සිංහලයාගේ හින්දු අලුත් අවුරුද්ද

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිංහලයාගේ හින්දු අලුත් අවුරුද්ද

සිංහලයාගේ හින්දු අළුත් අවුරුද්ද

ජෝතිෂ්‍යය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන් වත් සිංහලයන් තරම් ජෝතිෂ්‍යය අදහන්නේ නැත. ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම පාවා දෙන්නට සූදානම්ය.

ඔවුන් තිසරණයට වඩා ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේත් කර්ම-කර්ම ඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් "සාධාරණ" කරුණු මතය. දැන් කාලයක් මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය ලෝකයටම ඔප්පු කොට තිබේ. සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්නේලු. කේන්දරෙය්ත්
නැකෙත්ත් ආනුභාවෙයන් දැන් මහා බලසම්පන්න සිංහල නායකත්වයක් බිහි වී තිබේ. දැන් රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය.

ඔවුහු නැකතට කුඹුරු වපුරති. දැන් රට සහලින් ස්වයංපෝෂිතය.:P

ඔවුහු නැකතට එළවළු පළතුරු වවති.
දැන් ලෝකයටම එළවළු පළතුරු යවන්නේ ලංකාවෙනි.:P

නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා
කොතරම් සරුද යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.
ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර දෙන්නේත් ඒ
නැකතේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි.

ලංකාවේ භික්ෂූන් වහන්සේලාත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග සම්පූර්ණ
බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා
ආනුභාවෙය් රහස කිම? ඒ වෙන කිසිවක් නොව නැකතට මහණ කිරීම නිසාය.

දැන් දේශපාලකයෝ පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.
දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නෙත් නැකතටලු. නොහොඹිනා වැඩ කරන්නේත් නැකතටලු.
හරියටම නැකතට ඒ කටයුතු කිරීමෙන් අපල නැතිවේ ලු.

මේ දිනවල (අවුරුදු දිනවල) ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාග්‍යයක් ලබා දුන් සියළු නැකැත්
වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංකමණය වන්නේ ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන් ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව
සියළු චාරිත ඉෂ්ට කරගත්තොත් ඔවුන්ගේ ජීවිත කිරියෙන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය.

ඔවුන් සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන් ගනී.
එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති. නැකතට වැසිකළි යති.

ඔවුන් ඒ දිනවල සාමාන්‍ය විධියට වතුර නාගන්ට වත් කැමති නැත. ඒකට ද නැකතක් තිබේ. හිසට
කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින්
සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.

නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ අවුරුද්ද
වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය. ඔවුන්ට සල්ලි වලින් කිසි අඩුවක් නැත. නැකතට
පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා
මාරු වී යන තුරු ඔවුන්ට මිළ මුදල් වලින් හිඟයක් නැත.

නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න. නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා
දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල් නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු
එක දෙයක් තිබේ. එනම් නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු
ඇත. ඊට පථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත් අනුහසින්
කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.

මේ ගැන කිව යුතුව තිබෙන්නේ එකම එක දෙයකි.

නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට මිථ්‍යා දෘෂ්ඨියෙන් නම් ගැලවිල්ලක් නැති බවයි.

තෙරුවන් සරණයි!

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බෝධිඤාණ සඟරාවට සපයන ලද ලිපියකි -

Last edited:
  • Like
Reactions: thilangr8
Jan 24, 2009
3,532
130
0
කතා කරලා වැඩක් නෑ. දැන් නැකැත් විතරක් නෙවෙයි ෆෙංශුඉ සාස්තරෙත් බලන්න පටන් අරන් නේද :D :D
 
බුදු රජාණනන් වහන්සේ පවා වදාළේ අනවශ්‍ය තරමට මේ කෙරෙහි ඇලී ගැලී ඉන්න එපා කියලා.කටයුත්තක් එළඹි කල්හි එය නොපමාව මනාව ඉටුකරනු මිස සැතපුම් කෝටි ගනනක් දුර තිබෙන තාරකා දෙස බලා වැඩ අතපසු නොකරන ලෙස පැහැදිලිවම දේශනාවේ තිබියදිත්,අපේ මිනිසුන් තවමත් හඳතරු සරණ යනවා.
මෙතන තියන එකම දේ බුදුන් සහ බුදු වදන ඒකාන්ත වශයෙන්ම විශ්වාස නොකිරීමයි."නත්‍ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං".කියන එක හදවතින් නොපිලිපැදීම නිසා සඳතරුවලට වඩා මහානුභාව සම්පන්න බලයක්-පිහිටක්-ආශිර්වාදයක් අහිමි කර ගැනීමකි..
 
