නිවන් සුවය හා පුද්ගලයා
පිරිනිවන් පානා මහරහතන් වහන්සේලා මතු නූපදිනා බැවින් නිවනට පැමිණීමෙන් සත්වයා නැති වන්නේය. නිවන කෙතරම් වටින දෙයක්ය කියතත් එය ලබා ගත් තැනැත්තා නැති බැවින් නිවන පලක් නැති, බිය විය යුතු දෙයකැයි සමහරු සිතනුයේ සත්ත්ව තත්වය නොදැනීමෙනි. නිවනෙහි නිවන් සුවය විඳිමින් සිටින සත්ත්වයකු නැති බව නම් සත්‍යයකි. සත්ත්වයෙකු නැත්තේ නිවනෙහි පමණක් නොවේ. නිවනෙන් පිටතද පරමාර්ථ සත්‍ය වශයෙන් ස්කන්ධම මිස කොතැනකවත් සත්ත්වයෙක් නැත. ස්කන්ධ පංචකය නම් පරමාර්ථ වශයෙන් ඇත්තේය. එහි රූපය ද සත්ත්වයා නොවේ. වේදනාවද සත්ත්වයා නොවේ. සංඥාවද සත්ත්වයා නොවේ. සංස්කාරයෝද සත්ත්වයා නොවේ. විඤ්ඤාණයද සත්ත්නයා නොවේ. ස්කන්ධ පංචකය හැර සත්ත්වයෙක්ද නැත. එබැවින න්යනහාර මාත්‍රයෙන් හැර සත්ත්වයාය නියා නිසිවක් නැති බව දත යුතුය.
සූර්යාගේ ගමන නිමිත්ත කොට දවසය යන ව්‍යවහාරය පවතිනු මිස ඇත්ත වශයෙන්ම දවසය කියා කිසිවක් නැත. හිරුද දවස නොවේ. හිරු එළියද දවස නොවේ. අඳුරද දවස නොවේ. ඒවා හැර දවසය කියා ගත හැකි අන් දෙයක්ද නැත. හුදෙක් දවසය යනු ව්යනහාර මාත්‍රයෙකි. දවසය කියා කිසිවක් නැතත් ව්‍යවහාරය පුරුදු වීමෙන් සෑම දෙනාටම දවසය කියා දෙයක් ඇති සේ වැටහී තිබේ. සත්ත්වයා යනුද එසේම ඇති සේ වැටහී තිබෙන නැති දෙයකි. ඒ පරිකල්පිත සත්ත්වයා හෙවත් පුද්ගලයා ඇති සැටියට ගෙන ලෝක ව්‍යවහාරයාගේ වශයෙන් කියත හොත් ස්කන්ධ පංචකයාගේ හිමියා වූ ඒ සත්ත්වයාම නිර්වාණ සුඛයාගේ හිමියා බවද ඒ සුවය ලබා ගෙන සිටින තැනැත්තා බවද කිව යුතුය. ස්කන්ධ දුක්ඛය යමෙකුගේ නම්, දුක්ඛ නිරෝධ සංඛ්‍යාත විමුක්ති සුඛයත් ඔහුගේමය. ඒ බැවින් නිවනෙහි සත්ත්වයෙකු නැත කියා නොබිය විය යුතුය.