සිංහලයාගේ හින්දු අලුත් අවුරුද්ද
සිංහලයාගේ හින්දු අළුත් අවුරුද්ද
ජෝතිෂ්‍යය උපන් රට ඉන්දියාවයි. නමුත් එහි බමුණන් වත් සිංහලයන් තරම් ජෝතිෂ්‍යය අදහන්නේ නැත. ලංකාවේ බෞද්ධයන් වශෙයන් පෙනී සිටිනා අය සමඟ කතා බස් කළ විට පෙනන්නේ තිසරණය ගැන ඔවුන් තුළ කිසි විශ්වාසයක් නැති බවයි. ඔවුන් ලාභ පෙයෝජන උදෙසා ඕනෑම වෙලාවක කිසි හිරිකිතයකින් තොරව බුදු දහම පාවා දෙන්නට සූදානම්ය.
ඔවුන් තිසරණයට වඩා ජෝතිෂ්‍යය විශ්වාස කරන්නේත් කර්ම-කර්ම ඵලයන්ට වඩා නැකත විශ්වාස කරන්නේත් "සාධාරණ" කරුණු මතය. දැන් කාලයක් මුළුල්ලේ කේන්දරයටත් නැකතටත් අනුව කටයුතු කොට ඒ තුළින් ලත් සාර්ථකත්වය ලෝකයටම ඔප්පු කොට තිබේ. සිංහල ජනතාව මේ ලෝකය තුළ දියුණුවේ හිනිපෙත්තටම නැග්ගේ නැකෙත් ආනුභාවෙයන් බව දැන් සියල්ලෝම දනිති. කොටින් ම ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා දැන් සිංහලයන්ගෙන් නැකැත් බලා ගන්නේලු. කේන්දරෙය්ත්
නැකෙත්ත් ආනුභාවෙයන් දැන් මහා බලසම්පන්න සිංහල නායකත්වයක් බිහි වී තිබේ. දැන් රට තුළ කිසි ප්‍රශ්ණයක් නැත. ඒ තරම් ම සරුසාරය.
ඔවුහු නැකතට කුඹුරු වපුරති. දැන් රට සහලින් ස්වයංපෝෂිතය.
ඔවුහු නැකතට එළවළු පළතුරු වවති.
දැන් ලෝකයටම එළවළු පළතුරු යවන්නේ ලංකාවෙනි.
නැකතට කර්මාන්තශාලා අරඹති. ඒවා
කොතරම් සරුද යත් දැන් සියළු යාන වාහන ඉතා දියුණු මට්ටමින් නිෂ්පාදනය කෙරන්නේ ලංකාවේ ය.
ඔවුහු නැකතට බැංකු විවෘත කරති. දැන් දුප්පත් රටවලට ණය දෙන්නේත් ලෝකයට ආධාර දෙන්නේත් ඒ
නැකතේ ආනුභාවෙයන් දියුණු වූ බැංකු වලිනි.
ලංකාවේ භික්ෂූන් වහන්සේලාත් අතිශයින්ම සිල්වත් ය. ගුණවත් ය. ධර්ම විනය පිළිබඳව අංග සම්පූර්ණ
බහුශැත බවකින් යුක්තය. ඔවුන් ධර්මය හැටියට පවසන්නේ ශී සද්ධර්මය පමණි. ඔවුන්ගේ මේ සා
ආනුභාවෙය් රහස කිම? ඒ වෙන කිසිවක් නොව නැකතට මහණ කිරීම නිසාය.
දැන් දේශපාලකයෝ පවා සාමය ස්ථාපිත කිරීමට නැකතට පහන් පත්තු කරති.
දැන් බොහෝ දෙනක් මත්පැන් බොන්නෙත් නැකතටලු. නොහොඹිනා වැඩ කරන්නේත් නැකතටලු.
හරියටම නැකතට ඒ කටයුතු කිරීමෙන් අපල නැතිවේ ලු.