සහතික ඇත්ත.
 
Sakibura

Member
Sep 20, 2009
226
10
0
මං උම්බෑ ගාන්ඩ එපා කියා ලිව්වෙ ලියල තියන මීහරක් අදහස කියවල තමයි. අඩුගානෙ දැකල නැද්ද ඇමරිකාවෙ ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය. එහෙම නැතිනම් එංගලන්තෙ රැජින පාර්ලිමේන්තුව විවෘත කිරීම. වතිකානුවේ උත්සව. හජ් චාරිත‍්‍ර.
මේ හැම දේකම තියෙනව සම්ප‍්‍රදායන්. සිරිත්. නැකත කියන්නෙ සිංහල සිරිතක්. මොලේ තියෙන කෙනෙක් නම් ඔයවාගෙ ගොන් කතාවක් ලියන්ටන නෑ. අකුරු දැනගත්තට මදි. ලියද්දි ටිකක් මොළේ කල්පනා කරන්ඩත් ඕනැ.
 
පොඩ්ඩක් කියවලා බලන්න.

මෙතන ලියලා තියෙන්නෙ "බෞද්ධයන්" විසින් තෙරුවන් සරණ නොයා වෙනින් ‍නැකත්, ග්‍රහලෝක සරණ යාමෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන මිසක් "සිරිත්" ගැන නෙමේ.
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
පොඩ්ඩක් කියවලා බලන්න.

මෙතන ලියලා තියෙන්නෙ "බෞද්ධයන්" විසින් තෙරුවන් සරණ නොයා වෙනින් ‍නැකත්, ග්‍රහලෝක සරණ යාමෙන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන මිසක් "සිරිත්" ගැන නෙමේ.

ඔයාට ලොකු පැටලීමක් වෙලා යාළුවා. නැකත් විශ්වාස කරනවා කියන්නෙ ග්‍රහලෝක සරණ යෑම නෙවෙයි. ජ්‍යොතිශය බෞද්ධයන්ට අකැප නෑ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔයාට ලොකු පැටලීමක් වෙලා යාළුවා. නැකත් විශ්වාස කරනවා කියන්නෙ ග්‍රහලෝක සරණ යෑම නෙවෙයි. ජ්‍යොතිශය බෞද්ධයන්ට අකැප නෑ.

"බෞද්ධයා" යන්නට ඔබතුමා දෙන නිර්වචනය මොකක්ද..
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
"බෞද්ධයා" යන්නට ඔබතුමා දෙන නිර්වචනය මොකක්ද..

බෞද්ධයා කියන්නෙ තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් සරණ යන්නෙ නිවන් ලබාගැනීමට. එතකොට බෞද්ධයා පිළිගන්නවා නිවන් ලබාගැනීමට තෙරුවන් සරණ හැර වෙනත් මාර්ගයක් නෑ කියල.
ඒත් නිවන් ලබාගැනීම හැරුණුවිට නොයෙක් ලෞකික වැඩත් අපිට කරගන්න සිදු වෙනවා. ඒ හැම වැඩක්ම තෙරුවන් සරණ ගිය පමණින් වෙන්නෙ නෑ. අපිට ලෙඩක් වුනොත් අපි යන්නෙ පන්සලකට නෙවෙයි, දොස්තර මහත්තයෙක් ගාවට. ඒක තෙරුවන් සරණ අතහැර බටහිර වෛද්‍ය විද්‍යාවෙ සරණ යාමක් නෙවෙයි නේද? ඒ වගේම අපි ජ්‍යොතිශය පාවිච්චි කරන්නෙත් යම් යම් ලෞකික කටයුතු කරගැනීමටයි. එතකොට ඒකත් තෙරුවන් සරණ අතහැර ග්‍රහලෝක සරණ යාමක් නෙවෙයි.
 
hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

ඔයා කියනදේත් ඇත්තක් නැතිවම නෙමෙයි යාළුවේ.. තව ටිකක් ඒකට එකතු කරන්නත් පුළුවන් කියලා මන් හිතනවා. පලමු දේ තමයි බෞද්ධයා කියන්නේ නිකම්ම තෙරුවන් සරණ ගිය කෙනා නෙමේ කියන බව. මොකද දන්නවාද බෞද්ධයො වෙන්නේ මනස උසස් අය විතරයි. ඒ අය තෙරුවන් කියන්නේ කවුද කියන දේ දැනගෙන තමන්ගේ ජීවිතය නැති වුනත් ඒ ජීවිතේටත් වඩා මුල් තැනක් තෙරුවන්ට දෙන්න පුළුවන් කියන දැඩි විශ්වාසයෙන් යුතුව ඒ පිලිගෙන පිලිපැදීම තුලින් තමයි බෞද්ධයෙක් වෙන්නේ. මුලින්ම බලන්නකො ඔයා කියනවා වගේ අපිට තියෙනවා නිවන් ලබා ගැනීම හැරුණු විට තවත් ලෞකික දේවල් කරන්න. ඒත් යාළුවා අපි බෞද්ධ නම් අපිට නිවන් දකිනවාට වඩා වෙන එකම ලෞකික අදහසක්වත් වැඩක් වත් තියෙන්න බෑ. ඒ නිසා තමයි බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මෙහෙම දෙයක්.

දවසක් උන් වහන්සේ තමන්ගේ භික්ෂු සංඝයා කැදවලා අහනවා භික්ෂුන්ගෙන් තමන්ගේ හිස ගිනි ගන්නවා නම් මුලින්ම කරන්නේ මොකක්ද කියලා. ඒ අය උත්තර දෙනවා ඒ ගින්න නිවනවා ස්වාමිනි කියලා. එතනදි බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මහ‍ණෙනි මේ සංසාරේ ඔබලා ඉපදිලා හිස් ගැසුම් කෑ පමාණය දන්නවානම් ඒ විදියට හිස ගිනි ගනිද්දි ඒ ගින්න නිවන එක ගැන හිතන්නෙවත් නෑ, ඒ වෙලාවෙත් සංසාර බය ගැන හිතලා නිවන් දකින්න උත්සහ කරනවා කියලා.. ඉතින් තමන්ගේ ජීවිතයටත් වඩා නිවන උතුම් නම් අපිට නිවන් දකින අතරතුරේදී වෙන කිසිම වැඩක් තියෙන්‍න විදියක් නෑ. එකම අරමුණ නිවන් දැකීම පමණයි.

නමුත් යාළුවා අපේ බෞද්ධයෝ ඔයා දක්වපු අර්ථයේ බෞද්ධයෝ. ඉතින් ඒ අයට ඇත්තටම ඔයා කියන ආකාරයේ ලෞකික දේත් නිවන් දකිනවාට අමතරව තියෙනවා. ඒ අයට ඇත්තටම ජ්‍යොතිශයෙන් වැඩ ගන්න පුළුවන්. ඒ නිසායි මන් මෙතනදී ඔයාත් එක්ක එකග.

ඒත් මගේ යාළුවේ නියම බෞද්ධයෙක් නම් කවමදාවත් කුණු කෙල බෙට්ටක් තරමට වත් ජ්‍යොතිශය ගැන හිතන්නේ නෑ. අපි වැසිකිලියට ගිහින් බැහැර කරලා වතුර ගහලා හෝදලා දාන අශූචි පිඩක් ගැන හිතන තරමටවත් ඒ ගැන හිතන්නේ නෑ. ඒ ඇයි දන්නවාද ? එයාට වෙනත් ලෞකික වැඩ නෑ. ඒ නිසයි. ඒ වගේම නියම බෞද්ධයා කවමදාවත් ජ්‍යොතිශයේ දොස් දකින්නෙත් නෑ. ඒ ඇයි දන්නවාද ? ඒ වෙනුවෙන් ගත වෙන කාලයත් එයා වැය කරන්නේ මේ මහා දුක් කරදර වලින් පිරුණු සංසාරෙන් එතෙර වෙන්න වැඩ පිලිවෙල සලස ගන්න.
 
ඔය විදියට බැලුවොත් නියම බෞද්ධයෙක් වෙන්නෙ සියළු ලෞකික වැඩ වලින් වෙන් වුණ ආරණ්‍යවාසී භික්ෂුවක් විතරයි නේද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බෞද්ධයා කියන්නෙ තෙරුවන් සරණ ගිය කෙනා. තෙරුවන් සරණ යන්නෙ නිවන් ලබාගැනීමට. එතකොට බෞද්ධයා පිළිගන්නවා නිවන් ලබාගැනීමට තෙරුවන් සරණ හැර වෙනත් මාර්ගයක් නෑ කියල.

බෞද්ධයා කියන්නෙ තෙරුවන් සරණ ගිය කෙනාට නෙමේ, අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනාට.දැන් වර්තමානයේ හුගක් බෞද්ධ කියලා තමන් හදුන්වාගන්න අය වචනාර්ථයෙන් විතරනෙ තෙරුවන් සරණ යන්නෙ, අවබෝධයෙන් නෙමේ නෙ.

