~~ පිදුම ~~
තාමත් කදුළු සලන
සියලුම මින්දදලාට සහ
සේපාළිලාට...
තාමත් කදුළු සලන
සියලුම මින්දදලාට සහ
සේපාළිලාට...


කවුරු හරි කවුරු වැරදි වුනත් මේක අපේ සමාජයේ දකින සුලබ සිදුවීමක් සහෝ....
ආදරයි ජීවිතයයි එකට ගලපගන්න බැරි වුනු සැම වෙනුවෙන් මේක උපහාරයක්....
සාර්තක නිර්මාණයක් සහෝ...
ඔබේ නිර්මාණය අගයන්න වචන නැහැ
ඇයි සමාජය මෙතරම් අසාධාරණ
කෙනෙකුට ඉහළ සැලකිකි තවකෙනෙකුව පාහා දමනවා
සුදුසුකම් තිබුනත් රැකියාවක් නැහැ
රැකියාවක් තිබුනත් සුදුසුකම් නැහැ අසරණ වෙච්ච ලෝකයක
තනිවුන් සේපාලිකාත් මින්දදත් දෙවියෝම රැක දේවා
ලංකාවට නිදහස ලැබිලා වසර 60 ඉක්මවුනත් අපේ සමාජ-ආර්ථික ප්‍රථිපත්ති තවම වර්ණාන්ද වුනේ නැහැ. ඇප්ලිකේෂන් අතේ තියාගෙනම විතරක් ඉන්න වෙන්නෙ ඒකනේ.
කාලෝචිත විග්‍රහයක්, වටිනා අදහසක්.
ජීවිතය ගොඩ ගන්න අධ්‍යාපනයෙන් මග හොයන තරුණ පරපුර ඊලගට බැටකන්නේ විරැකියාවෙන්
කාලාන්තරයක් තමන්ටයි කියලා ඇතිකරගත්තු සහ එකතුකරගත්තු හුගාක් දේ එතැනදි මග අහුරනවා.......අවාසනාවකට අපේ තරුණ පරපුරට තාමත් එතැනින් ගොඩ එන්න බැරි වෙලා.....
ඒ ගැටළු හරිම ලස්සනට ගෙත්තම් කරලා මල්ලියො......
ඔබේ නිර්මාණය අගයන්න වචන නැහැ
ඇයි සමාජය මෙතරම් අසාධාරණ
කෙනෙකුට ඉහළ සැලකිකි තවකෙනෙකුව පාහා දමනවා
සුදුසුකම් තිබුනත් රැකියාවක් නැහැ
රැකියාවක් තිබුනත් සුදුසුකම් නැහැ අසරණ වෙච්ච ලෝකයක
තනිවුන් සේපාලිකාත් මින්දදත් දෙවියෝම රැක දේවා
පාඨකයගෙ හදවතට කතා කරන්න පුළුවන් සාර්ථක නිර්මාණයක්
ඔය වගේ මින්දදලා හා සේපාලිකාලා දෙනෝ දාහකගේ උඩු ගුවනට පා කරන දුක් සුසුම් වලින් තමයි හැමදාකම උදේට ගිනිමල පිබිදිලා හවසට පරවෙලා සයුරේ ගිලෙන්නේ..
රටක තරුන අසහනය හා විරැකියාව යන්නේ හරි හරියට අත්වැල් බැඳගෙන...
රටට ඇවැසිම වූ බුද්ධිමත් පරපුර කාලයක් මේ අසහනයෙන් ගොඩ එන්න මහා පරිමානයේ අරගල කරල දහස් ගනනින් ජීවිත පිදුවා..අද වෙනකොට බහුතරයක් එහෙම නොසිතන තැනට ගෝලීය ධනේශ්වරවාදය ඊනියා කූට පිලියම් යොදලා... සරුව පිත්තල ලෝකෙට ඒ ගොල්ලන්ව යාප්පුවෙන් බද්ධ කරල..උන් හිතන්නේ හා ඉන්නේ මේ තරුන පිරිස ඒ මායාවෙන් ගැලවිලා ආයේ කවදාවත් අරගල කරන එකක් නෑ කියන පුහු අදහසකයි...
රටක විශාලම සම්පත තරුන සම්පත...පිවිතුරු ආදරය පවා හිත් පිත් නැති ධනවාදී සමාජයට පුද කරලා හිස් අහස දිහා බලා ඉන්න තවත් තරුනයෙකුගේ ජීවිත ශෝකාලාපය ඉතා මැනවින් මේ නිර්මානය තුල ගල්වා ඔබ අපට හිතන්නට හිතට බල කරල ඉදිරිපත් කරල තියෙනවා..
ඉතා අපුරුයි මල්ලියා. ඔයාගේ සමාජ මෙහෙවර දිනෙන් දින උඩු ගං බලා යාම ගැන මට ඇත්තේ නිම් හිම් නැති සතුටක්..
ඒ කවරක් නිසාවත් නොව ඇවැසි තැනට හඬ නඟන තවත් එක් තරුනයෙක් හෝ අප තුල ඉතිරි වී සිටිනා බව මා සිත මටම කොඳුරා කියන බැවිනි......
මල්ලියට ජය...
මේ ප්‍රශ්නෙදි මින්දද හිර වෙනවා... මම හිතන්නේ ඔක්කොටම ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් තිබිය යුතුයි.ආර්ථික මට්ටමක් තිබිය යුතුයි.ඉස්සර නම් කියනවා "ලුනුයි බතුයි හරි කාලා ජීවත් වෙමු කියලා" ඒත් අද ඒ තත්වෙ වෙනස්... මින්දදට මැණිකෙගේ දිවිය සැපවත් කරන්න ඕනේ නම් මින්දද ට හිතන්න වේ.ලස්සන නිර්මාණයක් සහෝදරයා....
