SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    shameee hata sith thewulak una nam samawa ayada sitimi... :yes::yes:maa shamee ge PM eka pala kale mehi sitina ayek PW request karama aniwaryayen PW eka ema mohothema laba dena bawata wenath ayakuta Quote kala nisayaweni .. netha hoth shamee sithana akaraye karanayak sambandayen nowana bawa karunawen salakanna.. shamee mei sambandayen kelin katha kala bewin mage prasadaya palakarami.. kelin katha nokara gini awwlawannan gena mage sathishaya sanwegaya !! :dull:

    ma shamee ge PM eka (ma kalin demu) pala nokaranam boru karayek wennata ida thibuni... diya yatin gindara geniyannage PM maa langa etha.. :P

    34r9g68.png


    Shamee ... I'm very sorry 4 inconvenience !!
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Please help me to find this song..

    This is the theme song from the TeleDrama "Siwu Siya Gawu"

    Karamba Malak Wage Numba [FONT=verdana, arial]by Rohan Bulegoda & Samitha Mudunkotuwa [/FONT]​
    [FONT=verdana, arial]

    If anyone has this, please upload.


    Thanks.

    [/FONT]
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    දවසේ වැඩ කටයුතු වලින් විඩාවට පත් මනසට විවේකයක් ලබාදෙන්න, ගීතයක් රසවිඳීමේ අරමුණින් තමයි අපි කවුරුත් මහගෙදරට එන්නේ.. එකම අරමුණක් ඇති , පොදුවේ එකම රසවින්දනයක් පතන පිරිසකගේ එකතුව පවුලක් වගේ සුහදත්වයෙන් බැඳෙනවා.. ඒ පවුලට සාමාජිකයො සාමාජිකාවො වැඩි වැඩියෙන් එකතු වෙන්න එකතු වෙන්න ඒ පවුල තවත් ශක්තිමත් වෙනවා..
    මෙතැනට ගීත එකතු කරන කාගෙත් සිත් වල තිබෙන්නෙ, තව කෙනෙකුගේ රසවින්දනයට යමක් ලබා දීමේ එකම යහපත්, පිවිතුරු චේතනාවයි..ගීතයකට මුරපදයක් දැමීමත් නොදැම්මත් නිසා, එ යහපත් චේතනවෙ කිසිඳු වෙනසක් නොවන බව තමයි මා නම් විශ්වාස කරන්නේ..සමහර විරල ගීත වලට ,සමහරු මුරපදයක් දමන්නේ, සාදාරණ හේතු ඇතිව බව තේරුම් ගන්නට මැලිවීම, මහගෙදර අනවශ්ය නොසන්සුන්තාවයක් ඇති වීමට මූලිකම හේතුව වන බවයි මගේ හැඟීම..
    තමන් රසවිඳින්න ආශාවෙන් ඉන්න ගීතයක් පවුලෙ කවුරු හරි කෙනෙක් ලබාදී තිබෙනවානම් , එය මුරපදයක් සමග තියෙනවා නම් අදාල සහෝදරයා හො සහෝදරියට ප්ම් එකක් යවා එය ලබා ගැනීමේ, විශාල අපහසුතාවක් මට නම් පෙනෙන්නේ නැහැ ..

    ශම්මී නංගීත් සුරංග මල්ලිත් මේ මහගෙදර පවුලේ යාවජීව සාමාජිකයො දෙන්නෙක්..ඔයාලගෙ හිත් මෙය් වෙලාවෙය් තැළිල තියෙන බව මට හොන්දටෝම දැනෙනවා..ඔයාලගෙ සිත් මැලවෙන්න සාදාරණ හේතු තියෙන බව මට තේරෙනවා..... ඔබ දෙපලගේ නිහඬ බව අපේ පවුලට තදින් දැනෙනවා නොඅනුමානයි.... ඉතින් හිත හැදුනාම,එකලස් උනාම ආපහු මහගෙදරට එන්න නංගියේ,මල්ලියේ...

    ඉතින්, හොඳ සංගීතයට ලැදි සිත් නිරන්තරයෙන්ම සංවේදීය..මහගෙදර පවුල කියන්නේ එවන් සංවේදීී, සෞම්ය සිත් මල් ගොන්නක එකතුවක් විදියටයි මම දකින්නෙ..වරෙක මලානික වන සිත් කාලයෙ පිණි දියෙන් නැවත විකසිත වෙනවා…එතෙක් අපි ඉවසිල්ලෙන් බලාහිඳිමු...
     
    • Like
    Reactions: nwnbs

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මිතුරු මිතුරියනේ......

    අපි මේ එකතු වෙලා ඉන්නේ Open Forum එකකට. ඉතින් අපි විවිධ අදහස් ඇති අය පොදු අරමුණක් වෙනුවෙන් මේ වගෙ එකතු වෙනකොට ප්‍රශ්න ඇතිවෙන එක ඉතාම සාමාන්‍යයි. මෙහි තියෙන්නෙ අසීමිත නිදහසක්, නීති රීති වලින් පාලනය කරනු ලබන පිරිසක් නෙමෙයි මෙහි ඉන්නේ, සමහර වෙලවට මේ thread එකට අදාල නැති දේවල් මේකෙ පල කරහම අපිට ඒ අයව තහනම් කරන්න බැහැනේ. ඒ වගේ තමයි... PW දාන නිදහස, PW නොදමන නිදහස, PW දැමීම හො නොදැමීම විවේචනය කරන නිදහස, එවට ප්‍රති-උත්තර දීමේ නිදහස, සහ කිසිම දෙයකට අදාල නැති බයිලා කීමේ නිදහස පවා මෙතන තියනවා... ඒ නිදහස මේ වගෙ forum එකක අනිවාර්යයෙන් ලැබෙනවා. අපිට ඒක පාලනය කරන්න බෑ.