"සරණ යනවා" කියන්නෙ පිලිසරණක් බලාපොරොත්තු වෙනවා කියන එකනෙ. ඉතිං පිලිසරණක් බලාපොරොත්තුවෙන්නෙ ඇයි? අපි අසරණ වුනාම. උදාහරණයක් විදියට අපි ලෙඩක් හැදිලා අසරණ වුනාම වෛද්‍යවරයෙක්ගෙන් පිලිසරණක් පතනවා.

ඉතිං මොකක්ද අපේ අසරණකම?

සමහරවිට අපිට යානවාහන, මිලිමුදල්, යහළුවො එහෙම ඉන්න පුලුවන්. ඒත් අපි අසරණයි.මොකක්ද ඒ අසරණකම?
අපි හැමෝම ජාති,ජරා,ව්‍යාධි, මරණ,ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග, පංච උපාදානස්කන්දය කියන මේ දුක් උරුම කරගෙන ඉන්නෙ. අන්න ඒක තමයි හැම සත්ත්වයෙක්ගෙම අසරණකම.

ඉතිං මේ අසරණකමකට තියන එකම සරණ "තෙරුවන්" පමණක් මිස ග්‍රහලෝක, කේන්දර, නැකත් නෙමේ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ඒත් නිවන් ලබාගැනීම හැරුණුවිට නොයෙක් ලෞකික වැඩත් අපිට කරගන්න සිදු වෙනවා.
ලෞකික ජීවතය, එහෙම නැත්නං "හෙට මැරුණත් කමක් නැතේ අද ජොලි කරලා" කියන පදනමේ ගතකරන ජීවිතයයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් ගෙවන බ්‍රහ්මචාරී ජීවිතයයි අහසට පොලොව වගේ.

ඒ හැම වැඩක්ම තෙරුවන් සරණ ගිය පමණින් වෙන්නෙ නෑ. අපිට ලෙඩක් වුනොත් අපි යන්නෙ පන්සලකට නෙවෙයි, දොස්තර මහත්තයෙක් ගාවට. ඒක තෙරුවන් සරණ අතහැර බටහිර වෛද්‍ය විද්‍යාවෙ සරණ යාමක් නෙවෙයි නේද?
"සරණක්" අවශ්‍ය වෙන්නෙ අසරණ වුනාමනෙ.

තෙරුවන් සරණ ගිය කෙනත් ලෙඩ වෙනවා. අනික් අයත් ලෙඩවෙනවා.

ඒත් තෙරුවන් සරණ ගිය කෙනා ලෙඩවුනාට අසරණ නෑ. ඇයි? ඔහු තෙරුවන් සරණ යෑම තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන යථාර්ථය හදුනන නිසා. ඉතිං අසරණ නැත්නං තවත් සරණක් කුමටද?

ඒ වගේම අපි ජ්‍යොතිශය පාවිච්චි කරන්නෙත් යම් යම් ලෞකික කටයුතු කරගැනීමටයි. එතකොට ඒකත් තෙරුවන් සරණ අතහැර ග්‍රහලෝක සරණ යාමක් නෙවෙයි.
තමයි.

ඇයි තමයි කියන්නෙ? ඉහතින් සදහන් කල කරුණු හොදින් කියවා අවබෝධ කරගන්න.

ඔබට ජය!!
 
මට නම් හරිම පිලිකුල් මේ එන සොරි(සූර්) බායිලා සියල්ල විකෘති කරගෙන මොනව හරි හෑල්ලක් දොඩවනවා.දැන් මෙතන කියලා තියන මාතාකාව මොකද්ද?නැකත්- ජ්‍යෝතිශ්‍ය පිලිබඳ අනවශ්‍ය විදිහට එල්බිලා ඉන්න එකේ තේරුමක් නෑ කියන එක.
(වචන නාස්ති කිරීම අපරාධයක්-නවතිමි)
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
ලෞකික ජීවතය, එහෙම නැත්නං "හෙට මැරුණත් කමක් නැතේ අද ජොලි කරලා" කියන පදනමේ ගතකරන ජීවිතයයි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් ගෙවන බ්‍රහ්මචාරී ජීවිතයයි අහසට පොලොව වගේ.

"සරණක්" අවශ්‍ය වෙන්නෙ අසරණ වුනාමනෙ.

තෙරුවන් සරණ ගිය කෙනත් ලෙඩ වෙනවා. අනික් අයත් ලෙඩවෙනවා.

ඒත් තෙරුවන් සරණ ගිය කෙනා ලෙඩවුනාට අසරණ නෑ. ඇයි? ඔහු තෙරුවන් සරණ යෑම තුලින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන යථාර්ථය හදුනන නිසා. ඉතිං අසරණ නැත්නං තවත් සරණක් කුමටද?

තමයි.

ඇයි තමයි කියන්නෙ? ඉහතින් සදහන් කල කරුණු හොදින් කියවා අවබෝධ කරගන්න.

ඔබට ජය!!

ලෞකික ජීවිතය කියන්නෙ ජොලි කරන එක විතරක් නෙවෙයි කියල අමතක වුනාද? ඔහොම බැලුවොත් තෙරුවන් සරණ ගිය කෙනෙකුට කෑමබීම ඕනෙ වෙන්නෙත් නෑනෙ, තෙරුවන් සරණ තියෙන නිසා..:lol::lol:

බෞද්ධයා කියන්නෙ තෙරුවන් සරණ ගිය කෙනාට නෙමේ, අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනාට.දැන් වර්තමානයේ හුගක් බෞද්ධ කියලා තමන් හදුන්වාගන්න අය වචනාර්ථයෙන් විතරනෙ තෙරුවන් සරණ යන්නෙ, අවබෝධයෙන් නෙමේ නෙ.

"සරණ යනවා" කියන්නෙ පිලිසරණක් බලාපොරොත්තු වෙනවා කියන එකනෙ. ඉතිං පිලිසරණක් බලාපොරොත්තුවෙන්නෙ ඇයි? අපි අසරණ වුනාම. උදාහරණයක් විදියට අපි ලෙඩක් හැදිලා අසරණ වුනාම වෛද්‍යවරයෙක්ගෙන් පිලිසරණක් පතනවා.

ඉතිං මොකක්ද අපේ අසරණකම?

සමහරවිට අපිට යානවාහන, මිලිමුදල්, යහළුවො එහෙම ඉන්න පුලුවන්. ඒත් අපි අසරණයි.මොකක්ද ඒ අසරණකම?
අපි හැමෝම ජාති,ජරා,ව්‍යාධි, මරණ,ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සම්පයෝග, පංච උපාදානස්කන්දය කියන මේ දුක් උරුම කරගෙන ඉන්නෙ. අන්න ඒක තමයි හැම සත්ත්වයෙක්ගෙම අසරණකම.

ඉතිං මේ අසරණකමකට තියන එකම සරණ "තෙරුවන්" පමණක් මිස ග්‍රහලෝක, කේන්දර, නැකත් නෙමේ.

මේ කතා වල කිසිම සංගත බවක් නෑනෙ යාළුවා. දැන් ඔයාම කියනවා අපි ලෙඩක් හැදුනහම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව කියල. එතකොට ඒක තෙරුවන් අතහැරල බටහිර වෛද්‍යාවෙ සරණ යෑමක් නොවීමටත්, ජ්‍යෝතිශයෙන් උදව්වක් ගැනීම තෙරුවන් අතහැරල ජ්‍යෝතිශයෙ සරණයෑමක් වීමටත් හේතුව කියන්නකෝ බලන්න.
 
Last edited:

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
මට නම් හරිම පිලිකුල් මේ එන සොරි(සූර්) බායිලා සියල්ල විකෘති කරගෙන මොනව හරි හෑල්ලක් දොඩවනවා.දැන් මෙතන කියලා තියන මාතාකාව මොකද්ද?නැකත්- ජ්‍යෝතිශ්‍ය පිලිබඳ අනවශ්‍ය විදිහට එල්බිලා ඉන්න එකේ තේරුමක් නෑ කියන එක.
(වචන නාස්ති කිරීම අපරාධයක්-නවතිමි)

ඔබතුමියට කියන්න දෙයක් නැතිනම් කට වහගෙන හිටියොත් හොඳයි. දේශපාලන ත්‍රෙඩ් වල වගේ මෙතනත් මඩ ගහලා තමන්ගෙ මන්දබුද්ධික කම ප්‍රදර්ශනය කරන්න එපා.:lol::lol:
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

මේ කතා වල කිසිම සංගත බවක් නෑනෙ යාළුවා. දැන් ඔයාම කියනවා අපි ලෙඩක් හැදුනහම බටහිර වෛද්‍ය විද්‍යාවෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව කියල. එතකොට ඒක තෙරුවන් අතහැරල බටහිර වෛද්‍යාවෙ සරණ යෑමක් නොවීමටත්

එහෙම කියලා තියෙන්නෙ කොහෙද...ඒකත් සරණ යෑමක් තමයි.