මේ දිනවල (අවුරුදු දිනවල) ඔවුන් කඩිමුඩියේ සූදානම් වන්නේ ඔවුන්ට මේ සා සෞභාග්‍යයක් ලබා දුන් සියළු නැකැත්
වලින් සපිරි ඔවුන්ගේ අළුත් අවුරුද්ද සමරන්නට ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංකමණය වන්නේ ලු. එය යි ඔවුන්ගේ අවුරුද්ද. ඒ වෙනුවෙන් ඔවුන්ට සියළු කටයුතු කරන්නට සිදු වී තිබෙන්නේ නැකතට ය. ඔවුන්ගේ අවුරුද්ද සමරන්නට දැන් ඔවුන් හමුදාවක් මෙන් සීරුවෙන් සිටිති. නැකතට අනුව
සියළු චාරිත ඉෂ්ට කරගත්තොත් ඔවුන්ගේ ජීවිත කිරියෙන් පැණියෙන් ඉතිරී යනු නිසැක ය.
ඔවුන් සියළු වැඩ නවත්වන වේලාවක් තිබේ. ඒ නැකැත් නැති වේලාව ලු. ආයෙමත් නැකත පටන් ගනී.
එවිට නැකතට ලිප පත්තු කරති. නැකතට බත් කති. නැකතට ඇඳුම් මාරු කරති. නැකතට වැසිකළි යති.
ඔවුන් ඒ දිනවල සාමාන්‍ය විධියට වතුර නාගන්ට වත් කැමති නැත. ඒකට ද නැකතක් තිබේ. හිසට
කොහොඹ කොළ පයට නිදිකුම්බා කොළ තබා නානු ගාගෙනය නැකතට නා ගත යුත්තේ. ඒ අනුහසින්
සියළු රෝග පීඩා සිරුරින් පහවී යනු ඇත.
නැකතට ආරම්භ කරන ලද ලෝකෙය් දියුණු ම කර්මාන්තශාලා ඔවුන් සතු ය. ඔවුන්ගේ අවුරුද්ද
වෙනුවෙන් ඔවුන් එහි වැඩ අල්ලන්නේ නැකතට ය. ඔවුන්ට සල්ලි වලින් කිසි අඩුවක් නැත. නැකතට
පටන් ගත් ඔවුන්ගේ බැංකු වලින් නැකතට ගනුදෙනු කළ යුතුය. එවිට ඊළඟ අවුරුද්දේ නැවත සූර්යයා
මාරු වී යන තුරු ඔවුන්ට මිළ මුදල් වලින් හිඟයක් නැත.
නැකත යනු ඔවුන්ට සියළු දේ ලබා දෙන කප් රුකක් වැන්න. නැකත යනු ඔවුන්ට සිතූ පැතූ සම්පත් ලබා
දෙන සිතුමිණක් වැන්න. මෙතරම් දේවල් නැකැත් තුළින් සාර්ථක කරගත් ඔවුන්ට තව දුරටත් කළ යුතු
එක දෙයක් තිබේ. එනම් නැකතට දිවි නසා ගැනීම යි. එවිට ඒ නැකෙත් අනුහසින් ඔවුන් සුගතියේ යනු
ඇත. ඊට පථමෙයන් හොඳ නැකතක් බලා අං තට්ටුවක් පැළඳ ගත යුතු ය. එවිට ඒ නැකෙත් අනුහසින්
කකුල්වල කුර හට ගැනීමෙන් ඒ කටයුත්ත සම්පූර්ණ වනු ඇත.
මේ ගැන කිව යුතුව තිබෙන්නේ එකම එක දෙයකි.
නැකැත් කේන්දර පිස්සුව අතහැර තිසරණය ට පැමිණෙන තුරාවට ඔවුන්ට මිථ්‍යා දෘෂ්ඨියෙන් නම් ගැලවිල්ලක් නැති බවයි.
තෙරුවන් සරණයි!

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බෝධිඤාණ සඟරාවට සපයන ලද ලිපියකි -
Last edited: