බව නිර්වාණය ලෙස ද දැක්වෙයි. රාග ද්වේශාදී එකොළොස් ගින්න නිවී යෑම (නිබ්බුති), නොහොත් කුසල් අකුසල් දෙකේම පලවිපාක විඳීම නම් වූ දඬුවමට නියමව ඇති ‘සිපිරිගෙයින්’ නිදහස් වීම (නිරෝධ) හා නිවීම, නැවැත්වීම, නොපැවැත්වීම යන අරුත් ද එයට දී ඇත. ඉන්ද්‍රිය ගෝචර උදාහරණයක් ලෙස පහනක නිවී යෑමට එය උපමා කැරේ. සංසාරය සංකත (හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්) බැවින් නිර්මාණය අසංඛතය ලෙස ද, සංසාරය පරම බන්දනයක් බැවින් නිවන පරම විමුක්තිය ලෙස ද භවයක් - ජාතියක් හෝ ඉපදීමේ අවස්ථා නැති බැවින් අජාත ලෙස ද, මරණයක් නැති බැවින් අමත ලෙස ද, මැවීමකින් නූපන් බැවින් අකත ලෙස ද, විපරිණමයක් නැති බැවින් පරම ශාන්තිය ලෙස ද, සත්ත්ව පුද්ගල ස්ථාන ද්‍රව්‍ය ආදිය නැති බැවින් අනිමිත්ත ලෙස ද, ප්‍රාර්ථනා හෝ තෘෂ්ණා නැති බැවින් අප්පණිහත ලෙස ද හඳුන්වනු ලැබේ. අමාව, ශාන්තපදය, පාර, අනාසව, ඛේම, අනීතක ආදී බොහෝ නම් නිවන හැඳින්වීම සඳහා යෙදෙයි.
ඝන, ද්‍රව, වායු, අවකාශ ආදී ස්වභාවයන්ගෙන් හෝ සතර මහා ධාතු ශක්තීන්ගෙන් හෝ හට නොගත්තා වූ ද, නිත්‍යව පවත්නා හෙයින් කිසි කලෙකත් අභාවයට නොයන්නා වූ ද, ලෝකය ඉක්මවූ හෙයින් ලෝකෝත්තර වූ ද නිර්වාණය; මෙලොවත් පරලොවත් නොවන, දේශ දිශාවකින් යුක්ත නොවන, එහෙත් පරමාර්ථ වශයෙන් විද්‍යමාන ධර්මයකි. පැමිණෙන්නවුන් කොතෙක් ආවත් නොපිරෙන, කිසිවකු නොපැමිණුන ද හිස් නොවන; ‘මේ ඔබේ නිවන ය’ ‘මේ මගේ නිවන ය’ කියා වෙන් කොට ගත නොහැකි; පෙර ආ අය - පසු ආ අය ලෙස හෝ ‘ මේ රහතුන්ගේ නිවනය’ ‘මේ බුදුවරුන් නිවනය’ යනුවෙන් භේදයක් නැති; හටගැනීම හෝ බිඳීම ස්වභාව කොට නොගත් යම් තත්ත්වයක් ඇත්ද, ඒ නිර්මාණය පමණකි.
 
මේ අනුව මෙවැනි “තැනක්” තිබිය හැකි ද? තිබේ නම් ස්කන්ධ සත්ත්ව පුද්ගලාදීන් වශයෙන් කිසිවක් නැති එවැනි “තැනක” කවර නම් සැපයක් ද? නිවන අවේදයිත (ඉන්ද්‍රියන්ගෙන් නොවිඳින) සුඛයක් ගැන කියැවෙන තැනක් නිසා එහි ඇති සැපයක් කෙසේ විඳිමු ද? එසේ නම් නිර්වාණ ප්‍රාප්තිය අරභයා කෙනකු තුළ සියුම් බියක් ජනනය විය හැකි ය. භාවාන්තරයක් පුරා අපි හටගැනීමට “තැනක්” පිළියෙළ කරගෙන ආ අය වෙමු. ඒ නිසා ස්ථානය පිළිබඳ මූල සංකල්පයෙහි දැඩි ලෙස එල්බගෙන, නිර්වාණයට ද ස්ථානිය අගයක් දීමේ ස්වභාවයේ සිටිමු. අපට යෝජනා කැරෙන කවර පරම සුඛයක් වුව ද කිසියම් ස්ථානයකම අත්දැකීමට හෙවත් වේදයිතව විඳීමට අපි කර්ම භව සංඛ්‍යාත සංසාර වරය ලත් අය වෙමු.
කෙනකුගේ එක් පයක තුවාලයක් හටගත්තේ නම්, එය සුව වූ විට ලබන සුඛය, අවේදයිත ය. එවැන්නක් නොතිබූ අනෙක් පයේ සුවයක් ගැන අපි නොවහරමු. නමුත් සැබෑ සුඛය තිබුණේ තුවාලය හට නොගත් එහි ය. මේ පයේ තුවාලය හටගැනීම නිසා, ඊට පෙර එහි ද තිබූ, සැබෑ සුඛය හෙවත් අවේදයිත සුඛය අහෝසි විය. සුඛයේ අවේදයිත භාවය තේරුම් ගැනීමට මෙය සරල උදාහරණයකි. ඒ නිසා අවේදයිත සුඛය වනාහි හුදු සුඛයක් නොව, සත්‍ය, කෘත්‍ය, කෘත ත්‍රිභේද වූ ප්‍රත්‍යක්‍ෂ අවබෝධ ඥාණයට ගෝචර වන්නකි. ඉන්ද්‍රිය සංඛ්‍යාත වේදයිත සුඛයම සැපය යැයි ගෙන, එහි ම ගිලී සිටින නිසා, අප කෙරෙහිම ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සාදිය ඇති කරවන්නා වූ තෘෂ්ණා මූලික සියලු ක්ලේශයන්ගෙන් සහමුලින්ම මිදුණු විට අපට ලැබෙන, අප කෙරෙහිම ඇති වෙන අවේදයිත සුඛය කොතරම් උත්තරීතර දැයි වාචිකව විස්තර කළ හැකි නොවන්නේම ය.
‘නිවන’ යනු මරණයෙන් පසු හටනොගෙන පවත්නා යම් දෙයක්, ගතියක්, ස්ථානයක් හෝ ශක්තියක් ලෙස ගන්නා ශාස්වත දෘෂ්ටියෙන් ද, මරණයෙන් භවය නිම වේය යන උච්ඡේද දෘෂ්ටියෙන් ද වියුක්ත වූ හෙවත් ඒ අන්ත දෙකෙන්ම බැහැර වූ මධ්‍යම මාර්ගයෙන් ලබන අවබෝධ ඤාණයකි. එහි කිසි දුකක් හෝ සැපක් නම් කර දැක්විය නොහැකි ය. එය ජීවත්ව සිටියදී ම ලබන නිවීමක් ලෙස දැක්වෙයි.