    මේ සියලු දෙය මැදහත්ව දරා ගැනීම තමයි කල යුත්තෙ. අද අලුතෙන් එන සාමාජිකයාටත් පුලුවන් මෙහි ඉන්න පරණම සාමාජිකයාට එරෙහිව යමක් ලියන්න, එහෙම ලියන දෙය නවත්වන්න අපිට කිසිම බලයක් නෑ.. ඒ බව තේරුම් ගන්න ඕනේ... ඒ වගේම තමන්ගෙ අගය, තමන්ගේ තෘප්තිය සඳහා කරන දෙය ගැනත් හොඳ වැටහීමක් ලබා ගන්න ඕනේ... වෙන කිසිම කෙනෙක් කරපු කියපු දෙයක් නිසා තමන් ඉතාම ප්‍රියකරන දෙයක් නතර කිරීම, තමන් තමන්වම හෑල්ලු කරගැනීමක් කියලයි මට හිතෙන්නෙ.

    කාලයක් යද්දි තරහ වෙලා හිටිය අය යාලු වෙනව, යාලු වෙලා හිටිය අය තරහ වෙනව... සමහරු අපේ දෙවල් අගය කරනව.. සමහරු දොස් කියනව... සමහරු කිසි දෙයක් කියන්නෙ නෑ.... සමහරු ඉන්නවද නැද්ද කියල දන්නෙත් නෑ (මේ මං වගේ අය ). ඒ නිසා තමන් කරන දේ තමන්ගෙ සතුට වෙනුවෙන් කරන්න... කෙනෙකුට ගීතයක් ලබා ගනීම සතුටක්, කෙනෙකුට දුර්ලබ ගීතයක් අනෙක් අයට ලබා දීම සතුටක්. සමහරුන්ට නොකියම අරගෙන යෑම සතුටක්, සමහරුන්ට PW ඉල්ලල PM යවල මිතුරුදම් අතිකර ගැනීම සතුටක්.. ඉතින් තමන් ලබන ඒ මොනයම් හෝ සතුට වෙනුවෙන් පමණක් මෙහි ඉන්න...

    මේ වගේ තැනක ඇති මේ පාලනයක්, නීතියක් නැති ස්වභාවය තෙරුම් ගන්න... ඒ නිසා හැමදේම ගැන ටිකක් සැහල්ලුවෙන් හිතන්න.... මෙහි ඇති අසීමිත නිදහස වගකීමෙන් භුක්ති විඳින්න... තමන්ට නීති පනවන්න තමන් හැර වෙන කිසිවෙකුත් නැති බව මතක් කර ගන්න, කිසිම කෙනෙකුට තමන්ව මෙතනින් එලවිය නොහැකි බව සහ බැඳ තබාගත නොහැකි බව සිහියට ගන්න.. මේ සියල්ල සමගින් තමන් කැමති දේ කරගෙන මෙතන ඉන්න.... අනිත් අයත් ඒ අය කැමති දෙවල් කරගෙන හිටියවෙ.. නේද?.......

    LIVE, and LET LIVE


    ඔයා මෙතන කියපු දේට කටේ මසුරන් දාන්න වටිනවා. අපි, සියල්ලන්ගේ මතයට ගරු කරන්නත්, ඒවා ඉවසා දරා ගන්නත් පුරුදු විය යුතුයි.
    දැන් බලන්න ජානක23 වගේ පිස්සොත් මේ ලස්සන තැනට එයාගෙ හොට දානවා. මෙතන තිබෙන සහෝදර බැම්ම බිඳින්න මඩ ජරාව පතුරනවා. නමුත් මේ පිස්සා නිසා අපි කවුරුවත් අපේ පවුල දාලා ගියේ නැහැ නේද? ඉතින් ඇයි එහෙනම් අපේම සහෝදරයකුගේ අත් වැරැද්දක් නිසා පවුලෙන් ඉවත් වෙන්නේ ? නැවත හිතා බලන්න කියා මම අපේ පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    shameee hata sith thewulak una nam samawa ayada sitimi... :yes::yes:maa shamee ge PM eka pala kale mehi sitina ayek PW request karama aniwaryayen PW eka ema mohothema laba dena bawata wenath ayakuta Quote kala nisayaweni .. netha hoth shamee sithana akaraye karanayak sambandayen nowana bawa karunawen salakanna.. shamee mei sambandayen kelin katha kala bewin mage prasadaya palakarami.. kelin katha nokara gini awwlawannan gena mage sathishaya sanwegaya !! :dull:

    ma shamee ge PM eka (ma kalin demu) pala nokaranam boru karayek wennata ida thibuni... diya yatin gindara geniyannage PM maa langa etha.. :P


    Shamee ... I'm very sorry 4 inconvenience !!

    Mahatmaya (ma hitanawa obe avtar eka diha balaa ehema kiwvata varadi naa kiya, ma hitanawa oba Mrs. or Ms. novei kiya) maa reply post (http://www.elakiri.com/forum/showpost.php?p=6370150&postcount=63660) eken adahasa palakale Kumara55 soyurata. Oba eya wenama karyayak udesaa yodava ganeema hoda madi neda.
    mae vishaya sambandara methanin tita (.) tiya ivara karami.
     
    Status
    Not open for further replies.