එතකොට තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද? 
බටහිර වෛද්‍ය විද්‍යාවෙන් වැඩක් ගැනීම වැරැද්දක් නොවීමටත්, ජ්‍යොතිෂයෙන් වැඩක් ගැනීම වැරැද්දක් වීමටත් බුදුදහමට අනුව තියෙන හේතුව මොකක්ද?
ඔයා මේ කලින් පෝස්ට් කරලා තියන දේ තේරුම් ගන්න බැරිව කතාකරන්නෙ.
අපි හිතන හැමදේම, පරම්පරාවෙන් පැවත එන හැමදේම, වැඩිහිටියො කියන හැමදේම බුදුදහමට අනුකූල නෑ.යම් දිට්ඨියකට තදින්ම එල්බ ගැනීම හෙවත් "දිට්ඨි උපාදාන" තත්ත්වයක් තමයි ඔයාටත් ඇතිවෙලා තියෙන්නෙ.
කලින් පෝස්ට් එකේ "පිලිසරක් බලාපොරොත්තු වෙන්නෙ ඇයි" කියන කාරණය පැහැදිලි කරන්න යොදාගත් උදාහරණයක් අල්ලගෙන තමයි ඔයා මේ පටලගෙන තියෙන්නෙ. යමක් සම්පූර්ණයෙන්ම කියවලා අවබෝධ කරගන්නෙ නැති වුනාම ඔය තත්ත්වය උදාවෙනවා.
හරි දැන් ඔයා අහන ප්‍රශ්නෙට යොමුවෙමු.
ඔයා අහන ප්‍රශ්නෙ කෙටියෙන් කිව්වොත්,
තෙරුවන් සරණ ගිය කෙනා කොහොමද ලෙඩවීමෙන් මිදෙන්නෙ?
ලෙඩ වෙන්නෙ ඉපදුන නිසා නෙ. අවබෝධයෙන් තෙරුවන් සරණ යාමෙන් සම්පූර්ණ වෙන්නෙ ඉපදීම නැතිකරන මර්ගයේ(ආර්ය අෂ්ටාංගික මාර්ගයේ) පළමු පියවර. ඒ කිව්වෙ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය කෙනා මහන්සි වෙන්නෙ ඉපදීම කියන දේ නැතිකරන්න. එයා ඒ සදහා ජීවිතය හැඩගසාගන්නවා.
ඔයා අහනවා "තෙරුවන් සරණ ගිය අය ලෙඩ වුනාම බෙහෙත් ගන්නෙ නැද්ද" කියලා. ඕක අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ කතාවක්. ලෙඩ වුනාම කොච්චර බෙහෙත් ගත්තත් වැඩක් නෑ. එක ලෙඩක් සුව වුනාට පස්සෙ අපි ආයි ලෙඩ වෙනවා.(නෑ කියන්න බෑ නෙ) එහෙම නැතත් මහලු වීම, මරණය වගේ දුක් වලට මුහුණ දෙනවා. ඇයි ඒ? ඉපදුන නිසා නෙ. මේ භවයේ යම් ලෙඩකට බෙහෙත් ගත්තා කියමු. සමහර විට ඊළග භවේ ඊට වඩා භයානක ලෙඩකට මුහුණ දෙන්න වේවි.
ඒක නිසා සැබෑ බෞද්ධයෙක්ගෙ අරමුණ ඉපදීම නැතිකරන්න.ඒකෙ පළමු පියවර තමයි තෙරුවන් සරණ යාමෙන් ඇතිකරගන්න සම්මා දිට්ඨිය.නැතුව මේ විවිධ ග්‍රහලෝක, කේන්දර සරණ යාමෙන් ඇතිකරගන්න මිථ්‍යා දිට්ඨිය නෙමෙයි.
පුලුවන් නං ඔප්පු කරන්න ජෝතිෂ්‍ය සරණ යාමෙන් ඉපදීම නැතිකරන්න පුලුවන් කියලා.