කවි කාරයන්ගේ නවාතැන

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවි කාරයන්ගේ නවාතැන

    එලකිරි එකේ කවි ලියන්න දන්න කට්ටිය
    මෙතනට එන්න අපි එ කවි බෙදා ගමු
    මම හොද කවි ලියන්නෙක් නෙමේ එත්
    එලකිරි එකේ හොද කවි ලියන්නෝ
    එන්න අපි පොඩි කවි ලියමු

    :):):):):)
    :):):)
    :):)
    :)
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එලකිරි බුවෙක් කවි මඩුවක් පටන්ගෙන
    ආරධනා පිලිගෙන එමි බලන්නට
    නිදිමත හැදෙනකන් කවි පද ගොතන්නට
    අන්තිම පදය එන්නෑ චාටර් 7යි මට
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මිතුරනි කවි ලියන්නට මෙහි එකතු වුන
    කවියක තියෙන සුමියුරු ගුණ රකිනු මැන
    ලියනට බොහෝ දේ ඇත නෙක කරුණු ගැන
    කොයි හැටි වෙතත් වෛරය බිම හෙලනු මැන
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මෙතනට ඇවිත් පොඩ්ඩක් බලනට කිව්වා
    කවි මඩුවක් තිබෙන බව ආ විට දුටුවා
    කවි දැක දැක ආපසු යන්නට බැරුවා
    ඔන්න මමත් පද හතරක් මෙහි ලිව්වා
     
    • Like
    Reactions: BEN TANNYSON
    Oct 30, 2009
    2,488
    46
    0
    Saint Joseph, Missouri.
    කවියක් කියන්නෙමි ..හැමෝම අහන්න..... :nerd:
    මම නම් දන්නෙ නෑ බන් ..කවි ගොතන්න...:baffled: :rofl:
    මේ කවි ත්‍රේඩ් එක ඉස්සරහට ගෙනියන්න....
    මගෙ ෆුල් සප් එක දෙනවා, බෙන් මල්ලියට..!
    ;)
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙතනට ඇවිත් පොඩ්ඩක් බලනට කිව්වා
    කවි මඩුවක් තිබෙන බව ආ විට දුටුවා
    කවි දැක දැක ආපසු යන්නට බැරුවා
    ඔන්න මමත් පද හතරක් මෙහි ලිව්වා

    කවි මඩුවක් තියෙන තැනකට ඇවිත් මදි
    පද හතරක් ලිව්වා එනමුත් තවත් මදි
    තරහා ගනු එපා කරනවා නෙවෙයි හදි
    අද අප රටේ උදවිය බාගයක් නිදි

    පද හතරක් නොවේ කවි දෙක තුන ලියලා
    ගන්නකො කවි මඩුව නැවතත් පණ පොවලා
    වෙනදට වඩා වැඩිපුර චුට්ටක් ඉඳලා
    යන්නකො අපිට තව රස වැඩියෙන් බෙදලා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කවි මඩුවක් තියෙන තැනකට ඇවිත් මදි
    පද හතරක් ලිව්වා එනමුත් තවත් මදි
    තරහා ගනු එපා කරනවා නෙවෙයි හදි
    අද අප රටේ උදවිය බාගයක් නිදි

    පද හතරක් නොවේ කවි දෙක තුන ලියලා
    ගන්නකො කවි මඩුව නැවතත් පණ පොවලා
    වෙනදට වඩා වැඩිපුර චුට්ටක් ඉඳලා
    යන්නකො අපිට තව රස වැඩියෙන් බෙදලා

    කවිරස තියෙන තැන ඉන්නට හිත ආසයි
    කවිපද වැල් ගොතන්නට පන්හිඳ ආසයි
    කවිකාරයො මඩුවට රැස් වුණ ගානයි
    කවියට නිමිත්තක් තිබුණොත් තව සාරයි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවිරස තියෙන තැන ඉන්නට හිත ආසයි
    කවිපද වැල් ගොතන්නට පන්හිඳ ආසයි
    කවිකාරයො මඩුවට රැස් වුණ ගානයි
    කවියට නිමිත්තක් තිබුණොත් තව සාරයි


    කවියට නිමිති නම් තියෙනවා එමට අද
    සමහර ඒවා දැක්කම නම් වෙනවා තද
    දුප්පත් අහින්සක මිනිහගෙ බඩට විද
    හොරකම නවත්වන්නට අපි කියමු අද
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බෙන් මල්ලියා කල ආරාධනාවට
    හිතුනා කවි මඩුව වෙත ගොඩ වදින්නට
    අත හිත දිය යුතුයි යහපත් ක්‍රියාවට
    වඩවමු නැණ අපේ නව පරපුරේ හෙට
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    බෙන් සොහොයුරා ඇරඹූ මේ හුය සොඳුරූ
    කදිමයි දමනවානම් අදහස් මහරූ
    මොන මොන ඒවා කිව්වත් කෙරුවත් කවුරූ
    ආසයි වදින්නට පොර "ටාසන්" අයුරූ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    කවි ත්‍රෙඩ් නං හැම තැන් තියෙන්නා
    දිගින් දිගට කවිකියන්න කවියන් නැතුවා
    හැකි විදියකට කවියක් කියලා යන්ටා
    ඔන්න මමත් මෙ මඩුවට ගොඩ වැදුනා
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    කවි ත්‍රෙඩ් නං හැම තැන් තියෙන්නා
    දිගින් දිගට කවිකියන්න කවියන් නැතුවා
    හැකි විදියකට කවියක් කියලා යන්ටා
    ඔන්න මමත් මෙ මඩුවට ගොඩ වැදුනා

    කවි ත්‍රෙඩ් තිබුණු පමණින් හැම තැනම වගේ
    නැත හරියන්නෙ ඒ හැම මේ මඩුව වගේ
    හැකි විදියකට කියලා කවි තියෙන අගේ
    ගන්නකො පණ පොවා මේ හුය සොයුර මගේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටියෙ ඒන්න
    තව කවි ලියන්න
    මගෙ කවිය මට
    හරියට ලියන්නට
     

    thusharakavi

    Member
    Feb 11, 2011
    1
    0
    0
    කවි කාරයින් රොද බැඳගන අතීතයේ
    කී කවි අසා සිත් පුරවා හිනාගියේ
    අද ඒ කවින් කොයි දෙව් ලෝකෙදෝගියේ
    තවමත් හිත්කොනේ ඒ රස රැඳීතියේ


    මල්ලී වැඩේ නම් එලකිරි පටන්ගත්
    දන්වා යවමු කොයි කාටත් නිකංවත්
    ලංකා සයිබරේ හෙල බස පුරාගත්
    හැංගී හන්දිවල ඉන්නා බුවාටත්